Mar 13, 2017

අවුරුදු 4 කට පස්සෙ ආයෙත් නවකතාවක් ලියන්නටයි මේ සූදානම


කොහොමද ඉතින්, කාලෙකට පස්සේ ආයෙත් පහුගිය දවසක අපේ ඉසව්ව ලියන්න පටන්ගත්තා. දැන් අපේ ඉසව්ව මේ ගතකරන්නේ 7 වැනි අවුරුද්ද. දැන් ඉතින් එහෙම බැලුවම ටිකක් දැනුම් තේරුම් තියන දරුවෙක්. අවුරුදු හතක් පුරාවට දේශපාලනය,කලාව,අාර්ථික එකී මෙකී නොකී බොහොමයක් දේ ගැන මේ බ්ලොග් අඩවියේ නිදහසේ ලියවුණා. ලක්ෂ ගාණක් දෙනා ඒවා බලලා අදහස් දක්වලා තිබුණා. ඒ් හැමදෙනාටම බොහොම ස්තූතියි. 2011 අවුරුද්දේ ඉඳන් 2013 දක්වා අපේ ඉසව්ව බොහොමයක් පාටකයන් අතරේ ප්‍රචලිත වුනේ සතිපතා පලවෙන බ්ලොග් නවකතා නිසා. කොහොමත් ඒ කාලේ නවකතා කියන රැල්ලක් හැදිලා තිබුණා. 

ඔය කාල පරාසය ඇතුලේ අපේ ඉසව්වේ පළවුණ හමුවුණා..අනේ හමුවුණා, අදිසි වෙඩික්කරු, ආයෙමත් ආදරෙන්, සංකලනි වගේ නවකතා බොහොමයක් පාඨකයන් අතරේ නොමැකෙන මතක සටහන් තැබුවා. මේ කතා අතරින් බොහොමයක් මාතර නගරය කේන්ද්‍ර කරගෙන ලියපු සරල ආදරණීය කතා. එක් කතාවක් විතරක් රහස් පරීක්ෂක මාදිලියේ කතාවක්. ඒත් පුද්ගලික හේතුවක් මත අවසන් නවකතාව සංකලනී අවසන් කරන්නට බැරිවුණා. ඒ 2014 අවුරුද්දේ.


මේ කතා ටික කොච්චර පාඨකයන් අතරට ගියාද කිව්වොත් කොටසක් ලියන්න පරක්කු වුනොත් බැනුම්,තර්ජන ආපු තරමෙන් ම අවබෝධ කරගන්න පුළුවන් වුණා. සමහර කතා අදටත් සමාජ ජාලයන්හි එක් එක් පිටුවල අවසර ඇතිව, නැතිව කොටස් වශයෙන් පළවෙනවා. ලිව්වේ පොදිගහගෙන මැරෙන්න නෙවෙයි නිසා ඒවා රසවිඳලා සතුටුවෙන අය දිහා බලලා නිරාමිස ප්‍රීතයක් ලබනවා.

වැඩිය කතා ඕන නෑ. ඔන්න මගේ සූදානම ආයෙත් 2017 අවුරුද්දේ. ඒ කියන්නේ අවුරුදු 4 කට පස්සේ අපේ ඉසව්ව බ්ලොග් අඩවියෙන් කලින් වගේම රසවත් නවකතාවක් කොටස් වශයෙන් පළකරන්නයි. කලින් නවකතා බලපු අය ඒවායේ රහ දන්නවා, නොදන්න අයට කියවලා හොඳද නරකද කියලා තීරණය කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 4කට පස්සේ ටිකක් කාලයක් ගත්ත නිසා වැඩේ ඉක්මණටම පටන්ගන්නයි බලාපොරොත්තු..

ඔව්..පටන් ගන්න දවස...හරි ඉක්මණටම කියනවා.. වෙබ් නවකතා වල රැල්ලක් නැති මේ කාලේ පාඨක ඔබ වෙනුවෙන් ලියවෙන්නේ රැල්ලක් හදන්න නෙවෙයි, පුංචි මානසික තෘප්තියක් වෙනුවෙන්. 

එහෙනම් කතාව පටන් ගත්තම හමුවෙමු.. අපේ ඉසව්ව ෆේස්බුක් පිටුව එක්ක ඉන්නවනම් කතාව පටන් ගත්තම නොටිෆිකේෂන් එකකින්ම දැනගන්න පුළුවන් වේවි. එතෙක් කල් ජයවේවා..!

(ප.ලි - බ්ලොග් එකේ ෆොන්ට් සයිස් එක කලින් ප්‍රමාණයට වඩා ටිකක් අඩුකලා. අපහැදිලි හෝ කියවන්න බාධාවක් නම් අදහසකින් දන්වනවනම් ඉතාම සතුටුයි )

4 comments:

  1. Novel lynwnm iwara wennama lypn hndeee. Kalin wage madden nawaththanne nathuwa....

    ReplyDelete
    Replies
    1. අනිවා රනුකයා..කලින් එක නවත්තන්න වුණා නොවැලැක්විය හැකි හේතුවක් නිසා. ඒත් මේ පාර එක දිගටම ලියනවා කලින්ම ඒවා වගේ. ස්තූතියි මචං

      Delete
  2. Ube blog eka blog roll ekata damma nam novel eka miss wenne natuwa balanna puluwan

    ReplyDelete
  3. සංකලනී ආයේ ලියන්න බැරිද?

    ReplyDelete