මිතුල කල්පනා ලොව මල් වනේ..සිහින රජදහනේ අතරමං වෙලා ඉන්න වෙලාවේ ගලා කඩාගත්ත හරකෙක් වගේ මොකෙක්ද මිතුලගේ කාමරේට රිංගනවා සද්දේ සහ හතිදාන සද්දේ විතරක් මිතුලට ඇහුණා. ඇසිල්ලකින් වගේ දැක්කේ මිතුලගේ ඇඳේ වාඩි වෙලා හතිදාන ඕෂධයා. හතදාන දැමිල්ලට මෙතනම හුස්මයයි කියලා කොල්ලට හිතුනා.
“මේ බං උඹට පාරේ යද්දි ඇදුම හරි හතිය හරි හැදිලා මගේ කාමරේට රිංගුවා එහෙම නෙවෙයි නේද..?“
මිතුල ඇහුවම හතිදාන ගමන්ම ඕෂධ අතින් නෑ කියලා සංඥා කලා. තව ටිකක් හයියෙන් හතිදාන්නත් පටන් ගත්තා.
“ආ එහෙමනම් කමක් නෑ..නැත්නම් මේ නිවාඩුත් නැති එකේ උඹගේ මරණෙට කොඩි දාන්නයි, ගොක්කොල් කපන්නයි යන්නේ කොහොමද“
ඒ කතාවට ඕෂධයගේ හතිය නැවතුනා.
“ඒ මගුලෙන් වැඩක් නෑ..මොකක්ද උඹ අර පොතුත් එක්ක රටකජු කාපු එක ටවුන් එක මැද කෙල්ලෙක් නිසා..“
ඕෂධ එහෙම ඇහුවම මිතුලට හීන් දාඩිය දැම්මා. උඩට ගත්ත හුස්ම පහලට දාන්න වුනෙත් නෑ.
“අම්මා ගහයි බැට් එකෙන්..කොහොමද යකෝ තෝ දන්නේ...පත්තරේවත් දාලද සීන් එක?“
මිතුල ඇස්දෙක උඩතියාගෙන ඇහුවේ ඇඳෙනුත් නැගිටලා. ඕෂධ කින්ඩි හිනාවක් දාලා උත්තර දුන්නා.
“තාම පත්තරේනම් දාලා නෑ..ඒ වුනාට අන්න ඉෂාරයා ෆේස් බුක් එකේ අප්ඩේට් කරලනම් තිබුණා උඹේ නමත් එක්කම..“
මිතුලගේ ඇඟ වෙව්ලන්න ගත්තා. තමන්ට සංකලනී ඉන්න තැන වෙච්ච සිද්ධිය හිතේ තියාගෙන ඉන්න බැරිකමට කිව්වෙත් ඉෂාර එක්ක විතරයි. ඒ වුණාට ඌට වටින්නේ නෑනේ ඕක අන්තර්ජාලය ඔස්සේ ලෝකෙටම කියන්න. මිතුල හිතින් ගණන් කරලා බැලුවා ගමේ කීදෙනෙක් ෆේස් බුක් එකේ ඉන්නවද කියලා. ඒ අතරින් කීයක් දැනටමත් මේක දැකලා ඇත්ද කියලා.හදපු ගණනේ අන්තිම උත්තරේ ආවම මිතුලට හීන් දාඩිය දැම්මා. ගමේ තමන්ට තිබුණ මහා ප්‍රතිරූපේ මේ කෙල්ලෙක් නිසා ලෙල්ලටම වැටෙනවා කියන එක මිතුලට දරාගන්න බෑ, ඇඬෙන්නත් වගේ.
මිතුල තමන්ගේ ජංගම දුරකථනෙන් ෆේස්බුක් ගිණුමට ලොග්වෙලා පරික්ෂාකරලා බැලුවා. ඇත්ත තමයි සීන් එක..උණුසුම් පුවතක් - අපේ මිතුලයා කෙල්ලෙක් නිසා ටවුන් එක මැදදී පොතු සමග රටකජු කයි.. එහෙම දාලා තිබුණ ස්ටෙටස් එකට ලයික් එකසිය හැත්තෑවයි, කමෙන්ට අනූ දෙකයි..විසි අටක් ෂෙයා කරලා..වසලා හමාරයි.
“මුගේ ආච්චිට බල්ලෝ පනින්න එපාද යකෝ..මූට වටිනවද දෙයක් කිව්වම මෙහෙම අවලං වැඩ කරන්න..“
මිතුල තදවෙලා කෑගැහුවා.
“ඇයි ඉතිං මතක නැද්ද..ඉෂාරයා වෙසක් බත් දන්සල දවසේ වැලිගම සෙට් එකක් එක්ක ආපු කෙල්ලෙක්ට නම්බර් එක දෙන්න ගිහින් ඒකි ඒ නම්බර් එක අයියට දීපු සීන් එක උඹ එෆ්.බී දාලා ඌ කාලයක් නෝන්ඩි කරපු සීන් එක. ඉතිං ඌ ඒකට රිටර්න් එක දෙන්න ඇති“
මිතුලට තමන්ම කරපු වැඩේ මතක් වෙනකොට ඉෂාරයා සාධාරණයි කියලා හිතුනා. ඒත් දැන් මොනවා කරන්නද. බැනලා වැඩකුත් නෑ ඌට.
“ඒ උනාට බං ඌට වටින්නේ නෑනේ මේ වෙලාවේ මගේ ආත්ම ගෞරවය කෙලසන්න..අකෘතඥයි..බං අශිෂ්ටයි..“
මිතුල විකාර කියවනකොට ඕෂධ බඩ අල්ලගෙන හිනාවෙනවා. “
“ඒක නෙවෙය මස්සිනා..ඇත්තටම දැන් වැඩේ ගොඩයන පාටක්ද තියෙන්නේ..ඒකිනම් පාරෙදි අපිව දැක්කම සජිත් දැක්කම තිස්ස යනවා වගේ බිම බලන් යනවා බං..හරියට නිකං අපි ඒකිගෙන් පක්ෂ නායකකම ඉල්ලුවා වගේනේ“
ඕෂධයා කියපු කතාවට මිතුල හිනාවුණා. මිතුලටත් මතක්වුනේ තමන් දැක්කම බිම බලාගෙන යන සංකිම තමයි.
“මෙහෙමයි මචං..එදා ඔය රටකජු සීන් එක වෙලාවේ ඒකි මාත් එක්ක කතා කලා..ඒකි තමයි මට ජෝක් කරේ පොතු එක්ක රටකජු කනවා කියලා..ඒ වෙලාවේ මූණේ අර තරහ තිබ්බේ නෑ බං..“
ඒකට ඕෂධයා ඇඳෙන් නැගිට්ටා..
“අම්මට උඩු..ඒ කියන්නේ එහෙනම් තත්වේ යහපත්..ආය ජිංක ජිකා ජිංක ජිකා ජිංක ජිකා..හේ හේ හේ හෙයි..හේ හේ හේ හෙයි..“
ඕෂධ කොට්ටෙකුත් අරං මරු ඩාන්ස් එකක් දැම්මා කාමරේ..මිතුල කාලෙකට පස්සේ හොඳට හිනාවුණා. කොට ඕෂධයා නටනකොට නිකං කාලගෝල වගේ.
“යකෝ ඒකි මාත් එක්ක කතා කරාම තොට මෙච්චර චූන් මොකද..“
“ඇයි බං තොට හරිගියාම ඉතිං මට හරි ගියා වගේ තමයි“
“ඒ කොහොමද බොල ඒ..“
මිතුල පුදුමෙන් වගේ ඇහුවා.
“ඇයි බං උඹ එහෙම අපිට නොදී මොකුත් කන එකෙක් නෙවෙයිනේ..“
“තොගේ ආච්චිට..“
මිතුල කොට්ටයක් අරං ඕෂධට විසිකරලා ගැහුවා. ඕෂධ ක්ෂණිකව පහත්වුණා කොට්ටේ ගිහිල්ලා වැදුණා වීදුරු ජනේලේ සලාං ගාලා සද්දයක් එක්කම.
“මල්ලී..මොනවද කුඩු කරන්නේ?“
අක්කගේ සද්දෙට දෙන්නම නිෂ්ශබ්ද වුණා.
* * * * ** * * *
දවස් දෙකකට විතර පස්සේ මිතුලයි සිසුරුයි රාජු මාමගේ කඩේ පැත්තේ ගිහින් කතා කර කර පයින් එනවා. දෙන්නා හිටියේ බර කතාවක. රටකජු සීන් එකෙන් පස්සේ මිතුල සංකලනිව ආසාවට ඇහැට දැක්කේවත් නෑ. ඒ වෙනකොට දෙන්නා ඇවිදගෙන ආවෙත් සංකලනිලගේ ගෙදරට හැරෙන පාර ගාවින්.
“ඉතින් බං දැන් උඹට කතා කරන්න ප්‍රශ්නයක් නෑනේ ඒකි එක්ක..ඒකි ජෝක් එකක් කලා කියන්නේ උඹත් ජෝක් එකක් කරලා කතා කරපං“
“ඔව් බං..ඒත් ඒකි නිකං දශමෙන් වෙනස් වෙනවා..ඒ වගේම පොඩ්ඩ ඇත්තං කඩාගෙන පනිනවා..මේ අහිංසක මට ඒවා දරාගන්න පුළුවන්ද හාල්පාරුවෝ“
“අනේ තොගෙ අහිංසක..උඹම තමයි බාල්දියක් පෙරලලා වැඩේ මුලින්ම කා ගත්තේ“
“හිතලා පෙරලුවේ නෑනේ යකෝ..“
එහෙම කියලා මිතුල සිසුරු තල්ලු කරා..තඩි සයිස් සිසුරුවා යන්තම් එහාට විසිවුනා විතරයි..අන්ති පැත්තට සිසුරු මිතුල තල්ලු කරා මිතුල විසිවෙලා ගියා..
“අයින්වෙන්න...අයින්වෙන්න පාරෙන්..“
එතකොටම කවුද කෑගහන සද්දයක් ඇහුණා. කොහේදෝ ඉඳලා ආපු ස්කූටියක විසිවෙවි හිටපු මිතුලව වැදුණා. මිතුල තවටිකක් එහාට විසිවෙලා ගිහින් වැටුනා. සිසුරුට හිතාගන්නවත් බැරිවුණා මොකද වුනේ කියලා..අඩියට දෙකට මිතුල ලඟට පැන්නා. එහෙම පනිනකොටයි දැක්කේ හෙල්මට් එකක්වත් නැතුව ස්කූටියේ ආවේ සංකලනී කියලා.
මිතුල සංකලනිගේ ගෙදරට හැරෙන පාරේ තණකොල ගොඩේ වැටිලා කිසිම හෙලවීමක් නැතුව හිටියා. සංකලනි හොඳටම බයවෙලා බයික් එකෙන් බැහැගන්නවත් බැරුව හිටියා.
“මචං..මචං“
සිසුරු මිතුලව හෙලෙව්වා. කිසිම ප්‍රතිචාරයක් නෑ.
“දෙයියනේ මේ යසට හිටපු කොල්ලව හැප්පුවා නේද..අයියෝ කව්රුවත් නැද්දෝ..මට හිටපු හොඳම යාළුවෝ මෙන්න හප්පලා මැරුවෝ..“
සිසුරු මහා හයියෙන් බෙරිහන් දෙන්න පටන් ගත්තා.
- ඊලඟ කොටස මෙතනින් -
අපේ ඉසව්ව Facebook පිටුව
කොටස් 9ක්ම ගියා ඊළඟ කොටසේදිවත් සැට් වේවිද දෙන්නා
ReplyDeleteයකෝ උන් දෙන්නට නැති හදිස්සියක්නේ මූට තියෙන්නේ..ටික ඉවසපං බං..
Delete//සජිත් දැක්කම තිස්ස යනවා වගේ//
ReplyDeleteෂා මරු උපහැරනේ
යකඩො ඔහොමත් කැ ගහනවද කොල්ලො
ඕවට කියන්නේ බං කාලෝචිත උපහැරණ
Deleteහෙහ්, මරු උපහැරන ටිකක් මතක් වෙලා තියෙන්නේ උඹට.. එල එල.. බලමු දැන්වත් මුං දෙන්නා යාළු වෙයිද කියලා..
ReplyDeleteස්තූතියි දිනේෂයා..උන් දෙන්නට තොපි දෙන්නා වගේ හදිස්සියක් නෑ බොල
Deleteහෙහ්, හදිස්සි තමයි බං.. මම ඇහුවේ සති දෙකෙන්..
Deleteඉක්මණට ඊලඟ එක දානවා බං..සති දෙකක් යන්නේ නෑ
Deleteසජිත් දැක්කම තිස්ස යනවා වගේ බිම බලන් යනවා බං.// තිස්ස අත්තනායක කිව්ව නං හරි බං. එකසැරේටම හිතෙන්නෙ "තිස්ස" ගම වගේ.
ReplyDeleteකතාව නැගලම යනව. උඹේ නම් දැමිල්ල නියමයි. නරකද අහුබුදු නෝන වගේ නම් විකුණුවොත්?
අහුබුදු නෝනගේ බඩට ගහලා බෑනේ බං..උපහැරනනම් අනන්තවත් මේ සමාජේ අපිට සපයනවා බං
Deleteඅදයි ආවෙ මුල ඉදලම කියෙව්ව ඒත් මේකට විතරයි කමෙන්ට් කොටන්නෙ... කම්මැලී අප්ප..
ReplyDeleteලස්සන කතාව... ඉක්මණට දෙන්න පුලුවං නං හොදයි...
මොකද අපි යුද්ධ ප්‍රකාශ කරන්න පුලුවං... හිහි
ඇත්තටම අපි අවට සමාජෙට හරිම විදියට ප්‍බද්ද වෙනව නං උපහැරණ විතරක් නෙමේ ජීවිතාවබෝධයත් ළගා කරගන්න පුලුවං