දවස් ගාණක් ගතවුනේ ඔලුව උස්සගන් වත් බැරි වැඩ ගොඩක් එක්ක. ඒත් සති අන්තේ ගෙදර ගිහින් ආවේ ගෙදරට සල්ලි දෙන්නත් එක්කමයි. සඳුදා උදේ ගෙදර ඉඳන්ම වැඩට ඇවිත් හවස නැන්දලගේ ගෙදර යන එක තමයි ක්‍රියාවලිය. ඒත් ඒ සඳුදා විශේෂයක් තිබුණා.නැන්දගේ පුත්‍රයාගේ ඒ කියන්නේ අයියගේ පුංචි එකාගේ බත් කවන එකට පුංචි පහේ වැඩසටහනක් තිබුණා. ඒක නිසා ෂෝට් ලීව් එකක් දාලා ගෙදර ආවා. කැවිලි පෙවිලි එහෙම සූදානම් කරලා පුංචි පහේ සතුට දනවන අවස්ථාවක් බවට නැන්දා ඒක පත්කරලා තිබුණා. අහල පහල හිතවතුන් කීපදෙනෙක්ටත් ආරාධනා කරලා තිබුණා. මමත් පොඩි එකාට මගේ ගානේ තෑග්ගකුත් අරගෙන කලින්ම ගියා.
මම යනකොටත් වැඩකටයුතු පටන් අරගෙන තිබුනා. පැදුරේ තියලා තිබුණු දේවල් වලින් පුංචි එකා මුලින්ම අරන් තිබ්බේ පැස්ටල් පෙට්ටියක්. එහෙනම් ඉස්සරහට හොඳ චිත්‍ර ශිල්පියෙක් වේවි. කට්ටියම කෑම ටිකක් එහෙම කාලා බීලා සප්පායම් වෙන අතරේ දන්න අඳුනන කීප දෙනෙක්ම හිටියා.
අල්ලපු ගෙදර පවුලම ඇවිත් තිබුණේ අසල්වැසියාට ප්‍රේම කිරීමේ සංකල්පය භාවිතාවෙන්ම ඔප්පු කරන්න වගේ. අන්කල්,ඇන්ටි සහ මාර දූතිකාවන් යුගලය. ජිත්මි සහ නෙත්මි එක වගේම ගවුම් දෙකක් ඇඳගෙන මල් වාස් දෙකක් තිබ්බා වගේ ඇවිත් හිටියා. ජිත්මිනම් ඉතින් පැත්ත පලාතක් බලන්නේ නැති නිසාද කොහෙද මට හරියට බැලුනෙත් නෑ, ඒත් නෙත්මිනම් ඇවිත් කතාකරලා ගියා.
“ආ...ඔයා නේද මේ පොඩ්ඩගේ මාමා...මොනාවද බබාට ගෙනැත් දුන්නේ..?“
“අපෝ ඒවා මොකටද ඔයාට?“
“මොකක්ද හලෝ කියනවකෝ අපිටත් දැනගන්න...“
“මම ගෙනැත් දුන්නා පුළුන් කිලෝ එකක්“
“පුළුන් කිලෝ එකක්....ඒ මොකටද?“
නෙත්මි ඇස් දෙක නලලේ තියන් මගෙන් ඇහුවේ මම කියපු දේ ඇත්තටම අරගෙන.
“පුළුන් ගෙනාවෙද...ඇයි දෙයියනේ ඔයා අර අල්ලපු වැටට වෙලා මර විලාප තියන හැටියට පොඩි එකා කොහොමද කණ පරිස්සම් කරගන්නේ..මම පුළුන් ගෙනාවේ පොඩ්ඩගේ කණේ ගහලා තියන්න“
“අනේ යනවා යන්න...මම මර විලාප තියන්නේ නෑ හරිද...අර ඔයාගේ ලසෝ ගී වගේ“
“මගේ ලසෝ ගී?..මේ අපහාස කරන්න එපා හරිද“
ඔහොම ටිකක් වෙලා රණ්ඩු වෙවී ඉඳලා නෙත්මි සහ ජිත්මි අම්මා එක්ක යන්න ගියා. කට්ටිය ගියාට පස්සේ ගෙදරම පාළුයි. පොඩි එකත් නිදාගත්තු නිසා හවස කරන්න දෙයක් තිබුණේ නෑ. හවස් වරුවෙම කාමරේට වෙලා පොතක් බැලුවා. බලන්න බැරිවුණු එකක්. ඒ අතරේ අල්ලපු ගෙදරින් ගීත සද්දයක් ඇහුණා. නෙත්මිගේ නෙවෙයි ජිත්මිගේ හඬින්. එතකොටයි ආයෙත් මතක් වුණේ අයිතිකාරයගේ සිද්ධිය.
* * * * * * * * * *
“ නැගිටපන් යකෝ....“
සෙනසුරාදා පාන්දරම සමීරයා ඇවිත් ධනුෂ්කයා එක්කම. එදා ඩීන් එක නිවාඩු දීලා තිබුණේ හදිසි අවශ්‍යතාවකට. ටිකක් දවල් වෙනකන් නින්දක් දාන්න හදනකොටම ඇවිත් මාරක දෙකක්. අපිට කොහෙද සැප නින්දක පින. කාමරේටම ඇවිත් මෙහෙම ඇහැරවද්දි දෙන්න හිතෙනවා මුන්ට යාළුකම් අමතක වෙන්න.
“ඇයි යකෝ පාන්දර...තොපිලගේ ගෙවල් තෙමෙනවද?“
මම කෑගැහුවේ ඇඳේ ඉඳගෙනමයි.
“එහෙම හරියන්නේ නෑ මස්සිනා උඹ පොරොන්දු වුනා අද ගන්දර නිශාන්තයලගේ ගෙදර යන්න එනවා කියලා..“
ධනුෂ්කයා එහෙම කිව්වමයි මතක් වුනේ නිශාන්තයව. අපෝ ඔෆීස් එකේ වැඩ කරන කොල්ලෙක් තමයි නිශාන්තය. අලුතින් ගෙයක් හැදුවා අපිට යන්න බැරිවුණා උත්සවේට.ඉතින් අපි සෙට්එක අද යන්න දාගත්තු එක අමතකවුනෙත් මේ නිදහස අත්විඳින්න ගියපු නිසානේ. දැන් මොනවා කරන්නද නැගිටලා ලේස්ති වෙනවා මිසක්.
සාමාන්‍ය ඩෙනිම් කලිසමකට ලාපාට ටී ෂර්ට් එකකුත් දාගෙන ගමනට සූදානම් වුණ. මම ලේස්ති වෙනකන් සමීරයා නෙත්මි මට බැනපු සිද්ධියයි පස්සේ ඒකි ෂේප් වෙච්ච සිද්ධියයි පණ පිහිටුවලා කියනවා ධනුෂ්කට. මේ හාල්පාරුවා නිසා තමයි මේ සේරම මරගාත.
“ඒක නෙවෙයි බං...උඹ ඇහුවෙ නැද්ද අල්ලපු ගෙදර පුංචි සූකිරි බෝලෙගෙන් ඒකිගේ අක්කගේ සින්නක්කර අයිතිකාරයා කව්ද කියලා?“
මම ලේස්ති වෙලා ඒද්දිම සමීරයා ඇහුවා.
“පිස්සුද යකෝ..ඒපාර උන් හිතාව මම ඇත්තටම අරකිගේ පස්සෙන් යනවා කියලා..ඒක වෙන ක්‍රමේකින් හොයාගන්නවා මිසක් මුන්ගෙන් අහන්නනම් බෑ“
“ඒකත් එහෙමද?..හා හා උඹේ කැමැත්තක්...හැබැයි හදිස්සි ප්‍රහාරයක් එල්ලවෙලා උඹ රෝහල් ගතකලොත් ගහපු එකාගේ නම අනුමාන කරන්නවත් ඌ කව්ද කියලා හොයලා අපිට කියපන්“
සමීර අන්තිම නෝන්ඩි හිනාවක් දාලා කියනකොට ධනුෂ්කත් හෙණ කැත හිනාවක් දාලා සමීරගේ පිටට ගැහුවා.
“අපිට එහෙම ගහන්න අපි වැරදි කරලා නෑ යකෝ“
මම එහෙම කියලා මුන් දෙන්නත් කතා කරගෙන පාරට බැස්සේ කතාවෙන් කතාව දවසම මෙතනට ගෙවෙන නිසා. යන්තම් පාරට ආපු ගමන් ගාල්ලේ බස් එකක් ආවා “සඳගිරි“ එක. ඉක්මණට ස්ටෑන්ඩ් එකට ආවා. එනකන් අරුන් දෙන්නා කලේ මගේ පලු ඇරපු එක.
* * * * * * * * * *
ගන්දර පොලීසිය ගාවින් ඇතුලට යන පාරේ තමයි නිශාන්තලගේ අභිනව නිවහන නිර්මාණය කරලා තිබුණේ. බඩගාන ගන්දර බස් එකේ ගියොත් නිශාන්ත ඊලඟ ගෙදරත් හදනකම්ම අපිට ගන්දරට යන්න වෙන එකක් නෑ කියලා හිතුණ නිසා තංගල්ලේ බස් එකක නැගලා යන්න සෙට් වුණා. මමයි සමීරයි එක ශීට් එකේ, ධනුෂ්ක ඊට ඉස්සරහා එකේ.
බස් එක දෙවුන්දර පහුකරද්දි නැගිටලා වඳින්න හදද්දිම බස් එකේ දකුණු පැත්තේ අසුන් පේලියේ පිටිපස්සට වෙන්න හොඳට හුරුපුරුදු මූණක් දැක්කා. කොල්ලෙක්ගේ මූණක්. මම හොඳට මතක් කලා කව්ද කියලා.
“මචං සමීර...අර එහා පැත්තේ පස්සෙම ෂීට් එකට කලින් ෂීට් එකේ මෙහා පැත්තේ ඉන්න එකා දිහා හෙමීට බලපං“
මම සමීරගේ කණට කරලා කිව්වා. සමීරත් හිමීට බැලුවා.
“කව්ද බන් ඒ...මම නම් දැකලා නෑ“
“අන්න ඌ තමයි මචං එදා මට ජිත්මිගේ අයිතිකාරයෙක් ගැන කියලා සද්දෙ දාපු උන් දෙන්නගෙන් එක්කෙනෙක්...එදා ස්කූටියේ පිටිපස්සේ හිටියේ මූ තමයි..හැබැයි මූ මොකුත් කිව්වේ නම් නෑ..“
“ඒකත් එහෙමද? “
“ඔව් මචං...මට මේක දෙකෙන් එකක් විසඳගන්න මරු වෙලාව“
එහෙම කියලා මම ෂීට් එකෙන් නැගිටින්න හැදුවා. සමීරයා අත්දෙකෙන්ම බදලා මාව අල්ලගත්තා
“බුදු මචං උඹ හදන්නේ උඹත් ගුටි කාලා අහිංසක අපි දෙන්නටත් ලෙසටම කවන්නද..යකෝ මූ කොහේ එකෙක්ද දන්නේ නෑ...මේ පැත්තේ එවුන්ට වචනයක් ඇති බෙල්ල කපන්න..මූ එක කෝල් එකකින් බස් එක නවත්තලා අපිට නෙලාවි සෙට් එකක් ගෙනැල්ලා..බුදු මචං පාඩුවේ ඉඳපන් රත්තරනේ“
සමීරයා නොවඳිනවා විතරයි. අපේ සද්දෙට ධනුෂ්කයත් හැරිලා බැලුවා. මම සමීරයා ෂේප් කරලා නැගිට්ටා.
“උඹ පොඩ්ඩක් ඉඳපන්..මම කතාකරලා එනවා“
මම නැගිටලා පස්සට එද්දි සමීරයත් නිකන් හිටියේ නෑ ඌත් පස්සෙන් ආවා.අපි දෙන්නම එද්දි ධනුෂ්කත් ආවා. බස් එකේ අය හිතුවේ අපි බහින්න සූදානම් වෙනවා කියලා. මම හිමින් ගිහින් අර කොල්ලා ලඟ නැවතුනා.
“සහෝදරයා...මාව මතකද?“
මම ඒ කොල්ලගෙන් ඇහුවා. මිනිහා පුදුම වෙලා මම දිහා බැලුවා. මිනිහට මාව එච්චර මතක නෑ වගේ.
“නෑ මතක නෑ...කව්ද?“
“දැන් ටික දවසකට කලින් මාකට් පාරෙදි තව කොල්ලෙකුත් එක්ක ඇවිත් මට සද්දේ දාලා ගියේ...අර මඩිහේ කෙල්ලෙක්ගේ පස්සේ යන්න එපා කියලා...ඒකිට අයිතිකාරයෙක් ඉන්නවා කියලා“
ඒ පාරනම් මිනිහට මිටර් වුනා මම කව්ද කියලා. මගේ පිටි පස්සෙන් අරුන් දෙන්නත් හිටගෙන හිටපු නිසා මිනිහා සිරාවටම ටිකක් බයවුනා. ඒත් ඌ ඒක හංගගෙන කතාකරා.මමත් හෙණ පොර වගේ හිටියා.
“දැන් උඹලා මට ගහන්නද?“
මිනිහගේ කතාවට මට හිනාත් ගියා.
“අපෝ නෑ සහෝදරයා..මොන වරදක් කලාටද...මට දැනගන්න ඕන ඒ වෙලාවේ ඒ කෙල්ලට කව්ද අයිතිකාරයෙක් ඉන්නවා කිව්වා නේද..ඒ අර මට සද්දේ දාපු සහෝදරයගේ යාළුවා වෙන්න බෑ...එහෙනම් කව්ද ඒ“
මිනිහා ටිකක් කල්පනා කලා. කල්පනා කරලා බොහොම පරිස්සමින් උත්තර දුන්නා.
“ඒ කව්ද කියලා වැඩක් වෙන එකක් නෑ..හැබැයි තවදුරටත් කෙල්ල පස්සෙන් ගියා කියලා ආරංචියක් ආවොත් ඒ අයිතිකාරයම ඇවිත් ඔයාව මුණගැහේවි...“
මිනිහා කියපු එක මම හොඳට ඔලුවට ගත්තා. ඒකේ ඇතුලේ තිබුණු තර්ජනෙත් හොඳට තේරුම් ගත්තා.
“හරි එහෙනම් එච්චරයි“
එහෙම කියලා අපි තුන්දෙනා ගිහින් වාඩි වුනා.
෴ ඊළඟ කොටස මෙතනින්෴

අම්මටසිරි දැන් කතාව ත්‍රාසජනක පැත්තට යනවා වගේ?
ReplyDeleteඑල එල අපිටත් හොද වලියක් බලා ගන්න පුලුවන් වේවි වගේ
එතකොට තම්යි ටිකක් උණුසුම් ප්‍රවිශ්ටයක් වෙන්නේ
Deleteඅප්පටසිරි මේක සෙට් උනේ අදනේ, පස්ට කතාව :) :) :)
ReplyDeleteආ එහෙමද? එහෙනම් බොහොම ස්තූතියි යාළුවා
Deleteකතාවේ තියෙන තැන් පුරුදු නිසා පට්ටෙටම දැනෙනවා (Y)
Deleteඅයිතිකාරයා හොයන්න ගිහින් කන්න වේවිද දන්නෙ නෑ හොඳට :)
ReplyDeleteමෙහෙමනේ සමහරුන්ට දෙයක් හොයන්න ඕන වුනොත් හොයන්නම ඕන
Deleteනියමය් ඈ කතාවට වලියකුත් දාපන් අය්යේ එතකොට තමය් ගති :ඩ
ReplyDeleteඑල එල සඳුදට ශුවර් දාන්න හොඳේ..
ඇයි වලියක් දැම්මම උඹලා එනවද බේරන්න..අන්තිමට ගුටි කෑවම අයියෝ කොල්ලා ගුටි කෑවා නේද කියාවි
Deleteammooooooooo.atiyantam kiwwa widiyata post eka friday dalane.hoda ayya.attatama nindata bada karanakotanam yaka nagina ekanam sadaranai appa.matat oya detanam yaka naginawa.onna itiri tika monday danna hode ayya.
ReplyDeleteකව්ද අනේ මෑත කාලීනව ඔයාගේ නින්දට බාධාකරලා ගුටි කෑවේ. තැන්ක්ස් අදහස් ටිකට නංගි
Deleteඑල නේ අයියේ අලුත් එකක් පටන් අරන් තියෙන්නේ
ReplyDelete:)
අදද බන් දැක්කේ...උඹලා මරු යාළුවෝ තමයි
Deleteබලමු බලමු.. දුශ්ඨයා කතාවට එන්ටර් වෙනකම් බලාගෙන ඉමු.. මට ප්‍රශ්ණේ මේකා අක්කා නංගි දෙන්නගෙන් කා එක්ක යාළු වෙයිද කියලා.. කෑමක් ශුවර් නම් අනිවා අක්කා එක්ක..
ReplyDeleteනිකන් හින්දි පිචෑර් වල අම්මිෂ් පූරි වගේ පොරක් දැම්මනම් ගොඩ..
Deleteඅන්න මරු.. අම්රිශ් පූරි තරම් හොදට දුශ්‍ඨ චරිතේ කරපු වෙන නළුවෙක් නැති තරම්..
Deleteඅම්මිෂ් පූරි මල බැවින් විකල්පයක් කොහෙන් හෝ එවනු මැන සහෝ
Deleteමේ මම හරි යන්නේ නෑ.... :D
Deleteඅපෝ සැර මදි...හුරතල් වැඩියි
Deleteoye aythi kareyo inne kello gane hoyanne yanne mona ehekateda appa? :P :P
ReplyDeleteඑහෙම කරන්නේ නීත්‍යානුකූලව අදාල අයිතිකාරයට ලියලා දෙන්න අනේ..සත් ක්‍රියාවක්
Deleteane pawu,, puduma sathwe karunawak ne thiyenne :P
Deleteඒකට කියන්නේ සත්ව කරුණාවටත් වඩා සමාජ මෙහෙවර නැත්නම් සමාජ සේවය..ඒවා පින් අතේ වැඩ..ඔයාලට ඕවා තේරෙන්නේ නෑ අනේ.. හිකිස්
Delete:P apoy ow apite therenne na oyalate thama therenne :P
Deleteඒකනේ..අපිට විතරක් තේරෙන නිසා තමයි අපි ඔයාලා වෙනුවෙන් සමාජ සත්කාර කරන්නේ
Deletehe he apoy meya ekke katha karala dinane ba ne :P onne api kate wahagatha :P
Deleteඉතින් අනේ මම ඇත්තනේ කිව්වේ..අපි කරන්නේ සමාජ සේවයක්නේ. ගෑණු ළමයි හොරෙන් බයෙන් බයෙන් ආදරේ කරන කොට හොයලා බලලා ඒවා පිලිවලට කරලා දෙනවා බය නැතිවෙන්න..ඒ අයිතිකාරයා හොඳ නෑ වගේනම් විකල්පයක් විදියට ඒ අසරණ ගෑණු ළමය බාරගන්න වුනත් අපි සූදානම් පරාර්ථය වෙනුවෙන්
Deletehe he oye enne hithe hangila thiyene dewaluth :P
Deleteමේවා සත් ක්‍රියාවෙන් කොල්ලෝ කරන දේවල් සහෝදරී..මම කරන දේවල් නෙවෙයි..සමාජ සත්කාර කියන්නේ ආත්මාර්ථය උදෙසා කරන දේවල් නෙවෙයිනේ
Delete:P :P :P
Deleteඅනේ ඉතින් ඔය දේවල් ඔය විදියටම අපටත් වුනානෙ...!? නම් ගම් විතරයි වෙනස්...
ReplyDeleteඉස්සරහට ෆයිටුත් තියෙයි වගේ...:D
ඔව් ඔව් කඩු පයිට් තියනවා..ඉස්සර කරපු ඒවට තමයි ඔය තාම ප්‍රතිඵල අත්විඳින්නේ..නේද සුමිත් අයියා
Deleteකන්න ළඟයි. :3
ReplyDelete