සිකුරාදා හවස දෙනියායේ ගෙදර ගිහින් ගොඩක් දේවල් කරන්න වුණා. ගොඩක් කාලෙකින් ගෙදර පේන්ට් කරන්න බැරි වුණ නිසා ගෙදර කට්ටියත් එකතු කරගෙන දවස් දෙකේම කරේ ඒක තමයි. ඒ වැඩ අස්සේ මම දාගෙන තිබුණු මාරාන්තික ලක්ෂයේ ඔට්ටුවත් අමතක වෙලා තිබුණේ. සඳුදා උදේ දෙනියාය ස්ටෑන්ඩ් එකෙන් නැගලා හතරසිංහ බස් එකේ පිටබැද්දර හරිය පහුකරද්දි තමයි ආයෙමත් ඔට්ටුව ගැන හරියටම ඔලුවට ආවේ. කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ. කවදා කාපු ටකරංද මන්දා මේවා. කවදාවත් හරියට ආදරේ කරපු එකක්ද. ඉස්කෝලේ යන කාලෙනම් අර යාළුවෝ ආදරේ කරද්දි නිකං ඉන්න බැරි කමට වගේ පන්තියෙම කෙල්ලෙක්ට ආදරේ කලාට ඒක මෙච්චරම අමාරු වැඩක් වුනේ නෑ. ඒත් මේ ජිත්මි කියන්නෙනම් කිසිම සෙන්සර් එකක් හයි කරපු නැති සර්කිට් එකක් වගේ. මොනදේ කලත් හරියට ට්‍රැක් එකට වැටෙන්නෙම් නෑ. ගහමරාගන්න වගේ හිටපු නෙත්මිත් අද බොහොම හොඳට කතා කරනවා. ඒ දෙන්නගේ අයියයි දෙමව්පියොත් වෙනසක් නැතුව කතා කරනවා ඒත් මේ කෙල්ලට මොන උෂ්ණයක් වැදිලද මං දන්නේ නෑ නෝ කතා නෝ සිනා.
එහෙම සාධාරණීකරණය කරලා හරියන්නෙත් නෑනේ. මාස තුනකින් මේ කෙල්ලගේ හිත මගේ පැත්තට නැමුණේ නැත්නම් රුපියල් ලක්ෂයක් සමග ආත්ම ගරුත්වයත් බල්ලට යනවා සහතිකයි. එහෙම වුණාම දිලූප ඇවිත් දාන බ ලු හිනාව මට මැවිලා පෙනුනා...නෑ නෑ...එහෙම වෙන්න දෙන්න බෑ. මොන ජාතියෙන් හරි දැන් මේක කරන්නම වෙනවා. ඇරත් මේ මගුලක් නිසා රුපියල් ලක්ෂයක් නැති වෙනවා කියන්නේ ජාතික අපරාධයක්නේ..සල්ලි කියන්නේ කජු ඇටද කොස් ඇටද..
ඔහොම එක එක විකාර කල්පනා කර කර ආවට හරියටම කරන්නේ මොකක්ද කියලා අදහසක් හිතට ආවෙම නෑ. මේකට සමීරගෙන් උපදෙස් අරගෙන වැඩ කරන එක හොදයි..ඒත් ඒ යකාගේ විකාර සැලසුම්වලට වැඩ කරලා මාතර වසන එකත් නැති වෙයිද කියලා බයක් නම් තියනවා. ඒත් ඒක ටිකක් හිතලා බලලා කරන්න ඕන වැඩක්. ඉස්සරහට එන මාස කීපය තීරණාත්මක මාස කීපයක් වෙන බව හිතට තදින්ම දැනුනා.
* * * * * * * * *
“ආ දිස්නක මහත්තයා...සුබ උදෑසනක් වේවා“
“ආ සමීර මහත්තයා එසේම වේවා“
“මොකද බං මේ මූණ..හරියට අස්සයා මැරිච්ච ජොකියා වගේ..ටිකක් හිනාවෙලා හිටපං බං..ඇයි උඹ 2012 ලෝක විනාසේ ගැනවත් හිතනවද?“
සමීරයා ඇවිත් බර බර ගහන්නේ මම මූඩ් එකක හිටපු නිසා වෙන්න ඕන. උදේ වැඩ පටන් ගන්නත් කලින් මම කල්පනා කලේ මොකක් දැන් කරන්න ඕන කියලා. මේක වෙලාවකට හරි මානසික වදයක් වෙලා.
“කෙහෙල්මල..ලෝක විනාසෙට අන්ත නවනිංගිරාවක් වෙන්නේ ඔට්ටුව පරාද වුනොත්...මම මේ ඒක ගැන හිතුවා බං“
“අම්මපා නේද...මටත් දැන් තමයි වැඩේ මතක් වුනේ...ඒක නෙවෙයි දැන් සතියක් විතර ගත වුනා නේද...කොහොමද උඹේ ප්‍රගතිය?“
මම ටිකක් කල්පනා කරලා බැලුවා. ඇත්තටම ප්‍රගතියක් නැතිම ගාණයි. සතියක් තිස්සේ කරපු දේකුත් නැතිම ගාණයි. ඒත් දන්න එකම දේ නම් ජිත්මි වත් ජිත්මිගේ හිතවත් දශමයකින්වත් වෙනස් වෙලා නෑ කියන එකයි.
“මට කියන්න සතුටුයි මචං සමීර...කිසිම ප්‍රගතියක් නෑ..නිලේ නිල්“
සමීර කින්ඩි හිනාවක් දාලා මිනිහගේ දේශනාව පටන් ගත්තා.
“අන්න ඉතින් උඹලා ඔහොම තමයි ලව් කරන්නේ...යකෝ ඔහොම ඉඳලා හරියන්නේ නෑ..උඹලා ඕවට ආධුනිකයි..දැනුම් තේරුම් තියන මිනිස්සුන්ගෙන් ඕවට උපදෙස් ගනින් අපි වගේ“
“අපොයි ඒ ගැනනම් කවර කතාද..හා කියපන් බලන්න“
සමීර උගුරේ රැල් බුරුල් කරලා මේසේ උඩින් වාඩිවුණේ මහාචාර්ය රෝල් එක ඇක්ට් කරන්න වගේ.
“මචං..අසල්වැසියාට ප්‍රේම කරන්න උත්සහ කිරීමේදී මෙහෙම කටයුතු කරලා බෑ..නිශ්චිත සැලැස්මකට..නිශ්චිත ක්‍රමවේදයකට සියලු කටයුතු මැනවින් සංවිධානය කරලා කරන්න ඕන..නැත්නම් වෙන්නේ වාසස්ථානත් අහිමිවීම“
“සිරාවටම මචං මගේ හිතේ තියන ලොකුම ප්‍රශ්නෙත් ඕක...අල්ලපු ගෙදර මිනිස්සු මාත් එක්ක හරි හොඳයි..ඉතින් මම මෙහෙම කේස් එකක් දාගෙන කියලා නිකං වත් චාටර් වුනොත් දෙනියායටම ගිහින් තේ වත්තක දලු කඩන එක සැපයි..ඇරත් නැන්ද වුනත් එච්චර තමයි“
මම කිව්වේ ඉස්සරහට වෙන දේවල් ගැන හොඳ පුරෝකථනයක් කරන ගමන්. ඒත් ජිත්මි කියන සාධකය අරගත්තම ලේසියෙන් වෙනස් කරන්න බැරි දෙයක් බව තීරණේ කරලයි මම තිබුනේ.
“මචං ඒක පරිස්සමින් කරන්න ඕන දෙයක්..ජිත්මි කියන්නේ මෙතනදි ඔට්ටුවට වුනත් දාගන්න වටින කෙල්ලෙක්..ඔහොම තද හිතක් තියන කෙල්ලෙක්ගෙන හිත ගත්තොත් ඉතින් ගත්තම තමයි“
සමීර එතනදිනම් හරියටම හරි. ජිත්මි ඒ වගේ කෙනෙක් තමයි. ඒත් මේ ප්‍රශ්නෙදි ආදරේ කියන කෝණය ඉක්මවලා මතක් වෙන්නේ අභියෝග කරපු එකයි. දිලූප මොන වගේ දෙයක් කරාවිද, දැන් කරනවද මට වඩා ඉක්මණට ජිත්මිට ලංවෙන්න. ලේසි පහසු නොවුණත් නිකං ඉන්න එකක් නෑ.
“මචං දිස්නක..උඹ මේ මාසේ ඇතුලත පුළුවන් තරම් ඒකිට ලංවෙයන්..මොන දේ කරලා හරි කියලා හරි...වචන වලට ඔය ඕනම ගලක් වෙඬරු පිඩක් කරන්න පුළුවන් කියනවනේ..ඒක නිසා උත්සහ කරපන්.. අර නාකි සුද්දෙක්ට අපේ සිංහල එකෙක් කියලා තියනවනේ Try and Try One day you can fly කියලා...උඹ එහෙමවත් කරලා බලපන්..ඉතුරු ටික පස්සේ කරමු“
සමීරයත් දන්න දේවල්.මට මිනිහා කියපු ඒවා තදටම හිතට වැදුණත් එක්ක.
“ Try and try one day also you can try වේවිද දන්නේ නෑ මචං“
මම කියපු එකට දෙන්නටම ඔෆීස් එක දෙක වෙන්න හිනා ගියා. අපි බඩවල් අල්ලගෙන හිනාවුනා ටිකක් වෙලා.
“ඒවා දන්නේ නෑ...කෝකටත් උඹ ඉස්සර වෙන තරමට හොදයි..අපායට ගියත් කලින්ම යන එක හොඳයි“
* * * * ** *
ඊට පහුවෙනිදා සමීර හිටියෙත් නෑ වැඩ ඇරිලා ගෙදර යන වෙලාවට. එදා ගොඩක් මහන්සි නිසා වැනි වැනි වගේ තමයි ස්ටෑන්ඩ් එකට ගියේ. ගාල්ලේ බස් එකක් තිබුණා ෂීට් ගාණට වගේ කට්ටිය. හිටගෙන හරි ඉක්මණට යන්න කියලා බස් එක ලඟට යනකොට ජිත්මි එනවා දැක්කා. සුදු පාට හැට්ටයකට ලස්සන දිග ස්කර්ට් එකක් ඇඳලා හරිම චාම් ලස්සනක් තිබුනේ. හැමදේම මොහොතකට අමතක වෙලත් ගියා.
ජිත්මි බස් එකට නැගලා වාඩි වෙන්න තැනක් බැලුවා. එක ෂීට් එකක් තිබුණා කවුරුත් නැති. ජිත්මි ඒකේ ජනේලේ පැත්තෙන් වාඩි වුනා. එයාගේ ලඟින් කෙනෙක්ට වාඩි වෙන්න ඉඩ තිබුනා. මෙන්න මේක තමයි වෙලාව..දෙයියෝ දුන්නා වගේ දෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන..ඉක්මණට බෑග් එකත් අරං බස් පොලිමේ වැට අතරින් බස් එක ලඟට ගියා..හිත මාර වේගෙකින් ගැහෙන්න පටන් ගත්තා. ලගින් වාඩි වුණාම ජිත්මි මොනවා කරාවිද කියලා හිතුනා..ඒත් කමක් නෑ කවදාවත් එහෙම ලගින් ගියපු නැති එකේ අද එහෙම ගියාම මොනවා හරි වේවිනේ.
මෙහෙම හිත හිත හදිස්සියෙන් බස් එකට නගින්න යද්දි කකුල පටලැවුනා පුට් බෝඩ් එකේදි. එකපාරටම අනිත් කකුල පාපුරුවේ තදින් වැදුනා. ලොකු වේදනාවක් දැනුනත් හිතේ තිබුණ අරමුණ නිසා ඒක එච්චර දැනුනේ නෑ..ආයෙත් ඉක්මණට බස් එකට නැගලා ජිත්මි ඉන්න ෂීට් එක දිහා බලද්දිම කොහේද ඉඳලා ආපු කෙට්ටු කොල්ලෙක් එතනින් වාඩි වුණා. මට මාර තරහක් හිතට ආවා...ෂික් කියලා කියවුනේ ඉබේටමයි. මම හිටපු තැන ෂීට් එකේ ඇන්ටි කෙනෙකුත් හැරිලා අමතු විදියට මම දිහා බැලුවේ හරියට එයාට ෂික් කිව්වා වගේ. මොනවා කරන්නද ඉතින් ලැබීමක් නැත්නම්. කකුල පැටලුන නිසා තමයි වෙලාවට එයා ලගට යන්න බැරිවුනේ. මම ජිත්මි හිටපු තැන පහු කරන් ඉස්සරහට ගිහින් බෑග් එක උඩ රැක් එකේ දැම්මා. දාලා ජිත්මිව පේන තැනකට වෙලා හිටියා. ටික ටික සෙනග වැඩිවුනා. ජිත්මි හිටියේ ජනේලෙනේ එහා බලාගෙන. එතන ජයසූරිය පිට්ටෙනියේ ක්‍රීඩාමණ්ඩපේ ලඟින් මාතර කොටුව හරි ලස්සනට පේනවා. හවස හයට විතර ඒ පැත්තේ තැඹිලි පාට අහසත් එක්ක කොටුව හරිම ලස්සනයි.ජිත්මි ඒ ලස්සන දිහා හරි ආසාවෙන් බලාගෙන හිටියා.
ඒත් එක්කම බස් එක පණ ගැන්වුවා. ජිත්මි මාව දැක්කේ නෑ මම හිතන්නේ පුරුදු විදියට ජනේලෙන් පිට බලන් හිටියා. ජිත්මි ලඟ හිටපු කොල්ලා ඒ වෙලාවේ ජංගම දුරකතන ඇමතුමකයි හිටියේ. බස් එක අද්දනකොටම සෙනග අතරින් ජිත්මි හිටපු තැනට ඩෙනිමකට රතුපාට ටී ෂර්ට් එකක ඇඳලා ඩෙනිම් කැප් එකක් දාපු කොල්ලෙක් ආවා. හොඳට දැකලා පුරුදු පෙනුමක්...දෙයියනේ මේ දිලූප නේද...එහෙනම් මේ යකාත් වැඩ පටන් අරගෙන..මගේ ඇඟට දාඩියත් දැම්මා කරගන්න දෙයක් නැති කමට. ජිත්මි හිටපු ෂීට් එක ගාව ඉන්නේ නැතුව මෙතනට ආපු එක ගැන මෝඩ වුනා.
තත්පර ගාණයි ගතවුනේ ජිත්මි ගාව හිටපු කොල්ලා නැගිටලා දිලූපට ෂීට් එක දුන්නා...දිලූප ඒ කොල්ලගේ පිටට තට්ටුවක් දැම්මු..ඒ කොල්ලා යන්නම් අයියේ කියලා දිලූපට ෂීට් එක දීලා බස් එකෙන් ඉක්මණට බැස්සා..එතකොට මේක දිලූපගේ ප්ලෑන් එකක්. .මට කරකියා ගන්න දෙයක් නැති වුනා. ජිත්මිත් හැරිලා බැලුවා තමන් ලඟින් වාඩිවුනේ කව්ද කියලා.ජිත්මිටත් කරකියාගන්න දෙයක් නැතුව වගේ මූණ වෙනස් වුනා. එයා හිටියෙත් හරි අපහසුතාවයකට පත්වෙලා වගේ..මට මොකුත් හිතාගන්න බැරුව ගියා. ජිත්මි මාව දැක්කේ නැතිවුනාට දිලූප මාව දැක්කා..ඒ දිලූප දිහා මම බලනකොටම..දිලූප මාව අඳුන ගත්තා..මට නෝන්ඩි හිනාවක් දාලා දිලූප ඇහැක් ගහලා තවත් ජිත්මිට ලංවුණා.
෴ ඊලග කොටස මෙතනින් ෴
අපේ ඉසව්ව facebook Page එක සමග එකතු වී රස මිහිර මිතුරන් සමග බෙදාහදාගන්න දැන්ම පිවිසෙන්න
ඔතනින් පොටක් පෑදෙයි... :-)
ReplyDeleteඔව් ඔව් පොට පෑදෙයි වගේ නොපිටට..
Deleteමදෑ වුන වැඩේ...
ReplyDeleteකියලා වැඩක් නෑ අක්කණ්ඩියේ..දැන් ඉතින් මැරෙන්නද
Deleteඊඊඊඊ !!! තරහේ බෑ අප්පා...
ReplyDeleteදැන් බලන් ගියාම මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්නේ... යකඩෝ, ජනරඟ සහෝ ! දිස්නකයව තනියෙන් ගේමට යවන්නැතුව සපෝටර් කෙනෙක් දීපන් මචං !!! අද නම් ඇත්තටම දුක්ඛ සහගතයි...!!!
අප්පා, ෆුට්බෝඩ් එකේ කකුල් පැටලිලා වැටෙන තරම් නෝන්ඩියක් තවත් නෑ මට නම්... පොඩි කාලේ අනන්තවත් වෙලා ඇති...!
බයවෙන්න එපා දිස්නක සහෝ... ආදරේ බලෙන් ගන්න බෑ... දෙන්නත් බෑ...! සැලෙන්න එපා, තව ට්‍රයි කරමු !!! ජයවේවා !!!
මම ඉතින් අනිවා සපෝට් එකක් දෙනවනේ..ඒත් වැඩි වාසි කාටද කියලා තේරෙනවනේ ඉතින්..ප්‍රශ්නේ ඕක තමයි..බලමුකෝ ඉතින් යනවිදියට වැඩේ වෙයිද කියලා
Deletemama ada 1st. disnaka ayya ohoma giyot nam jithmi dilupage wei wage.balamuko issarahata mokada wenne kiyala.......
ReplyDeleteමටත් පේන්නේ ඒ වගේ තමයි..ඔයාලගෙන් කිසිම සප් එකක් නෑනේ දිස්නක කොල්ලට
Deleteaiyo.....mama 1st nemei ne.mata issellan tawa kattiya awilla.mona karannada itin duka tama.wena dawasaka 1st wenna balamuko........neda ayya....
ReplyDeleteඅන්න ගේමට එන්ටර් වෙන්න තැන
ReplyDeleteගේමට එන්ටර් වී සමස්ත වශයෙන්ම ගාගෙන නා ඇත..නැත්නම් ඉල්ලන් චාටර් වී ඇත
Deleteඅනිවා ඔතන ඇඹරෙන්න ගිහින් දිලූපයා නාගන්නව අයේ එකේ හෝදන්න දෙයක් නෑ
ReplyDeleteඋඹ බය නැතිව ඉඳින් දිස්නකයො :P :P
මස්සිනා ඔය දිලූප ගැන හිතන් ඉන්න විදිය අන්තිම වැරදියි..මිනිහගේ වැඩ ඉස්සරහට බලාගන්නකෝ
Delete"හයියූ සල්ලි කිවුවලු.. මේ වගේ ගේමක් තනියම ගහලා බෑ දිස්නකයෝ.. පේනවනේ දිලූපයා.. ඔහොම ගියොත් කෙල්ලත් අපරාදේ, සල්ලිත් අපරාදේ.. "
ReplyDeleteසමිර මම උනානම් කියන්නේ ඔන්න ඔහොම දෙයක්... :)
ඒකනම් ඇත්ත දිනේෂ් සහෝදරයා..මොනවා කරන්නද ඉතින් ඇති හැකි පමණින් නේ කල යුත්තේ
Deleteමම ජිත්මිනම් වහාම නැගිටිනව......
ReplyDeleteවෙලාවට ඔයා ජිත්මි නොවුනේ..
Deleteදිස්නකයා ඔය කරන්න යන වැඩේට මම නම් පොඩ්ඩක් වත් කැමති නෑ... ඔට්ටුවක් නිසා... කෙල්ල පව්....
ReplyDeleteමමත් කැමති නෑ අනේ.ඒත් මම මොනවා කරන්නද යාළුවා
ReplyDeleteකොහොමහරි දිස්නකව ගොඩ දාන්න.ඔන්න මේ බ්ලොගිය බලලා අපිත් එකක් පටන් ගත්තා.පොඩ්ඩක් ඒ පැත්තෙත් අවිල්ල යන්නකෝ.
ReplyDeleteමෙන්න ලින්ක් එක.
http://blogdadayama.blogspot.com/
කමෙන්ට් එකේ ඇඩ් එකක් දැම්ම කියල තර වෙන්න එපා හොදේ.
බොහොම ස්තූතියි සහෝදරයා...කිසිම තරහක් නෑ..අපි මතින් තවත් නව තරු බිහිවේ නම් එයමැ අපටත් මහා තුට මේ මිහිමත..
Delete*තරහා.
ReplyDeleteහප්පටසිරි මම නම් කෙල්ලෝ ගැන ඔට්ටු අල්ලන්නේ නෑ නෑ නෑ මයි
ReplyDeleteකතාව නැගල යනවා, ඊළඟ එකත් දාන්නකෝ :)
පුබුදු සහෝදරයා සෑහෙන්න පරක්කුයි..කෙල්ලෝ ගැන ඔට්ටු අල්ලලා ඉවරනේ..දැන් ඉතින් වෙන දෙයක් බලමුකෝ
Deleteකෝ තාම 11 නෑනේ....
ReplyDeleteමම අදත් පරක්කුයි වගේ.. ඔහොම යංකෝ...
ReplyDeleteග්ර්ර්ර්ර් නෙක්ස්ට්
ReplyDelete