ගතවන තත්පරයක් තත්පරයක් පාසා හිත නොසන්සුන්කමකින් වදදුන්නා, අද හවස තුන වෙද්දි මොනවා වෙයිද ඒ වෙන දේවල් වලට කොහොම මුහුණ දෙන්නද කියලා හිත හරි පැහැදිලි විවරණයක් දුන්නේ නෑ. ඒත් ඊයේ ජිත්මි මාව මුණ ගැහෙන්න හිටියා කියලා කියනකොට එයාගේ මූණේ තිබුණේ එච්චර හොඳ ලකුණක් නෙවෙයි. ඒක හිතේ ලොකු බයක් ඇති කරා. ඔට්ටුව පරදීවිද මම? ලක්ෂෙනම් බල්ලට ගියාවේ..ඒත් ජිත්මි නැතිවුනොත්...ඒ මදිවට අර ගොබ්බයට අයිතිවුනොත් කොහොමද වාවන්නේ..හිත එක එක දේවල් කිව්වා.
“හිතට හයිය ගනින් බං...තව දවස් හයකින් සේරම ඉවරවෙන්න තියන එකේ අද ඒකට එක අඩියක් හරි තියපං...“
සමීර කතාකරලා බොහොම බරපතල වචන ටිකක් කිව්වා. ඇත්ත ඒ කතා සේරම ඇත්ත. හිත බොහොම අමාරුවෙන් ශක්තිමත් කරගෙන හවස ගමන යන්න ගියා.
මාතර බෝධිය පහුවෙද්දි ඉබේම හිතට මොකක්දෝ වෙනසක් දැනුනා. හිතට නැති හයියක් ආවා..
මම හරියට හවස තුන වෙද්දි මයුර හොටෙල් එකේ වාඩිවෙලා හිටියා. මට බොහොම හුරුපුරුදු තැනක..මෙතනට බ්‍රවුන්ස් කඳු වැටියත්, පරවිදූව දක්වා වෙරළත් ලස්සනටම පේනවා..
හිතේ පුංචි බයක් තිබුණේ ජිත්මි දිලූප එක්ක ඒවි කියලා. ඒත් ජිත්මි ආවේ තනියම..කිසිම බයක් සැකක් නැතුව මගේ ලඟටම ඇවිත් වාඩිවුනා. එයා ඇඳගෙන හිටියේ බොහොම චාම් ඩෙනිමකට ලස්සන රෝසපාට බ්ල්වුස් එකක්..
“නංගි...ඔයාට කියන්න දෙයක් තියනම් මුලින්ම කියන්න..“
මම එහෙම මුලින්ම කිව්වම ජිත්මි ගොඩක් අසරණ වුනා..ඒත් ටික වෙලාවක් ඉඳලා කතා කරන්න පටන් ගත්තා.
“මෙහෙමයි අයියේ..මම මේ දේවල් කිව්වට පස්සේ ඔයා මම ගැන මොනවා හිතාවිද දන්නෑ..ඒත් ඒක ඔයාට අදාල දෙයක් අයියේ...“
“කමක් නෑ නංගි..කියන්න“
“අයියේ...මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා..ඒක මොනවිදියේ ආදරයක්ද කියලා මම හරියටම දන්නේ නෑ..ඒ වගේම මම දන්නවා අයියා මට ආදරේ කරන්න පටන් අරන් එච්චර කල් නෑ කියලා..“
“ඔව් නංගි...“
ජිත්මි මේ මොනවා කියන්න හදනවද කියලා මට තේරුනේ නෑ.
“ඒත් අයියේ දිලූප අයියා මගේ පස්සෙන් ආදරේ ඉල්ලගෙන එන්නේ දැන් ගොඩක් කාලෙක ඉඳන්...එයා හොඳ කෙනෙක් බව මම දන්නවා...ඒත් එදාවත් අදවත් මට එයාගැන එහෙමටම ආදරයක් දැනිලා නෑ..මගේ හිතේ එයා ගැන ආදරයක් ඇතිවෙලා නෑ...“
මගේ හිතේ තිබුණු මහා යකඩ බරුවක් දියවෙලා ගියා වගේ දැනුනා..
“ඉතින් නංගි...“
හිතේ ඇතුලේ පපර බෑන්ඩ් ගහද්දි මම බොරු සීරියස් මූඩ් එකකින් ඇහුවා.
“ඒත් මගේ යාළුවා මේ ප්‍රශ්නෙදි ලොකු බලපෑමක් කලා...ඔයා දැකලා ඇතිනේ එයා..හර්ෂණී මගේ හොඳම වගේම ගොඩක් කල් ඉඳලා මාත් එක්කම ඉන්න යාළුවා..දිලූප අයියා කියන්නේ හර්ෂණීගේ නැන්දගේ පුතා..හර්ෂණීයි මමයි දවසක් හර්ෂණීලගේ ගෙදර ඉදිද්දි තමයි දිලූප අයියා මාව දැකලා හර්ෂණීට කරදර කරන්න ගත්තේ මාව යාළු කරලා දෙන්න කියලා..හර්ෂණීලගේ ගෙදර අයවත් දිලූප අයියා එහේ එනවට කැමති නෑ..මොකද දිලූප අයියගේ මදාව වැඩ එහේ අයට පේන්න බැරි නිසා..ඒත් එයා හර්ෂණීට ගොඩක් ලඟයි..
හර්ෂණී මගෙන් එහෙම ඉල්ලීමක් කරද්දි මම බෑම කියලා කිව්වා..ඒත් දිලූප අයියාවත් හර්ෂණීවත් ඒ වචන ගණන් ගත්තේ නෑ..හර්ෂණී දිලූප අයියා ගැන එක එක වර්ණනා කලත් මගේ අනිත් යාළුවෝ මට ඇත්ත කියලා දුන්නා..හර්ෂණී ඒවා කලේ යාළුකමයි නෑදෑකමයි දෙකම නිසා වෙන්න ඇති..ඒත් මම මගේ තීරණේ වෙනස් කලේ නෑ..
අයියා මට ආදරේ කරනවා කියලා දැනගත්තම දිලූප අයියා පත්තුවුනා..එයා මට තවත් ලංවෙන්න හැදුවා..බලෙන්ම අපි දෙන්නා යන ගමන්වලට ආවා..මට කරන්න දෙයක් තිබුණේ නෑ...“
ජිත්මි නොකඩවා තමන්ගේ හිතේ තිබුණු හැම හැඟීමක්ම වචන වලට පෙරලුවා.
“ ඉතින් නංගි..“
“ඒත් අයියේ මම පාඩුවේ හිටියා..මම ඒ ප්‍රශ්නෙන් ගොඩක් විඳෙව්වා..ඒත් මම නංගිටවත් මේවා කිව්වේ නෑ..ඒ අතරේ අයියත් නංගි එක්ක පිට් වෙලා ටිකෙන් ටික මගේ ජීවිතේට එන්න හදනවා කියලා දැනුනා මට..“
මගේ උගුරේ මොනවද හිරවෙන්න ගත්තා..කෙල ගිලුනෙත් නෑ..දැන් ජිත්මි මොනවා කියාවිද.
“මට ප්‍රශ්න අතරේ මුලින් අයියාත් කරදරයක් වගේ දැනුනා..ඒත් පස්සේ පස්සේ ඇත්තටම මගේ හිතේ අයියා ගැන පැහැදීමක් ඇති වුනා..ඒත් නංගි මගෙන් එහෙම දෙයක් අහනකොට මම මොකුත් නොකිව්වේ මට ඒක රට වටේ අඩබෙර ගහන්න අකමැති නිසා...ඒත් අයියේ මම ආදරේ කියලා පස්සෙන් එලවන්න කැමති නෑ...මගේ හිතේ තිබුණ දේවල් තමයි කිව්වේ...අයියා කැමති විදියකට ඒවා පිළිගන්න..“
මොනවා කියන්නද කියලා මට හිතුනේ නෑ.
“නංගි මට මේකට උත්තර දෙනවාද...“
“මොකක්ද අයියේ...“
“ඔයාගේ හිතේ මට ආදරයක් තියද...ඒ ආදරේ මට ලැබෙයිද..“
ජිත්මි බිම බලාගත්තා..මම ජිත්මිට ලංවුණා අතින් අල්ලගත්තා. ඒ අත් සීතල වෙලා වෙවුලනවා. මම නිකටෙන් අල්ලලා මූණ මගේ පැත්තට හැරෙව්වා.
“කියන්න නංගි..“
“සත්තකින්ම තියනවා අයියා...ඒ ආදරේ මම බාරගෙන ගොඩක් කල්..ඒත් අයියා ඒක බාර ගන්නකම් නියම විදියට මම බලන් හිටියා..“
මයුර එක දෙවනත් වෙන්න උඩපැනලා කෑ ගහන්න තරම් හිතුනා සතුටට. ජිත්මිගේ අත එහෙමම මගේ තොල්දෙකට ලංකරලා පුංචි හාදුවක් දුන්නා..
“මම ගොඩක් ආදරෙයි නංගි ඔයාට...“
ඔට්ටුවට එහා හදවත තියලා මම ජිත්මිට එහෙම කිව්වා. ලැජ්ජාව රැඳුන හිනාව එක්ක ජිත්මි ඔලුව වැනුවා “ඔව්“ කියලා.
* * * * *
රුපියල් ලක්ෂයත් මගේ ආදරෙත් දෙකම බේරුණා..මම සමීරට කෙටි පණිවුඩයක් යැව්වේ මමයි ජිත්මියි එකිනෙකාට වැදෙන නොවැදෙන තරමට ලංවෙලා ස්ටෑන්ඩ් එකට යද්දි..සමීර පිලිතුරු එව්වේ..“අම්මට උඩු මචං කියලා විතරයි...“
ඒ අතරම මම මේ ඔට්ටුව ඉවර කරන්න කාලේ හරි කියලා හිතුන නිසා ෆෝන් එකේ සේව්කරලා තිබුණ දිලූපගේ නම්බර් එකටත් කෙටි පණිවුඩයක් යැව්වා.
“ඔට්ටුව දින්නේ කව්ද කියලා බලාගන්න ගාල්ල බස් හෝල්ට් එකට දැන්ම එන්න..මතක ඇතුව රුපියල් ලක්ෂේ අරන් එන්න...“
ඒ කෙටි පණිවුඩය යවලා පෝන් එක සාක්කුවට දාගෙන මම ජිත්මිගේ අතේ ඇඟිල්ලකින් අල්ලගෙන ගාල්ල හෝල්ට් එකට ආවා. අපි දෙන්නා වචන වලටත් වඩා ඇස්වලින් කතාකලා..දෙයියනේ අදනම් හීනයක් වගේ..මට පිස්සු හැදෙයි කියලත් හිතුනා මට...
ජිත්මිගේ ඇත්තම ලස්සන හොඳටම පේන්නේ අද කියලා මට දැනුනා. ජීවිතේට ආදරේ ලැබුණම කොච්චර ලස්සනද..මට කවිත් මතක් වුනා.
විනාඩි දහයක් යන්න වුනේ නෑ..තව කොල්ලෙකුත් එක්ක කලබලෙන් ගාල්ල හෝල්ට් එකට ආවේ දිලුප..මමයි ජිත්මියි ඉන්න විදිය දැකලා මූණ දෙක වුනා..මම දිලූප මට දාන පුරුදු කිණ්ඩි හිනාව දාලා ජිත්මිගේ අතින් අල්ලගෙනම බස් එකට නැගලා එකම ෂීට් එකේ වාඩි වුනා..ජනේලයෙන් පිට දිලූප කන්න වගේ බලන් ඉදලා යන්න ගියා.
* * * * * *
“හවස අපේ ගෙදරට ඇවිත් ලක්ෂේ අරන් යන්න“
දිලූපගෙන් කෙටි පණිවුඩයක් ඇවිත් තිබුණා පස්සේ දවසේ උදේ..මම සමීරත් කතාකරෙගන කොප්පරාවත්තේ දිලූපගේ ගෙදර හොයන් ගියා.
“මූ සෙට්වෙලා අපිට නෙලයිද දන්නෑ බං..“
සමීර ටිකක් බයෙන් වගේ තමයි ගියේ.මොකද කලින් ඇවිත් දිලූප ගැන හොයන්න මිනිහා චාටර් වෙලා හිටපු නිසා.
“මම හිතන්නෑ බං..කොච්චර වුනත් ඌ එහෙම ගෙන්නලා ගහන්න තරම් චාටර් පොරක් නෙවෙයි..“
අපි ලේසියෙන්ම ගෙදර හොයාගත්තේ සමීරට පින් සිද්ද වෙන්න..අපි ගෙදර දොරට තට්ටු කලාම ආවේ දිලූප.
“එන්න සහෝදරයා වාඩි වෙන්න..“
දිලූප ඇතුලට ගිහින් බ්‍රවුන් පේපර් බෑග් එකක් අරගෙන ආවා.
“මෙතන ලක්ෂයක් තියනවා..ගැනලා අරන් යන්න..ඒ වගේම මගේ සුබ පැතුම්..“
මට කියන්න දෙයක් තිබුනේ නෑ. මම පුටුවෙන් නැගිට්ටේ යන්න කියලා හිතාගෙන. එතකොටම දිලූප ආයෙත් කතා කලා.
“මගේ සුබ පැතුම් සහෝදරයා...“
“බොහොම ස්තූතියි දිලූප..“
“මොකද මට ආදරේ නැති කෙල්ලෙක් මට වැඩක් නෑ සහෝ...මට ආදරේ කරන කෙනෙක් මට ලැබේවි..සහෝ වාසනාවන්තයි...හොඳ කෙල්ලෙකුයි සල්ලියි දෙකම ලැබුණා..ජයවේවා...“
අපි ගෙයින් එලියට බහිද්දිම මට බැලුනේ ගෙදර ඉස්සරහා ගරාජ් එක දිහා. දිලූපගේ පුරුදු ලස්සන ට්‍රේල් බයික් එක තිබුනේ නෑ. මට ඒක ලොකු ගැටළුවක් වුනා.
“ කෝ දිලූප බයික් එක...“
දිලූප හිනාවුනා විතරයි..මම ආයෙත් ඇහුවා ඒ ප්‍රශ්නෙම.
“ජීවිතේ සමහර දේවල් වෙනුවෙන් සමහර දේවල් කැප කරන්න වෙනවා..මට ඉතින් මගේ ආදර බයික් එක කැපකරන්න වුනා..සහෝ දැන් යන්නකෝ...“
දිලූප බලෙන් වගේ අපිව යවන්න හැදුවා.ඒත් මගේ හිතට මහා හිස්බවක් දැනුනා. මම දිලූපගේ හීන ගණනාවක් බින්දා වගේ දැනුනා. මම දෙ පාරක් හිතුවේ නෑ සල්ලි ටික ආයෙත් බලෙන්ම දිලූප අතට දුන්නා.
“මේ මේ දිස්නක සහෝ..අනුකම්පාව මට අදාල දෙයක් නෙවෙයි...ඔට්ටුවනම් ඔට්ටුව..ඔයා මේ සල්ලි ගන්න කරුණා කරලා..“
මම ආයෙත් සල්ල ගන්න සූදානම් වුනේ නෑ.
“දීලූප මට මේ ලක්ෂෙට වඩා දහස් ගුණයක් වටින කෙල්ලෙක් ලැබුණා..ඒත් දිලුපත් ඒකට මට උදව් වුනා...මම වෙනුවෙන් දිලූප තවත් මොකුත් කැපකරන්න ඕන නෑ..අපි කොල්ලො විදියට එහෙම දේවල් වෙන්න දෙන්න බෑ..මාතර කොල්ලො එහෙමයි කියලා සහෝ දන්නවනේ...“
දිලූපට කියන්න දෙයක් නැතිවුනා. දිලූප ඔලුව බිමට හරවගෙන ඉදලා ආයෙත් තෘප්තිමත් හිතින් කතාකලා.
“ ඒ වචන ටිකම ඇති මචං...උඹ හොඳ කොල්ලෙක් දිස්නක..ජිත්මි හරියන්නෙ උඹ වගේ එකෙක්ට..හරි මම බයික් එක බේරගන්නම් මේකෙන්...මචංලට සදා ජය..“
සහෝදරකමින් අතට අත දීලා අපි එන්න වුනා. හිත පුදුම විදියට පිරිලා තිබුනා. මේ හැමදේම අස්සේ වචනයක්වත් නොකිය පුදුමෙන් වගේ හිටපු සමීර මගේ පිටට තට්ටුවක් දැම්මා.
“උඹ කලේ මාර වටින වැඩක් බන්..ඒක තමයි ලොකුම දේ...උඹ අන්තිමට හැමදේම හොඳින් විසඳගත්තා බං..මට මාර පුදුමයි..“
සමීර කතාකලේ බොහොම සංවේදී විදියට හදවතින්ම.
“ඒකට උඹත් ගොඩක් දරදිය ඇද්දා බං...මගේ හිතටත් මාර පිට් බං..“
මම සමීරගේ කරට අතදාගෙන නාහිමි ත්‍රිකෝණේ ගාවින් මහ රෝහල පැත්තට හැරුණා. එතකොටම දුරකතනයට කෙටි පණිවුඩයක් ආවා..
“මම ඔයාට ගොඩක් ආදරෙයි අයියා...කවදාවත් දාලා යන්න එපා...“
ඒ ජිත්මිගේ හිත..ඒ හිත එහෙම කියද්දි ලක්ෂේ සතපහක්වත් මට වටින්නේ නෑ.
“කවදාවත් නෑ මගේ රත්තරනේ...“
මම එහෙම පිලිතුරු පණිවුඩයක් යැව්වා. ආයෙමත් ආදරෙන් මට ජීවිතේට හැමදේම ගෙනාවේ ඒ ආදරේ කියලා දැනුනා.
෴ නිමි ෴
අපේ සොඳුරු ගුවන් විදුලි වැඩසටහන් “ගී මිහිර“ මෙතනින් අහන්න

ReplyDeleteබොලේ මටත් මධාරා කැමති කියලා පස්සේ දවසේ එවුව මැසේජ් එකනේ මේක.. :)
එල එල බං.. ලක්ෂේ වගේද කෙල්ල..
ඒත් පොඩි ප්‍රශ්ණයක්.. අන්තිම වෙනකම් උත්තරක් නොදැක්ක නිසා අහන්නේ.. කතාවේ නම "ආයෙමත් ආදරෙන්" කවුද දැන් එතකොට ආයෙම ආදරෙන් බැදුනේ? දිස්නකගේ කලින් ලවු එකක් ගැන නිකමටවත් ලිය උනේ නෑනේ..
කතාව එල හොදේ.. සිරාවටම..
හිතේ මතුවෙවී නැතිවුන ආදරයක් ආයෙත් මතුවෙලා ජීවිතේම උන නිසයි ආයෙමත් ආදරෙන් කියලා නම දැම්මේ...ගොඩක් ස්තූතියි දිනේෂ් අදහසට
Deletehelaravana.tk
ReplyDeleteඇවිත් බලන්නම්කෝ සහෝ
Deleteඋදේ පාන්දරම අවදි උනුගමන් මේක කියෙවුවේ අයියේ.ඔය තියෙන්නේ ලෙසටම. මාරු ඈ පට්ටයි.
ReplyDeleteගොඩක් ස්තූතියි මලයා
Deleteඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ.......!!!!
ReplyDeleteබොහෝම සංතෝෂයි...ඇත්ත ජීවිතෙත් දේවල් ඔහොමම සිද්ධවෙනවානම්.....!!!
සංගීත සංදර්ශනයක් බලන්න ගියත් මිනීමරාගන්න රටක් මේක ඒත් සුබ සිහින දකින සමාජ ක්‍රියාකරුවෙකට ඒක බාධාවක් නෙවෙයි. මොකද ඔහු සිහිනය දකින්නෙම ඒ අයහපත් තත්ත්වය වෙනස් කරන්න නිසා.
මේ ගැන ලියන්න තවත් දේ තියෙනවා. බලමු කවුරුහරි සරල ආදර කතාවකින් ඔබ්බට යයිද කියලා...
බොහොම ස්තූතියි අයියා..මේක සරල සුකුම බොළඳ ආදර කතාවක් වෙන්න පුළුවන්..ගැටළුව තියෙන්නේ මේක සත්‍ය කතාවක් වීමයි..සත්‍ය කතා රැඩිකල් ආකෘතියකට විකෘති කරන්න මට හැකියාවක් නෑ..ඒක නිසා මම සිදුවූ දෙයට රසකාරක එක්කර කතා සාරයක් ගොඩනැගුවා පමණයි
Deleteමේක සත්‍යය කතාවක් කියලා මම දැනගෙන හිටියෙ නෑ.(හැබැයි අනුමාන කලා).
Deleteආදර කතාවක්නම් එය එහි හරයෙන්ම බොළදයි. එහෙම නැති රැඩිකල් ආදර කතා වැඩිකල් දුවන්නෙ නෑ. ඒත් ලියනකොට අනවශ්‍ය වැල්වටාරම් වලින් තොරව කියවන්න රුචිවන විදියට ලියන්න ඔන. මේ කතාව කියවීම නීරස වුනෙ නෑ. සමහර තැන්වලදි "තමන්ගෙ" ගතියකුත් දැණුනා.බ්ලොග් අවකාශයේ තියෙන ආදර කතාවලින් මම දිගටම කියවපු එකම කතාව මේකයි.
මේක සරළ ආදර කතාවක් තමයි, හැබැයි සුලභ ආදර කතාවක් නෙවෙයි. මෙවැනි ආදර කතා සුලභ වෙන්න නම් සමාජය හුගාක් ශිෂ්ට සම්පන්න වෙන්න ඔන. මම කියන දේ දැන් තියෙන සිංදුවල විෂුවල් බැලීමෙන් වුනත් තේරුම් ගන්න පුළුවන්.
මේක උත්තම පුරුෂ ඒක වචනයෙන් ලිව්වට මගේ කතාවක් නෙවෙයි අයියා..මේක මම සත්‍ය වශයෙන් දන්න කතාවක්.ඔබේ අදහස සමග මම එකඟයි. මොකද සුදු සහ කළු චරිත මෙන්ම අලු චරිතද ජීවත්වෙන සමාජයක සුබවාදී කතා දකින්න ලැබෙනවා අඩුයි
Deleteඑල මචන් ,,,,,තව කතාවක් ලියපන්.....ජය වේවා.....
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා..
Deleteඒ කියන්නෙ දිස්නක සහ දිලූප කියන චරිත දෙකම විෂිශ්ටයි මට දැනෙන විදියට :)
ReplyDeleteසතුටුයි මේක ඇත්ත කතාවක් කියල දැනගන්න ලැබීම...
හමුවුනා ආයෙ හමුවුනා, අදිසි වෙඩික්කරු සහ මේ කතාව ඔය ඔක්කොම නියමයි...
තවත් මේ වගේ කතා ලියමු :)
ඔබට ජය!
බොහොම ස්තූතියි යාළුවා..කතා සේරම ලිව්වේ මට හිතුන සහ හැඟුන විදියට..මේක සත්‍ය කතාවක් කියන එක අන්තිම මොහොමත දක්වා සඟවාගත්තේ ඒ රසය නොමරන්න
Delete“අම්මට උඩු මචං කියලා විතරයි...“ බොක්කේන්ම ආපු අදහසක් සමීරට..
ReplyDeleteකාථාව නියමයි මචං.. මයුර එකේ සීන් එක මට මැවිලා පෙනුනා බං.. මම වගේ එකෙක් නම් අනිවා ඔතන හෙන පිස්සුවක් කෙළිනවා..
ජයෙන් ජය මචං..
ඉක්මනයම තව කථාවක් ලියපන්.. කියවන්න මග බලන් ඉන්නවා...
නියමයි හ්ම්ම්..:)
ReplyDeleteස්තූතියි යාළුවා
Deletehoda awasanak ayya.onna meka awasana kathawa wenna be.......thawa lassana katha liyamu hode jana ayye.....naththam dannawane....koniththanawa kana.... :))
ReplyDeleteගොඩක් ස්තූතියි නංගි..ඔයා හරියටම කව්ද කියලා නොදන්නවා උනත් බොහොම ස්තූතියි ගොඩක් සුහදව මේ කතාව ලියන් යද්දි දීපු අදහස් වලට..ආයෙත් කතාවක් ලියන්න වෙයිද නැද්ද කියලා හරියටම කියන්න බෑ..කතා ලිව්වත් නොලිව්වත් බ්ලොග්ස් ටික නම් ලියනවා
Deleteසියල්ලෝම සතුටෙන් විසිරගියහ. මේක සත්‍යය මෙව්වා 1ක් නම් නෙත්මි තාම සින්ගල්ද ඈ ? ? ? ;)
ReplyDeleteනෙත්මි හරියටම මේ සිද්දිය වෙලා අවුරුද්දකට විතර පස්සේ ආදර සම්බන්ධයක් පටන් ගත්තා බොහොම නිවුනු කොල්ලෙක් එක්ක
Deleteසික් විතරක්, අපි නගින්න ගියොත් පුවක් ගහෙත් දෙබලක්ලුනෙ :( :(
Deleteනරකද ඔට්ටුවක් දැම්මොත්
Deleteඅඩේ සතුටුයි
ReplyDeleteපහුගිය කොටස් 15ටම වඩා මේක තමයි ලස්සනම
සත්‍ය සිද්දියක් ද??
ගොඩක් ස්තූතියි පුබුදු..ඔව් සත්‍ය සිදුවීමක් ඇසුරින්
Deletedannawada ayya mama me blog dawiye tiyena ewe kiyawanna awe ahamben.mama comment danna gatte mage hitata allapu ewata.ein ekak tama ayyage blog eka.mama asawen kiyawana ekak.ayyath magema sahodarayek wagei.ekai mama mehema ayyath ekka pissu kiyawanne......me kathawa iwara unata ayyage anith post kiyawanna mama enawa hode....... :)
ReplyDeleteඒක ගැන අහන්න ලැබීම ගොඩක් සතුටුයි නංගි..ඒ වගේම ඔයාගේ හැම අදහසක්ම ගොඩක් වටිනවා..දිගටම ඉන්න..එච්චරයි ඉල්ලන්න පුළුවන් මට
Deleteඅයියේ අනිත් අයගෙ කැමත්ත නෙමෙයි ඔයා තමන්ට කැමති දේ කරන්න.දිගටම කතා ලියන්න.
ReplyDeleteබොහොම ස්තූතියි නංගි අදහසට..මගේ කැමැත්ත තාම දෙපැත්තට වැනෙනවා
Deleteකතාව නිම උන විදිහට මන් හරිම කැමති...මේක සත්‍ය කතාවක් උන එකත් මරු..සතුටුම සතුටුයි..
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරී..සතුටින් අවසන්වුන සත්‍ය කතාවක්
Deleteඅන්තිම කොටස් ටික දැන් තමයි කියවල ඉවර කලේ.. සාමකාමී ආදරබර අවසානයක්.. මේ කතාව නම් හිතට තදින්ම වැදුනා වගේ.. සත්‍ය සිදුවීම අත්දැක්කේ ඔයද??
ReplyDeleteගොඩක් ස්තූතියි චමී..මේක මගේ කතාවක්ද නැද්ද කියලා ඔයා තරම් හොඳට දන්න වෙන කව්රුවත් මෙතන නෑ
Deleteමට නමි දුක හිතුනා කථාව ඉවර උනා කියලා දැක්කම ඒත් කථා ඉවර වෙන්නත් එපා
ReplyDeleteඇත්තමයි ආසාවෙන් කියවපු කථාවක් මාරම ලස්සනයි
හැමදේකම අවසානයක් තියනවනේ සහෝදරයා..අවසානයක් කියන්නේ ඇරඹුමකට පියවරක් කියලා හිතමුකෝ...ස්තූතියි අදහස් වලට
Deleteඑහෙනම් ආයෙමත් ආදරෙන්...
ReplyDeleteදිස්නකටත්, ජනරඟටත් දෙන්නාටම සුභ පැතුම්...
ලස්සන කථාව සහෝ... කොහෙන් හරි වෙලාවක් හොයාගෙන නොවරදවාම බලපු කථාවක් මේක... ආයමත් තව කථාවක් ලියලා දාමු...
ආඃ !!! අමතක කරන්න එපා... ඔය පොත් ප්‍රින්ට් වෙනකල් බලන් ඉන්න අයත් ඉන්නවා හොඳේ !!!
ජයෙන් ජය සහෝ... !
අනිවාර්යෙයෙන්ම මචං..බොහොම ස්තූතියි චතුරංගයා
Deleteසහො. උඔ මෙක බලයි ද දන්නැ. කතාව ගෝඩාක් ලස්සනයි.
ReplyDeleteජයෙන් ජය වෙවා!!!
බොහොම ස්තූතියි මිත්‍රයා..
Deleteසිරාවටම මරු මචෝ........... මැවිලා පේනවා බං....................
ReplyDeleteමරු සීසන් 1 ඉවරයි.... සීසන් 2.. ^_^
ReplyDelete