Jun 25, 2010

දළදා වීදියේ දෙපසට යනෙන සඳ..පෙර අප සැරිසැරූ මතකය හඬනවද...


නුවර වැව රවුම වටේ ඇවිදගෙන යන හැම මොහොතකම මතකෙට එන්නේ එකම එක හිනාවයි. ඒ එදා අපි දෙන්න මේ පාරේම ඇවිදගෙන යනකොට මම කියපු දේවල්වලට අහිංසක විදියට හිනාවුණා ඔයාගේ රත්තරන් හිනාවයි. වැව රවුම ගොඩවෙලා විනාසවෙලා ගියත්..දළදා වීදීය යටවෙලා ගියත් මට ඒ කිසිම දෙයක් ජීවත් වෙනකම් අමතක වෙන්නේ නෑ.අන්තිමට ඉතුරුවුනෙත් ඒ සුන්දර මතක ටික විතරමයි. හැමදාටම එකට ඉන්නවා කියල ඔලුවේ ඇත තියල පොරොන්දු වෙච්ච ඔය අද නොදන්නා පලාතක ජීවිතේට හිතපු නැති කෙනෙක් ළඟ. මේ නුවර ටවුන් එක තාමත් දන්නේ නැතුව ඇති ඒ ඇයි කියලා. අඩුමගනනේ මටවත් හිතාගන්න බැරිවුනකොට. හැමදාම හවසට අපි ඇවිදගෙන ගියපු මේ දළදා වීදියේ අද දහස් ගණන් දෙනා ඇවිදගෙන යනවා එත් අපේ මතක් මේ පාරේ වැළලිලා ගිහින් වගේ..

ජීවිතේ ඔහොම තමයි කියලා හිත හදාගෙන ඉන්නවා මිසක් වෙන කරන්න දෙයක් කියල නෑ. දළදා හාමුදුරුවෝ වැඩඉන්න මේ පින්බිමට ආපු හැම දවසෙම ඒ රත්තරන් ඇස්දෙක දිහා බලලා ප්‍රර්ථනා කලේ එකම දෙයයි. ඒ කවදාහරි අපි දෙන්නට හැමදාටම සතුටින් ඉන්න එකතුවෙන්න ලැබෙන්න කියලා, අනේ හිතාගන්න බැරිවිදියට ඒ පැතුම උඩු හුළගේ ගහගෙන ගිහිල්ලා, අදටත් මම මේ දළදා වීදියේ පුරුදු විදියට ඇවිදිනවා, මගේ මතකත් තුරුල් කරන්..එත් ඉස්සරවගේ සතුටින්නම් නෙවෙයි..ළඟම තුරුල්වෙලා හිටපු ඔයා නැතිව දළදා වීදියේ මොන සතුටක්ද..

කවදාහරි ඔයත් දළදා විදියට ආපු දවසට මට වගේම දුකක් දැනේවි..ඒ තාමත් ඔයාගේ මතකේ මම ඉන්නවනම් විතරයි..එත් අද මගේ එකම ප්‍රාර්ථනය ඔයාට එහෙමවත් පුංචි හරි දුකක් දැනෙන්න එපා කියලයි..


සදා නොවෙනස් - නෙත්සර...

11 comments:

  1. කඳුලක දුකක සුසුමක උණුසුම මිසක
    තුරුලක රැකවරණ යලි නොපැතූ සිතක
    බොඳවුන සිත්තමක රැඳි සුන්දර මතක
    සැමදා රැඳීයන් හසරැල්ලක කොනක

    ReplyDelete
  2. මට මේ වගේ අත්දැකීමක් නැතත් නියමෙට ලියල තියනව...සිංදුව නම් එලම කිරි......

    ReplyDelete
  3. හිතට පාලුවක් දැනුනා...

    ReplyDelete
  4. අත්දැකීමක් නොවුනත් අනන්තවත් මේ දේ විඳපු දහස් ගණනක් ඇති

    ReplyDelete
  5. ලෝකෙ ඇතිවීම නැතිවීම ස්වාභාවිකයි පැවතීම අස්වාභාවිකයි??

    ReplyDelete
  6. මේ පොස්ට් එක කියවදි මගේ ඇග රත්වෙලායන්වා...එක හෙතුතියන්වා.ඔයා ඔය විදින දුකම මම්ත් විදින එක.....වැවරවුම...දළදාවිදිය....රෙල්පාර මේවා දකිනකොට ඉවසගන්න අමාරූනත්.....ඒ හැමදේම අතිතයට එක්වෙලා ඉවරයි....ජිවිතේ කියන්නෙ මේකට....

    ReplyDelete
  7. ඔහොම තමයි ඉලන්දාරියා ජීවිතේ දුක සතුට කියන්නේ එක කාසියක දෙපැත්ත වගේ..කාලෙකට සතුටින් විඳපු දෙයක් කාලෙකදී දුකක් වෙනවා

    ReplyDelete
  8. මේක කියවද්දි මට ඈඩුනා.ලස්සනට ලියට තියෙනවා.

    ReplyDelete
  9. @හිම හංසි - ඔව් නංගි ඇත්තටම හිතට දැනෙන සිදුවීමක්..ඔයාට ඇඬෙන්න හේතුව මේක ඔයාගේ ජීවිතේටත් ගොඩක් ලග නිසයි

    ReplyDelete
  10. ඒත් මම කවදාවත් මෙහම දළදා විදියෙ ඈවිදල නෑ.සමහර විට මාත් අහිමි ආදරයක් නිසා දුක් වෙන නිසා වෙන්න ඈති මට ඈඩුනේ.

    ReplyDelete
  11. මමත් දළදා වීදියේ ඇවිදලා තියෙන්නේ ගෙදර අයත් එක්ක විතරයි නංගා..මට මේක එහෙම ඇවිදින වෙලාවක දැනුනු දෙයක්..ඔයාට ඒක දැනෙන්න ඇති..ඒත් ගණන් ගන්න එපා එච්චරම

    ReplyDelete