මේ ආදරෙන් මම ඈතට ගියේ ඔයාගේ හොඳට..ඇය අකුරු කලා. නිහඬතාවයේ කෙළවර ඔහුද අකුරු කලා.
ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු දේ නැතිවුණාම තවත් වෙන හොඳක් කොහෙද නංගි..
ඔහු සංවේගය කැටිවුණු අකුරුවලට චිත්තස්වරයේ කම්පිත රාවය යාන්තමට එක්කලා.
ඔයාට තේරෙන්නේ නෑ අයියේ..
වෙන්න ඇති..නොතේරුන හැමදේම කවදාහරි තේරේවි..ඒත් එදාට තවත් නැතිවෙන් දෙයක් නැතිවෙයි..
තවත් නිහඬතාවයක් සංවාදයට එක්කලා. අකුරුවලින් ඔබ්බට ගිහින් හඬින් හඬ එකට හමුවෙන තැනකට. ඒත් නිහඬතාවය එහෙම්ම ඉතිරිවුණා.
මට ඔයාට ලංවෙන්න බෑ..ඒ බව ඔයා දන්නවා..
ඇය කිව්වා. ඒත් ඔහු දැනන් හිටියා ඇයට ලංවෙන්න බැරි තමන්ට විතරක්ම වග. ඒ සිතුවිල්ල විසින් ඔහුව ආත්මානුකම්පාව නැමති දැලෙහි පතුලටම සිරකර බැඳ දැමුවා.
අනෙක් අයට ලංවෙන තරමට කොහොමත් ඔයා මට ලංවුණෙත් නෑ...ලංවෙන්නෙත් නෑ..
ඔහු තීව්‍ර ස්වරයකින් වචන ගැලපුවා. ඇය සිතින් මෙන්ම ගතින්ද සලිත වුණා.
ඒ හැමෝම යාළුවෝ විතරයි...එතනින් එහාට දෙයක් නෑ..
ඇය නිර්දෝශීභාවය කාරනා දෙකටම සමපාතවන ලෙස අපූරුවට ගලපන්නට උත්සහකලා. තර්ක ශාස්ත්‍රයේදී ඒ සාධක සමපාත වෙන්න පුළුවන්. ඒත් ආදර හිතක් එක්ක..ඒක එහෙම නොවෙන්න පුළුවන්.
මම දන්නවා යාළුකම්..ඒත් මට අපේ ආදරේ වටිනාකම් තිබුණා..ඔයාට නොතිබුණ..
ඔහු තමන්ගේ ආත්ම කථනය වචන කීපයකට ගොනුකලා..
ඔයා හිතන්නේ මම කිසි දෙයක් කලේ නෑ කියලද..ඔයා විහින් විඳවනවා..
ඇයත් ස්වරයේ තීව්‍රතාව පරයන හෘද ස්පන්ධනයක්ද සහිතව කතා කලා.
නැහැ..ඔයා කලා..හැමදේම..අපේ ආදරේ නැතිවෙන තැනට..
ඔයා දන්නේ නෑ....
ප්ලීස් නංගි...තවත් මොකුත් කතා කරන්න එපා..ඔයා යන්න...
ඔහු අවසන් තීන්දුව දෙන්න ලී මිටියෙන් පීඨිකාවට තට්ටු කලා. ඇය ඒ හඬින් ගැස්සුනත් ඇය අපේක්ෂාකල දොරටුව විවරවෙන හඬ ඒකයි..ඇයගේ බලාපොරොත්තු අතර ඒ හඬත් තිබුණා. දුරස්ථ ඔහුට වඩා ලඟ ආශ්වාදයක, නැවුම් බවක හෝ අලුත් යමක බලාපොරොත්තුව ඇය ඒ හඬින් වින්ඳා.
හොඳයි මම යන්නම්..මේ දේවල් වලට දැන් වගකියන්න ඕන ඔයාම තමයි..
ඇය සියලු බර ඔහුගේ කරමතින් තබා අවසන් ආශ්වාදය වෙනුවෙන් හිත වගේම චිත්ත සන්තානයත් සැහැල්ලු කරගත්තා.
ඔව්..මමයි වැරදි...ආදරේ වෙනුවෙන්ම ඇඟිලි ගනන් කරකර බලාපොරොත්තුව ඔයා වෙනුවෙන් තියාගෙන හිටපු මමයි වැරදි..මේ ආදරේ පෝෂණය කරපු මමම අන්තිමට වැරදිකාරයා කියලා මම පිළිගන්නවා..ඒකේ දඬුවම් මම විඳින්නම්..ඒ කටු ඔටුන්න මම වෙනකාටවත් පළන්දලා කුරුස කන්දට යන්න ඉඩ තියන්නේ නෑ..
ඔහු කතාව අවසන් කරලා හිතේ මහා බරක් තබාගෙන අඩි කීපයක් ඉදිරියට ඇවිදලා ගියා. ඇය මොහොතක් රැඳිලා ආපස්සට හැරිලා එක් වරක්වත් ආපස්ස හැරිලා නොබලාම යන්න ගියා. ඔහු අතක් මිටමොලවාගත් යමක් සයුරේ ජල කඳ දිහාට අතඇරියා. වේගයෙන් ආපු රළ පාර එක්ක වරක් යටට ගොස් නැවත උඩට ඇවිත් රළ පාර එක්ක මුහුද දිහාවට ඇදිලා ගියා..ඒ පුංචි වූල් බෑන්ඩ් එකක්..එහි සුවඳත් එක්ක..
හ්ම්ම්ම්ම් දුක තමයි අප්පා,, ඔයා ලස්සනට ලියලා තියෙනවා,, අපරාදේ කියල හිතෙනවා සමහර වෙන් වීම් ගැන පස්සේ හිතද්දී,, දෙන්නා ඔහොම වෙන් උනාට පස්සේ එකතු වෙයි ,,
ReplyDeleteබොහොම ස්තූතියි ඔමායා..අපි චිත්‍රපටයකදි පවා දෙන්නෙක් වෙන් වෙද්දි ප්‍රාර්ථනා කරනවා නැවත එකතු වේවි කියලා. ගොඩක් වෙලාවට ඒක හිත හැදෙන්න හොඳ දෙයක් මිසක ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට නොවෙන දෙයක්
Deleteම්ම්ම්ම්ම්ම්....එහෙම වෙන්වීම් සමහර විට පසුව තද බැදීම් බවට පත් වන අවස්ථා එමටයි බං..........
ReplyDeleteආදරේ කියන්නේ වෙන්වුණාට පස්සේ තදින්ම දැනෙන දෙයක් වෙන්න ඇති මිත්‍රයා
Deleteපෙම්වතුන්ගේ දවසේ ආදරේ හිමි වුන අය ගැනම කතා කලාට එදා වගේ දවසක ආදරේ අහිමි වුන, ඒ ගැන හිතින් දුක් වෙන අයත් කොච්චරනම් ඇත්ද?
ReplyDeleteඒත් දිනේෂයා මම පොදුවේ විශ්වාස කරන දෙයක් තියනවා ලැබෙන්න තියන දෙයක්නම් ලෝකේ අන්තිම කෙලවර තිබුණත් ලැබෙනවා. නොලැබෙන දෙයක්නම් තමන්ගේ අත්ලේ මිට මොලවාගෙන හිටියත් ලැබෙන්නේ නෑ කියලා
Deleteසිංදුවක් මතක් වුනා..
ReplyDeleteසමුගන්න මෙහොතකට පෙර එක් වතාවක් හිනහෙන්න පෙරදා වගේ
මුමුනන්න වදනක් පෙරසේම ලං වී මියැදෙන ප්‍රේෙම් වගේ..
ලස්සන සිංදුව සෑම්..මටත් මේකේ මාතෘකාව යොදද්දි මතක්වුනේ වික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජනීගේ
Deleteසමුගන්නට අවසරයි..අවසරයි...අවසරයි..කියන සිංදුව
හැර යන්නට මාකල වරද කිම.......තනි වන්නට මා කලාව් වඩිද කිව......
ReplyDeleteM..lassana hadawathata katha karala thiyenawa...
ReplyDelete