ඇයගෙන් දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් නොමැතිව ගතවන සිව්වන දිනයද අවසන් වෙන්නට තව ඇත්තේ හෝරා කීපයකි. හාත්පස අන්ධකාරය, නිහැඬියාවට මුසුවූ පාළු මූසල හැඟීම තොර තෝංචියක් නැතිවම හිතට වදදෙන්නට පටන්ගෙන ඇත. හැමදෙයක්ම අවසන්ය යන හැඟීම තුලින් එක් අතකින් ගෙන එන්නේ සහනදායී සිතිවිල්ලකි. අනික් අතින් එයම තනිකමක් සහ වෙනසක රංගනයද යෙදීම තුලින් සිතතුලම දෙයාකාරී උත්තේජනයන් සපයන සිදුවීම් බවට පෙරලී ඇත. ඒ සියල්ල අතරේ ඇය කොහිද යන්න හෝ මා නොදනී. ඇය සමග ගතකල අන්තිම හෝරා කීපයේ පවා ඇය මා පිළිබඳ පැහැදිලි හෝ පහන් හැඟීමකින් ගතනොකල බව පමණක් මා දනී.
“ඔයා ඔය රේස් එක දුවලා හති වැටෙන දවසක් ඒවි...එදාටවත් හැරිලා ආපස්සට බලන්න..නැත්නම් ඔයාගේ බෙල්ලට අංශක දෙසීය හැත්තෑවකට වැඩිය හරවන්න පුළුවන් කියන එකත් අමතක වෙයි“
මගේ ඒ වචනවල ගැබ්ව තිබූ උපහාසය, අවවාදය හෝ අන්යමක් ඇය ගත්තාද යන්න මා නොදනිමි. එහෙත් ඇය එයින් යමක් අවබෝධකරගත් බව පෙනෙන්නට තිබුණි.
“මට දුවන්න වෙලා තියනවා..ඒ ජීවිතේ මගහැරුණ තැන් අල්ලගන්න.“
ඇයගේ වචනවල තිබූ දැඩිබව තුලින් පෙර තිබූ ආදරය, සෙනෙහස හෝ ඇල්ම තවදුරටත් ඇය තුල නොවන බව පැහැදිලිවිය.
“කමක් නෑ...ඒක ඔයාගේ කැමැත්ත..ඒත් අපි ජීවිතය බෙදාගත්තා..“
මම ඇයට රිසිදේ කරන්නට ඉඩ දුන්නෙමි.
“ඔව්...ඒත් ඔයා මගේ තත්වය තේරුම් ගන්නේ නෑ“
ඇය ඇයවම සාධාරණීකරණය කරගත්තාය. එහෙත් ඒ මොහොතේ අවශ්‍ය වූයේ සාධාරණීකරණය නොව. ඊට එහා ගිය ප්‍රේමාන්විත යමක් විය. නමුත් එය කිසිවිටක එලෙසින් සිදු නොවුණි. සමහර විට දෛවය ගොනුකර තිබූ ලිපිගොනුව තුල තිබූ ජීවිතයේ ගලායාමේ සටහනේ ඊලඟ පියවර එය තුලින් ගම්‍ය වන්නට සකසා දී තිබුණා වන්නට ඇත.
* * * * * * *
සාලය මැදවූ විශාල සෝපාවේ වැතිරුනේ ඕනවට එපාවට මෙන්ය. රූපවාහිනිය පණගන්වා එයට පහලින්වූ වීඩියෝ තැටි ධාවකයද පණගැන්වීය. එය තුල වූයේද ඇය සහභාගී වූ රියලිටි වැඩසටහනක උද්වේගකර සහ තීරණාත්මක වැඩසටහනක කොටසකි. ඇය එහිදී මනමෝහනීය ලෙස ගායනයේ යෙදුනාය. ඉතාමත් ප්‍රේමණීය ගීයක් වූ ඒ ගීය ඇය ඉතාමත් සූක්ෂම සහ ආකර්ශණීය ලෙස ගායනා කලාය. ගායන අවසානයේ ඇයගේ මුවින් අවසන් ස්වර සැකැස්ම පිටවන තුරාවටම සියල්ලන්ම එය රස වින්දහ. මමද සුපුරුදු ලෙසම සියවැනි වතාවද ඉක්මවා එය විඳ ඇතත් මේ මොහොතේද එය නැවුම් යමක් ලෙස වින්දනයේ යෙදුනෙමි.
ඇය ඉතා සතුටින් සහ සිනහා මුසු මුහුණින් එහි විය. දිගු ඇඳුම කළු පැහැති සපත්තු යුවල, කඩා හැලෙන කොණ්ඩය සහ අහිංසක හිනාව එහිදී ඇයට ආභරණයක්ම විය. ගීය සාර්ථකව ගැයීමට ප්‍රතිචාර ලෙස රසික පිරිස සහ විනිශ්චය මණ්ඩලය වෙතින් ලැබුණු උණුසුම් අත්පොලසන් නාදය හමුවේ ඇය ප්‍රභාමත්ව සිටියාය.
“නුඹේ ගීතය අපිව ප්‍රබෝධමත් කලා...ඇත්තටම නුඹේ හඬ ප්‍රේමණීයයි..හරියටම ඔපෙරාවක හෝ කැන්ටාටාවක මධ්‍ය කොටසේ ප්‍රේමණීයම නිමේෂයක් වගේ මට දැනුණා..ඇත්තෙන්ම ඔබගේ ගායනය මා වසර ගණනාවක් යොවුන් කලා සේ මට දැණුනා..නුඹට පුළුවන් ප්‍රේමණීය සිත් පෝෂණය කරන්න..ආදරයේ සැබෑ ස්වරය නුඹට ගයන්න පුළුවන්..ඒකට මගේ උත්තමාචාරය“
වයෝවෘද සංගීත අධ්‍යක්ෂවරයා විනිශ්චය මණ්ඩලයේ සිට අදහස් මුසුකලේ ඇයගේ සිනහව තවත් වර්ධනය කරමින්.රසික ප්‍රතිචාරද එලෙසින්ම වර්ධනය විය. අනතුරුව නිවේදකයා ඇයගෙන් යමක් විමසීය.
“ඒ ගීයේ නුඹ ගැයූ පරිද්දෙන්ම ඔය ආදරයෙන් මත් වෙලාද...ඔබ ආදරය තුලින් ජීවිතය දකින්න පුරුදු වෙලාද I need to feel your love within my life..I want to addict your love for the end of my life ගීතයේ අර්ථයටම හරියන්න ඔබ ආදරය කරනවාද..?“
එම ප්‍රශ්නයත් සමග ඇයගේ මුහුණේ මතුවූයේ සුමිහිරි සිනහවකි.එය ගීතයටද වඩා රමණීය යැයි මොහොතකට සිතුනෙමි.
“ඔව්...ඒ ගීතයේ කියනවා වගේම your love is everything..and feel as anything..no need to loss for my lifetime..ආදරය තමයි හැමදේම..කවදාවත් අහිමි නොකරගන්නා..“
ඇයගේ ප්‍රේමාන්විත අදහසට නිවේදකයා මෙන්ම විනිශ්චය මණ්ඩලය ඇතුලු රසික කැල මහ හඬින් අත්පොලසන් මෙන්ම ශබ්ද නැගීමද කල අතර ඇය ඒ සියල්ලන්නටම පොදුවේ සිනහවකින් සහ දෙඅත වැනීමකින් කෘතවේදීත්වය පලකලාය.
ඒ සමගම වීඩියෝ තැටියේ ධාවන කාලය අවසන්වී රූපවාහිනී තිරය මත කළු පැහැති පසුබිම පමණක් පෙනෙන්නට විය. අඩ ආලෝකයේ පරාවර්තිතාව මධ්‍යයේ රූපවාහිනී තිරය මතින් මගේම රූපයේ ප්‍රතිබිම්භය පෙනෙන්නට විය.
සංවේදී කතාවක්...
ReplyDeleteඇත්තෙන්ම ඒ සංවේදීබව තමයි මේ කතාවට ජීවය එක්කරන්නේ..අවාසනාවකට මේක ඇත්ත කතාවක්
Deleteඔබගේ නිර්මාණාත්මක කතා වලට අපෙන් සුබ පැතුම්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
බොහොම ස්තූතියි මිත්‍රයා
Deleteසුපිරියි
ReplyDeleteබොහොම ස්තූතියි සංජීවයා
Deleteහොදයි මේ වැනිම එකක් කලින් ලිව්ව නේද??
ReplyDeleteඔව් සහෝදරයා මීට කලින් ලිව්වා “සිතුවම“ කියලා මේ වගේ කෙටි කතාවක්..
Deleteහ්ම්... හැඟීමබර කතාවක්. මේ ළඟදි ජාතික රූපවාහිණියෙ විකාශය වූ සිහින අරන් එන්න ටෙලිනාට්‍ය මතක් උනා..
ReplyDeleteමම ඒ ටෙලි නාට්‍යයේ දැන්වීම විතරක් දැකලා තියනවා මිත්‍රයා..සංවේදීබව නිසාම මේ කතාව ලියන්න බොහොම අමාරුත් වුනා
Deleteවෙනස් හැගිමක් දැනුන.එල
ReplyDeleteඒ වෙනස තමයි මට වුවමනා කලේ මිත්‍රයා
Deleteමේ අවස්ථාවට මුඋන දෙන්න වුනානම් ..මොන විදිහට හිතෙයිද කියලා කල්පනා වුනා ... හිතාගන බෑ.. හැඟීමබර කතාවක්
ReplyDeleteඇත්ත මචං..මේක විශ්වීය ආමන්ත්‍රණයක්..මේක හෙට උඹට හරි මට හරි වෙන්න පුළුවන් දෙයක්..තරු සිහින අතරේ ජීවිතේ ගෙවන මිනිස්සු එක්ක සරල සහ සාර්ථක ජීවිතයක,ආදරයක හීනය තියාගන්න ඕනම කෙනෙක්ට අදාල කතාවක් මේක
Deleteබ්ලොග් එක අපේ දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ස්තූතියි මිත්‍රයා
Deleteකෙටියෙන් කියන දේ නියමෙට වැදුන..අනර්ඝයි..
ReplyDeleteගොඩක් ස්තූතියි මිත්‍රයා..
Deleteහැඟුම්බර සංවේදී කතාවක්.. නිහඬව වින්දා...
ReplyDeleteඅපි කණ්ණාඩියකින් අපිවම දැක්කත් හැඟුම්බර වෙන මිනිස්සු කොට්ටාශයක් මචං
Deleteහැමදාම වගේම සුපිරියි ජනා..
ReplyDelete// “මට දුවන්න වෙලා තියනවා..ඒ ජීවිතේ මගහැරුණ තැන් අල්ලගන්න..//
ඕක හැම කෙනෙක්ටම වගේ දැනෙන දෙයක් බං..
බොහොම ස්තූතියි මචං..ඇත්ත බං අපි හැමෝටම මග හැරිලා ගොඩක් දේවල්..ඒවා අල්ලගන්න දුවන අතරේ ඊටත් වඩා දේවල් මගහැරෙනවා නොදැනීම
Deletehttp://siyapathwila.blogspot.com/2010/07/super-star.html
ReplyDeleteඅවුරුදු ගානකින් මමවත් ගොඩ නොවුන බ්ලොග් එකේ ඔය සිද්දියම මම දැකපු හැටි
මේවා තමයි මචං දෛවෝපගත සිදුවීම් ..මම පැදි පෙල කියෙව්වා..මෙහෙම සිතුවිලි සමපාත වෙන්නේ කොහොමද කියලත් වෙලාවකට පුදුමයි බං
Deleteසංවේදීත්වය වෑහේ...
ReplyDeleteසුපිරියී
ස්තූතියි මලයා..
Delete