Dec 31, 2011

2012 න් ඔබ්බට...නව ලොවකට විරිත්තන ගෝත්‍රික සමාජයක සිට


2011 වර්ෂය අවසන් වෙලා දැන් 2012 නව වසරට පියවර තබමින් ඉන්න මොහොතකයි අපි ඉන්නේ. දැන් සිටම ඔබගේ දුරකතනයට, විද්‍යුත් තැපැල් ලිපිනයට, මුහුණු පොතේ තැපැල් පෙට්ටියට මිටිගණන් සුබ පැතුම් පැමිණ විවිධ වැකි වලින් ඔබව ආමන්ත්‍රණය කරනවා ඇති. ඒ අතරින් ඔබ කීයක් කියවනවාද, කීයකට පිළිතුරු සපයනවාද සහ කීයක් පිළිපදිනවාද යන්න ඔබම සිතා අවබෝධකරගත යුත්තක්.

මායාවරුන්ගේ පුරාතන දින දර්ශනය 2012 වර්ෂයේ අගභාගයත් සමග අවසන් වීමත් එක්ක ලෝකවාසි ජනතාව අතර මතයක් ගොඩනැගුණා ඔවුන් එයින් පුරෝකථනය කර තිබුණේ ලෝකයේ අවසානය එම වර්ෂයෙන් සිදුවන බව. නමුත් විවිධ තර්ක ප්‍රතිතර්ක අතරේ තවමත් නොඑළඹුනු 2012 වර්ෂය දෙස නෙත් අයාන බලා සිටිනවා. ලෝකය විනාශ වීම එක්වර සිදු නොවන්නක් බවත් එය ක්‍රමක්‍රමයෙන් ජනතා ක්‍රියාකලාප, හැසිරීම් හා තවත් සාධක ගණනාවක් අනුව සිදුවන්නක් බව සිතාගත යුතුය. එබැවින් 2012 පිළිබඳ ඒ අදහසින් නොබලනවානම් වඩාත් හොඳය.


“කොතරම් සුබ පැතුම් ආවත් ඒ පැතුම් වලින් පමණක් වසර සුබ නොවේ..වසර සුබ වීමට නම් ජනවාරි පලමු දින සිට වැඩ කිරීමම පමණක් සෑහේ“ එයද සිහිතබාගැනීම වඩාත් වටී.

අද 31 රෑ සුබ නව වසර සාදවල සිට බඹර මතින් හෝ කකුල් කඩෙත්තුව හැදෙනතුරු නටා ගයා ගොස් ජනවාරි පලමු දිනම මුස්පේත්තු අයුරින් අරඹනවාට වඩා යහපත් හා උද්යෝගීමත් පැතුම් සමගින් එළඹෙන වසර සුබ වීමට හෙට සිටම වැඩ කරනවානම් 2012 ඔබට සුබ වීම වලක්වන්නට කාටවත් බැරිය.

ග්‍රෝතික සමාජයක දෘශ්ටි කෝණයෙන් නොබලා විවෘත දෑසින් නූතන ලෝකය දෙස බලා පොලවේ පය ගසා ජීවත් වෙන්නට ඉටාගන්න නව වසරක් වේ නම් එය නියම 2012 වනු ඇත..ඒ සඳහා දිරි සවි ලැබේවා !

10 comments:

  1. හැම පැතුමක්ක ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා:)

    අදහස් වලට සපුරා එකඟයි :)

    ReplyDelete
  2. එසේම වේවා සහෝදරයා..අලුත් විදියකට හිතමු අවුරුද්ද ගැන

    ReplyDelete
  3. 2013 ටත් අපිට මේ වගේම සුභ පතන්න පුළුවන් යාළුවා.. ඒක මට විශ්වාසයි..

    ඔබටත් සුභම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  4. සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  5. අනිවා, ඔක්කොම ඇත්ත... 31 night සංස්කෘතියේ මමත් නෑ. අනෙක මේක අපේ අළුත් අවුරුද්ද නෙවෙයිනේ. මොකටද ඔච්චර ඔළුවට ගන්නේ ?

    මේ තාම ඇහැරගෙන 12 ට කිරි උතුරුවන්න !

    ලබන්නාවූ 2012 වසර ඉටු නොවූ පැතුම් මල් ඵල ගැන්වෙන සාර්ථක වසරක් වේවා !!!

    ReplyDelete
  6. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  7. @ දිනේෂ් - අනිවාර්යයෙන් සහෝදරයා.එහෙම ඉක්මණට අවසන් වෙන්න තරම් මේ ලෝකේ දුර්වල නෑ..

    @ මධුරංග - සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්

    ReplyDelete
  8. @චතුරංග පෙරේරා - අපි අපේ රටට උචිත විදියට, අපි කව්ද? කොහෙන්ද ආවේ? කොතනටද යන්නේ? කියන එක අවබෝධ කරගෙන ක්‍රියා කරනවානම් ඒක තමයි ලොකුම දේ..මම දන්නවා චතුරංග සහෝදරයා ඒවා ඉහලින්ම අගය කරන කෙනෙක් කියලා..ඔබටත් සුබ අළුත් අවුරුද්දක් හැමදේම හිතු ලෙසම ඉටුවන

    @ඔබ නොදුටු ලොවක් - ඔබ මෙතෙක් නොදුටු ලොවක් දකින නව සුබ වසරක් වේවා!

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි...

    ReplyDelete
  10. එසේම වේවා අක්කණ්ඩි

    ReplyDelete