සිංහල බ්ලොග්කරුවන් එකතුවන්නේ කිනම් අවස්ථාවකදීද, එහි සිදුවීම් නම් අඩුවක් නැතිව විඳගන්නට අවස්ථාව ලැබීම පුදුමයක් නොවේ. 2014 සයිබර් සිහින බක්මහ උළෙලටද එය එලෙසින්ම අදාලය. ඒ හා බැඳුනු බ්ලොග් ලිපිවල හැමදෙනෙක්ම පාහේ දන්නා කතා ලියා තිබුණු අතර නොදන්නා කතාද එමට ඇතිබව කිව යුතුමය. මාගේ තෙවැනි සිහින බක්මහ උළෙල නිසාවෙන් දැන් කණද මා ලෙසින්ම එවැනි “නොකී කතා“ වලට දැඩි සංවේදීතාවක් දක්වන්නට පටන්ගෙන ඇත. මෙතැන් පටන් දිගහැරෙන්නේ මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ “නොකී කතා“ කිහිපයකි.
ජවනිකා අංක 01
කොල්ලන් දෙදෙනෙක් බුද්ධදාස පිටියට පිවිසුම් දොරටුවෙන් ඇතුල්වන අතරතුර කතාබහක යෙදෙමින් සිටිති.
“මචං මට 12.30 ට විතර යන්න වෙනවා බං...“
“ඒ මොකද බං..අද යකෝ ආතල් එකක් ගන්න දවස..උඹ කොහේ කෙළවන්නද?“
“නෑ බං...කෑල්ල තරහවෙලා..ෆෝන් එකත් ඕෆ් කරගෙන..මගෙ බඩ බොක්ක දනවා..ඕකි මාව අතෑරියොත් මම මොනවා කරන්නද යකෝ..“
“හරි හරි ඉතින් දැන් උඹ දවල් කොහේද යන්න හදන්නේ..“
“මම යනවා බං ඒකිගේ ක්ලාස් එක ලඟට කොස්වත්තේ..වැඳලා හරි ෂේප් වෙනවා අදනම්..නෑනත් ෂේප් නිසා අවුලක් නෑ බං...“
ජවනිකා අංක 02
කොල්ලන් කීපදෙනෙක් සිටින තැනක කිසිඳු කතාවක් නැත. එක කොල්ලෙක් බඩ අතගා ඈනුමක් අරියි.
“මේ සැරේ රෙඩ් බුල් නෑ නේද බං...“
“ඔව් නේද බං..සුදීකයා ගේ කිසි උනන්දුවක් තිබ්බේ නෑනේ මේ පාර ගේන්න“
“මම හිතන්නේ මචං ඌ බයවුනා මේ පාරත් කෙල්ලෝ දෙන්නට ඉල්ලුම වැඩිවෙයි කියලා..“
“කෙහෙම්මල..මොකක්ද මේ ලොතරැයියක් ගෙනැල්ලා තියෙන්නේ..සිකේ අර මැනේජර් නෝනත් තව ටිකක් සෙක්සි වුනානම්..වැඩක් නෑ බං මටනං ගෙදර යන්නත් හිතෙනවා“
ජවනිකා අංක 03
එක කෙල්ලෙක් හතිදාගෙන දුවගෙන එයි. ඔලුවේ හැට් එකක්ද ඇත. තවත් කෙල්ලන් දෙදෙනෙක් අසලට දුවගෙන විත් දාඩිය පිටින්ම වැළඳගනී.
“ආ නංගි..මොකද මේකප් එක දාන්නද ලේට් වුනේ“
“මම මේකප් දැම්මේ නෑ අක්කි..“
“නැත්තේ මොකද නංගි..මේ මගේ මූණෙන් එකයි“
ජවනිකා අංක 04
කෙට්ටු ටිකක් උස කොණ්ඩය කොටට කැපූ කොල්ලෙක් කාන්තා වැසිකිලිය තුලින් එළියට එයි. ඇස් දෙක බාගෙට ඇර පිටිය දෙස බලයි. අමාරුවෙන් අඩිය තියාගෙන ඉදිරියට එයි.
“අපෝ බේබද්දා...අදත් බිව්වා නේද..නෙදකිකින් රිලවා“
“පික්ෂුද අයියා....මමනම් කටේ තිබ්බේ නෑ...“
“එහෙනම් උඹ වැනෙන්නේ ඇයි...“
“මම වැනෙනවා..වෙන්න බෑ...කෝ හිටපං සුවනාගෙන් අහලා බලන්න..මචං සුවනෝ...මම වැනෙනවද බං...“
“පල බේබද්දා..“
ජවනිකා අංක 05
බුද්ධදාස පිටියේ ක්‍රීඩාගාරය පිටුපස ස්කූටි බයික් එකක් අසල කොල්ලන් දෙදෙනෙක් සහ මැදිවියේ මහත පොරක් සිටිති. පසෙකින් තවත් කෙට්ටු මැදිවයසේ පොරක් ඒ දෙසට පැමිණෙයි.
“මචං උඹ මැන්දිස් මල්ලි නේද...“
පැමිණෙමින් සිටි පොර පුදුමයෙන් බලයි.
“ඔව් අප්පා..අයියා කොහොමද හරියටම කිව්වේ...“
“මල්ලි බකල් ගහ ගහ වැනි වැනි එන විදියෙන් මට හිතුනා උඹ මැන්දිසා වෙන්න ඇති කියලා..ඒ වුනාට උඹ මට ලඟදි කමෙන්ට් කරලා තිබුණේ නෑ...ඒවා සක්කිලි වැඩ“
ඒ අතර තුර තරුණ ගැටිස්සියක් ඒ අසලින් තනිව ගමන් කරයි. මැදිවියේ මහත පොර තරුණියට කතා කරයි
“නංගි...එතකොට ඔයා කව්ද..මේ දන්නැති කමට අහන්නේ“
කෙල්ල තඹයකට ගණන් ගන්නේ නැතිව එතනින් යයි. මැදිවියේ මහත පොරට යකා තදවේ.
“කව්ද *#%$ එහෙම ලයින් දීගෙන යන්නේ...ඇයි ආඩම්බරද දන්නේ #$%!!#...මේ නංගි අපිත් ඕවා දැකලා තියනනවා..අඩෝ...මතක තියාගනින් ඔය &#$@% ව.. ඩෙනිමයි ලෙදර් බෑග් එකයි...“
“අයියා කළු සෙරෙප්පු දෙකයි...“
එතන සිටි කෙට්ටු කොල්ලෙක් පැන උත්තර දෙයි.
ජවනිකා අංක 06
“අතාරින්න මට අරූට දෙකක් අනින්න ඕන..අනේ උයා අතාරින්න අප්පා“
විවාහක යුවලක් පිටිය මැද පොරයකි.
“හරි හරි දැන් ඇයි ඔයා ඌට ගහන්න යන්නේ“
සැමියා සෙමින් කණට කර අසයි.
“අරූ කිව්වා.. ගෑණුයි තාක්ෂණෙයි විස්වාස කරන්න බෑ කියලා..“
“ඉතින් ඇත්තනේ (සෙමින්)“
“මොකක්ද තමුසෙ කිව්වේ..?“
“නෑ නෑ...යං යං අපි දෙ න්නම ගිහිල්ලා ගහමු“
“ඒක මිසක්“
ජවනිකා අංක 07
කොල්ලෙක් බෙරිවුණ මුහුණකින් යුතුව බලා සිටියි.
“ඇයි මල්ලි...කෝ අද කෑල්ල“
“ආ අද ඒකිගේ කුඩප්පච්චිගේ ලොකු තාත්තගේ මල්ලිගේ ලොකු පුතාගේ උපන්දිනේ...“
“ආ ඒක මිසක්...ඒකයි එහෙනම් උඹ අද මේ උඹට කැමති ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ..“
කොල්ලා අනිත් එකා බඳාගෙන අඬන්නට පටන් ගනී.
“ඇයි මල්ලි මේ...“
“නෑ අයියා..පාර්ටි එක ඉවරයිලු..ඒකි හවස එනවලු“
කොල්ලා හොටු පෙරාගෙන අඬන්නට පටන් ගනී.
ජවනිකා අංක 08
විනිශ්චය මණ්ඩලේ සිටි ගයේෂා ඇන්ටි කොහේදෝ යන්නට යයි. ඇය යන මාර්ගය අසල කැමරාවක් අතේ තබාගෙන කොල්ලෙක් ගැසූ පොටෝ නරඹමින් සිටී. හදිස්සියේම තමන් අසලින් යන ගයේෂා ඇන්ටි දකින කොල්ලා සලිතව කැමරාවද අතහැර සීරුවෙන් සිටගෙන ඔළුව නමා සිනාවේ. ඇයද සිනාවී ඔහුගෙන් යමක් අසා එතනින් පිටවිය.
“ඒ උඹ අර ෆිල්ම් එකේ වීඩියෝ එක දැකපු දවස්වල ගයේෂා ඇන්ටිගේ පලු ඇරියා නේද...“
කැමරාව අතේ තබාසිටි කොලුවාට ලැජ්ජාවේ පොලවේ පස්කන්නට සිතේ.
“මේ මම...මට මතක නෑනේ...“
“අනේ රෙද්ද..දැන් උඹ සීරුවෙන් හිටගෙන දෙකට නැවුන හැටි..ලැජ්ජයි බං..“
ජවනිකා අංක 09
කොල්ලෙක් පිටිය මැදට දුවගෙන විත් සංවිධායක මණ්ඩලයේ හිතවතෙක්ගෙන් යමක් අසයි.
“අයියා..යුවලක් කියන්නේ කොල්ලෙකුයි කෙල්ලෙකුයිම වෙන්න ඕනද?“
“ඔව් මල්ලි..“
“හා හරි අයියා..“
ටිකකින් නැවත කොල්ලා දුවගෙන පෙරකී සංවිධායකයා ලඟටම එයි.
“අයියා...යුවලක් කිව්වම කොල්ලෝ දෙන්නෙක්ට බැරිද..?“
“මල්ලි කොල්ලෝ දෙන්නෙක්ට යුවලක් වෙන්න ලංකාවේ තහනම්නේ..කොහෙන් හරි කෙල්ලෙක් හොයන් වරෙන් බං..“
“අනේ එහෙමද..ෂික් ලංකාව අන්තිමයි අනේ එහෙම බැලුවම..ඒකට ඉන්දියාව...මට කියනකොටත් හින්දි සින්දුවක් මතක් වෙනවා“
කොල්ලා ඊට ටිකකට පසු නැවත සංවිධායක මණ්ඩලයේ හිතවතා සොයා ඒ.
“දැන් ඒ පාර මොකද මල්ලි“
“අයියා..අඩුම ගානේ කෙල්ලෝ දෙන්නෙක්ටවත් බැරිද යුවලක් වෙන්න..“
“උඹට දැන් කී සැරයක් සිංහලෙන් කිව්වද..“
“හරි හරි අයියා..තරහා ගන්න එපා මේ මට නෙවෙයි අයියෝ...වෙන කෙනෙක්ට“
ජවනිකා අංක 10
කෙල්ලෙක් කොල්ලෙක් ලඟට දුවගෙන විත් යමක් අසයි. දෙදෙනා හඳුන ගනී.
“අයියෝ අයියා මෙච්චර කෙට්ටු වුනේ කොහොමද..එෆ්.බී එකේ පොටෝස් වලින් දැක්කම මම හිතුවේ නෑ මෙච්චර කෙට්ටුයි කියලා..“
“මොනවා කරන්නද නංගි අපි කෙට්ටු සරීරනේ..“
“ඒ වුනාට අයියා..“
“එතකොට නංගි එෆ්.බී පොටෝස්වල මාර සුදුයිනේ..“
කෙල්ලගේ මූණ තවත් කළුවෙයි..දාඩියද දාන්න ගනී.
“ඒ පොටෝෂොප් අයියා “
කෙල්ල රහසින් කියා මාරුවේ.
- “නොකී කතා“ එමට ඇත..මතක් වුනොත් ආයෙත් ලියන්නට සිතාගෙන සිටිමි.
හයියෝ වටේටම බෙදලා වගේ! :D
ReplyDeleteඅයියෝ උඹේ සීන් එක දාන්න අමතක වුණානේ
Deleteඅදු මේ අතින් දාලා කියන්න ඔට්ටු නැහැ හරිය... >_<
ReplyDeleteරහසින් කිව්වෙත් නෑ යකු.. තුන් හතර දෙනාටම ඇහෙන්න කිව්වේ.. :3
මෙවුවට කියන්නේ හොරාට කලින් වැට පනිනවා කියලා.. එහෙම නේද ජනා..
Deleteඔන්න මමනම් මොකුත්ම කිව්වේ නෑ...හික්ස්
Delete10 හිතාගත්තෑකි :3
Deleteඅපෝ ඉතිං මෙයා වැඩේ නාගත්තනේ..දැන් ඉතින් සේරම දන්නවා
Delete@දිනේෂ් : හොරාට කලින් වැට පැන්නේ කවුද ?? හොරයි වැටයි තුන් වෙනි පාර්ශවේ කවුද ??
Delete@ජනාරංග : කිව්වේ නැති වුනාට යකු මේකේ තියෙන බාගෙට බාගයක්ම මඩ සහ අසත්‍ය ප්‍රචාරනේ..
@ශම්මි අක්ක : -_- :3
අඩේ මේකේ අසත්‍ය ප්‍රචාර නෑ බොල..මේ සම්පූර්ණ සත්‍යය..
Deleteමට නම් අර කැමති ටී ෂර්ට් අදින්න පුළුවන් කිවුව කපල් එක ගැන විතරයි තේරුනේ.. අනිත් එකනම් ඔය උඩ කමෙන්ට් එකෙන් කියලම තියෙන්නේ.. මරු මරු තව තීනවනම් දාපං අමතක නොකර...
ReplyDeleteඅනිත් ජවනිකා ටිකත් හෙමීට අහුවේවි බං..ටිකක් බලන් ඉඳපන්කෝ
Deleteඒ සීන් එක නම් මාත් දන්නවා :v
Deleteඒ සීන් එක රටටම නෝන්ඩියි..අපේ අල්ලපුගෙදර නංගිත් දන්නවා ඕක
Deleteහෑ අල්ලපු ගෙදර නංගි.. :D අන්න පොයින්ට් එක .. නංගි කොහමද මෙව්වා දැන ගත්තේ.. :p
Deleteඑයත් තොපිලගේ බ්ලොග් කියවලා නරක් වෙලා ඉන්නේ...
Deleteජනා................................. කපනවා ඩො
Deleteඋඹ ඇයි කලබල වෙන්නේ බං..උඹේ කතාවක් එහෙම මෙතන තියනවද? :P
Deleteමේකෙන් දෙකක් මතක යි වගේ :-))
ReplyDeleteහරි කියන්නකෝ එහෙනම් බලන්න මතක කතා වලට අදාල චරිත කව්ද කියලා
Deleteකීපයක් මතකයි ..
ReplyDeleteඋඹට මතක හිටින්න විදියක් නෑ බං..උඹ සිහිකල්පනාවකින් හිටියේ නෑනේ..තව උඹේ ජවනිකාවකුත් තියනවා දාන්න
Deleteඔන්න අපිනම් ආවෙත් නෑ දාන්නෙත් නෑ දැක්කෙත නෑ
ReplyDeleteඅපොයි ඔව්..
Deleteඅනේ වේදනා සංසාරේ.. ඇවිල්ලත් කථා කරන්න බැරි වුනා නොවැ
Deleteහුටා............................
ReplyDeleteමේක දැක්කම අදාල චරිත වලට මොනා හිතෙයිද මංද
අදාල චරිත බොහොමයක් මේක දැක්කේ නෑ වගේ ඉන්නවා බං
Deleteදැක්කම මොඅව හිතන්නද බන් , උන් පව් නෙහ් :/
Deleteඋන් චාටර් නොවෙන විදියට ඉන්නවනම් අවුලක් නෑනේ බං
Deleteහතරවෙනි ජවනිකාවෙ උද්වේගකර අවස්ථාවක ඡායාරූපයක් සසිදු fb එකෙත් දැම්මා වගේ මතකයි.
ReplyDeleteඔව් ඔව් මිත්‍රයා..මමත් දැක්කා වැසිකිලියක් ඉස්සරහා බේබද්දෝ දෙන්නෙක් වැනි වැනී කරට අතදාගෙන ඉන්න පොටෝ
Deleteහැක් හැක්.. එළස්...
ReplyDeleteඅල වගේද අයියා ගෝවා
Deleteඑල එල
ReplyDeleteඑල කිරි සහ ජලය
Deleteනියමයිනෙ.
ReplyDeleteවැඩක් නෑ..ප්‍රසන්න සහෝදරයා මේ පාර ආවේ නෑනේ
Deleteඊලඟ පාරවත් සෙට් වෙන්ඩ බලමුකෝ... :(
ReplyDeleteඅපෝ උඹ ඕක හැමදාම කියන සිංදුවනේ බං...
Deleteමමත් ආය් නම් එන්න කියන්නේම නැ
Deleteඇයි දේවා උඹ මූට මේ පාරත් එන්න කිව්වද..?
Deleteහරිම ආඩම්බර්යි අයියා!!!
ReplyDeleteමටත් ආඩම්බරේ බෑ බං..උඹට අදාල ජවනිකාවේ අංකය දාන්නද මචං
Deleteමටම හිතාගන්න බැ මොකක ද කියලා.. හික් හිකස්
Deleteයකෝ නොකී කතා කියපු උන් අඳුර ගන්න පොඩි හරි ඉඟියක් තියෙන්නේ ඕන නතිනම් නොකී කතාවල කික් එකක් නෑ :D
ReplyDeleteමම සිරාවට දාන්නත් හදලා පොඩි පොඩි ඉඟි ටිකක් පස්සේ පව් කියලා නිකං හිටියා...
Deleteමම ආවද කියල මතක නෑ ඔය සිදුවීම් කියවනකොට . . .
ReplyDeleteසිරාවට මේ පාර මම උඹව දැක්කේ නෑනේ..එහෙම නොපෙනී මගඇරෙන සයිස් එකෙකුත් නෙවෙයි එකේ මට මිස් වුනේ කොහොමද
Delete1නි එක බිමා,
ReplyDelete2වෙනි එක දිල් ස්පීඩියා වෙන්න ඕනි,
3 අනේ මන්දා,
4 සුද්දා වෙන්න ඕනි, හැබැයි ඒකා සුවනාට මචන් කියන්නේ නෑ ඒ නිසා වෙන එකෙක්,
5 කොහෙන් හරි අටම් අය්යා ගෑවිලා ඇති
6 ජෙිඩි අය්යය් අයිස් අක්කයි :v
7 ඒ මගේ ඒකා :3 :v
8 සිහින අය්යාද?
9 සුද්දා :v
10 දල්ලෑ
අපි අන්තිමට ආවට මීටර් හරිය,
(මම කියපුවා හරිද?)
අනේ උඹේ මීටරේ..සෙද්ද.. ටිකක් හරි ටිකක් වැරදියි :D
Deleteහුරේ එකක් දල්ලෑ ලු.. :D
Deleteමාත් කියන්නම් ද 10 ම..
හා කියමුකෝ බලන්න
Deleteඒ දල්ලෑ කියපු 10 වෙනි එක මොණරි :P
Deleteමොණරි ඉතින් ඉල්ලගෙන කනවා ආයෙත්
Deleteදුක තමයි රංජනී....මොනවා කරන්නද?
ReplyDeleteඅනේ සුමනෝ විමලෝ කමලෝ කිව්වලු
Deleteමේක මරු ජනා.... ටික ටික දන්නවා දන්නවා වගේ.. ;)
ReplyDeleteඋඹේ වෙලාවට උඹේ ජවනිකාවක් අහුවුණේ නෑ බං ලිෂා
Deleteශික් බන් ... එන්න උනේ නැහැ ... ඊලඟ පාරවත් එනවා... මේවා දකිනකොට ඉරිසියයි... එල මචන් ... :3
ReplyDeleteපල බේබද්දා යන්න...ඔන්න මමනම් නෙවෙයි ඕක කිව්වේ...ඒ වගේම උඹටත් නෙවෙයි බං ඕක කිව්වේ
Deleteමං කතා ඔක්කොම අඳුන ගත්තා :D
ReplyDeleteඔයාගේ කතාවකුත් තියනවා..දාන්නද වැපෝ?
Deleteහෙක් හෙක් හෙක් ....කවදද කොහෙද ඔය අවුරුදු උත්සවේ තිබ්බේ ...?
ReplyDeleteඒකනේ බං මාත් මේ කල්පනා කලේ...මට කිසි දෙයක් මතක නෑනේ
Deleteමේ අර විජේසේකරය ඇන්ඩෝයිඩ් ඇප් එකක් කරන එක බලහං
ReplyDeleteඅපෝ බං තොට තාම ඕක මතකද..මම හිතුවේ විකාරෙන් වගේ ඒ වෙලාවේ කිව්වට ඕක අමතක වෙලා ඇති කියලා..
Deleteරෙද්ද... එක කරල ඉවරයි :/ FB PM එකක් දාන්න ....
Deleteඅන්න ඒකනේ..සුද්දා හොඳ එකා..
Deleteඅපි හොද මිනිස්සු වෙලා. අහුවෙන්න වැරද්දක් තිබිලාම නැ. මේ දවස්වල පොඩ්ඩක් එකෙක් මාව බයිට් එකට ගන්න හදනවා. අපිත් බයිට් උනා වගේ ඉන්නවා මොකෝ දිග අරින්නේ එයාගෙම චරිතෙනේ
ReplyDeleteකව්ද බං ඒ..ඇත්තටම මේ පාර උඹේ ජවනිකාවක් අහුවුණේ නෑ බං..ලබන පාර දාන්නම් හොඳේ..උඹ තරහා නෑනේ බං :D
Deleteගොබිලයා :3
ReplyDeleteඒ පාර මේකේ එවුන් උඹට තව නමක් දාලද..? මල කෙළියයි..කලින් සාදිරිසි දැන් ගොබිලයා
Deleteකවදද ඕක තිබ්බෙ ඈ?? :3
ReplyDeleteතාම තිබ්ෙබ නෑ බං
Delete