සුනිල් අයියා අපේ ගමට සිටි වීරයාය. ගමේ ඕනෑම ආරවුලකදී නිතැතින්ම සිහිවන චරිතය සුනිල් අයියාය. ඔහුට ගම්මුන් බොහෝ දෙනෙක් ගෞරව කලේ ගමතුල නිල නොලත් පොලිස්කාරයාගේ භූමිකාව ඔහුගෙන් ඉටුවන බව ගම්මුන් බහුතරයක් විශ්වාස කල නිසාවෙනි. වැඩුණු දේහදාරී ශරීරයත්, ගැඹුරු හඬත් නිසාවෙන් ඔහු පිළිබඳ මතය සත්‍යාපනය කිරීමට එයම සාධයකයක් විය. ගමේ එකෙක් කොහේදී හෝ ගුටි කෑවත් මතක් වූයේ “සුනිල් හිටියනම් ඕක වෙන්නේ නෑ“ යන යෙදුම් වලින්ය. එබැවින් සුනිල් යන සාධකය කොතරම් දුරට ගමේ පොදු ධාරාව තුල නිදන්ගතව තිබෙන්නක්ද යන්න ඔබට වටහාගත හැකිවනු ඇත.
එකල හින්දි සිනමාව සහ සිංහල සිනමාවේ සටන් ජවනිකා දැඩි ලෙස ගැමි ජනතාවගේ සිත් තුල වීරත්වයක් බිහිකල සමයක් විය. හින්දි සිනමාවේ සටන් ජවනිකා රූපවාහිනියෙන් නැරඹූ අපි චිත්‍රපටයේ වීරයා පිළබඳ ඇතිකරගත් “මහා පොර“ සංකල්පය හිතේ තබාගෙන ජීවිත්විය. සිංහල චිත්‍රපට තුලද මහා පොරවල් බිහිවන සටන් ජවනිකා තිබුණද ඒවාටත් වඩා හින්දි චිත්‍රපටවල නළුවන් අපිට පොරවල් විය. සුනිල් අයියාද අපට පෙනුනේ පියවි ඇසින් දැකිය හැකි එවැනි පොරක් ලෙසය. හින්දි චිත්‍රපටවල රූපරාමුවල දකින නළුවාගේ වීර භූමිකාව අප දුටුවේ සුනිල් අයියා තුලින්ය. සුනිල් අයියා පාරේ යනවිට ඔහුගේ ක්‍රියාකාරකම් දැකීමෙන් අප එහි සමාන අසමානකම් පිරික්සන්නටද විය. ඒ හැම කරුණකින්ම සුනිල් අයියා යන වීර චරිතය හුදෙක්ම හින්දි චිත්‍රපටවල හෝ සිංහල චිත්‍රපටවල වීරයාගේ චරිතයට එහාගිය සජීවීබවකින් අත්විඳින්නට අපට හැකිවිය.
දිනක් අප ගමේ හංදියේ සිටින විට සුනිල් අයියාද කීපදෙනෙක් සමග කතා කරමින් ඊට ටිකක් දුරින් සිටින්නට විය. කොටකලිසම ඇඳ අත්නැති ටී ෂර්ට් එකක් හැඳ දේහදාරී සිරුර විදහා දක්වමින් අතපය විහිදවමින් ඔහු මහා විස්තරයක් කතාකරමින් සිටින්නට ඇත. සැනෙකින් යතුරුපැදි කීපයකින් එහි පැමිණියේ තරුණයන් කීප දෙනෙකි. ඔවුන් එතරම් හැඩිදැඩි නොවීය. සැනෙකින් එක් අයෙක් ඉන්බැස සුනිල් අයියා අසලට ගොස් යමක් කීය. දෙදෙනා අතර වචන හුවමාරුව දැඩිවිය, එය අතපය දක්වාම ගමන්කල අතර ආගන්තුක තරුණයාට සුනිල් අයියා අතුල් පහරක් එල්ල කලහ. එයට ප්‍රතිචාර වශයෙන් ආගන්තුක තරුණයාද පහරක් දුන් අතර එවිටම තවත් තරුණයන් කීපදෙනෙක්ම පැන වටකර සුනිල් අයියාට පහර දෙන්නට විය.
චිත්‍රපටවලදී පහර දෙන විට අපට ඇසෙන් “ඩිෂ්...ඩුම්...උහ්හා“ ශබ්ද වෙනුවට..“අම්මෝ..අහා...හුහ්“ වැනි ශබ්ද පමණක් අපේ සවනත වැකෙන්නට විය. චිත්‍රපටවල මෙන් වරකට එකාබැගින් පැන සුනිල් අයියා සමග සටන් කරනවා වෙනුවට රොත්ත පිටින් පැන සුනිල් අයියාට පහර දෙනවිට ඉහින් කණින් ලේ බේරාගෙන හතර පැත්තට විසිවෙනවා ඇරෙන්නට සුනිල් අයියාට කලහැකි යමක් නොවීය. සමහර විට චිත්‍රපටවල මෙන් වරකට එකා බැගින් පැන වීරයා සමග සටන් කිරීම සහ එකෙක් ගුටිකෑ විට පමණක් අනෙකා පැමිණීම සිදුවීනම් සුනිල් අයියාට යමක් කලහැකිවන්නට තිබුණි. නමුත් ඒ වෙනුවට තරුණ පිරිස සුනිල් අයියාගේ ගම මැදදීම හතර අතේ ඔහුට නෙලමින් සිටින්නට විය. අප පොඩි එවුන් බලා සිටියේ චිත්‍රපටවල මෙන් කොයි මොහොතේ හෝ මහා ශබ්දයක් සමගින් වටකර පහරදෙන පිරිස සිව් අතට විසිකර දමා ඒ මැදින් එකසර කෙසරිඳු පරිද්දෙන් නැගී සිට සුනිල් අයියා කොයි මොහොතේ හෝ පහර දේවි යන්නයි. නමුත් එයද සිදු නොවීය.
ඇතිවන්නට පහර දුන් පිරිස යතුරු පැදිවල නැග යන්නට විය. අප වීරයා මලාක් මෙන් වැතිර සිටියහ..වතුර..වතුර යන්න පමණක් කියන්නට විය. ගමේ කීපදෙනෙක් එක්ව ත්‍රීවීලර් එකක් කැඳවාගෙන විත් සුනිල් අයියා රෝහලට යවන්නට වැඩකටයුතු සිදුනොකලේනම් එතනම වීරයා මැරෙන්නට ඉඩ තිබිණි. නමුත් එයින් අප ෆැන්ටසියෙන් අවදිවුනෙමු..වීර භූමිකාව යථාර්ථයක් වන්නේ කොහේදීද යන්න අප අවබෝධ කරගන්නට ඇත. නමුත් අදටත් බොහෝ දෙනෙක් එක එක මාදිලියේ වීර සිනමා පට නරඹති..එසේ දවස ගානේ සුනිල් අයියලා දහස් ගණනක් මහ මග ගුටිද කති.
ඔකතමයි යථාර්තය ෆිල්ම් වල විරයො කරන වැඩ සමාන්‍යලොකෙ කරන්න ආර්ක්ශක අන්ෂ ගිනිනිවන හමුදාව වගෙ අය.
ReplyDeleteමරු කතාව බං ඒක.. ආරක්ශක අංශ සහ ගිනි නිවන හමුදාව .. :D
Deleteඇත්ත මචං..යථාර්ථය කියන දේ දකින්න උත්සහ කරන්නේ මොකක්හරි මොඩලයක් හරහානම් කවදාවත් අපිට ඒක දකින්න වෙන්නේ නෑ
Deleteකාඩ්බෝඩ් වීරයෝ අදහන ලෝකෙක සාමාන්‍ය දේවල් මේවා. මොනවා කරන්නද. හැබෑ වීරයෝ එලියට එන්නේ නෑ. කාඩ්බෝඩ් ඩයල් පොරවල් වෙලා
ReplyDeleteඒක සාමාන්‍ය සමාජ සංසිද්ධියක් මචං..මොකද පුළුවන් එකා කවදාවත් පුළුවන් කියලා ප්‍රදර්ශනය කරන්නේ නෑ. අවශ්‍ය මොහොතේ කලයුතු දේ කරනවා..හොඳම දේ තමයි ආත්මාරක්ෂක සටන්ක්‍රම පුහුණුවලදී පලවෙනි ප්‍රතිඥාව වන්නේ එය ආරක්ෂාව සඳහා පමණක් භාවිතා කරන බවට පොරොන්දු වීමයි
Deleteඅනිවාර්යයෙන්ම පෙන්වන ෆැන්ටසියට වඩා යතාර්ථය කටුක බව සමාජය තේරුම් ගත යුතු කාලය එළඹ ඇත. ජය...!
ReplyDeleteයථාර්ථය කටුක නිසාම මිනිස්සු ෆැන්ටසි හදාගන්නවා බං..පයින් යන එකා හීන මවන්නේ තමන් බෙන්ස් එකක යනවා කියන තැනට..නමුත් මේ ෆැන්ටසිය කිසිම තේරුමක් නැතුව මවන එකක්..
Deleteඅපිමයි වීරයෝ මවන්නේ, ඒ වගේම අපිමයි ඒ විරත්වය නැති කරන්නෙත්..
ReplyDeleteඉස්සර අපිත් ඉස්කෝලේ පොඩි පන්ති වල ඉද්දී ලොකු එවුන්ව දැක්කේ ඔය වගේ තමයි..
වීරයන් කියන පෞර්ශය බිහිවන්නේ මිනිස්සු තුලින් කියන කතාව ඇත්ත මචං. ඒක සාමාන්‍ය තත්වයට වඩා වෙනස් තත්වයක් නිසාවෙන් බොහෝ දෙනෙක් ආශා කරනවා..ඒක නැතිවුණාම ආයෙත් ලොම් හැලුණු බල්ලා වගේ වෙනවා
Deleteහපොයි ඔව් බං...
ReplyDeleteකියලා වැඩක් නෑ ඉතින්
Deleteඑතකොට හිනුදි පිචෑර් බලපු හිංද සුනිල් වීරය වුණා..
ReplyDeleteඒත් ගහගන්න බැරි වුණ හිංද බලු වුණා...
හොද හොදා...
තමන් හෙන පවර්පුල් පොරක් කියල හිතංඉන්න කාටත් වෙන්නඕටික තමා
අර රෙස්ලින් වල වගේ දවසක වීරයා දවසක ගුටි කෑම යන කාරණා නිසාවෙන් තවමත් නොනැසී පවතින වැඩසටහනක් බවට පත්වෙලා තියෙනවා. සමාජය තුල වීරයන්ටත් ඒකම තමයි..අද ගුටි කෑවත් හෙට ආයෙත් වීරයෙක්
Deleteමිනිහෙකුගේ හැකියාවන්ට සීමාවන් තියෙනවා . එක තේරුම් නොගත්ත මිනිහා පරාදයි , අධිතක්සේරුවත් ඒ ආකාරයි .
ReplyDeleteපැහැදිලිවම අධිතක්සේරුව කියන්නේ බොහොම භයානක දෙයක්..හොඳට වගේම නරකටත් බලපාන්න පුළුවන්
DeleteMovie vs Real Life
ReplyDeletehttps://www.youtube.com/watch?v=ORaXLMxmooY&list=UUZv00UZf3RlFvBoq2Hu6n_w
මූවි එක ඔතනින් ඉවර නැහැ. අර සෙට් එකෙන් තව කාඩ්බෝඩ් වීරයෙක් බිහිවෙනවා. ඕක තමයි වෙන්නේ.
ReplyDeleteඇත්ත ඕක තමා දැන් කරාටි දන්නා කෙනෙක් වුනත් බර පංති වෙනස් නම් ගහගන්න යන්න හොඳ නෑ.. ;)
ReplyDelete