බස් එක එහෙට මෙහෙට පැද්දි පැද්දී වරු ගණනක් ගාටන්නට විය. එකම ෂීට් එකේ වාඩි වෙලා “වැනියන් කළු වැනීයන්..“කිය කිය ඇවිත් තිත්වෙලා හිටපු වෙලාවක කොන්දොස්තර සහෝදරයා හදවත කූල් වෙන ප්‍රකාශයක් කලා.
“ෆැන්ටසි පුරේ බහින අය ඉස්සරහින් බහින්න“
මම වැනි වැනී නොනිදා හිටිද්දී ෂීට් එකේ අනිත් පැත්තේ තඩි බෑග් එකකුත් බදාගෙන භූතයෙක් නිධානයක් රකින්න වගේ නිදාගෙන හිටියේ රත්ගමයා..නම නම් වෙන මොකක්ද එකක්. ඒත් දන්න දවසේ ඉඳලා කියන්නේ රත්ගමයා කියලා නිසා මේ කතාවටත් ඒකම පාවිච්චි කරනවා. මම අත මිට මොලවලා රත්ගමයගේ ඔලුවට ඇන්නා..රත්ගමයා උඩගිහින් ඇහැරිලා ඇස්දෙක පිහදාලා කුණුකෙල පිහදාලා මගේ දිහා බැලුවා.
“ඇයි මූසලයෝ“
“යකෝ බහින තැන ඇවිත් බැහැපන්..“
රත්ගමයා දඩිබිඩි ගා හතර වටේ අතගා අඩුපාඩු අහුලාගත්තේය. මම ඉස්සරහින් බහින්නට දොර ලඟට ගියා. එතකොටම බස් එක නැවැත්තුවා. රත්ගමයා හදිස්සියට පිටිපස්සෙන් බහින්න ගියා.
“පස්සෙන් බහින්න එපා කිව්වා නේද...මෙච්චර කියද්දිත් පස්සෙන්ම සෙනග අස්සේ රිංගනවා...මොකක්ද මහත්තයා ඉස්සරහින් බහින්න බැරිද“
“ෆැන්ටසි පුරේ බහින අය ඉස්සරහින් බහින්න“
මම වැනි වැනී නොනිදා හිටිද්දී ෂීට් එකේ අනිත් පැත්තේ තඩි බෑග් එකකුත් බදාගෙන භූතයෙක් නිධානයක් රකින්න වගේ නිදාගෙන හිටියේ රත්ගමයා..නම නම් වෙන මොකක්ද එකක්. ඒත් දන්න දවසේ ඉඳලා කියන්නේ රත්ගමයා කියලා නිසා මේ කතාවටත් ඒකම පාවිච්චි කරනවා. මම අත මිට මොලවලා රත්ගමයගේ ඔලුවට ඇන්නා..රත්ගමයා උඩගිහින් ඇහැරිලා ඇස්දෙක පිහදාලා කුණුකෙල පිහදාලා මගේ දිහා බැලුවා.
“ඇයි මූසලයෝ“
“යකෝ බහින තැන ඇවිත් බැහැපන්..“
රත්ගමයා දඩිබිඩි ගා හතර වටේ අතගා අඩුපාඩු අහුලාගත්තේය. මම ඉස්සරහින් බහින්නට දොර ලඟට ගියා. එතකොටම බස් එක නැවැත්තුවා. රත්ගමයා හදිස්සියට පිටිපස්සෙන් බහින්න ගියා.
“පස්සෙන් බහින්න එපා කිව්වා නේද...මෙච්චර කියද්දිත් පස්සෙන්ම සෙනග අස්සේ රිංගනවා...මොකක්ද මහත්තයා ඉස්සරහින් බහින්න බැරිද“
රත්ගමයා අමාරුවෙන් සෙනග අස්සෙන් බිමට ලෑන්ඩ් කලා. කොන්දා ඒත් කෑගහනවා.
“මොකක්ද ඕයි...මේකේ දොරවල් දෙකම නවත්නවනේ..මේ කෑගහන්නේ නැතුව මේ මගදාව අරන් යනවා“
කොන්දගේ ඇස් දෙක හෙණ සයිස් උණා. රත්ගමයා තමන්ගේ ගම පැත්තේ පවර් අරන් දැඟලුවට බස් එක ගියාම තමයි පෙනුනේ අපි ඉන්නේ ෆැන්ටස් පුරේ කියලා. ඔරලෝසු කණුව දැක්ක ගමන් අඳුන ගත්තා.
“මේ යකෝ...මේ රත්ගමවත් මගේ ගමවත් නොවෙන නිසා උඹ නිකං කෑ ගහන්න ගිහින් ශරීරය පෙනේරයක් කරගන්නේ නැතුව ටිකක් පාඩුවේ ඉන්නවද“
මම රත්ගමයාට අවධාරණය කරමින් සිටියා.
“නෑ මචං දැක්කනේ උගේ සද්දේ...“
“හරි හරි...දැන් යමං මේ ඇඩ්රස් එක හොයාගෙන..“
රත්ගමයා තඩි බෑග් එකත් අරගෙන කැප්ටන් හැඩොක් කැලේ යනවා වගේ යන්න ගත්තා. උගේ කණ්ණාඩි ජෝඩුව පාට පාට වෙලා පේනවා..ඒ අස්සෙන් මිනිහා හතර වටේ බලනවා.
“මොකක්ද මචං ඇඩ්රස් එක?“
“නොම්මර 201, දෙවනි පටුමග, ෆැන්ටසි පුරය“
“ඒ වුනාට බං මේකේ කිසිම පටු මගක් නෑනේ...සේරම පාරවල් පලලයි නේ...ඔන්න පයිතගරස්ට ප්‍රශ්නයක්...“
“කාගෙන් හරි අහමු බං“
ඉස්සරහට එනවා කව්බෝයි කෙනෙක් වගේ පොරක්. මිනිහට ලංකරලා හිනාවක් දැම්මා. ගණන් ගත්තේ නෑනේ මිනිහා. මේක නිකං මෙක්සිකෝව වගේනේ..තව ආන්ටි කෙනෙක් එනවා නිකං කැස්ටපියෝරා වගේ..හිනාවක් දැම්මම නැවතුනා.
“අනේ අක්කේ..මෙන්න මේ ඇඩ්රස් එක කොහේද“
රත්ගමයා පැනමු ගමන් ඇහුවා. ආන්ටි කොලේ අතට අරන් කල්පනා පාරක් දාලා. පොඩ්ඩක් මෙමරිය හොලවලා එහෙම කිව්වා
“මටත් හරියටම මීටර් නෑ මල්ලි..මෙන්ම මේ පාරෙන් දිගමට ගියාම කඩයක් අහුවෙයි..සෝඩා ගුණේ මල්ලිගේ කඩේ කියලා කියන්නේ..ඒකෙන් අහන්න හොඳද“
අපි දෙන්නා ආන්ටිට ස්තූති කරලා පාර දිගේ යන්න ගත්තා.
“ඒ බං අකිලයෝ...සෝඩා ගුණේ කියලා නේද කිව්වේ“
“ඔව් බං..“
“උඹට යමක් තේරෙන්නේ නැද්ද ඒකෙන්.“
“ඔව් බං...මට හිතෙන්නේ පොරක් වගේ...සමහර විට ෆැන්ටසි පුරේ රන් කරන පොරද දන්නෑ“
“අනේ දන්නෑ බං..අර චොප්පෙ අයියා, ඩප්පි සිරා, අභීතයා, රංග අයියා, මාතලන් අයියා වගේ පොරක් ද දන්නේ නෑ බං..මට මැවිලා පේනවා බං උංගේ පච්ච ගහපු දඩ ඇඟවල්...අභීතයා නිකං ආනල්ඩ් වගේ බං..ඇයි රංග අයියා..නිකං හරියට නිකං....මට මැවිලා පේනවා බං..මේ සෝඩා ගුණෙත් එහෙම එකෙක්ද දන්නේ නෑ...මූ අපිට ගැහුවොත් බං පිටින් ඇවිත් කියලා දැනගත්තම“
“එහෙම ගහන්න මංකොල්ල කන්න ආවේ නෑනේ බං“
ඇත්තටම අපි දෙන්නා අපේ බෝඩිමක් හොයාගෙන..මම අකිල...අපි දෙන්නම වැඩ කලේ රාජ්‍ය බැංකුවේ..දෙන්නටම මාරුවීම් හම්බවුනෙත් එකට...අන්තිමට ආවෙත් එකම ශාඛාවකට..ඒ ෆැන්ටසි පුරය ශාඛාවට..බෝඩිමක් හොයාගන්න හෙණ කට්ටක් කෑවා..අන්තිමට හොයාගත්තු එක හොයාගන්න දැන් කට්ටක් කණවා.
පාර දිගේ ඉස්සරහට යද්දි දෙපැත්තෙම එක වගේ ගෙවල්. සේරම ගේට්ටු තාප්ප දාලා හරි පිලිවෙලයි. මිනිස්සු හුදෙකලා වෙලා එයාලගෙම තනි ජීවිතවල. මෙහෙම ඉස්සරහට යද්දි කඩයක් අහුවුනා. ඉස්සරහා මනුස්සයෙක් දාගෙන තැඹිලි කපනවා.
“අයියේ මේ සෝඩා ගුණේ මැතිතුමාගේ කඩේද?“
තැඹිලි කපපු පොර ඔල්මොරොන්දන් වෙලා බැලුවා මගේ දිහා. රත්ගමයත් ඒ විදියටම පොර දිහා බැලුවා.
“මැතිතුමා...මැතිතුමෙක්නම් දන්නේ නෑ හැබැයි සෝඩා ගුණේගේ කඩේ මේක..දවල්ට ගොසරිය හවසට බාර් එක...“
“කෝ සෝඩා ගුණේ අයියා“
“ආ අර ඉන්නේ“
අපි දෙන්නම ඒ පැත්ත බැලුවා. අයියෝ අපි මවන් හිටපු මහා පෞර්ශය. කොට පොරක් කොට කලිසමක් ගහගෙන, හීනියට බඩකුත් තියනවා..වැදගත් පෙනුමකුත් තියනවා..හැබැයි චණ්ඩි පාටක් නෑ..අපි ඉතිං ලඟට ගියා.
“අයියේ මේ ඇඩ්රස් එක“
මිනිහා හිනාවක් දාලා ඇඩ්රස් කොලේ අතට අරගත්තා..
“ආ මේ අපේ සුජාතා අක්කලගේ ගෙදර නේද...හරි හරි මල්ලිලා..බෝඩිං වෙන්නද...එල එල..මරු තැන ඒක...ඔහොම දිගටම ගිහින් දෙවනියට තියන පාරේ වම් පැත්තට හැරෙන්න..ටික දුරක් යද්දි ගේට්ටුවේ අංකෙ ගහලා ඇති“
දැන්නම් හිතට මාර ෆිට්. තැනට යන්නත් කලින් හොඳ රෙකමන්ඩේෂන් එකක් ලැබුණනේ..අපි සෝඩා ගුනේ අයියට ටටා කියලා යන්න හැදුවා..
“මේ මල්ලිලා...හොඳ එලවළු තියනවා...ඕනනම් එන්න මේ පැත්තේ “
රත්ගමයයි මමයි මූණට මූණ බලාගත්තා. මේ යකා මගුලක් කතා කරනවා.තාම තැනට ගිහින් බැලුවෙවත් නෑ. එලවලු අරන් නෑගමන් යන්නද.
“අපි මුලින්ම ලිපක් හොයාගෙන, හට්ටි වලං හොයාගෙන එ හෙම එන්නම් හොඳද අයියේ“
රත්ගමයා තොදොල් වෙලා කියලා මාවත් ඇදගෙන යන්න ගත්තා.
“යමං..නැත්නම් ඔය යකා තව මොනවා විකුණයිද දන්නෑ අපිට..අපි පස්ස හැරි හැරි බලබල ආවා..එතකොටම
චරාස්ස්ස්.....ස්ස්ස්ස්
බ්රේක් පාරක් ගහනවා ඇහුණා. අනූනමයයි දශම නමයෙන් ස්කූටියක් ඇවිත් අපේ ඉස්සරහ නතර වුණා. අපි පාර මැද
“ඔහොමද ඕයි පාරේ යන්නේ ....පොට්ටද“
බයික් එක පැදපු කෙනා හෙල්මට් එක ගලවලා කිව්වා..ඒ හෙල්මට් එක ඇතුලෙන් පෙනුනේ පිස්සු හැදෙන ඇස් දෙකක්..ආදරේ හිතෙන මූණක්..කඩා හැලෙන කොණ්ඩේ..කතා කරනකොට වචන පාවෙලා ඇවිත් මගේ වටේ කැරකෙනවා වගේ..පෙනුම හරි සීදේවි..කතා කරන කොට කොණ්ඩ කැරලි එහෙට මෙහෙට වෙනවා පුදුම ලස්සනක්..
“මේ ඕයි..තමුසෙලට ඇහෙන්නේ නැද්ද“
මට ඇහුනෙත් එච්චරයි.
“අනේ සොරි...අපි දැක්කේ නෑ“
රත්ගමයා තරහෙන් පිපිරි පිපිරි හිටිද්දි වැරැද්ද අපේ නිසා මම කිව්වා. මම කියපු දේ ඇහුනද දන්නෙත් නෑ. බයික් එකේ පිටිපස්සේ හිටියෙත් කෙල්ලෙක් ඒකිත් මෙන්න මෝටාර් ගහන්න පටන් ගත්තා.
“වැඩක් නෑ බං බැනලා...සිහියකින් නෙවෙයි පාරේ යන්නේ...කුඩු ගහලා වගේ“
රත්ගමයගේ සීමාව පැන්නා
“කුඩු?“
කෙල්ලෝ දෙන්නට තවත් මල පැන්නා. උන් තරහෙන් පිපිරෙනවා.
“ඔව් කුඩු තමයි....තව ටිකෙන් හැපිලා කුඩු වෙනවා...සිහියකින් පාරේ යනවා මනුස්සයෝ“
දෙන්නා අපිට බැනලා බැනලා හිටියා. බනින්න හදන රත්ගමයටත් ඔරවලා මම කටවහන් ඉන්න කිව්වා. කෙල්ලෝ දෙන්නා බැනලා බැනලා ගියා. බැන්නත් ඒක හරි සුන්දර බැනුමක් අනේ..මම එහෙම බැනුමක් ඇහුවමයි.
“ඔන්න ඕක තමයි යකෝ ගෑණුන්ට ලයිසන් දුන්නම තියන කරුමේ...දෙන්නා හිතුනා උන්ගේ හොම්බට“
රත්ගමයා උන් යන දිහා බලාගෙන මිට මොලවන් දඟලනවා.
“වැඩක් නෑ බං..අපේනේ වැරැද්ද...ඒ කොහොම උනත් උන් බැනපු විදිය හරි ලස්සනයි බං..අර බයික් එක පැදපු කෙල්ල කියපු කිසිම දෙයක් මට ඇහුනේ නෑ බං“
“අන්න ඒක නිසා තමයි බං මම පාඩුවේ හිටියේ“
රත්ගමයත් කිව්වා.
- දෙවනි කොටස මෙතනින් -
ඉක්මනට ලියහන්...පට්ට ස්ටෝරි එකක් වගෙයි.. එල..
ReplyDeleteඉක්ණින්ම මිත්‍රයා..
Deleteෂීට් = ඇතිරිල්ල, සීට් = ආසනය, ෂිට් = තමුසෙගෙ මේ ලිපිය.
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා මාව නිවැරදි කලාට..ඒ වගේම බලෙන් කිසි දෙයක් බලන්න කියලා බල කිරීමක් නැති නිසා අකමැතිනම් නොබලා හිටියට කිසිම තරහක් නෑ..
Deleteමාව කාපන්......
ReplyDeleteඒක තමයි බං මේ කරගෙන යන්නේ
Deleteහහහා... ආතල් යකෝ! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්කූ රජා
Deleteපොඩ්ඩක් ඉන්න මමත් මේ දවස්වල training වෙනවා .
ReplyDeleteමගෙන්නම් ගන්න ආදර්ශයක් නැතුව ඇති...කොහොම උනත් ලස්සන කතාවක් ලියන්න..මගේ මේ 4 වෙනි කතාව...මම එනවා ඔයාගේ එකත් බලන්න
Deleteඉක්මනට ඉතුරු ටිකත් ලියන්ඩෝ....ලස්සනයි කතාව එල..:)
ReplyDeleteඅනිවාර්යයෙන්ම මිත්‍රයා...ස්තූතියි
Deletelassana kathawak ayye...digatama liyanna... :)
ReplyDeleteස්තූතියි නංගි
Deleteදෙවනි සැරේ බොලව් කතාව කියෙව්වේ,, මම ආසම නළුවෙක්ගේ පින්තූරයක්නේ මේ දාලා තියෙන්නේ..
ReplyDeleteරාම් එලකිරි නළුවෙක් තමයි මිත්‍රයා...ජයවේවා
Deleteඅගල් ෆැන්ටා සි පුරයද ?
ReplyDeleteතේරුනේ නෑ මිත්‍රයා
Deleteනියම කතාව....
ReplyDeleteස්තූතියි මාඩා සහෝදරයා..මම ඔබගේ බ්ලොග් එකට පිවිසුනේ බොහොම ලඟදි..ඒ වුනත් ඒක මගේ හිත ගත් තැනක්
Deleteආපෝ... රත්ගමයා ...........:@ ඕකා ගිය අහලකින් ගියත් විනාසයිනෙ... හික් හික්
ReplyDeleteමරු කතාව!! බලමුකො ඉස්සරහට..
(මම අදනෙ මේක පන්නන්න අරන් තියෙන්නෙ :O මම හිතුවෙ මම පස්සෙන් පන්නන අය අතරෙ ඉන්නවා කියලා... සැක්!!)
රත්ගමයා විතරක් නෙවෙයි හිතූ නංගි තව තව දන්න කස්ටිය ඉන්නවා..ටිකක් බලාගෙන ඉන්නකෝ හොඳේ..
Deleteඅප්පා මේ ෆැන්ටසි පුරේ ඉන්නේ ඔක්කෝම වගේ අපේ මේ බ්ලොග් අවකාශේ බුවාලනේ මල්ලී. .
ReplyDeleteඑල එල .. ලියාගෙන යන්ටකෝ . .
වෙලාව තියෙන විදිහට ඇවිත් බලලා මක්ක මක්ක වත් කියලා යන්නම්.
අහ් අර රත්ගමයා තොදොල් වෙවී කිව්ව හැටි නිකම් චා වගේ ඕයි . . හික්
රත්ගමයා කොහොමත් චාටර්නේ දුකා අයියා
Deleteඅනේ ජනො :/
ReplyDelete