සමන්මලී හිටියේ මිදුල අතුගාන ගමන්. සමන්මලීගේ ගෙදර එක්කෙනා වෙච්ච සුරංග ඉස්සරහා කාමරේට වෙලා අල්මාරියේ පරණ ලිපිගොනුවක් හොයමින් හිටියා. සමන්මලීට කඩුල්ල පැත්තෙන් බෙල් එකක් වදින සද්දයක් ඇහුණා. ඒ හැමදාම වගේ තමන්ගේ ගෙදරට පත්තරේ අරන් එන පත්තර විකුණන මනුස්සයා ඇවිත් බෙල් කරන සද්දේ. සමන්මලීගේ තාත්තා ගෙදර ඉන්න කාලේ ඉඳන් ගත්තේ දිනමිණ පත්තරේ. ඒත් කසාද බැඳලා බින්න බැහැපු තමන්ගේ මනුස්සයා මුල් කාලේ දිනමිණ ගන්නවට එච්චර කැමති නැතිවුණත් පස්සේ කම්මලේ බල්ලා වගේ දිනමිණටම හුරුවුණා.
සමන්මලී පත්තරේ අරන් ඉස්තෝප්පුවට ඇවිත් පුරුදු විදියට පත්තරේ බලන්න පටන් ගත්තා. ඉස්සරහ කාමරේ හිටපු සුරංගට ටිකකින් සද්දයක් ඇහුණා..ඒ ගේ ඉස්සරහ ලිඳ පැත්තෙන්..ජබුග්..ගාලා සද්දේ ආවේ හරියට කව්රුහරි ලිඳට පැන්නා වගේ..සුරංග කෝකටත් කියලා හොයමින් හිටපු ලිපිගොනුවකුත් අරගෙනම එලියට ආවා.එතකොට දැක්කේ සාලේ පුරා විසිරිලා තියන දිනමිණ අද පත්තරේ පිටු ටික වගේම මිදුල මැද බිම වැටිලා තියන ඉදල. සුරංගගේ හිතට අනියත බියක් ආවා. ලිපිගොනුව බිම දාලා අඩියට දෙකට ලිඳ ගාවට දිව්වා..දෙයියනේ සමන්මලී ලිඳේ පැනලා..ලිං පතුලේ යමරෙට දඟලනවා..
“කිරි මාමේ...තිලකේ බාප්පේ...හිච්චි මල්ලීයේ...ඉක්මණට වරෙල්ලා බං..හිච්චි නෝනා ලිඳට පැනලෝ...“
සුරංගගේ මොරදෙන සද්දෙට තත්පර ගාණට ගංගොඩේ ඥාති දෙතුන් සීයක් ලිඳවටේට එකතුවුනා..කඹ දාලා ගන්න හැදුවට බැරිවුණා..පස්සේ සමන්මලීගේ මල්ලි වෙච්ච හිච්චි මල්ලි කඹයක් ඉනේ බැඳගෙන ලිඳට පැනලා සමන්මලීව බේරගත්තා..ගොඩට ගන්නකොටත් සමන්මලීට සිහිය නෑ..
ටිකකින් සිහිය ආව සමන්මලීලගේ කාමරේ ගංගොඩේ ගෑණු පිරිලා හිටියා. සේරම කසු කුසු ගෑවේ හදිස්සියෙම සමන්මලී ලිඳේ පනින්න හේතුව මොකක්ද කියලා..පිරිමිටික බලන්හිටියේ සුරංගගේ කටින් වචනයක් පිටවෙනකං..ඒත් සුරංග දන්න හේතුවක් තිබුණේ නෑ.
පස්සේ හරියටම සිහිය කල්පනාව ආවම ගමේ සමන්මලීලගේ කිරි අත්තම්මා වෙන වයසක සන්සුන් ගෑණු කෙනෙක් සමන්මලීගේ ඔලුව අතගාලා විස්තරේ ඇහුවේ සේරම ඉන්න තැන සිද්ධිය සහසුද්දෙන්ම පැහැදිලි කරගන්න, එතකොටත් ගමේ දහසක් කටකතා හුළඟේ වේගෙන් පියාඹමින් තිබුණා. සුරංගත් ඇවිත් සමන්මලී කියන දේ අනිත් පිරිමි ඇත්තෝ වගේම අහගෙන හිටියා.
“හිච්චි දුවේ..කියහං මට..මොකද උඹ හදිස්සියෙම ලිඳේ පැනලා ජීවිතේ නැතිකොරගන්න හැදුවේ..උඹට මොකක්ද තියන පුරස්නේ..“
කට්ටියම සමන්මලීගේ උත්තරේ බලන් ඉන්නවා..එකපාරටම සමන්මලී මොරදීලා අඬන්න ගත්තා..ඇඳෙන් බැහැලා ඉස්තෝප්පුවට ගිහින් එදා දිනමිණ පත්තරේ පිටු පෙරලගෙන පෙරලගෙන ගියා..අන්තිමට පිටුවක් හැමෝටම පේන්න උස්සලා පෙන්නුවා..
“මේන් මේක නිසා තමයි මට මෙහෙම කරගන්න වුනේ..“සමන්මලී ඉකිගහ ගහ කිව්වා.
කට්ටියම ලංවෙලා බැලුවා මොකක්ද ඒ කියලා..“සිංහල බ්ලොග් අවකාශය“ මොන කෙහෙල්මලක්ද අප්පා ඒ. කට්ටියම මූණට මූණ බලාගත්තේ සැකෙන් වගේ. පත්තරේ අකුරු ටිකකට දිවි හානි කරගන්න ඕනද කට්ටියම මුමුණන්න පටන් ගත්තා..
“ඉතිං හිච්චි දුවේ මේකේ මැරෙන්න තරං දෙයක් තියෙද?“
සමන්මලී ගේ සද්දේ එපාර නම් වැඩි වුණා.
“අපේ ගෙදර එක්කෙන් බ්ලොග් ලියනවා කියලා ලිය ලිය රෑ ජාමෙත් නැගිටගෙන කාලයක් තිස්සේ ඬෙගා නැටුවා..පස්සේ අර ගෙට් මේ ගෙට්..බීච් පාටි..ලේ දන්දීම්..ප්‍රදර්ශන කියලා රට වටේ රවුම් ගැහුවා..අන්තිමට ඒවයේ කෙල්ලෝ එක්ක නටන නැටුං මම දැක්කේ පහල ගෙදර රං මැණිකේ දවසක් කම්පියුටරෙන් පෙන්නුවමයි..එපාර මම කෑගහලා කෑගහල ඔය බ්ලොග්ද මොකක්ද කෙහෙල්මල් ලියන එක නැවැත්තුවා..යංතං ඒපාර කම්පියුටරේ විකුණලා දාලා පාඩුවේ හිටියා..මමත් හිත හදං සතුටෙන් හිටියා..“
“හරි ඉතිං දැන් මොකද වෙලා තියෙන්නේ..“
“වෙන මොනවා වෙන්නද..කොම්පියුටරේ ගියපුවා මොකෙක්ද හාදයෙක් දැන් පත්තරේ දාන්න පටන් අරගෙන..දැන් මේ යකා මේවා බලලා ආයෙත් දඩාවතේ යන්න පටන් ගනියි..ඒකයි මම ලිඳේ පනින්න ගියේ..අනේ දෙයියනේ මට මැරෙන්නවත් දුන්නෑනේ මේකුන්“
සමන්මලී කිරි ආත්තම්මට කඩාගෙන පැන්නා.
* * * * * ** * ** *
“චන්දරේ ඔන්න මම කිව්වා කියලා මතක තියාගන්න ආයෙත් ඔය පත්තරේ මේ ගෙදරට ගත්තොත් මම ගිනි තියාගන්න එක ගිනි තියාගන්නවා සත්තයි...“
පාන්දරම තමන්ගේ භාර්යාවගේ මරවිලාපෙට චන්දරේ ඇඳෙන් නැගිට්ටා නෙවෙයි උඩ පැන්නා. ඊයේ රෑත් යස අගේට මෙගා ටික බලලා කඩෙන් ගෙනාපු කොත්තු කාලා නිදාගත්ත උන්දැට පාන්දරම මොකද වුනේ කියලා චන්දරේට බරපතල ප්‍රශ්නයක්. චන්දරේ අඩියට දෙකට සාලෙට දිව්වා..කඳුළු පෙර පෙර දිනමිණ පත්තරේ අතේ තියාගෙන හිටියේ චන්දරේගේ හාමිනේ ඩල්සි.
“මොකද අනේ මේ පාන්දරම කෑ මොර දෙන්නේ..ස්කීම් එකටම ඇහෙනවනේ..දැන් මොකද මේ හේතුවක් නැතුව ගිනි තියාගන්න හදන්නේ..“
චන්දරේ බොහොම දයාබරිතව සහ අස්වසන ලීලාවෙන් හාමිනේගේ අතකුත් අල්ලගෙනම කිව්වා..ඩල්සි කිසිම හිතක් පපුවක් නැතුව චන්දරේගේ අත ගස්සලා දැම්මා.
“මට ඒවයින් වැඩක් නෑ...ආයෙත් මේ පත්තරේ ගෙදරට ගත්තොත් මම මැරෙන එක මැරෙනවා...“
අම්මගේ බෙරිහන් දෙන සද්දෙට නාන කාමරේට වෙලා සින්දු කිය කිය වතුර මලේ පහස වින්ද චන්දරේගෙයි ඩල්සිගෙයි එකම දියණියත් කෝණ්ඩේ හරියට පිහිදගන්නේ වත් නැතුව වතුර බේරි බේරි දුවගෙන ආවා..
“මොකද අම්මේ මේ කෑගහන්නේ..මම හිතුවේ පාන්දරම ගෙදරට හොරු පැනලාවත් කියලා..“
අම්මා පුපුරමින් ඉන්න විදිය දැකපු දෝණි කිව්වා. චන්දරෙත් ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන බලන් හිටියා.
“ඒක තමයි දරුවෝ මාත් මේ ඇහුවේ..පාන්දර අමු කැවිලද?“
“අමු නෙවෙයි මට වෙන දෙයක් කැවෙන්න කලින් කිව්වේ..ආයෙත් මේ පත්තරේ ගෙදර පලාතේ ගේන්න එපා..“
චන්දරේට දැන් මේක මහා ප්‍රශ්නාර්ථයක්. දුවටත් එහෙමමයි.අම්මා හරියට දෙයක් කියන්නෙත් නෑ බෙරිහන් දෙනවා විතරයි.
“ඒක මාර කතාවක්නේ..ආණ්ඩුව කරන මහා ආශ්චර්යය රටේ අනිත් ඊනියා පත්තර වල පලකරන්නෙත් නෑ..මේකෙන් විතරයි යන්තම් ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන දැනගන්න පුළුවන් වෙන්නේ..ඉතින් එහෙම එකේ පත්තරේ ගන්න එක නවත්තන්න සාධාරණ හේතුවක් තියෙන්න ඕනනේ..“
ඩල්සිගේ රතු කට්ට පනින්න ආවා. දඩි බිඩියේ පත්තරේ පෙරලගෙන ගිහින් අන්තිම හරියෙන් පිටුවක් පෙරලලා තාත්තටයි දුවටයි පෙන්නුවා.
“පේනවනේ..මෙන්න මේ කෙහෙල්මල නිසා තමයි මම පත්තරේ ගන්න එපා කියන්නේ..ආයෙත් ගත්තොත් මම මැරෙනවා මැරෙනවමයි“
තාත්තයි දුවයි දෙන්නම ඔළුව දාලා බැලුවා පත්තරේ තියෙන්නේ මොනවද කියලා..“සිංහල බ්ලොග් අවකාශය“ කියලා ලොකුවට පත්තරේ පිටුවක්ම වෙන්කරලා තිබුණා. දෝණිටයි තාත්තටයි දෙන්නටම එකපාරට හිනාගියා..
“ආ..මේක ඉතින් මහ දෙයක්ද..මැරෙන්න දෙයක් තියනවද මේකට..කොච්චර හොඳ වැඩක්ද..“
ඩල්සි යකා තදවෙලා පැන්නා චන්දරේ ඉස්සරහට.
“හොඳ..හොඳ ඇති ආණ්ඩුවටයි,පත්මකුමාර උන්නැහේටයි,එයාගේ ගෝලයන්ටයි..ඇයි ඕයි අමතකද අපේ මහ ලොකු දු පොඩ්ඩ බ්ලොග් ලියනවා කියලා රැයක් දවාලක් නැතුව ඉන්ටර්නෙට් එකේ හොම්බ උලාගෙන ෆෙස්බුක් එකෙත් පදිංචි වෙලා හිටියා..ඒ මදිවට එක එක කෙහෙල්මලවල් වලට අරවට මේවට කියලා රටපුරා ඇවිදලා අන්තිමට කොල්ලෙකුත් හොයාගෙන නතරවුණා..අන්තිමට මම කෑගහලා කෑගහලා ඉන්ටර්නෙට් නතර කරේ නැත්නම් මෙලහකට හොඳ පිම්මක් පැනලා..“
ඩල්සි කෑගැහුවා.
“හරි හරි ඉතින්..දැන් මොකක්ද වෙලා තියෙන්නේ..“
දැන් ඩල්සි කේන්තියෙන් පුපුරලා යන්න වගේ. ගිනිතියාගන්නෙත් නැතුවම ගිනිගනීවිද කියලා චන්දරේට හිතුනා.
“වෙලා තියෙන්නෙද?...වෙලා තියෙන්නේ මම එහෙම බැනලා ගහලා එහෙ මෙහෙ ගිහින් ඉන්ටර්නෙට් නවත්තලා දහසක් දේවල් කරලා යන්තම් ඔය බ්ලොග් කෙරුවාව නැවැත්තුවා..දැන් මොකෙක්ද ගොබිලෙක් පත්තරේටම දානවා ඒ කෙහෙල්මල් විකාර..දැන් ආයෙත් මේකි කොහේ කොහේ යන්න පටන් ගනීවිද දන්නෑ...අම්මපා ආයෙත් ඔය පත්තරේ මේ හතර මායිමේ ගෙනාවොත් මම මේ මුළු ගෙටම ගිනි තියාගෙන මැරෙනවා..“
ඩල්සිගේ කතාවට චන්දරේගේ ඇස්දෙක උඩගියා..චන්දරේ හෙමින් සීරුවේ දූ පොඩ්ඩ දිහා බලද්දි, දූ පොඩ්ඩ අඩියට දෙකට කාමරේට රිංග ග ත්තා..
* * * * * * * * * * *
කොහොමවුනත් අපේ “සමකය වටේ“ ලියන නලියා (නලින් දිල්රුක්ෂ) සහෝදරයා තමන්ගේ පුද්ගලික මහන්සියේ ප්‍රතිඵලයක් විදියට සිංහල බ්ලොග් අවකාශයේ නිර්මාණ සහ අදහස් මුද්‍රිත පුවත්පත් පිටු අතරට රැගෙන යන්නට උත්සහයක් අරගෙන තියනවා. ඒ වෙනුවෙන් මගේ පුද්ගලික ස්තූතිය හා දිරි සවි ඔහුට පිරිනමන්න කැමතියි. තරුණයා පුවත්පතත් මේ සඳහා යම්තාක් දුරට උත්සහ කල පුවත්පතක් බවත් සඳහන් කල යුතුයි. කොහොම වුනත් මම ඉල්ලා සිටිනවා ගුණාත්මක සහ නිර්මාණාත්ම දේ ජනතාව තුලට ගෙනයමින් ඔවුන් අන්තර්ජාලයේ සිංහල වපසරිය වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙසට..

මේ විදියටම මේක කට්ටිය අතරට යනවා නම් එළකිරි නොවැ. මාතලන් කරපු එකට එහානේ මේක
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා..ජයවේවා
Deleteනියම කතන්දර දෙක.. සිනාසී මිය යමි...
ReplyDeleteමාතලන් සහෝදරයා සිනාසී මියයන්නෝ වාසනාවන්තයෝය
Deleteහෙහ් හෙහ් මේකත් එල :D
ReplyDeleteනලින් අයියගෙ වැඩේනම් නියමයි :)
අනිවාර්යයෙන්ම..හොඳදේ අගය කලයුතුයි..බොහොම ස්තූතියි සසිඳු
Deleteමේ කා ගැනද අපේ තෙල් මූණි ගැන හිතලද ලිව්වේ...
ReplyDeleteනලින් ලොක්කා අපිට මේ බ්ලොග් අවකාශයේ ඉන්න නැති ක රන්න එපා හොඳේ මේ චරිත වලට එක එකා ආදේශ කරලා :D
Deleteහැක් හැක්.. මේක පෙන්නන්න ඕනි :D
Deleteමේ සමියෝ..උඹත් උඩගෙඩි දීලා මට ඔන්ලයින් ගුටි කන්න වැඩ සලස්සවන්න එපා හරිය..
Deleteමටත් මේක කියවද්දී ම මුල ඉදන් ම මතක් වුනේ ශම්මි අක්කව :D
Deleteඅපෝ ඔය පෙට්ටි කිකිළිව නම් පෝම් කරලා ගන්න එපා මචංලා
Delete:O තොපි මට මූණු පොතේ ඉන්න දෙන්නේත් නෑ, මේකෙත් නෑ :/ හොද වෙලාවට ආවේ මමත්, මොනවා හිතිලාද මන්දා කාලෙකින් බ්ලොග් එක්ක කියවන්න ඕනි කියලා හිතිලා ආවා.. :/
DeleteGrrrrrrr >:O
සන්සුන් වෙන්න දරුවා කලබල වෙන්න එපා..මේකේ උඹ ගැන ලියලා නෑනේ යකෝ..මේක හරි කෙලියක්නේ..බ්ලොග් ප්‍රකාශන නිදහස උල්ලංඝනය කරන්න එපා හරිය.. අපිටත් තද වෙනවා :O
Delete:v
Deleteහෑ යකූ, අය්යා වෙලා නංගි ගැන ඕම මුසා වාද ලියන එක හරිද ඉතකොට >:O
Deleteදැං ඉතින් පත්තරත් ගනිල්ලකො :P
ReplyDeleteඔන්න බලපං උඹටත් ගිනිතියාගන්න හරි ගඟේ පනින් හරි තමයි වෙන්නේ :D
Deleteමේ ගැසට් එකේ පිටුවක් ගන්න බැරි වෙයිද?
ReplyDeleteඒ මොකද බං ඒ..අනේ මංදා නාඩියටත් ඕනේ නැති මගුලක් නෑ
Deleteමගේ ප්‍රාර්ථනය නලීන් අයියට මගේ ලිපි ඇහැ නොගැටේවා යන්නයි..
ReplyDeleteඑහෙම කියන්න එපා දිනේෂයා.උඹේ නිර්මාණවල තියනවා අනන්‍ය රසයක්..ඒක පොදු සමාජයේ ව්‍යවහාරයට දියයුතුයි කියන එක මගේ මතය
Delete+++++++++
Deleteකැමති නෑ කිය කිය තමයි ඉතින් ඉන්නේ... ;)
Deleteමගෙ අප්පේ හොරෙන් ලියපුවා එලි පිට තමා දැන් යන්නේ !!
ReplyDeleteනලියාට ජය වේවා.. !!
උඹ ලියපුවා දිනමිණේ දාලා ආණ්ඩුවත් පෙරලෙයිද මන්දා බං..
Deleteහැක හැක හැක ඕයි පිස්සු හැදෙනවා නෙව....මරේ මරු .......පට්ට කතාදෙක
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා..ජයවේවා
Deleteඇත්තටම එහෙම වෙයිද මචං...?
ReplyDeleteවෙන්නත් පුළුවන් මචං..මොකද මේක ආශ්චර්යමත් දේශයනේ
Deleteනලින් අයිය පටන් ගත්ත හොද වැඩේ දිගටම කරන් යාමට ශක්තිය ධෛරය ලැබේවා.............!!පට්ට පට පට කතා දෙක නම්......
ReplyDeleteඅනිවාර්යයෙන්ම අගය කල යුතු දේ අගය කල යුතුයි..අන්තර්ජාල පරිශීලනය නොකරන පිරිසට වගේම පරිශීලනය කලත් සිංහල බ්ලොග් වපසරිය ගැන නොදන්නා අය මෙයට එක්කර ගැනීමට හොඳ අවස්ථාවක්
Deleteවෙලාවට අපේ ගෙදර අය දන්නේ නෑ මං බ්ලෝග් ලියනවා කියලා :v
ReplyDeleteඅපේ දේශිකාත් ලිදේ පනීද මන්දා?? ගෙනියන්න නාකයි මේ ඇටිකුකුස් පත්තරේ ගෙදර...
Deleteඑහෙනම් මොණරී ගිනි ගැනීමේ අවදානමක් තියනවා මම හිතන්නේ
Deleteදේශකයා බයවෙන්න කාරි නෑ..මම දන්න තරමට ගෙදර උන්දැත් කියවනවා නේද ඔබතුමාගේ ලියවිලි..
Deleteආයෙත් අහලා.. ගිනි ගැනීම නම් කෙසේ වෙතත් වෙලාවට දැන් පරමාණු බෝම්බ තහනම් කරලා තියෙන්නේ ලංකාවේ :D නැත්තම් එක පාරින් අහවරයි නේ
Deleteඅවසානයට තියෙන දැනුවත් කිරීමට මං බොහොම මනාපයි.. අපුරු කතා දෙක...
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා ඔබට..
Deleteබ්ලොග් යනු අනාගත ජනමාධ්‍ය භාවිතාව බව සැක නැත.නමුත් තවමත් සිංහල බ්ලොග් අවකාශය යනු නොගැනිය හැකි තරමේ සුළුතරයකි.එයිනුත් බහුතරය ලංකාවෙන් පිට ජීවත් වන අනේවාසිකයන්ය.ඒ නිසාම ලංකාව තුල බ්ලොග්කරණය ජනප්‍රිය කිරීමෙහිලා මෙවැනි මෙහෙවරක් ඉතාම වටිනා බව නොකිවමනාය.නමුත් ආරම්භය හා සසඳා බැලීමේදී අද බ්ලොග්කරණයේ ප්‍රමාණාත්මක වර්ධනයක් මිස ගුණාත්මක වර්ධනයක් නම් දැකිය නොහැක.බ්ලොග්කරණය සහ ෆේස් බුක් භාවිතය අතර වෙනස හඳුනා ගත නොහැකි වූ තරුණ බ්ලොග් කරුවන් පිරිසක් ,සාමාන්‍ය සමාජය තුල තමුන්ට අහිමි ඉටිකිරිස් ලපටි කෑල්ලක් සෙට් කර ගැනීම සඳහා බ්ලොගක් අටවා ගෙන කුණුහරුප ලියන නාකි හුචක්කු ටිකක් සහ වෙනත් විවිධ පරමාර්ථයන් බ්ලොග් තුලින් ඉටුකර ගැනීමට බලන බහුතරයක් අතර සිය රසවින්දනය සඳහා බ්ලොග් ලියන කියවන්නෙකුට පිරියෙන් කියවිය හැකි බ්ලොග් අතලොස්සකි.උදාහරණ ලෙස ටැබූ සබ්ජෙක්ට්ස් තරම් පළල් විෂය දැනුමක් සහිතව විවිධ විෂයන් ගැන බ්ලොග්කරණයෙහි යෙදුනු බ්ලොග්කරුවෙකු අදවේද ?රසවත් වින්දනාත්මක අත්දැකීම් අපුරුවට අකුරු කල හිස් අහස ,කෙහෙල් කොරටුව වැනි බ්ලොග් සටහන් වලට අලගු තබන්නටවත් හැකි බ්ලොග් අඩවියක් පසුගිය කාලය තුල බිහිවීද ?බ්ලොග් අවකාශය වැනි අසංවිදිත ව්‍යුහයක් තුල බ්ලොග් කරුවෝ එති යති, ස්වභාවය එයයි.එහෙත් කට කහන දුමියා බ්ලොග් ලිවිල්ල නවතද්දී අලුතෙන් ලියන එකා සිංහල වාක්‍යයක් ගලපා ගන්නට බැරි බඩුවක් සෙට් කර ගැනීමට බ්ලොගක් ලියන්නෙකි.
ReplyDelete.
එනිසාම මේ දිනමිණ ප්‍රයත්නය තුලින් බ්ලොක් අවකාශයට දස දහසක් දෙනා නාවාට කම් නැත.බ්ලොග් සියයක් අලුතෙන් බිහි නොවුනාටද කම් නැත.එක ටැබූ කෙනෙකු ,එක සඳරු කෙනෙකු,එක සමනල විප්ලවය වැනි නවකතාවක් බිහිකරන්නට මේ පියවර ඉවහල් වේ නම් ඒ හොඳටම ප්‍රමාණවත්ය!
ඔබගේ දීර්ඝ වගේම අවධාරණාත්මක අදහසට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ වගේම ඔබ ඉදිරිපත් කල අදහස් වලින් සමහරක් දේ එක්ක මම සෘජුවම එකඟ වෙනවා. පැහැදිලිවම ගුණාත්මකභාවයේ පහල වැටීම විශාල ගැටළුවක් වෙලා තිබෙනවා. හතු පිපෙන්න වගේ බ්ලොග් ලියවුනත් ඒවායේ හරාත්මක මෙන්ම සමාජයට යමක් උකහාගත හැකි දේ ඇත්ද යන්න පිළිබඳව බරපතල ගැටළුවක් තිබෙනවා. මම පුද්ගලිකව සිංහල බ්ලොග් අවකාශයට පිවිසෙන්නේ 2009 වර්ෂයේ අග භාගයේ. වසර හතරක කාලයක් තුල ප්‍රතිපත්තිමය වශයෙන් අසභ්‍ය නොවන, සමාජයට යමක් එකතු කල හැකි,වින්ඳනාත්මක සහ නව නිර්මාණාත්මක බොහෝ දේ මගේ බ්ලොග් අඩවි දෙක තුලින්ම මම එකතු කරලා තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය මම මේ බ්ලොග් අඩවියේ “කතු තතු“ තීරුවෙන් පලකරලා තිබෙනවා.
Deleteඅපි නිවැරදි පාරේ ගමන් කරනවානම් පසු පරපුර ඒ මග අනුගමනය කරනවාට සැකයක් නෑ. පුද්ගලික අභිමතාර්ථයන්ගෙන් බැහැරවෙලා සමස්ථ සමාජය,සංස්කෘතිය,සභ්‍යත්වය කියන කාරණා සියල්ල ගැන සිතලා යමක් කරනවානම් සිංහල බ්ලොග් අවකාශයත් හුදෙක් හංදියේ කඩපිලේ කතා බහෙන් ඔබ්බට ගිහිල්ලා සමාජගත විධිමත් සන්නිවේදන පරාසයක් වනවා නියතයි
නලීන්ට ස්තූති කරන ගමන් මේ ලිපිය ඒ සඳහා උත්තේජකයක් බව කිව යුතුය. ජය වේවා!!
ReplyDeleteනලීන්ට ස්තූති කරන ගමන් මේ ලිපිය ඒ සඳහා උත්තේජකයක් බව කිව යුතුය. ජය වේවා!!
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා..ජයවේවා
Deleteබුහහහහා... නලීන් මාමා වැඩේ නවත්තවයිද දන්නෑ... ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නෑ නෑ නලියා ඕක නවත්තන්නේ නෑ මිනිහගේ කොණ්ඩේ යන එක නැවතුනත්..
Delete:O කොම උනත් එල වැඩක් :D
ReplyDelete