ආදරයක් හිතේ මෝදු වෙද්දි ඒකට සීමා මායිම් තියෙන්න විදියක් නෑ. මොකද එහෙම සීමා මායිම් එක්ක වැඩෙන දෙයක් නෙවෙයි ආදරේ කියන්නේ. මිතුලගේ හිතේ සංකලනී ගැන ආදරේ දවසින් දවස ටිකින් ටික වැඩිවෙන්නේ කොල්ලා කෙල්ල ගැන හිතන වාර ගණන වැඩිවෙනවත් එක්කමයි. ඒ අතරේ සංකිගේ අහංකාරකම් නිසා තව තවත් ඒ ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවුනේ නම් නෑ. ඒත් මිතුලගේ හිතේ තිබුණ වේදනාව තමයි තමන් කරන කිසි දේකට සංකි ආදරේ වෙනුවෙන් ප්‍රතිචාරයක් නොදෙන එක.
ඒ අතරේ සංකි අනිත් පැත්තේ ගෙදරට වෙලා හිටියේ තරහින් පිපිරි පිපිරි. කෙල්ලට හිතාගන්න බෑ පන්සලේදී තමන්ව වතුර බාල්දියකින් නාවලා ඉවරවෙලා බලහත්කාරයෙන් වගේ සමාව ගන්නත් හදලා ඒ මදිවට දැන් පාරෙ තොටේ යන්නවත් දෙන්නේ නැතුව මේ යකා කරදර කරන්නේ ඇයි කියලා. කොච්චර කිව්වත් සංකිගේ හිත පිළිගන්නෙම නෑ එදා පන්සලේදී තමන්ගේ ඔලුවට මිතුල වතුර බාල්දිය පෙරලුවේ අත්වැරැද්දකින් කියලා. ඒක තවත් ඔප්පු වෙන්න හේතුවුනේ මිතුලගේ මුරණ්ඩු වැඩමයි. දවසේ වැඩි හරියක් සංකිට මතක් වෙන්නේ මිතුල.හැබැයි ඒ මතක්වෙන වාරයක් පාසා හිතට එන තරහා නිසා මේ වෙනකොට බර ගාණක් සංකිගෙන් බැනුම් අහලා තිබුණා. ඒ නිසාම සංකි මේ ටිකේම ඉන්නේ හරි නොසන්සුන්කමකින්. සංකි හිතාගත්තා ආයෙත් තමන්ට කරදර කරන්න ආවොත් මිතුලට හොඳ දෙකක් කියනවා ආයෙත් රෙදි ගැලවෙන්නම කියලා. ඒ අතරේ මිතුල හිතින් සැලසුම් හදන්නේ සංකිට කොහොමහරි ලංවෙන්න..හැමදෙයක් මැදින්ම හෙනේට හිටියේ කෙහෙල්මල් වතුර බාල්දියයි ගමේ තමන්ගැන තිබුණ නසරානි ප්‍රතිරූපයයි කියලා මිතුල තේරුම් අරගෙන තිබුණා.
කෙල්ලෙක්ගේ හිතක් මොනවාහරි දෙයක් ගැන අප්‍රසාදයක් ඇතිවුනොත් ලේසියෙන් ආයෙත් ඒ දේ ගැන කැමැත්තක්, ප්‍රසාදයක් ඇති කරන්න ලේසි පහසු නෑ. විශේෂයෙන් දකුණේ කෙල්ලෝ..ඉස්සර ගල්වත්ත සර් පන්තියෙදි කියන මරු කතාවක් තියනවා..මාතර කෙල්ලෝ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මාතර කෙල්ලෝ ටික විතරමයි කියලා...ඉන්න අවුන්සේ රත්තරන් වගේ හිතාගෙන ඉන්නවා ඇති කියලා...ඒ කතාව නම් සංකි එක්ක බලද්දි සහතික ඇත්ත. පුදුම ආඩම්බරයක් තියෙන්නේ. මිතුලට වෙලාවකට කේන්තිත් එක්ක. ඒ කොහොමවුනත් මිතුල තේරුම් අරන් හිටපු දෙයක් තිබුණා. ඒ තමයි කාලෙකින් තමන්ගේ හිතට රිංගලා ඉන්න මේ කෙල්ල තමන්ගේ හිත හොයන විදියේ කෙල්ලට ගොඩක් සමානයි කියලා. ඒ විතරක් නෙවෙයි මේ අහංකාරකම ආදරයක් බවට පෙරලුන දවසට තමන්ටත් වඩා දහස්ගුණයක් වැඩියෙන් මේ කෙල්ල තමන්ට ආදරේ කරාවි කියලා. මේ හීන සුන්දර සිතිවිලි එක්ක මිතුල කොට්ටයක් බදාගෙන ඇඳේ පෙරළුනා..
* * * * * * * * *
ස්කූටියක් ගෙදර ඉස්සරහ නතර කරන සද්දේ මිතුලට ඇහෙනකොට මිතුල හිටියේ කාමරේ. කාලෙකින් රෙදි කෑල්ලක් ගෑවුනේවත් නැති මිතුලගේ පුද්ගලික පරිගණකේ හිටියේ දඩාවතේ ගියපු බල්ලෙක් වගේ කුණු පෙරාගෙන. කාමරේට එන අක්කගේ කන්කරච්චලේ අහගෙන ඉන්න බැරිම තැන මිතුල පරිගණකේ සුද්ධ පවිත්‍ර කරන්න තීරණය කලා. ඒ අතරේ ගේට්ටුවත් ඇරගෙන ස්කූටියේ ආපු හාදයා ගේ පැත්තට එනවා ඇහුණ නිසා මිතුල සාලෙට ආවා..තඩි පොරක් ගේ පැත්තට එනවා..ඒ සෙට් එකේ ඉන්න එකම දේහදාරියා සිසුරුවා..
“අහා...මොකෝ උඹ මේ පැත්තේ...ගෙදරින් එලෙව්වද..?“
සිසුරු දකිද්දිම මිතුල කින්ඩියක් දැම්මා. සිසුරු දත් තිස්දෙකම විරිත්තගෙන ඇවිත් මිතුලගේ කාමරේට රිංගුවා.
“අපෝ මොකක්ද බං මේක වඩු මඩුව වගේනේ..පිලිවලකට කාමරේ තියාගනින්කෝ“
සිසුරුත් පෙරලා නෝන්ඩි බෝලය මිතුල දිහාට එව්වා. මිතුලත් අතඅරින මිනිහෙක් නෙවෙයි ලේසියෙන්.
“අනේ ගුස්පියෝ..තෝ හිතනවද මම තොගේ කාමරේ දැකලා නෑ කියලා..යකෝ උඹ කාපු හැලප වල කැන්ද කොලෙත් තොගේ ඇඳ යට..අනේ මගෙන් මොකුත් අහගන්න එපා අවලමා..“
වැඩේ දෙල් වෙලා නාගන්න යද්දි සිසුරුවා හිනාවක් දාලා ෂේප් වුනා.
“ඒක නෙමෙයි මම මේ උඹට වැදගත් ප්‍රවෘත්ති ගණනාවක් අරගෙන ආවේ..මොකද කියන්නද එපාද..“
“මොකක් ගැනද බං...“
මිතුල කර කර හිටපු වැඩෙත් පැත්තක දාලා ඇහුවා. සිසුරු ඇඳේ හොඳට වාඩිවෙලා එහෙම කතාව කියන්න පටන් ගත්තා.
“සංකලනී ගැන...මම දන්න කෙල්ලෙක් ඉන්නවා කොන්වන්ට් එකේ..ඒකිගේ හොඳම යාළුවා සංකලනිගේ යාළුවෙක්...ඉතින් ඒකිට වැඳලා වගේ විස්තර ටිකක් අහගත්තා තෝ වෙනුවෙන්...“
මිතුලගේ මූණෙන් මල් වැහි වහින්න ගත්තා. සිසුරුවා බදාගෙන ඉඹින්න හිතුනා.
“ඒක තමයි යාළුකම කියන්නේ...ඉතින් කියපන්කෝ බලන්න..“
මිතුලට ඉවසිල්ලක් තිබුණේ නෑ.ඒ බව දැන දැනම සිසුරු කතාව කියන්න ප්‍රමාද කලා.
“මෙහෙමයි මචං..සංකලනි ටිකක් අමුතු විදියේ චරිතයක්..යාළුවෝ ඉන්නේ ටිකයි. ඒත් හරිම හොඳයිලු..පුළුවන් හැම විදියටම උදවු කරනවලු..“
ඒ චරිත සහතිකයෙන් මිතුල තමන්ගේ හිතේ තීරණේ ගැන ආඩම්බර වුනා.
“ඒ වුනාට දැන් මාස කීපෙක ඉඳලා සංකලනී පස්සෙන් කොල්ලෙක් එනවලු..මුල් කාලේ සංකලනී තඹේකට ඌව මායිම් කලේ නැති වුනාට දැන් ඌත් එක්ක කතා කරනවලු..ඒ කොල්ලා හැමදාම වගේ ක්ලාස් ඉවරවෙන වෙලාවට එනවලු සංකි බලන්න..“
ඒ කතාවට මිතුලගේ මූණ සෑහෙන්න වෙනස්වුනා. සංකිගේ ගතිගුණ හැසිරීම් එක්ක මිතුල ඒවගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. සිසුරුටත් පස්සේ හිතුනා නොකිය හිටියනම් හොඳයි කියලා. ඒත් මේක හංඟන්න මූ පොඩි එකෙක් නෙවෙයිනේ.
“උඹ අප්සට් ගන්න එපා බං ඕකට..හරියටම දන්නේ නෑනේ ඌ කව්ද..ඇයි සංකි ඌ එක්ක කතා කරන්නේ කියලා..සමහරවිට දන්න එකෙක්ද දන්නේ නෑනේ...“
සිසුරු මිතුලගේ හිත හදන්න උත්සහ කලා..ඒත් මිතුල හිටියේ වෙන ලෝකෙක වගේ.
“අපි බලමු මචං මොකක්ද වෙන්නේ කියලා...ඉස්සරහට“
මිතුල කිව්වේ එච්චරමයි.
- ඊලඟ කොටස මෙතනින් --------------
-- අපේ ඉසව්ව Facebook පිටුව --------
හ්ම්ම්... අපිත් බලමු.
ReplyDeleteඒකනේ බලමුකෝ ඉස්සරහට
Deleteඅයියෝ...
ReplyDeleteවැඩේ දෙල් වෙන්න යන්නේ
Deletenice story,,,,keep it up,,,,
ReplyDeletethank you very much friend
Deleteඅපිනං ස්කුටියට කියන්නේ ඩිවොස්බයික් කියලා..
ReplyDeleteඒ මොකද අප්පා ඒ
Deleteඅඩේ අසනීපෙන් හිටියන් කොටස් දෙකක් විතර මඟ ඇරිලා.. හෙමීට කියවන් එන්නම් ජනා..
ReplyDeleteඒකනේ..උඹ අනිවාර්යය පාඨකයෙක් නේ බං
Deleteකලින් කතාව වගේ.....
ReplyDeleteඑහෙම්මත් නෑ රාජ් සහෝදරයා..සත්‍ය කතාවක් නිසාවෙන් මගදි ටිකක් වෙනස් වෙයි
Deleteපොඩ්ඩක් හිටහන් මුල ඉඳන් කියවන එනකං
ReplyDeleteහා හා කියවලා වරෙන්කෝ
Deleteඇරපිය ඇරපිය ඕකට.. විකට් කුර කැඩෙන්නම :/
ReplyDelete