Dec 20, 2011

හමුවුණා...අනේ හමුවුණා සයිබර් නවකතාව පොතක් ලෙසින් එළිදකී...


අපේ ඉසව්ව බ්ලොග් අඩවියේ කොටස් වශයෙන් පලකල “ හමුවුණා..
අනේ හමුවුණා“ නව කතාව E-book එකක් වශයෙන් ඉදිරිපත් කිරීමට හැකිවීම සතුටින් යුතුව සඳහන් කල යුතුය. බොහෝ දෙනෙක් ආසාවෙන් කියවූ මාතර සුන්දර ආදර පුවතක් කැටිවුණු මෙම නවකතාව පහත බැඳිය ඔස්සේ ඔබට භාගත කරගත හැකිය.


මෙම කෘතිය පිළිබඳ ඔබගේ අදහස් උදහස් බලාපොරොත්තු වෙන අතර මිතුරන් වෙත මෙම කෘතිය යොමු කිරීමෙන් නොමිලේ වින්දනාත්මක යමක් හුවමාරු කිරීමේ අවස්ථාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිමි

9 comments:

  1. ඔන්න මම ඉස්සෙල්ලම අර ගත්තා... සුභ පැතුම් මිත්‍රයා..

    ReplyDelete
  2. කියවල බලලම ප්‍රතිචාර කියන්නම් ;)

    ReplyDelete
  3. කතාව ඔක්කොම එක තැනකට දාපු එක නම් හොඳයි. මාත් බා ගත්තා.

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි යාළුවනේ අදහස් ටිකට

    @ඇනොනිමස් - මහාභාරතය කියන පුරාවෘත්ත කතාව යූ ටියුබ් වල පල කරන්න වසර 13 කට කලින් සුචරිත ගම්ලත් මහත්මයා මහාභාරතය කෘතිය සිංහලට පරිවර්තනය කලා. එය ඉන්දියාවේ ඉතිහාසය පිලිබඳ ගෙතෙන වියමනක්. නමුත් නැරඹුවම තේරේවි ඕනෑම අයෙක්ට එය කොතරම් අභව්‍ය කතා පුවතක්ද යන්න. ඒ වගේම මෛත්‍රිය වෙනුවට වෛරය හා සතුට වෙනුවට ක්‍රෝධය කියන සංකල්ප මූලික කරගෙන නිර්මාණය කරන ලද නිර්මාණයක්. කොහොම වුනත් එහි පාණ්ඩව කුමරුන්ගේ හා දෞපදියගේ චරිත වලින් වගේම අවශේෂ චරිත වලින් ගන්න බොහොමයක් දේවල් තියනවා. ලංකාවේ ටෙලි නාට්‍යය ගැන කලකිරෙන්න අමුතු උදාහරණ ඕන නෑ අපේම නිර්මාණ වුණු දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ, වෙද හාමිනේ වගේ නිර්මාණ ගත්තම අද කතා ගැන කතා කරනවටත් ණයයි

    ReplyDelete
  5. මේ පොත දැන් ගන්න බැරි ඇයි????

    ReplyDelete
    Replies
    1. link එක අප්ඩේට් කලා මිත්‍රයා..දැන් පුළුවන් වෙයි

      Delete
  6. මේකෙ password එකක් ඉල්ලනවනෙ. password එක මොකක්ද මිත්‍රයා?

    ReplyDelete
    Replies
    1. පාස්වර්ඩ් එක ඉවත් කලා මිත්‍රයා

      Delete
    2. බොහොම ස්තුතියි මිත්‍රයා.

      Delete