Sep 9, 2013

පන්සලේ භූත ගුහාවේ යකාට වුණු අකරතැබ්බ


ලියන්න යන්නේ අද අපේ අහල පහල වුණ සිද්ධියක්. අහල පහල දේවල් ලියන්න ගියාට මොකද දැන් සෑහෙන්න අවදානමක් තියනවා ඒකෙත්. මොකද පොඩ්ඩක් හරි ගැස්සුණෙත් ගමට බැහැලා ඉවරයි. ඒක තේරුණේ පහුගිය දවසක ගමට බැස්සම ගමේ ගොඩක් අය මගේ බ්ලොග් රාජයා පුරුද්දක් වශයෙන් කියවන බව. 

   වැඩිය ඕන නෑ ගිය සතියේ හංදියේ කඩේට ගියපු වෙලාවේ කඩේ අංකල් කාරයා කියනවා.."අහා පුතා...ඔයා අර ඉන්ටර්නෙට් එකට ලියන ඒවා හරි ෂෝක්නේ..මම කියෙව්වා අර මැජික් කරන සිද්ධිය ( ප්‍රශ්න තුනක් අසා හිතේ රහස් එලියට ගන්නා අපූරු ක්‍රමය)  ක මරුනේ..කව්ද අප්පා ඒ යාළුවා..ඒ විතරක්නම් මදැයි තව ගමේ ඉන්න ආන්ටි කෙනෙක් කියනවා හංඳියෙදි මුණගැහිලා...පුතා අර ඉන්ටර්නෙට් එකේ ලියන ආටිකල් අපේ දුව කියවනවා..මටත් පෙන්නුවා පහුගිය දවසක..හොඳට ලියනවනේ පුතා..අර දයාසිරිගේ ලිපිය (දයාබර දයාසිරි එන්න මල් පිපීදැයි බලන්න) බොහොම හොඳයි..
 
ඔන්න ඕක නිසා ගමේ ඒවා ලියන්න වෙන්නේ පරිස්සමින් තමයි.. කොහොම වුනත් මේ සිද්ධිය වෙන්නේ අපේ අහල පහල පන්සලක. ගමේ නව යොවුන් තරුණයේ ටික පොසොන් වලට පන්සලේ භූත ගුහාවක් හදන්න සූදානම් කලාලු. දන්නවනේ භූත ගුහාවක් කියන්නේ ගුහාවක් හදලා ඇතුලේ හොල්මන් කරන්න කට්ටිය සෙට් කරන එක. ඉතින් වැඩේ නැගලා යනවා. මීටර් තුන්සීයකටත් වැඩි දිග තියන ගුහාවේ ඇතුලේ එක එක හොල්මන් වැඩ තියනවා. ඇතුල් වෙද්දිම නයෙක් ඇස් දෙක  රතුපාට පත්තු වෙන. ඊළඟට සොහොන් පිට්ටෙනියක්..මල මිනී නැගිටලා එනවා මස් හැලි හැලි..ඔය වගේ ගොඩක් ඒවා අස්සේ ඇතුලේ ශබ්ද ප්‍රයෝග එහෙමත් දාලා බොහොම බය ඇතිවෙන විදියට හදලා තිබුණා.


   ගමේ පන්සලේ නිතර උදව් කරන්න එන පොඩ්ඩක් විතර සාමාන්‍ය  ප්‍රමාණයට මනස වර්ධනය වෙලා නැති කොලුවෙක් ඉන්නවා. මෙයාගේ නම අපි සේපාල කියලා කියමුකෝ. සේපාල පංසලේම ඉන්න නිසා භූත ගුහාව හදන කොල්ලන්ට සෑහෙන්න උදව් කලා. කොහොම හරි ලොකු හාමුදුරුවන්ගේ අනුමැතිය සහ මැදිහත්වීම මැද වැඩේ නැගලා යනවා. පොසොන් දවසට කලින් දවසේ භූත ගුහාව හදන කණ්ඩායම දැන් චරිත තෝරණවා..ඒකෙදි  සලකා බලනවා උස මහත කටේ සද්දේ...ඉතින් හොල්මන් තෝර තෝර එක එක චරිත බාර දෙනවා..ඔය අතරේ සේපාලත් ඇවිත් තමන්ටත් මොකක් හරි චරිතයක් දෙන්න කියලා ඇවටිලි කලා. ගොඩක් උදව්කරපු නිසා සේපාලට දුන්නා තනි යකෙක්ගේ චරිතයක්.

   පොසොන් දවසේ රෑ වෙන්න චරිත සේරම සූදානම්. සේපාලත් ඉන්නවා කලුපාට ඇඳුමක් ඇඳලා තඩි බඩක් එක්ක, මූණේ සුදූ පාට ගාලා කොණ්ඩයක් දාලා නියම යකෙක් වගේ. දැන් නිසි විදියට යක්කු ස්ථානගත කරලා වැඩේ පටන් ගත්තා. කොහොමහරි ගොඩක් සෙනග බලන්නත් එනවා..රෑ නවය දහය වෙද්දි සංවිධායක මණ්ඩලයට එක එක පැමිණිලි එන්න ගත්තා..ඒ භූත ගුහාව බලන්න ඇතුලට යන තරුණ ගෑණු ලමයින්ගෙන් සහ කාන්තාවන්ගෙන්. පැමිණිලි තමයි භූත ගුහාව ඇතුලෙත් එක කුපාඩි යකෙක් බයවෙලා ඉන්න කාන්තා පාර්ශවය අතරට පැනලා බදාගෙන එක එක ඒවා මිරිකනවා කියලා. එන්න එන්නම පැමිණිලි වැඩිවුණා. හැබැයි පිරිමි උදවියට කිසිම ප්‍රශ්නයක් නෑ. කාන්තාවන්ගේ පැමිණිලි වැඩිවෙද්දි වැඩියෙන්ම පැමිණිලි කලේ තරුණ ගෑණු ළමයි. කොහොමහරි මේ පැමිණිලි ගෑණු දරුවන්ගේ තාත්තාලාගේ කණට  ගියාම සරම් උස්සගෙන කට්ටිය ආවා භූත ගුහාව ලඟට. 

  සංවිධායක මණ්ඩලය හොල්මන් වුණා ඒ පාර. කොහොමහරි හාමුදුරුවෝ වැඩේ සමථයකට පත්කරන්න ඉදිරිපත් වුණා. හාමුදුරුවෝ කළුවරේම ඇතුලට යන්න කලින් පැමිණිලි කරපු අයගෙන් හරියටම තැන අහගත්තා. සියළු පැමණිලි එන්නේ එකම තැනකින්. ඒ සේපාල තනි යකා ඉන්න ඉසව්වෙන් තමයි. හාමුදුරුවෝ කළුවරේම අදාල තැනට ගියා. සේපාල හැංඟිලා හිටියා. කළුවරේම දැක්කේ දුඹුරුපාට සාරියක් වගේ එකක් ඇඳගෙන එන තඩි ගෑණු කෙනෙක් යකා කෑගහගෙන ගෑණු කෙනා ලඟට පැනලා අනිත් ගෑණු දරුවන්ට දාපු කුපාඩි යකාගේ පාට් එක දාන්න ගත්තා..

"සේපාල..සේපාල...ඔය මිරිකන එක නවත්තනවා...මම ලොකු හාමුදුරුවෝ..."

ලොකු හාමුදුරුවන්ගේ සිවුර සාරියක් වගේ දැකලා පැනලා පිස්සු නැටුව යකාට ලොකු හාමුදුරුවන්ගේ ගෝරනාඩු හඬ ඇහුණම මයිල් කෙලින් වුනා..යකාට ඉබේටම කෑගැහුණා..ඒ  මදිවට තඩි හූවක් තියාගෙන භූත ගුහාවේ බිත්තියට ගහලා තිබුණු ඉටිකොලත් ඉරාගෙන යකා පැනලා දිව්වා.

   හාමුදුරුවෝ භූත ගුහාවෙන් එලියට ආවේ ඒ ප්‍රශ්නේ දැන් ඉවරයි කියාගෙන. ඉතින් තනි යකා නැතුව භූත ගුහාවේ වැඩ හොඳට කෙරීගෙන ගියා. එතනින් පස්සේ පැමිණිලි ආවේ නෑ. වැඩේ එතනින් ඉවරයි කියලා හිතුවට ඉවර වුනේ නෑ. 

  පස්සේ දවසේ උදේ ගමේ යකදුරාට වැඩ තොගයයි. ගමේ ගෑණු උදවිය තිහක් හතලිහක් විතර බයවෙලා නූල් බඳින්න වෙලා..ගෑණු උදවිය මදිවට පිරිමි අයත් ඉන්නවා බයවෙලා. බලාගෙන යද්දි භූතගුහාවේ ඉටිකොල් ඉරාගෙන පැනාලා දුවපු මදන යකා තමන්ගේ ගෙදර ගිහින් තියෙන්නේ ගම මැද්දේ ගෙවල් අතරින්..ඒ ගෙවල්වල හිටපු ගෑණු උදවිය හොඳ එකෙන් බයවෙලා මේ තනි තඩි යකාට. බය නොවී තියේවිද බඩ තඩි කළු මිනිහෙක් මූණ සුදුම සුදු අඩියක විතර දිවකුත් එක්ක තමන්ගේ ගේ ලඟින් යද්දි. වැඩිය ඕන නෑ මදන යකාගේ පුංචි අම්මත් බයවෙලා. පන්සලේ ඉඳලා ගෙදර දුවලා හති දදා ගෙදර පිලිකන්නේ ඉන්න යකා දැකලා යකාගේ පුංචි අම්මට කලන්තේ දාලා.

6 comments:

  1. සේපාලය ඊට පස්සේ පන්සල පැත්තෙ ආවෙ නැතුවැති!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. මෙතන සවුත්තු වෙන්නේ නැත්නම් මන් දන්නවා උබට කියන්න ඕන එක, දුලා බැරිනම් උබ උලා ගනින් තුප්පහි වැඩ නොකර,

      Delete
  2. කොහොමද අප්ප අරූගෙ මනස වර්ධනේ වෙලා නෑ කියන්නෙ.. ඌනෙ ඔතන බුද්ධිමත්ම වැඩේ කරල තියෙන්නෙ :P

    ReplyDelete
  3. ඔයවගෙ වෑඩ ඔවයෙ හරියට වෙනව නෙද

    ReplyDelete
  4. මේකට සේපාල දමනය කිරීම කිව්වා නම් හරි!!

    ReplyDelete
  5. //ගමේ ගොඩක් අය මගේ බ්ලොග් රාජයා පුරුද්දක් වශයෙන් කියවන බව//

    චික් දන්න කියන එකෙක්වත් මගේ එක බලන් නැනේ

    ReplyDelete