මෙය කවි පොතකි. සත්‍ය ලෙසින්ම කවි එකතුවකි. කොස්කොලය යනු අලංකාර ශාක පත්‍රයක් නොවෙයි. එසේනම් කොස්කොලාලංකාරය යනු කුමක්ද. එය හුදෙක් මේ සිරිලක් බිමේ සිදුවූ එක් රසමුසු පුවතක් අලලා කල සාහිත්‍යමය නිර්මාණයකි.
මෙය අඩු කාලයක් වැය කොට කරන ලද නිර්මාණයකි. එසේම ලිහිල් බසින් හා සරල විරිතකින් කරන ලද නිර්මාණයකි. එබැවින් ඕනෑම සිංහල පරිශීලකයෙක්ට කියවා තේරුම්ගත හැකි මට්ටමින් මෙය ලියා ඇත. එසේම කවි 47 කින් සමන්විත මෙම “කොස්කොලාලංකාරය“ කෘතියේ ඊ-පුස්තකය(E-book) මෙම ලිපියේ පහලින් බාගත කරගත හැකිවේ. මෙය කියවා මිතුරන් අතරේ හුවමාරු කරගත හැකි හාස්‍ය උත්පාදක මෙන්ම සමාජ ආදර්ශ සපයන නිර්මාණයක් බව කිව යුතුය. එසේම මෙහි එන චරිත සැබෑවට මැවුනත් එය පද්‍යයේ රසයට බාධාවක් නොකරගෙන රසවිඳින ලෙස ඉල්ලා සිටිමි.
මෙහි කතාව ගෙතී ඇත්තේ එකම ගතිගුණ ඇති පුරසාරම්හි සමත් මිතුරන් දෙදෙනෙක් එක් මිතුරෙක්ට පෙම්වතියක් සොයාදීමට දරණ ප්‍රයත්නයක් සම්බන්ධවය. කියවා රසවිඳින්නට ඔබට ඇරයුම්...
කොස්කොලාලංකාරය ඇරඹුම
සැරද මුණි ගුණ සිතදිනු සියංකාරය
වයන ගුණ හිමි සඳ නමස්කාරය
පැරද මරු බල දිනු භයංකාරය
කියමි අද මෙහි කොස්කොලාංකාරය
ලොව්සත සැමට ධම්පදයෙහි රුත පෙන්වා
මරසෙන් නසා බෝමැඩ හිඳ නද දන්වා
ලොවසත දිනිය හැකි අගඵල නිවනට වෙම්වා
තිලොවග තිලක හිමි නමදිමි සිත නම්වා
පරපණ නසන සිත අතහැර යමි නංවා
අන්සතු යමක් ගැනුමට සොර සිත නොයවා
අදමිටු කම්සැපේ ඵල සිත මත රඳවා
බොදු ගති ගුණෙන් සිය සිත මල් පුබු දම්වා
වලකින් අටින් හිස් බස් සිත සැනෙන් යවා
මත් පැන පිලිකුලෙන් නෙත් මානෙට නොයවා
සැම සිත දිනන පස් සිල් රැකි සඳක් හුවා
ලොවහට ඔවා දෙමු බැතියෙන් දෙදණ නවා
අප මහ තිලෝගුරු හිමි වැඩි බිම
ධම්සක් හඬින් රැව්දුන් හෙල සිංහ බිම
පෙරදිග සිඳු ගැබේ දිදුලන මුතුව එම
සුරකිමි පණ ලෙසින් අප සතු එකම බිම
කලක එක් විපරිත සමයක
හෙල බිමෙහි එක් යුගයක
සිදුවු පුවතක් සිරස් කොට එක
ලියමි කව් පද රසින් අගයක
සිරිලක් බිමෙහි එක දෙසක
ඉසුරින් බරිත කුසුමින් සිරිලියක
පුරයක් වීය රුවින් අඟනක
නමින් අංගොඩ වීය හුරුඑක
එපුරවරයෙහි විසුව දනන් අතරින
කඳ බඩ දෙකම එකලෙස සවිවුන
උපැස් යුවලින් නෙත් වසන් වුන
අයෙක් විය පුරයේ දුකටම ඉපදුන
රුවින් කොරවක් රුවට සමවන කය
නදින් හූමිටි තබන නරිරැල සිහිවිය
ගඳින් උරුලෑ පැටව් දහසක් සමවිය
නමින් හේ කොස්කොල තෙමේ නම්විය
කුඩා කල පටන් හේ සමග එන
විපරිත ගතිද එමට ගතහැකි වින
කරුම පලදී අංගොඩ පුරඟන
ගැබ් ගතිය කොස්කොල තෙමේ නමින
සිරිලකේ බටහිර දෙසට වන්නට
තවත් පුරයක් සසොබනින් දිස්නෙට
මත්තෙගොඩ නමින් පසිඳුට
එපුර කරුමය පලදීය අනූවේ මැදට
එහි දිවිගෙවන කලු කොට
කොලුවෙක් වීය දුටු සපුට
අගතිය ගෙනා මුළු රටට
අක්කපාලිඳු නමින් නම් කොට
බක්මහේ මැද එක් දිනක අනුවණ
සිරිලකේ බටහිර කොණේ සසොබන
රටේ කරුමය වැඩි වීද නොමදැන
පැමිණිය කොස්කොල තෙමේ එමදින
ගහට ගහ දිනෙක කිව් ලෙස
හමුවන බවට මොරටුවෙදි රිසි ලෙස
අක්කපාලිඳුට ම ගැලපෙන ලෙස
හමුවුණි කොස්කොල තෙමේ එ හවස
පරදවන රයිගම් හා ගම්පල
පුරාජේරුද එදා පැරදිනි නිසා මේ දෙපල
නියට නිය ගැලපෙන කල
කතාවුණි දෙදෙන තමන් ආ ගිය කල
වෙදෙකි මා විකාරවු ලෙඩ සොයනා
ඇතුගල පුරයේ අග්ගිය ඉපදුනා
නාරි සිත වසි කරන මම මෙනා
අයෙක් වෙද අගනුවර සොයනා
අසා මේ විස්තරද සොඳිනා
කොස්කොල ගේ ගති හොඳින් හැඳිනා
තම මැනුම් නොසඟා කියනු ලෙසිනා
අක්කපාලිඳු උගුරු බිඳිනා
ස්වර සතේ අගතැන් වෙනා
නද රජකරන් තත්සර වනා
කන් කලු රසින් හැම සිත් දිනා
මේ පුරේ පන්සිළු මම වෙනා
අක්කපාලිඳු දෙසූ බස් නියා
කොස්කොල තෙමේ රිසින් සිත අයා
දැන මේ තෙමේ මා ගති වියා
මා වැනි අයෙක්මැයි සිත කියා
එදා බක්මහ දිනේ දා
කොස්කොල තෙමේ සිත කදේ දා
අවේ සිතේ හැඟුමක් ඇදා
සොයනා ලෙසින් අඟනක් එදා
දිනෙන් දින මා මහළු වෙත්
නැත අඟනක් සිතේ මා ගැන තවත්
අඟනක් ලබන්නට මොන දේ කලත්
තනිකඩයි පෙර ලෙස මා තවත්
අක්කපාලිඳු එය අසා පසු
සෝ සිතී කොස්කොල අස්වැසූ
බිය නොවන් නුඹ අදින් පසු
මම හිඳිමි හෙවනැලි ලෙසින් මුසු
අනතුරුව දෙදෙනා මිතු සිතින් යයි
බටහිර පුරේ දවසම ගෙවයි
සවස් කල එක පිටියකට යයි
සැණකෙලිය දැකගනු රිසින් යයි
බලන් කොස්කොල තෙමේ මෙහි
ඇතේ සතරත රූබර ලඳුන් මෙහි
සුරපුරෙන් තරු වැටිලාදෝ වැහි
මොවන් සුරඟනන් නොදිටිමි මා ඇහි
වඳන් වැල අක්කපාලිඳු දෙසුව
අසා කොස්කොල තෙමේ එහි විසුව
ලඳුන් දෙස බලා කෙල හලනා ලෙසුව
කුසුම් දැක රඟන බඹරිඳු මුසුව
ඇතේ මෙහි ලඳුන් ගැනගත නොහැකි තරම්
නමුදු කෙලෙස මා ලංවනු ඔවුනට තරම්
නැත මා හට රුවක් කිඳුරෙකු තරම්
අක්කපාලිඳු කියනු මෙහි මට නොමැතිද වරම්
නොමවන් කලබල කොස්කොල තෙමේ මෙහි අද
දෙදෙන එක්ව සිතමුද යමක් කල හැකි වෙද
අවැසිනම් සුර ලඳක් මෙහි නුඹේ දිවි කඳට අද
ඉවසා සිතා බලා යමක් කල හැකි මෙයින් ඉද
එවිට සැණකෙලි බිමේ සැම නෙත
පිනන තරඟය අරඹි බව ඉත
සුරූපී ලඳ තේරීමේ වර එහි අත
ඇරඹිනිය සුරලිය තබා අත හිත
අක්කාපාලිඳු මුව අයාගෙන
කොස්කොල තෙමේ මුව සෙම පෙරාගෙන
පෙලින් පෙල එන රූබර ලියන් මන
බඳින දසුනින් මත් වෙලා මෙන
කොස්කොල තෙමේ මෙය අසාගනු
තව මොහොතකින් සුරූපිය මෙහි දිනනු
ඉන් පසුව නුඹ මෙලෙසින් කරනු
හැකි දස්කම් දමා ඇගේ සිතත් ගනු
බස් අසා අක්කපාලිඳුගේ
කොස්කොල තෙමේ සිත වී රඟේ
කල හැකි යමක් තමනට දඟේ
ඇතිදෝ සිතා සිත වේ දඟේ
අසන් අක්කපාලිඳු මලේ මේ බස් ලෙසට
දස්කම් නැතේ හිත ගත හැකිවු අඟනක් වෙතට
එනමුදු හැකේ එක් දෙයක් අගනින් මට
හැකිය මට සදනු කොස්කොල ඔටුනු අරුමෙට
වෙලාවේ හැටියට එයත්
හොඳවේවි තිබුණොත් වාසියක්
ගනු සදා කොස්කොල ඔටුන්නක්
පලඳනු ඇගේ හිස දිනු විටක්
කොස්කොල තෙමේ සතරත බලා
කොස් ගහක් සොයනට නික් මිලා
සැනෙකින් සදා හැඩ මල් වලා
කොස්පත් ඔටුනු ගෙන ආවේ බලා
තරඟය නිමවූ සැණින් නුඹ ගොස් අසලට
පලඳනු කොස්කොල ඔටුනු සුරූපිය හිසට
මම ඒ අසල බිම රැඳි නුඹලා වෙතට
සුමියුරු නදින් තත්සර වයමි එකලට
කොස්කොල තෙමේ ඒ බස් ගෙන හිතට
එඩිගෙන රැඳුණි තරඟ බිම ඉදිරියටම
අවසන් මොහොත එළඹී විට
කොස්කොල මෙන්ම අක්කාපලද ගැහුණි යමරෙට
පෑ තොසේ සොඳ මල් ලෙසේ වත රතු රුවින් පිපි මල් ලතා
ගී ඇසේ සවනොත් වැකේ ලිය රූ වඩත් එහි පිපි ලතා
මා ලෙසේ අඟනක් මෙසේ තරඟින් දිනම් දෝ සිත සිතා
ඈ හිසේ ජය කෙලි වැසී සවනොත් හඬින් නැංවේ ඉතා
ඉන් මදින් මද කල් යැවී අවසන් වෙමින් පැවතින් එය
වන් රසක් මුදු සවනකින් සුළු මොහොතකින් කී ඒ ජය
කන් වැසක් ලෙස අත්පුඩිත් ඇසි සැණකෙලින් රූ බර විය
රන් රුවක් මෙන් දිදුලමින් සුර කුමරියක් ගති එය ජය
ජයගත් විගස ඇය මහා තරඟ අවසන
කොස්කොල තෙමේ සිය ඔටුනු ගෙන
නැගී වේදිකා සැම මවිත කර වන
වෙවුලමින් පැලදුවේ කොස්කොල ඔටුනු ගෙන
කර කර නදින් එම කල පසකෙ
තත්සර වැයුම ඇරඹිණි පසෙක
අක්කපාලිඳු තත් නද ලෙසක
වීය පෑගෙනු වියලි කොල ගොඩක
නුඹය මා හිත ගත් අඟන මෙහි අද
මේ ඔටුනු නුඹටය මගේ සිත අද
යමු දැන් මා හා අංගොඩ පුර යද
බලා ඇති බව කොස්කොල තෙමේ කීවද
කල නින්දාවෙන් පලඳා කොස්කොල ඔටුනු ඈහට
මහදන කඳක් අභිමුව වුණු මහ නින්දාවට
කිපී රූබර අඟන ඉවසාගත නොහැකි වට
දකුණත අතුල් පහරක් දුනි අකුණු සර පිට
තා මා හට කර නින්දා මෙහි අද
ඒ මදිවට තවෙකෙක් කන් පලනා සර බින්ඳ
නොයතොත් මින් පිටවී සැනෙකින් අද
දෙමි තට තවත් අතුල් පහරක් මම අද
කී විට එලෙසින් සීදේවී සැණෙන
පෙනුණි ලෙසින් ඇයි මූදේවී අණ
කොස්කොල තෙමේ දා එම තැන
දුටිමි අක්කපාලිඳු මත්තෙගොඩ දුවන
තනිවූ කොස්කොල තෙමේ
කල හැකි යමක් නැති තැන එමේ
කන්නලව් කලේ දෙවි සරණමේ
එනමුදු නොඇසිනි එයද එසමේ
වටකර දනන් පෙලා පොලු මුගුරු
කොස්කොල තෙමේ අඬු පඬු කඩා පහුරු
සිත තුටු කලේ සුරඟනගේ එයුරු
බලන් සකි වුණු දෙයක් එම යුරු
විඳ විඳ ලොව නෙකයුරු නින්දා
බිඳ බිඳ අඟන සිතු යුරු නන්ඳා
සිඳ බිඳ මිතු පෙම් දුවන ගජින්දා
අහෝ කොස්කොල තෙමේ තනිකඩ සුවම වින්ඳා
[ජනරඟ විජඉඳු දෙව්සුරිඳු පබැඳුමකි]
හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක්බව සිහිතබාගන්න
හප්පට සිරි, මම ඔක්කොටම කලින් මැදින් මැදින් කියෙව්වා... නියමම නියම මෙව්වා එකක්නේ.. :P ඔක්කොම කියවන්ඩ යන්නේ.. :D
ReplyDeleteහික්ස්..තෑන්ක්ස් ආ
Deleteකමෝන් ලොක්කා කමෝන් :D
ReplyDeleteජයවේවා මස්සිනා
Deleteකොස් කොළ තුමාට සහ අක්කපාලයට මේවා තේරෙන්නේ නෑ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. නියම පැබදුම.:P
ReplyDeleteස්තූතියි රෙපා..උන් දෙන්නට යස අගේට තේරෙනවා මඩනම්
Deleteනයි කයිද කොස් පොලොස් කිව්වලු... :-))
ReplyDeleteප
ට්
ට
යි....
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
රජ සැප වගේද බන් මඩ කෑමේ සැප
Deleteපුදුමයි මට තේරුනා.. ඒ මං හොඳයිනේ.. සමහර තැන් තේරුනේ නෑ.. සේප් එකේ කියාදියං ඈ.. (උඹට දෙන්නම් ජනෝ මේකටත්..පරිස්සම් වෙයන්)
ReplyDeleteහරි මස්සිනා ගහපං මඩ..ඉතින් මමත් තවත් මේ වගේ අලුත් දේවල් කරාවි...උඹලගේ මඩ තමයි මාව නිර්මාණශීලී අදහස් වලින් සුපෝෂිත කරන්නේ..එල
Deleteවිනාසයි.......................:O
ReplyDeleteමොනවද අනේ විනාස
Deleteකොස්කොළ ප්‍රදීපය තවම දැල්වී නැත.....
ReplyDeleteමඩක් නෙවී කියලා හොදටම ෂුවර් ද ?
ලස්සනට ලියලා තියෙනවා.
ස්තූතියි සුමිත් අයියා..මඩට මඩ ගහන්න ඕන නිර්මාණශීලීව
Deleteඩවුන්ලෝඩ් කරලා නිචිසැනසිල්ලේ කියවන්න ඕන ...
ReplyDeleteහා හා ඒක හොඳයි..
Deleteපිස්සු හැදෙයි.... කොහොමද අප්පා මෙහෙම ඒවා හිතෙන්නෙ
ReplyDeleteහිතුවොත් කරන්න බැරි දෙයක් නෑ යාළුවා..වෙනස් විදියට හිතුවොත් ඕනම දෙයක් අලුත් විදියට කරන්න පුළුවන්
Deleteකවි සෙට් එකේ දිග වැඩි නිසාම උඩින් උඩින් කියෙවුවෙ.. මේක පාර්ට් දෙකකට දැම්මනං සෑහෙන වටිනව..
ReplyDeleteඅනේ.. ඊළඟට මොකද උනේ දැනගන්නනං ලබන සතියේ අපේ ඉසවුවට එන්නම වෙනව.. (සූර පප්පා ස්වරයෙන්..)
ඒක තමයි සහෝ බාගෙන කියවන්න එක්ක දැම්මේ..
Deleteබා ගත්තා! නිවී හැනහිල්ලේ කියවන්නම්!
ReplyDeleteඑහෙනම් කියවලා හොඳ නරක කියන්නකෝ
Deleteමඩ තේරුනේ නැත.නමුත් මෙච්චර කවි ලියන්න කැපවීම අගය කරන්න වටිනවා.. කවියෝ තාමත් ඉන්නවා එහෙනං...සුභ පැතුම්!!
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරයි..කවියෝ මැරෙන්නේ නෑ..කවියන්ගේ ආත්මයන් මරන්න හැදුවත් මැරෙන්නේ නෑ..කවිකම ඉතිරිවෙනවා
Deleteපට්ට ඈ....
ReplyDeleteස්තූතියි යාළුවා
Deleteඅඩෝ මැරෙන්න හිතෙනවා :D ;D :D මට එක කොමෙන්ටුවක් විතරක් දාල මදි කියල හිතුන :D
ReplyDeleteඒ බන් මම මේකේ කොපියක් ගන්නද ?
උබේ කොපි රයිටිය ගහල :D
කිසිම ප්‍රශ්නයක් නෑ..බුද්ධිමය අයිතිය සුරැකලා කැමති තැනක පල කරන්න..ස්තූතියි අදහසට ගොඩක්
Deleteනියමයි ජනා... කවි සෙට් එකක කියෙවුවා.. උඹේ කවි වලට ඉතින් මම මොනා කියන්නද? ඩවුන්ලෝඩ් කරගෙන ආයෙම වතාවක් හෙමීට කියවන්නම්.. අමාරු වචනත් තියෙනවා වගේ.. :)
ReplyDeleteඅහා බොහොම ස්තූතියි දිනේෂ් සහෝදරයා..එහෙනම් නිස්කලංකව කියවන්නකෝ
Deleteජන රහ විජ ඉජු ඉජු දෙව්මි ගේ ප බැදුමක් ද මන්දා.....
ReplyDeleteරස රස කවි රස
විද විද ඒ රස
දැක දැක මඩ රස
ලියු ලියු කවි රස
බොහොම අගෙයි!!!! විජ ඉජු ඉජු :)
හා හා කව්ද මේ මගේ නම ආහාරයට ගන්නේ...කොහොම වුනත් බොහොම ස්තූතියි අදහසට
Deleteඅම්මපා බොගේ කොස්කොලැ පුවතැ
ReplyDeleteඅසා දැක පිරුණි මගේ මණදොලැ
ලියැතොත් මතු මතුත් මෙවන් කවිපදැ
සුන්දර තැනක් වේමැයි සයිබරය හෙටැ
ඇසුමත් සැපයි හිත සවිවන වදන් වැලක්
Deleteවිසුමත් සැපයි නුඹ වැනිවුන් සමග කලක්
කොස්කොලලකර කවිකම් හිතපිරී හුලක්
ලියනෙමි තවත් කවි අත්සවි තිබෙන් කලක්
එළ එළැයැ !!! මේ නම් කිනම් මඩෙක් ද ???
ReplyDeleteකවි පබැඳුම නම් විශිෂ්ඨයි සහෝ... තරුණ පරම්පරාව කවියෙන් වගේම කවි රසයෙනුත් ඈත්වෙන මේ කාලේ විහිළුවට, විනෝදෙට හරි මේ තරම් කවි ගානක් එක්ක කරපු මේ නිර්මාණය හුඟක් අගෙයි...!!!
කවි මුතු මල් පැත්තේ ගිහින් ආවොත් නරකද ??? මෙන්න පාර !!! ජය !!!
මෙන්න බොල ඒපාර කවි වලට බැහැලා.කියවලම බලන්ට ඕනි. :D
ReplyDeleteමොංගල් හොද එක...
ReplyDeleteනියමයි මල්ලි.
ReplyDeleteස්තූතියි සූදික අයියා
Deleteඅම්මට සිරි.. පට්ටැයි ඈ...හික්ස්
ReplyDeleteපට්ටනම් එච්චරයි මිත්‍රයා
Deleteyako මගේ bada ...
ReplyDelete