එදා බස් එකේදී උන දුක් සීන් එක නිසා දවස් ගාණක්ම ගෙවුනේ මැරිලා වගේ. ජිත්මි එක්ක යාළු වෙනවා කියලා අභියෝග බාරගත්තට මොකද සති දෙකකටත් ආසන්න කාලයක් ගෙවිලත් කරපු දෙයක් නෑ. සමීර කියනවා වගේ මේක මෙහෙම කරලා බෑ. මෙහෙම පස්ස ගහලා වැඩකරන තරමට දීලූපට ලකුණු වැටෙනවා වැඩියි. එදා දිලූප බස් එකේ ජිත්මි ලඟින් වාඩිවෙලා එක එක ඒවා කිය කිය යද්දි හිතට ලොකු අපහසුතාවක් දැනුනා. දිලූප කියපු දේවල් ජිත්මිත් අහන් හිටියද කොහේද..ඒත් එයා එක වචනයකින් වත් උත්තර දුන්නේ නෑ. හිතට තියන එකම සැනසුම ඒකයි. බස් එකෙන් බැහැලා යද්දි ගෙදර ලඟදි ජිත්මි එකම සැරයක් මම දිහා බැලුවා. ඒත් ඒ ඇස්වල තිබුණේ මොනවද කියලා හරියට හිතාගන්න බැරිවුණා. එකපාරටම කෙල්ලෙක්ගේ ඇස් කියවලා තේරුම්ගන්න අමාරුයි.
අද ඔෆිස් එකේ උදේ වරුවේ එච්චර වැඩ තිබුණේ නෑ. කොහොමත් ඩීන් එකේ ඔෆීස් එක කාර්යබහුලවෙන්නේ සතියේ දින කීපයක් විතරයි. උදේ දහයට විතර සමීර කොහේද ඉඳගෙන මගේ මේසේ පැත්තට දුවගෙන එනවා. ඉස්සරහ හිටපු තරුෂිගේ පුටුවෙත් හැපුණා සමීර.
“කුලප්පුවද සමීර...?“
“තාමනං නෑ තරූ...සොරි සොරි අනේ..හදිස්සියක් මේ දිස්නකගේ“
සමීර ඒකටත් මාව අල්ලලා දුවගෙන ආවා මගේ ලඟට.
“මොකද බං?“
“මම ගියා ටෙලිකොම් එකට බිල් එක ගෙවලා එන්න..එනකොට ඩයලොග් එක ඉස්සරහා උඹේ අර ලක්ෂේ ට්‍රයි එක ඉන්නවා.“
“නෑ..ඉතිං උඹ මොකද කලේ“
මමත් කුතුහලෙන් ඇහුවා. ඇත්තටම ජිත්මි එතන මොනවා කරනවද.
“මම මොකුත් කරන්නේ කොහොමද බන්..ඒ උඹේ ට්‍රයි එකනේ..මම දුවගෙන ආවා උඹට කියන්න..වරෙන් යකෝ යමං එතනට“
සමීර එහෙම කිව්වම කරන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුනා.
“මේ ඔෆීස් එකේ ඉන්න ගමන්?“
“කමක් නෑ යකෝ..ඒ වගේද අවස්ථාව යමං“
සමීර එහෙම කියලා මාවත් ඇදගෙන පහලට ආවා. ඉක්මණට අරලිය මාවත ගාවින් පාර මාරුවෙලා ටවුන් එක පැත්තට අපි දෙන්නා ආවා. ඒත් ජිත්මි ලඟට ගිහින් මොනවද කියන්නේ කියලා මට අදහසක් තිබුනේ නෑ. කමක් නෑ බලමුකෝ.
අපි එතනට යද්දි ජිත්මි ඉන්නවා යාළුවෙක් එක්ක. මම ලඟට යද්දිම ජිත්මි බිම බලාගත්තා.ජිත්මිගේ යාළුවනම් මගේ දිහා බැලුවා. සමීර මට ඇඟිල්ලෙන් අනිනවා කතා කරන්න කියලා. මම කතාකරන්න ගට්ස් ගන්න උපරිම උත්සහයක් ගත්තා.
“න..න..නංගි ඇයි මෙතන?“
එහෙම කිව්වම යන්තම් ජිත්මි ඔලුව උස්සලා බැලුවා. පුදුම වෙලා වගේ බලලා හීන් හිනාවක් දැම්මා. අම්මෝ ලක්ෂේ දැන් අතට ලැබුණා වගේ සැනසීමක් දැනුනා.
“නංගි ඇතුලේ..එනකං ඉන්නවා“
ජිත්මි හීන් හඬින් ඩයලොග් ආකේඩ් එක ඇතුලට ඇඟිල්ල දිගු කරලා කිව්වා. මම හිතන්නේ මගේ ඉස්සරහදී මේ කටහඬ ඇහුණමද කොහෙද.
“හා එහෙනම් කමක් නෑ..අපි ගිහින් එන්නම්“
ජිත්මි හා කියලා ඔළුව වැනුවා. මම සමීරයත් ඇදගෙන ආයෙත් ආවා කොටුවෙගොඩ පැත්තට.
“මොකද මූසලයෝ උඹ වචනයක් කතාකරපු ගමන් පැනලා ආවේ..අපරාදේ යකෝ“
ඇත්තටම එතන කතා කර කර ඉන්න හිත ඉල්ලුවත් ජිත්මිගේ නිහඬතාවය එක්ක ඒක කරන්න බැරිවුනා. ඇරත් නෙත්මි එලියට ආවම මොනවා කියයිද දන්නේ නෑ.
සමීර ඔෆීස් එකට එනකම්ම මට බැන්නා. මට නිකං ඒවා ඇහුනේ නැති ගානයි. මම හිටියේ හීන ලෝකෙක. දැන් තමයි දිස්නක සහෝදරයා නියම විදයට ගේම් එකට අඩිය තිබ්බේ.දැන් ඉතින් දතට දත නියට නිය ලෙයට ලෙය.
* * * * * * * *
“චූටි පුතා මහන්සියද ඔයාට?“
වැඩ ඇරිලා ඇවිත් ඇඟ හෝදගෙන ආපු ගමන් තේකත් අතට දීලා නැන්දා ඇහුවා.
“නෑ නැන්දේ..ඇයි?“
“නෑ පුතේ අන්න එහා ගෙදර ඇන්ටි පුතාගෙන පොඩි උදව්වක් ඉල්ලුවා...“
“මොකක්ද නැන්දේ?“
මගේ හිතේ ප්‍රශ්න දාහක් වැඩ කරද්දි මම නැන්දගෙන ඇහුවා.
“ එහේ ටී.වී එක වැඩකරන්නේ නැතිලු..අංකල් නුවර ගිහින්..අයියත් අද පිට වැඩකට ගිහින්ලු..කට්ටියම කතාවලට මැරීගෙන නිසා ටී.වී එක නැතුව අමාරු ඇති...පුතාට මහන්සි නැත්නම් ගිහින් පොඩ්ඩක් බලලා එනවද“
ඉබ්බා දියට දානකොට ඇන්නෑවයි කිව්වා වගේ මමත් නිකං බෑ බෑ වගේ පෙන්නුවට හිත යටින් මල් වෙඩි පුපුර පුපුර රබන් පාරවලුත් ගැහුවා.
“මහන්සිනම් තමයි...කමක් නෑ ඉතිං..මම යන්නම් නැන්දේ ටිකකින්“
“හා හොඳයි චූටි පුතේ“
පනින රිලවුන්ට බඳින ඉනිමං වලින් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන මමත් ටිකක් හවස් වුනාම අල්ලපු ගෙදරට ගිහින් දොරට තට්ටු කලා. දොර ඇරියේ නෙත්මි.
“අයියෝ...ඔයාද..වෙලාවට අවේ..අනේ මේ අපේ රූප පෙට්ටිය ගොලුවෙලා අනේ..පේන්තෙන් නෑ වගේ‘
ගෙට ඇතුල්වුන ගමන් නෙත්මි පටන් ගත්තා විස්තරේ කියන්න. මගේ ඇස් දෙක හෙව්වේ කැඩුණු ටී.වී එක නෙවෙයි. නහයට දැනෙන පුරුදු සුවඳ එක්ක හිත භාවනාවකට යවන ජිත්මිගේ රූපෙ තමයි ඇස් දෙක හෙව්වේ.
“ආ පුතා ආවද..මම නැන්දට කියලා ආවේ..අනේ පුතේ පුළුවන්නම් පොඩ්ඩක් බලනවද“
මම ටී.වී එකට සම්බන්ධතාවේ දෙන වයර් සේරම හරිද කියලා බැලුවා. වරද තියෙන්නේ බූස්ටරේ වගේ කියලා හිතුන නිසා ඒක ගලවලා බැලුවා. ඒ වෙනකොට කියව කියව හිටපු නෙත්මි කොහේටද ගිහින්.
බූස්ටරේ එක්ක දඟලද්දි ඇඟට හොඳටම දාඩිය දාලා තිබුණා. මම වැඩකලේ එක අතකින් මූණේ දාඩිය පිහදාන ගමන්. සේරම මට පාඩුවේ වැඩ කරන්න ඇරලා ගිහින්..මම දාඩිය පිහිදාන ගමන් වැඩ කරන්න පටන් ගත්තා.
ඒත් එක්කම සිසිල් සුලං දහරාවක් මගේ පැත්තට ආවා. ඒ ජිත්මිලගේ ගෙදර විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත නිසා..ජිත්ම් එක අතකින් තේ එකකුත් අරගෙන අනිත් අතින් විදුලි පංකාව ක්‍රියාත්මක කරලා මගේ පැත්තට එනවා දැක්කම දාඩිය සහ මහන්සිය මාව දාලා පැනලා ගියා.
ආයෙමත් ආදරෙන් රසමුසු තැන් අපේ ඉසව්ව පිටුවෙන්
ඔන්න කොල්ලා ස්කෝර් කරන්න පටන් අරගෙන එල එල
ReplyDeleteතේත් හම්බවෙනවනේ දැන් අරුට කොහෙද එහෙම චාන්ස් ...
දැන් ඉතින් ඊයේ මැතිව්ස් ගැහුවා වගේ ගහන්න වෙනවා උමාර් අක්මාල්ට වෙච්ච දේ නොවෙන්න
Deleteගෙදරටම යන්න ලැබුන chance එකෙන් වත් ප්‍රයෝජනයක් ගනීවි කියල හිතනවා..
ReplyDeleteබලමු බලමු මොකෝ වෙන්නෙ කියලා..:)
කල දුටු කල වල ඉහ ගැනීම කියන්න වගේ බලමුකෝ කොල්ලා මොනවා කරගනියිද කියලා..
Deleteඕක ඉක්මන් කරලා දාපන් බං.. මට පේන්නේ කොටස් සීයක් විතර දාවි වගේ!!
ReplyDeleteඅනේ ඔව් ලොකු අයියේ.
Deleteගොඩක් දිග නෑ බං..හරි හරි උඹලා කියනවනම් ඉක්මණට ඉවර කරන්නම් කෝ
Deleteපිස්සුද ? ඇදපන් මේක මෙගා ගාන්ට !!!
Deleteඋඹටම පේනවනේ දැඩි විරෝධතාව දියත්වෙන
Deleteයාළුවා මම මේ කතාව මුල ඉදලම කියවුවා. එත් අද තමයි කොම්මන්ට් 1ක් දාන්නේ. සමාවෙන්න ඒකටග කතාව නම් සුපිරි (පට්ටම තමයි). සිකුරාදා වෙනකම් බලන් ඉන්න එක තමයි දුක
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා..කාල වකවානු අනුව සඳුදා සහ සිකුරාදා තමයි දාන්න පොරොන්දු වුනේ..පුළුවන් උපරිමෙන් ඒක ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා..
Deleteදැන් ඔකට තියෙන්නෙ තේ එක් පැත්තවත් නොබලා බූස්ටරේ එක්ක ඔට්ටු වෙන්න....එතකොට අරයා....කිංකිණි හඩින්....
ReplyDeleteඅ...අයියේ තේක නිවෙනවා... කියයි....
ඉතින් ඊට පස්සෙ එහෙම....එහෙම.....****'':P
හ්ම්.. හ්ම් !!! අයියා හරි !!!
Deleteසුමිත් අයියා ඉතින් ඔය දැන් කාලේ කෙල්ලෝ කොල්ලෝ ගැන දන්න තරම තමයි..තව පොඩ්ඩක් දැනුවත් වෙන්න හොඳේ..හිකිස්..කොහොම වුනත් සුමිත් අයියේ මේක කොල්ලෙක්ට මරු චෑන්ස් එකක් හොදේ නැතිවෙනවනම්
Deleteගිය කොටසින් කේඬෑරි වෙලා ගිය බලාපොරොත්තු මේ කොටසෙන් ටිකක් නග්ගලා තියලා වගේ !!! දිස්නකයක් එච්චර අවාසනාවන්ත නෑ එහෙනම් !!!
ReplyDeleteසමීරයා හරකා වගේ දෙඩෙව්වට, ඇඹලයා වගේ කෙල්ලෙක් එක්ක පාර මැද එල්ලි එල්ලි කියවන්න පුළුවනෑ... ඒ වගේද ගෙදරටම ගිහින් මූණ බලාගෙන කයියක් දාන එක...!
ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ චතුරංග සහෝදරයා..ඒත් අවස්ථා කියන ඒවා එකක්වත් අතාරින එක ආදරේදිනම් මාර අපරාදයක්.ජීවිතේදිත් එහෙම්මයි
Deleteආව් අප්ප......^_^
ReplyDeleteඇඬෙනවා වගේද?
Deleteඔන්න ඉබ්බ තුනපහ මිරිස් බැඳගෙනම ගෙට එන්න හදන්නේ...
ReplyDeleteඅනේ බං..ඉබ්බා තුනපහ මිරිස් පිටේ බැඳගෙන එනවා..උඹට ඕවත් කියලා දෙන්න වෙලාද අපිට
Deletedan itin tiyenne disnaka ayyata wade patangannaiy.....
ReplyDeleteමොනවැඩේද අනේ පටන් ගන්න ඕන..
Deleteඔක්කොමත් හරි.. මොකෝ ජනා අද මේ පොඩ්ඩක් දැම්මේ.. ඕකනේ තද වෙන්නේ ඉතින්... :)
ReplyDeleteඅද පොඩ්ඩක් තදියමේ ලිව්වේ බන්..ගෙදර පොඩි වැඩක් කරන ගමන්..මැෂින් එක තියාගන්නවත් තැනක් නෑ අද..ගනන් ගන්න එපා බන්
Deleteඅප්පටසිරි ඔය තියෙන්නේ චෑන්ස් ;ඩ්
ReplyDeleteමාවත් නිකන් කූල් වෙලා ගියා බන්,එළ නේ..
උඹ මොකටද කූල් වෙන්නේ කාගෙවත් ලව් වලට..උඹ එන පොට හොදනෑ බොලේ
Delete"ජිත්ම් එක අතකින් තේ එකකුත් අරගෙන අනිත් අතින් විදුලි පංකාව ක්‍රියාත්මක කරලා මගේ පැත්තට එනවා දැක්කම දාඩිය සහ මහන්සිය මාව දාලා පැනලා ගියා." මේ කෑල්ලට ආස හිතුනා. මේ කතාව කියවන්න කියවන්න ආස හිතෙනවා.. ඒත් ඉතිං ඔයා දැං එන්න එන්න කතාව ලියන්නෙ අර විජය පත්තරේ අන්තිම පිටුවෙ තිබුනු චිත්‍ර කතාව වගේනෙ... ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට කතාව ඉවරයි... ඉතුරු ටික කියවන්න සති දෙකක් කට ඇරන් බලන් ඉන්න ඕනෙ... හි හි.
ReplyDeleteවැරදුනා... සතියට දෙසැරයක්...
Deleteඉතින් අනේ සතියකට දෙපාරක් ලියලත් මෙහෙම ඒවා අහන්න වෙනවනම් මම ඉතින් එක කොටසකට මුළු කතාවම ලියලා ඉවර කරන්නම් ඉතින්..මොකක්ද අනේ ඉවසලා ඉන්නකෝ..ටිකක්
Deleteඅඩේ අප්පා,
ReplyDeleteදෙවියන් මේකගේ මූණ බලලා
කලෙකට පෂ්ෂේ. . . . :D :D :D
දෙයියෝ කොහොම මූණ බැලුවත් වෙලාවෙන් ප්‍රයෝජනයක් ගනීවිද කියලා බලමුකෝ
Deletemoda jana ayya....mama kiwwe wena ewa gana nemei ane....
ReplyDeleteඉතිං කිව්වේ නෑනේ මොන වැඩේද කියලා..රහසින් වත් කියන්න හොඳද
DeleteJithmite pawu kiyala hithila fan eke on karanne athi :P
ReplyDeleteඑහෙනම් ජිත්මිත් ඔයා වගේ කෙනෙක් වෙන්න ඇති..වෙනසකට තියෙන්නේ ඔයාගේ පොඩ්ඩක් කට වැඩියි...හිකිස්
Deleteapoy meya mona kiwwath warediyatene ganne ane,, man wihiluwate ehema kiwwe :)
Deleteඅනේ නෑ..මම දන්නවනේ ඔයාගේ හැටි..ඇත්තටම ඔයා ෂෝයි..
Deleteදොයිය ගත්තම
jana ayyage kanak ehenam me pattata ewannako.........
ReplyDeleteකණක් එවන්න බෑනේ නගේ..මම එන්නම් ඔයා කියනවනම්..හිකිස්
Deletekathawa lassanai ayya :)
ReplyDeleteloka පස්නයක් ජිත්මි නෙත්මි මාරු වෙලා මට දැන් O.o
ReplyDelete