Jun 30, 2012

ආයෙමත් ආදරෙන් - 14 වැනි කොටස ( ආයෙත් ඔට්ටුවට පිවිසීම..)

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8  9  10  11  12  13 


දැන්නම් ඇඬෙන් සයිස් එකටම තත්තේ බරපතලයි. මෙච්චර දවස් නොහිතුවට, නොදැනුනාට දැන්නම් ඇත්තටම මටත් හිතෙනවා මෙහෙම ගියොත් ඔට්ටුව පරදීවි කියලා..වෙලාවකට හිතෙනවා සමීරයා විකාරෙන් වගේ කිව්වට මේක කුමන්ත්‍රණයක් වගේ කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් ජිත්මි වගේ කෙනෙක් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි... ඒත් සමහර වෙලාවට දෙකට ගණින්න බෑ වගේ ඉන්න කෙල්ලෝ කරන ඒවා දැක්කම විශ්වාස නොකරත් බෑ..කොහොම වුනත් ඔට්ටුව අල්ලලා මාස දෙකක් ගතවෙන්නත් ලඟයි..ඔට්ටුවේ ප්‍රගතියක් නැතිවීම සහ රුපියල් ලක්ෂයක මුදලක් කාබාසිනියා වීම ආසන්නයේ හිටපු මට දැන් කරන්න කියලා දෙයක් නොතිබුණු ගානයි..

“මචං...මේක එහෙම අතෑරලා දාන්න පුළුවන් වැඩක් නෙවෙයි බං..“

සමීර පුරුදු විදියට ඔෆීස් එකේ කෑම වෙලාවේ කිව්වා. ඒත් තත්වේ ගැන තේරෙද්දි තව දුරටත් මේක මත්තේ මැරෙන්න හිතෙන්නෙත් නෑ..ඒ වගේම අතෑරලා දාන්න හිතෙන්නෙත් නෑ.

“නෑ මචං සමීර..තත්වේ මෙච්චර අප්සට් වෙයි කියලා මම හිතුවේ නෑ..මට පේන්නෙත් දිලූප යටින් මොකක්හරි ගේමක් ගැහුවා කියලා තමයි“

“මචං දිස්නක..මටත් එහෙම දෙයක්නම් තේරෙනවා...අර උඹ කියපු ජිත්මිගේ යාළුවා තමයි මටත් පේන විදියට ඕකට මැදිහත් වෙන්නේ“

“සිරාවට මචං..ඒදා මම ඒ කෙල්ල එක්ක කතාකරන්න හදද්දි පැනලා ගියපු  එකෙන් තේරෙනවා එයා මොකක් හරි මේකට මැදිහත්වීමක් තියනවා කියලා..අනික දිලූපයි ජිත්මියි එකට ඉඳපු හැම වෙලාවෙම ඒ යාළුවත් උන් දෙන්නා එක්ක හිටියා...ෂික් මට කතාකරන්න බැරි වුනානේ ඒ කෙල්ල එක්ක එදා..“

මම මේසෙටත් පාරක් ගහලා කිව්වා.

“මේ මේ..උඹේ කෙහෙල්මල් වලට මේ අහිංසක ඩීන් ලොක්කගේ මේස කුඩු කරලා වැඩක් නෑනේ බං...ඒක නෙවෙයි මචං..දැන් එහෙනම් ජිත්මි සහසුද්දෙන්ම දන්නවා ඇති උඹ ඒකි පස්සෙන් ඇඹලයා වගේ එලවනවා කියලා...යාළුවා ගිහින් රස කරලා කියන්න ඇති..“

“පලයන් යන්න..මටත් ඕන නැති මගුල් තමයි මේ ඔට්ටු..නිකං ඉන්න බැරි කමට“

“ඔට්ටුව වගේද මස්සිනා..ගොඩ ගියොත් ලක්ෂයක් සහ බෝනස් රූමත් ගුණවත් නැනවත් සිරිමත් සහ මන්මත් කෙල්ලෙක්...හැබැයි ගොඩ ගියොත් අපිමත් කරනවන්න උඹ බලාගනින් හොඳේ...“

“යකෝ මේ පරදිනවා පෙනි පෙනී ඔහොම ඒවා කියලා වැඩක් තියද බං..“
“ඒකනම් ඇත්ත...මචං දැන් සේරම වෙලා තියන එකේ නරකද අර මාර දූති නෙත්මිගේ උදව්වක් ගත්තොත්...“

සමීර හදිස්සියෙම කිව්වෙත් මගේ හිතේ තිබුණ අදහසක් තමයි..දැන් කරන්න දෙයක් නැති නිසා තියන හොඳම තුරුම්පුවත් ගහන්න වෙනවා..හැබැයි අත කුජීත වුනොත් ඉඳලා වැඩක් නෑ.

“ඔව්  බං..මමත් හිත හිත හිටියේ ඒක තමයි..හෙට අනිද්දට ඔට්ටුවට මාස දෙකයි..මොන දෙයක් කරන්නත් තියෙන්නේ මාසයයි..“

“ඒක හොඳයි මචං...“

අපි දෙන්නා කතා කර කර හිටපු අතරට ආවේ පියන් කෙනෙක්.

“දිස්නක මහත්තයා මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත්..එලියේ පාක් එකේ ඉන්නවා“

පියන් ඇවිත් කිව්වම එකපාරටම කව්ද කියලා හිතාගන්න බැරිවුනා.

“මොනවගේ කෙනෙක්ද..“

“ටිකක් උස මහත..කොණ්ඩේ ක්රේල් කරපු මහත්තයෙක්..ට්‍රේල් බයික් එකකින් ඇවිත් තියෙන්නේ...“

“මචං සමීර..එකත් එකටම ඔය දිලූපයා..“

මට එකපාරටම හිතුනේ මිනිහා ඔට්ටුව දිනලා කියලා යන්න ඇවිත්ද දන්නෑ කියලා..මගේ කකුල් දෙකත් පණ නැතුව ගියා..මේ හදිස්සියට ලක්ෂයක් හොයාගන්නත් තැනක් නෑ.

“යමං..මාත් එන්නං..“

සමීරත් මාත් එක්ක ආවා..එලියේ පාක් එක ගාව දිලූප හිටියා.මිනිහගේ බයික් එක උඩ වාඩිවෙලයි හිටියේ. අපි දෙන්නා දැක්ක ගමන් කිණ්ඩි හිනාවක් දැම්මා..පැනලා දෙන්න හිතුනා හොම්බට හැටක්.හැබැයි ඉතින් එහෙම දීලා මාතර ඉන්න නෙවෙයි..මොකද මේවා හින්දි ෆිල්ම් නෙවෙයිනේ.

“සුබ සැන්දෑවක් දිස්නක මහත්තයා..කොහොමද අපි දෙන්නගේ ලක්ෂේ ඔට්ටුවේ තත්වේ..“

බොහොම හිනා මූණක් පෙන්නගෙන දිලූප එහෙම අහද්දි මට උන්හිටිතැන් අමතක වුනා..මොනවා කියන්නද.

“සුබ සැන්දෑවක් දිලූප සහෝදරයා..ඔට්ටුව බොහොම හොඳින් කෙරීගෙන යනවා..මම හිතන්නේ උපරිම තව සතියක් දෙකක් ඇතුලත දිලූප සහෝදරයට රුපියල්වලින්ම ලක්ෂයක් සූදානම් කරගන්න වෙයි..“

මම බොරු වීර පාට් එකක් මවාගෙන කියද්දි සමීරයා මගේ අත හිමීට කෙනිත්තුවා..මම එහෙම කිව්වා කියලා දිලූපගේ මූණේ තිබ්බ හිනාව පොඩ්ඩක් වත් වෙනස් වුනේ නෑ..මූනම් මාර මිනිහෙක් තමයි කියලා මට හිතුනා.

“අහා එහෙමද...බොහොම සතුටුයි...ඒත් ඉතින් මම හිතන්නෑ මට ලක්ෂයක් සූදානම් කරගන්න වෙයි කියලා..මොකද  දිස්නක සහෝදරයා තව ටික දවසකින් මම ගැන අනුකම්පා හිතිලා මට ලක්ෂයක් ගෙනැත් දෙනවලුනේ..“

දිලූප එහෙම කියද්දි ඇත්තටම මිනිහගේ මූණට දෙකක් අනින්න හිතිලා තිබුණේ.මෙහෙම වචනවලින් ගහද්දි අතින් පයින් ගහනවට වඩා අමාරුයි.

“අපි ඒක බලමුකෝ දිලූප සහෝදරයා...“

“ඔව් ඒක හොඳයි දිස්නක සහෝදරයා...ඒත් මම මේ දෙයක් කියලා යන්න ආවේ..පහුගිය දවසක කව්ද කැනහිලෙක් අපේ ගම පැත්තේ කරක්ගහලා මම ගැන අහල පහල එවුන්ගෙන් අහලා තිබුණා..මට පොලිස් කේස් නැති නිසා මම හිතන්නේ ඒ දිස්නක සහෝදරයගේ චර පුරුෂයෙක් වෙන්න ඇති..“

දිලූප එහෙම කියන කොට මට ඇස් කොණින් වගේ සමීර දිහා බැලුනා. හැබැයි ඒක දිලූප දැක්කේ නෑ. සමීරගේ මූණ ඒ වෙලාවේ බලන්න ආසයි..මිනිහා මොකෙක්ද වගේ මහා හයියෙන් හුස්ම ගන්නවා..සමීරගේ චරපුරුෂ සේවාව අහුවෙලා දිලූපට

“ඒත් දිස්නක සහෝදරයා අපේ ගෙවල්වල පිලිකන්න පැත්තේ රිංගුවා කියලා මේ ඔට්ටුවට ඒක අ දාල වෙන්නේ නෑනේ..හැබැයි ඉතිං ඔය රිංගන වෙලාවක ගමේ ගෑණුන්ට අහුවුණොත් කොහු පාරවල් කාලා තමයි නහින්න වෙන්නේ...“


දිලූප සුපුරුදු කිණ්ඩි හිනාව සද්දෙත් එකක්ම දාලා කියද්දි සමීරයගේ සුන්දර මූණ ගින්දර වගේ රත්වෙලා වැහැරිලා ගියා. මම මොකුත් නොකිය ඉන්න හදලා අන්තිමට වචන කීපයක් කිව්වා.


“දිලූප සහෝදරයා..තාම කිසිම දෙයක් ඉවර නෑනේ..බලමු ඉස්සරහට..“


දිලූප මොකුත් නොකිය යන්නම් විතරක් කියලා බයික් එකේ නැගලා ටවුන් එක පැත්තට යන්න ගියා. එතකොට සමීර ලොකු හුස්මක් ගන්නවා ඇහුනා.


                                      * * * * * * *


     දවස් දෙකකට විතර පස්සේ හවසක මම එලියට වෙලා ඉන්නකොට හවස ද ැක්කා මිදුලේ නෙත්මි මොකක්ද කර කර ඉන්නවා. මම පොඩි සද්දයක් දැම්මම හිනාවක් දාගෙන නෙත්මි වැට ලඟට ආවා.


“මොකද මේ නයි පැටියෙක් වගේ සද්ද දාන්නේ..මොක්කද කෙරෙන්න ඕන“


නෙත්මි ඇවිත් මගෙන් ඇහුවා. මට කියන්නේ මොනවද කියලත් අමතක වුනා. ඒත් දැන්නම් මේක නෙත්මිට නොකිය ඉඳලා වැඩක් නෑ.


“නංගි මට ඔයාට පොඩි දෙයක් කියන්න තියනවා...“


නෙත්මි ඇස්දෙක පොඩි කරලා මගේ දිහා බැලුවා. මගේ සීරියස් මූඩ් එක නිසා වෙන්න ඇ ති.


“මොකක්ද දැන් ඔයා ඔය කියන්න හදන්නේ..අපේ අක්කම සෙට් කරලා දෙන්න කියලා එහෙම නෙවෙයි නේද....“


ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේ කිව්වා වගේ මම කියන්නත් කලින්ම මෙයා ඒක කිව්වනේ..අනේ අම්මපා ගෑණු ඉව තමයි ඉව.


“අවාසනාවකට හෝ වාසනාවකට මට ඔයාට කියන්න ඕන උනෙත් ඒකමයි...“
මම ටිකක් හිතලා මතලා ඒක කිව්වා.


“අප්පට සිරි..මම මේ නිකං කණා ෂොට් එකක්නේ ගැහුවේ...බලනකො ට  නියම තැනට වැදිලනේ...ඒ කියන්නේ ඔයා අපේ අක්කට ට්‍රයි..“


“හ්ම්ම්..“


මම නිකං හතර විලිලැජ්ජාවට වගේ හූමිටි තිබ්බා.


“ඒකත් එහෙමද...දැන් මගෙන් මොකක්ද කෙරෙන්න ඕන...අපේ අක්කණ්ඩි කුමාරි ඕක දන්නවද?“


“ඔව් දන්නවා ඇ ති...මට ඔයාගෙන් කෙරෙන්න ඕන මේ දේ ගැන අහලා එයාගේ අදහස මොකක්ද කියලා දැනගන්න...එයා එක්ක කෙලින් කතාකරන්නවත් එයා සූදානම් නෑනේ..“


නෙත්මි ඔලුව කහ කහ ටිකක් වෙලා කල්පනා කරලා උත්තර දුන්නා.


“වෙන කොල්ලෙකුටනම් මම ඉතින් මේ වෙලාවට හොඳවයින් දෙකක් කියනවා...ඒත් දිස්නක අයියට එහෙම කරලා බෑනේ..මොකද මස්සිනා කෙනෙක් වශයෙන් දිස්නක අයියා නරක නෑ..පොඩ්ඩක් වන්නියේ කොල්ලෙක් වුනාට...“


මගේ හිතට ලොකු සහනයක් දැනුනා. ඒ කියන්නේ නෙත්මි කැමතියි මම ජිත්මි එක්ක යාළු වෙනවට. ඒත් ජිත්මි දිලූප එක්ක සම්බන්ධයක් තියනවනම් ඒක කරන්නේ නෙත්මිටත් හොරෙන්ද කියන එක මට ප්‍රශ්නයක් වුනා.


“ලොකු උදව්වක් නංගියේ...“


මම ගොඩක් හැඟීම්බරව කිව්වා.


“හරි හරි අයියණ්ඩි..මම වචනේ දාලා බලන්නම්කෝ දෙයියනේ කියලා..“








 ඊළඟ කොටස මෙතනින්

31 comments:

  1. එල එල දිස්නක ඔහොම යං... මොනව උනත් නංගිත් support නේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙතනදි නංගිගේ සපෝට් එක ඉතා වැදගත්

      Delete
  2. දකුනෙ එවුන්ට දකුනෙ එවුන් සෙට් වෙනවනෙ... ඕං එහෙනං මාත් ඈ.....!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..සාදරයෙන් පිළගන්නවා

      Delete
  3. යුවතියකට ඔබ ආදරේනම් ඇයට පවසන්න-පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න.. ඇයි අප්පා දිස්නකට මේ ටික තේරෙන්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. "ඇය" රෙහානි නෙවෙයිනෙ....... :)

      Delete
    2. ඒක ඇත්ත නමුත් මෙතනදි බලපාන සාධක එක්ක කොල්ලෙක්ගේ භාවාත්මක හැසිරීම සාමාන්‍යකරණීය කරන්න අමාරුයි සහෝදරී..ඒ වගේම සුමිත් අයියා කියන්න වගේ ජිත්මි කියන්නේ වෙනස්ම චරිතයක්නේ

      Delete
    3. මම නම් හිතන්නේ ජිත්මි වෙනස් කෙනෙක් නිසාම තමයි දිස්නක කෙලින් කතා කරන්න ඕනි.. "හැබැයි ඉතින් දකුණේ කොල්ලා වෙච්චි එකේ මේක අතරමැදීයෝ නැතුව ඩිරෙක්ට් ඇහුවනම් තමා ලස්සන.."
      දිනේෂ් ගේ මේ කතාවට මාත් එකගයි..
      මේක සාමාන්‍ය අදර කතාවක් නොවන නිසා ඔයා කියන දේ හරි කියල මන් පිලිගන්නවා..නමුත් ජිත්මිට.. මොකද ජිත්මි මේ ලක්ශේ කතාව දන්නවා ඇති කියල මන් හිතන්නේ නැහැ.ජිත්මිට හිතුනොත් ලක්ශේ නිසා දිස්නක එයා පස්සේ එනවා කියල දිස්නකට කොහොමත් කැමති වෙන එකක් නැහැ නේද?දිස්නකගේ ආදරේ තේරුම් කරන එක තමයි වැදගත් ..එකට දිස්නක තරම් හරියන තව කෙනෙක් නැහැ.දිස්නක බුද්ධිමත් විය යුතුයි..

      Delete
    4. @සුමිත්-වෙලාවට මන් නොවුනේ...හිකිස්..
      :)

      Delete
  4. ammo..........disnaka ayyage welawata nethmi nangi kamati une.natnam disnaka ayya ohe idala iwarai.....

    ReplyDelete
    Replies
    1. නංගි මාතරද..නිකං මාතර වගේ දැනෙනවා..ඔව් ඒක ඇත්ත..මොකද මෙතනදි හැම සාධකයක්ම ඉතා වැදගත්

      Delete
  5. ah..jana ayye oyage ara kalin post eke ape comment walata reply nane ane........

    ReplyDelete
    Replies
    1. අහා ඒකට රිප්ලයි ප්‍රසිද්ධියේ මෙහෙම දෙන්න බෑ...මම ඊමේල් එකක් එවන්නම්..හිකිස්

      Delete
  6. අම්මෝ... ඒකත් හොඳයි. මම හිතුවෙ නෙත්මි දිස්නකට කැමතියි කියලා... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට නෙත්මි ගැලපෙන්නේ දිස්නකට තමයි

      Delete
  7. මම හිතුවෙ කොල්ල නාලා තමා කියලා. කොල්ලා තාම නාලා නෙ වගෙ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තාම සබන් ගානවා

      Delete
  8. මම හිතන්නෙ මම ඕක කිව්ව පසුගිය කොටසෙදි.

    ReplyDelete
    Replies
    1. නංගි තුරුම්පුව ගැනද..ඔව් ඔව් ඔයා කියලා තිබ්බා

      Delete
  9. අන්තිමේ ගහන්න තිබ්බ තුරුම්පුවත් ඕකම තමා.. හැබැයි ඉතින් දකුණේ කොල්ලා වෙච්චි එකේ මේක අතරමැදීයෝ නැතුව ඩිරෙක්ට් ඇහුවනම් තමා ලස්සන.. නැද්ද මං අහන්නේ..

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ සහෝදරයා..සමහර අවස්තා තියනවා දකුණේ කොල්ලන්ට වුනත් සෘජුවම මැදට වෙන්න බැරි..ඒක අවස්ථානුකූල සාධක අනුව..මේක දකුණේ කොල්ලන්ගේ පොදු කතාවක් නෙවෙයිනේ සහෝදරයා

      Delete
  10. දැන්නම් හොද දෙයකි වෙයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අනේ..සුදු සදේ කළු වලා ඉවර වෙයිදෝ වෙයිදෝ

      Delete
  11. ammo.....mamanam mathara nemei onna....

    ReplyDelete
  12. ඔය තියෙන්නෙ බඩු, අතලඟ තියෙන්න උදව්ව ගන්න මේකට මෙච්චරකල් ගියානේ හැබෑට :(

    ReplyDelete
    Replies
    1. බඩු වැඩකලොත් හොඳයි බං

      Delete
  13. දෙයියනේ කියල නෑණ ගොඩ නේ.....^_^

    ReplyDelete
  14. අදහන්න වටිනා නංගි පොඩ්ඩ :3

    ReplyDelete