Jan 28, 2015

පසු දානය



අභරණ මුතුද මිණි මෙවුලද හැඳින්නෙමි
කටු වැලි බොරළු ගොරහැඬි බව දකින්නෙමි
ආ මග මෙන්ම යා හැකි මග සිතන්නෙමි
මා හැඟි සිතට නීරස බව පෙනෙන්නෙමි

හිමියනි දෙසා මා හට රළු බණ තරම
නොඅසා එදා රජවී කල හැම දෙයම
කැරකී මෙදා මා පසුපස එන ලෙසම
පුදුමයි මුනි බනේ එය දුටුවේ පෙරම

නැත මෙමා හිතේ කලඳක තරහක් අදද
මේ බෙදා දෙන්නේ පෙර හිතමයි නිබඳ
වැරදුණ තරම නොපෙනුනෙ හිමියනි කිමද
පහන් සිතින් මේ දන් පිලිගනු සබඳ

- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර -


4 comments:

  1. දැන්වත් තේරුණානම් ලොකු දෙයක්.....................

    ReplyDelete
  2. දැන් ඉතින් පමා වැඩියි..

    ReplyDelete