May 4, 2010

ආදරයනම්....ඔබට මට දැනෙන හැටි


ආදරයනම් ජීවිතයට කොතරම් වැදගත්ද කියල තේරුම්ගන්න ආදරය කරන්නම ඕන නෑ. ඉතින් ඒ තරමටම වැදගත් ආදරය වෙනුවෙන් සමහරු පුදුමාකාර කැපකිරීම් කරන අතරම සමහර අය ආදරයත් එක්ක අමුතුම සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලම් හැම එකක්ම කවදාහරි දවසක නොහිතපු විදියකින් කෙලවර වේවි. ඉතින් මේ කැපකිරීම් අතරේ ආදරයක් විදින්න බැරුව කීදෙනෙක් නම් දුක්විදිනවද? අද "අපේ ඉසව්වෙන්" මම ආදරේ ගෙන කතාකරන්නේ ආදරේ වටිනාකම තේරුම්ගත්ත පිරිසක් සිංහල බ්ලොග් කලාව තුල සැරිසරන නිසයි. අද මම ආදරේ ගැන ලොකුදෙයක් කියන්න උත්සහ කරන්නේ නැ. මම සුදානම් ඔයාලගේ අදහස් දැනගන්න. දැනගෙන ආදරයගැන බුද්ධිමය සංවාදයක් ගොඩනගන්න මම කැමැතියි. එක එක අය ආදරේ ගැන හිතන්නේ එක එක විදියට ඒ අදහස් සේරම එකම තැනකට එකතු කරගෙන කතාකරන්න අපිට හැකිවෙයි කියල මම විශ්වාස කරනවා.

1 comment:

  1. ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්.එත් ජීවිතයෙ හම දෙයකම ගොඩනගිල තියෙන්නෙ අදරයත් එක්ක.සමහරවිට අපි අදරය කරන අය අපට අදරය කරන්නෙ නැ.නමුත් අපි ආදරය නොකරන අය අපට ආදර කරනවා.ජීවිතය එකයි. නමුත් ඔබව තෙරුම් ගත්තු ඔබට ආදරය කරන හොද යාලුවො ටිකක් ඉන්නව නම් හිතට දැනෙන පාලුව කාන්සිය ගොඩක් අඩු වෙනවා..........එතකොට අර විශේශ කෙනෙක් තමන්ට නැ කියල අඩුවක් දැනෙන්නෙ නැ.....මගෙ අදහස එකයි....

    ReplyDelete