ජිත්මි කියන නම ඇහෙද්දිත් හිතේ විදුලි කොටන මට්ටමට මම එයාට ආදරේ කරන්න පටන් අරගෙන. ඒත් ඇස් ඉදිරිපිට ටිකෙන් ටික ඒ හීනේ ඈත් වෙලා යනවා, කරන්න කියලා තියෙන හැමදේම කරත් ඒ එක දේකින්වත් ප්‍රයෝජනයක් නැතිවෙලා යනවා.ඒ ඇස්දෙක, හිනාව අමතක කරන්නේ කොහොමද..රුපියල් ලක්ෂයක්නම් ආයෙත් මොනවාහරි කරලා හොයාගන්න පුළුවන් වෙයි..ඒත් ඒ වගේ කෙනෙක්..අනේ මන්දා හිත ගොඩක් අසරණවෙන ප්‍රශ්නයක්.
නෙත්මි අනිවාර්යයෙන්ම ජිත්මි එක්ක කතාකරන්න ඇති..ඒ කොහොම වුනත් ජිත්මි එක්ක කෙලින්ම කතාකරනවා කියලා මම තීරණය කරගෙන හිටියේ...තව සති දෙකකට වැඩිය කාලයක් නෑ ඔට්ටුව ඉවර වෙන්න..ඔට්ටුවත් එක්ක ආත්ම ගෞරවය, හිතේ සතුට විතරක් නෙවෙයි ආදරෙත් හේදිලා නැතිවෙලා යන්න කලින් කරන දෙයක් තමයි. අපරාදේ කියන්නේ සමීරත් හැමවෙලේම වචනයකින් හරි උදව් කරන්න හිටියා..ඒ හයියත් ගොඩක් වැදගත් දෙයක් වෙලා තිබුණා.
දවස් ගාණක් ගිහිල්ලත් නෙත්මි අල්ලගන්න බැරිවුණා මොකක්ද වුනේ කියලා දැනගන්න.දවසක් හවස නෙත්මි පන්ති ඉවරවෙලා එන වෙලාවක් බලලා ගේට්ටුව ගාව බලාගෙන හිටියා.
“මොකෝ චූටි පුතේ ගේට්ටුව මුර කරනවද..?“
නැන්දා බරපතල ප්‍රශ්නයක් ඇහුවා..ඒ සද්දෙට මම ගැස්සිලත් ගියා. මේ හිතකලබල වෙලා ඉන්න වෙලාවේ නැන්දත් බයිලා ගහනවනේ.
“නෑ නැන්දේ මේ...එහා ගෙදර පොඩි නංගි හම්බවෙන්න ඉන්නේ..“
“ඒ දරුව හම්බවෙලා දැන් අවුරුදු දහ අටකටත් ලඟයි මයෙ හිතේ...“
නැන්දා කින්ඩි හිනාවක් දාලා කියපු කතාවට පොලව පලාගෙන යන්න හිතුනා.අපේ නැන්දත් අවස්ථාව බලලා ගහන්නේ පොල්ලෙන් ගහන්න වගේ.
“නෑ අනේ...මම මේ එයාට පොතක් ගේන්න කිව්වා..මේ ඒක ඉල්ලගන්න ඉන්නවා..“
එහෙම කිව්වම නැන්දා යන්න ගියා. නැත්නම් නෙත්මිගෙන් කිසිම දෙයක් අහන්න බෑ නැන්දා මෙතන හිටිද්දි.
ටික වෙලාවක් යද්දි නෙත්මි එනවා පාරදිගේ ගමකට ගහන්න වගේ. කතා දෙකක් නෑ එන්නේ බජාර් එකේ කකුලක් එනවා වගේ..කාගේ ගතිගුණ පිහිටලාද මන්දන්නේ නෑ..මෙයා හම්බවෙන්න ඉන්න කාලේ අල්ලපු ගෙදර ඇන්ටි චක් නෝරිස්ගේ පිල්ම්ස් බැලුවද දන්නෑ දොල දුකට.
“ෂ්..ෂ්...නෙත්මි මැඩම්..“
මගේ සද්දෙත් එක්ක නෙත්මි හිනාවක් දාගෙන ආවා.
“ආ බොස්...මම දන්නවා මග රැකලා ඉන්නේ මගෙන් මොනවා අහන්නද කියලා..“
මේ කෙල්ල ඉතින් කොහොමත් අපේ හිතේ තියන ඒවා කියන්න හරි දක්ෂයි. මම ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ වෙච්ච දේ කියනකන්.
“දුක් සීන් එක තමයි මස්සිනා අයියා...වෙරි සොරි තමයි“
මගේ හිත එකපාරටම ගැස්සිලා ගියා.
“ඇයි නංගි..අක්කා මොකද කිව්වේ..“
නෙත්මි ඉණට අත්දෙක ගහගෙන මගේ දිහා බැලුවා.
“මොකුත් කිව්වනම් දුක නෑ හලෝ..මම ෂේප් එකේ ඔයා ගැන වචනේ දැම්මා විතරයි..මේකි එකපාරටම කිව්වනේ ...නංගි ඔය ගැන වචනයක්වත් කතා කරන්න එපා කියලා..එදා ඉදන් මෙයා මාත් එක්ක නෝ කතා නෝ සිනා..“
මාර වැඩේ තමයි දැන්. ගහන්න පුළුවන් අන්තිම තුරුම්පුවත් ගැහුවා. ඒකත් නිකම්ම පුස් වෙඩිල්ලක් බවට පත්වුනානේ. දැන් මොනවා කරන්නද..කරන්න කියලා කිසිම දෙයක් හිතට ආවේ නෑ.
“ඒකත් එහෙමද..එහෙනම් මොනවා කරන්නද..කමක් නෑ නංගි..ගොඩක් ස්තූතියි..“
මගේ කටහඬේ තිබුණු බිඳිච්ච ස්වරූපය නිසා නෙත්මිගේ විදියත් ටිකක් වෙනස්වුනා..එයා කතාකලේ මගේ හිත හැදෙන්න වගේ.
“ගණන් ගන්න එපා අයියේ..අපේ අක්කණ්ඩියේ මොඩ්ල් එක මටවත් හරියට තේරුම්ගන්න බෑ..මම කියන්නේ ඔයා කෙලින්ම කතාකරන්න දැන්...අවුලක් නෑනේ දැන්...“
“ඔව් නංගි...මම එයා එක්ක කතා කරනවා“
මම හිතින් එහෙම හිතාගත්තා. දැන් ඉතින් මේ කතාවේ අන්තිම කොටසට ඇවිත් කියලා මට තේරුණා. හැමදේටම තියෙන්නේ සති දෙකයි. මේ දවස් දාහතර ජීවිතේ අරුම පුදුම දවස් දහයක් වේවි කියලා මට දැනුනා.
* * * * * * *
“මචං මම කියන්නේ උඹ දැන් කෙලින්ම කතා කරලා මේකේ දෙකෙන් එකක් බේරගන්න එක හොඳයි...“
සමීර දේශනාව පටන් ගත්තේ ඊට පස්සේ දවසේ ඔෆීස් එකේදී. ඩීන් බ්‍රදර්ස් එක හෙල්ලිලා යන්න සමීර කතා කර ඒ වෙලාවේ.
“නැත්නම් මචං මේකේ ඉවරයක් නෑනේ...ඒකි අර අස්පයා එක්ක යාළුනම් ඉතිං දැන් කරන්න දෙයක් නෑ..ගිය හකුරට නාඩන්නේ කියලා ලක්ෂයක් කොහෙන්හරි හොයලා දෙමු..“
මගේ හිත කල්පනා කරේ හදිස්සියේ එහෙම ලක්ෂයක් දෙන්න වුනොත් කොහොමද දෙන්නේ කියලා. තියන තත්වෙත් එච්චරම හොඳ නෑ. අන්තිම බලාපොරොත්තුව වෙච්ච නෙත්මිගේ උදව්වත් එච්චර සාර්ථක වුනේ නෑ..දැන් ලක්ෂයක් හොයන්නේ කොහෙන්ද..බැංකු පොතේ රුපියල් හතලිස් දාහක් විතර ඇති අමාරුවෙන් එකතු කරපු ඒවලින් ගෙදර වැඩවලට වියදම් කරලා ඉතුරුවුණු..ඉතුරු ටික ණයක්වත් ගන්න වෙනවා..මොනවා කරන්නද
“ලක්ෂයක් කොහෙන්හරි හොයන්න බැරිද බං..ඒත් දැන් ජිත්මි අමතක කරන්න බැරි විදියට මගේ හිතට ඇවිත්...මම ඒකිට ආදරෙයි බං...“
සමීර මේසෙන් බැහැලා මගේ ඉස්සරහට ඇවිත් අත්පුඩියක් ගැහුවා.
“හා එපාර උඹ රොමැන්ටික් සීන් එකකට බැස්සද...ලක්ෂයක් දන් දෙන්න යනවා මදිවට ඒ යෝදි මත්තෙම නැහෙන්නද හදන්නේ..අනේ බං..“
“නෑ...බං මම සිරාවට කියන්නේ..දැන් මේ ඔට්ටුව දිනන එකෙන් මට ලක්ෂෙ වැඩක් නෑ..මට ජිත්මි ඕන..එච්චරයි..“
මගේ වචන ස්ථීරයි කියලා තේරුණාම සමීර ටිකක් කල්පනා කරන්න ග ත්තා.
“හරි..එහෙනම් උඹට ඒකි එක්ක කතාකරලා අවසන් තීරණේකට එන්න වෙනවා..පස්සට කල්දාන්න එපා බ ං...උඹේ හිතේ තියන දේවල් කියපං ඒකිට කෙලින්ම..ඒක තමයි දැන් කරන්න තියන එකම දේ..“
“ඔව් බන් මට තේරෙනවා..දැන් වැඩි කාලයක් නැති නිසා ඉක්මණ් වෙන එක හොඳයි..“
එදාම හවස මමයි සමීරයි ස්ටෑන්ඩ් එකේ හිටිද්දි ජිත්මිත් ආවා බස් එකේ. මම ඒ බස් එකේම යන්න නැග්ගම සමීර මට කොනිත්තලා කිව්වා
“මචං..බැහැලා යන ගමන් කතා කරලා වචනේ දාපන්...“
මම ඔලුව වනලා ඉස්සරහට ගියා බස් එකේ. ජිත්මි මාව දැක්කත් නොදැක්කා වගේ හිටියා.පහු ගිය ටිකේ දැක්කම ලස්සනට හිනාවුණු කෙල්ල දැන් මෙහෙම කරන්නේ මම මොන වරදක් කරාටද කියලා මට තේරුනේ නෑ..ආදරේ කරන එක වරදක්ද? ඔට්ටුවකට ආදරේ කරන එක වරදක් වෙන්න ඇති ඒත් මම ජිත්මිට ආදරේ කරන්නේ ඇත්තටම..ඒක නිසා ඒක වරදක් නෙවෙයි කියලා මගේ හිත දන්නවා.
මම හිත තදකරගෙන බස් එකේ හිටියා. පුබුදු මාවත ගාවින් බැහැලා ජිත්මි ඉක්මණින් පාර දිගේ යන්න ගත්තා..මම අඩිය ඉක්මණ් කරලා ජිත්මිගේ පස්සෙන් ගිහින් කතා කරා.
“නංගි...චුට්ටක් ඉන්න...“
තමන්ට කතාකරනවා ඇහුණ ගමන් ජිත්මිගේ ගමන් වේගේ අඩුවෙලා පිටිපස්ස බැලුවා..හිනාවෙන්න පුළුවන් තත්වෙක මම නොහිටියත් මම හිතේ හයිය නිසාම හිනාවුණා..ඒත් ජිත්මි හිනාවුනේ නෑ
“මට නංගිට කියන්න දෙයක් තියනවා..“
ඒත් ජිත්මි කරේ ගමන නතර නොකර ගේ පැත්තට යන එක. අපි ඒ හිටපු තැන ඉඳලා ගෙදරට මීටර් තුන්සීයක්වත් තිබුණේ නෑ..ඒත් ජිත්මි ඇවිද්දේ හෙමින්..ඒ කියන්නේ මම කියන දේ අහන්න සූදානමින්..මම යනගමන් එයාට කතා කලා
“නංගි...ඔයා හොඳටම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා...ඒ දේ කියන්න මෙච්චර පරක්කු වුනේ ගොඩක් දේවල් මගෙයි ඔයාගෙයි අතරමැද තිබුණ නිසා..ඒත් මම අද ඒ හැමදේම අමතක කරලා ඔයාට මේක කියන්න ආවේ..නංගි මම ඔයාට ගොඩක් ආදරෙයි..“
මම එහෙම කියද්දි ජිත්මිගේ ගමන එකපාරටම නැවතුනා..ඒත් එයා මගේ දිහාවත් බැලුවේ නෑ..ඒක මට දරාගන්න බැරිවුනා..එයා වචනයක්වත් කිව්වනම්..අඩුම ගානේ බැන්නවත් නම් හිත හදාගන්න තිබුණා.ඒත් එහෙම තත්පරයක් නැවතුන එයා බිම බලාගෙන බෑග් එකත් තුරුල් කරන් ටිකක් ගමන්වේගේ වැඩි කරලා යන්න ග ත්තා..හිතේ තියන දේවල් කියන්න වැඩි වෙලාවක් නෑ කියලා දැනුන නිසා මම ඉතුරු ටිකත් කිව්වා.
“මම ඔයාට ආදරේ කරන්නේ ගොඩක් හිතලා...මම හිතනවා ඔයාට මාව තේරෙනවා ඇති කියලා..නංගි ඔයා මට අකමැතිනම් දෙයියනේ ඒක මගේ මූණට කියන්න..මම කොහොමහරි හිත හදාගන්නම්..ඒත් මොකුත් නොකියා ඉන්න එපා..ඒක මගේ හිතට ලොකු බරක්...“
මම එහෙම කිව්ව විතරයි ජිත්මි නැවතිලා එක සැරයක් හැරිලා මගේ මූණ දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ පුදුමයක්ද, අකමැත්තක්ද, අසරණකමක්ද කියලා මට තේරුණේ නෑ..මම ආයාචනාත්මක ඇස් දෙකකින් ජිත්මි දිහා බලන් හිටියා..
ජිත්මි හැරිලා ගේ පැත්තට දුවගෙන වගේ ගියා..
“නංගි..අමතක කරන්න එපා..මම ඔයාට ආදරෙයි කියලා..“
ඒ වචන ටික ජිත්මිට ඇහුණද දන්නෑ..ඒත් මගේ හිතට හොඳටම ඇහුණා
අනේ බං අයියේ හොදම තැනින් නවත්තල නේ :( :(
ReplyDeleteඑහෙම තමයි හොට් සීන් එකකින් නැවැත්තුවම කුතුහලය වැඩියි
Deleteසිකුරාදා වෙන කමි ඉවසිල්ලක් නෑ දැන් හොඳ හොඳ සෙල්ලමි එලිවෙන ජාමෙට
ReplyDeleteටිකක් ඉවසමුකෝ මස්සිනා ඉතින්..වැඩි දවසක් නෑනේ..කොහොම වුනත් කතාවේ අන්තිම ටික තමයි දැන්
Deleteබඩුම තමා....එල එල ඔහොම යන්.....
ReplyDeleteස්තූතියි මිත්රයා
Deleteහප්පට සිරි.. ඔය කිව්වෙ මූනටම... මට කිව්වා වගේ මුටත් කියයිද දන්නෑ අයියෙ මට තව ටිකක් කල් දෙන්න කියලා..
ReplyDeleteඒ උඹට එහෙම කිව්වද..තව කී දෙනෙක්ගෙන් ඒක කල් ඉල්ලගෙනද දන්නේ නෑ
Deleteඑල එල.. ඔය කොහොමහරි කියල තියෙන්නෙ..
ReplyDeleteදැන් ඉතින් කොච්චර කල් බලන් ඉන්න වෙයිද දන්නෙ නෑ ප්‍රතිචාරයක් ලබෙනකම් :)
ආදරේ ප්‍රතාචාර හරි හෙමින් අනේ..ඩයල් අප් කනෙක්ෂන් එකක් වගේ
Deleteඅනේ දෙයියනේ හුස්ම.......
ReplyDeleteමොකද වුනේ සහෝදරී
Deleteඒකත් සමයං බගවා......!!!!!
ReplyDeleteසාවත්තියං විහරති ජේතවනේ..අනාථ පිණ්ඩිකස්ස ආරාමේ
Deleteඇති යාන්තන් ඔහොම හරි වැඩේට බැස්ස නැත්නම් සොරිම තමා දැන් ඉතින් දෙකෙන් එකක් වෙයිනෙ ...
ReplyDeleteසිරාවට..තව තව පහුවුණොත් කොහු කොහු තමයි
Deleteසති දෙකක් හොදටම ඇති.. මාත් ට්‍රයි කලේ සති දෙකයි.. :)
ReplyDeleteකෙලින්ම කිවුවනේ.. වෙන දෙයක් වෙයි.. වෙන දෙයක් කියන්නේ ඉතින් කැමති වෙයි..
ඔය කියන්නේ පරණ ඒවා..අනේ බං දිනේෂ් අයියේ අමතක කරලා දාමු ඕවා
Deleteනෑ නෑ මලයා.. මම කිවුවේ මේ අළුත් එක ගැන... :)
Deleteමට හිතෙනවා දිලීප කාරයා බලු වැඩකිනුයි ජිත්මිට ලං වෙන්න පොට හදාගත්තෙ කියලා,
ReplyDeleteබලමු මොකද වෙන්නේ කියල? ? ? :)
දිලූපයා හිතනවට වඩා වැඩකාරයෙක් හරිද
Deletejana ayyata iye wennatine neda saduda wela tiyenne.....heta damme nathtanne itiri kotasa,anith kanath haiyen konithtanawa hode.....(mata goda.......riyak thla gihin hode tinnne. :)) dan itin ona deyak unawe kiyala balagena inna tama wenne neda jana ayya........
ReplyDeleteචුට්ටිත්තක් පරක්කු වුනා තමයි අනේ...ඔච්චල තලහා ගන්න එපා ඒකට..මගේ අහිංසක කණ පව්නේ..
Deleteහපොයි කොලුවෝ :((
ReplyDeleteමගේ පපුවට කුළුගේඩියකින් ගැහුවා වගේ :/
ඊළඟ කොටස දානකන් බලාගෙන ඉන්නවා
එච්චර සැර දෙයක් වුනාද?
Deleteඅයියෝ... ඊලඟ කතාව ඉක්මනට දාන්ඩෝ....
ReplyDeleteඅද එනවා... ආයෙමත් ආදරෙන්, අවසාන කොටස...
ReplyDeleteඉක්මනට දාපන් ජනා සහෝ... පහුගිය කොටස් ටික මිස් වුනා... අදයි කියෙව්වේ... ජය !!!
Sure.
ReplyDeleteDilupaya ekiwa dagena.
ෂා.. මරු මරු..
ReplyDeleteගොඩක් එවුන්ට ඕක බෑ එක එකා අතේ ආදරේ විමසන්න යවනවා :3 අහපල්ලකෝ කෙලිනම් කොල්ලෝ නෙව.. බලමු ඊලඟ කෑල්ල
ReplyDelete