Jan 15, 2015

සනී ලියෝන් සහ සංස්කෘතිය (Sunny Leone & The Culture)


පසුගිය දිනක මාගේ අතිජාත මිත්‍රයෙක් බැහැදැකීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බාල සොහොයුරා මගෙන් බරපතල ප්‍රශ්න කීපයක් ඇසීය. එම ප්‍රශ්න කීපය පහත පරිදිය.
  1. සනී ලියෝන් අච්චර ලස්සනක් තියාගෙන ඇයි නිල් චිත්‍රපටිවල රඟපෑවේ?
  2. එහෙම නිල් චිත්‍රපටිවල රඟපාපු කෙනෙක් හින්දි ෆිල්ම්වල දැන් කෙල්ලගේ චරිතේ කරද්දි ඉන්දියානු ප්‍රේක්ෂකයන් කිසිම හිරිකිතයක් නැතිව ඒවා බලන්නේ කොහොමද?
  3. නිල් චිත්‍රපටිවල වෙන වෙන අය එක්ක හැසිරෙන සනී ලියෝන් එක්ක එයාගේ ස්වාමිපුරුෂයා කිසිම අවුලක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද?
  4. සනී ලියෝන් වගේ කෙනෙක් අපේ සිනමාවට ආවානම් අපේ ප්‍රේක්ෂකයෝ,විචාරකයෝ, සිවිල් සංවිධාන මොනවා කරාවිද?

කොලුවාට තිබූ ප්‍රශ්නවල බරපතලකම ඔබට වැටහෙනවා ඇති. මේ ප්‍රශ්න මා වෙත යොමකල යුතු ඒවා නොවුනත් කොලුවාගේ තේරුම්කම අනුව ආසන්නවම තමන්ට පිලිතුරු සොයාගත හැකි පුද්ගලයාගෙන් ඔහු ඇසුවා විය හැක. ඔහුගේ ප්‍රශ්න මාලාවේ වැඩි ප්‍රතිශතයක් අන්තර්ගතව ඇත්තේ නිල් චිත්‍රපට සහ එයට සමාජයක් ලෙස ප්‍රතිචාර දක්වන ආකාරය ලෙස වටහාගත හැක. 

   සනී ලියෝන් යනු කැනේඩියානු හා ඉන්දියානු මිශ්‍ර සම්භවයක් ඇති රූමත් තරුණියකි. දැනට වයස 33 කි. මෙය කියවන බොහෝ දෙනෙක් ඇය පිළිබඳව හොඳින් දන්නවා ඇත. නිල් චිත්‍රපට නිලියක් ලෙස ලොව පුරා නම් දරා සිටි සනී ලියෝන්ගේ රූපශ්‍රීය අතිශ්‍යයින්ම ආකර්ශණීයය. එම නිසාවෙන්ම ඇගේ වීඩියෝ පට වලට වැඩි ඉල්ලුමක් ලැබීම සාධාරණය. ඇයට තිබූ ආර්ථික ප්‍රශ්න වලට හෝ ජනප්‍රියත්වය පිළිබඳ ගැටළුවට ඇය සොයාගත් විසඳුම නිල් චිත්‍රපට ක්ෂේත්‍රය වන්නට ඇත. මුදල් හොයන්නට සහ ජනප්‍රිය වන්නට යහපත් මාර්ග රිසිසේ ඇතිනම් නිල් චිත්‍රපට නිලියක් වීමට ඇයට අවශ්‍ය නොවන්නට තිබුණි. කව්රුන් හෝ රති ආශාවකින් අදාල ක්ෂේත්‍රයට පිවිසෙන්නේනම් ඉතිම අල්ප වශයෙනි. කොලුවාගේ පලමු පැනයට පිළිතුර එය ලෙස සඳහන් කල යුතුය.

    එසේ ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක් වූ සනී ලියෝන් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට කඩාපාත් වීම දෛවයේ සරදමක් බව කිව යුතුමය. එයට ඇගේ ඉන්දියානු සම්බවයද සාධකයක් වන්නට ඇත. එසේම තනිසුදු සමට, තඹ කොණ්ඩයට සහ එතරම් හැඩයක් නැති නිතඹට එහා ගිය අතිශ්‍ය සුරූපි ඉන්දියානු කාන්තාවක අංග ලක්ෂණ හිමි සනීට නිල් චිත්‍රපට මෙන්ම ඉන්දියානු බොලිවුඩ් චිත්‍රපටද එකසේ ගැලපෙන්නට විය. මහේෂ් බාට් විසින් “ජිස්ම් 2“ චිත්‍රපටය හරහා ඇය බොලිවුඩයට පමණක් නොව ලංකාවටද ගෙන ඒමට සමත් විය. මුල් කාලයේදී ඇය සිය රාගික සිරුරෙන් පමණක් හින්දි සිනමාව අල්ලා ගත්තද දැන් දැන් ඇය තුල සහජ රංගන හැකියාවක් ඇති බව පෙන්වමින් ඇත. මුල් කාලීනව ඉන්දියානු ජන සමාජය තුලද සනී ලියෝන්ගේ ඉන්දියානු සිනමා ආගමනය පිලිබඳ දැඩි විරෝධතා පැවතුනද මේ වනවිට ඇය තවත් සාර්ථක සහ ආකර්ශණීය හින්දි නිලියක් පමණක් බවට පත්ව ඇත. ඉන්දියානු සිනමා ලෝලීන්ට ඒ පිළිබඳ හිරිකිතයක් ඇතිකරගත යුතු සධක නැත. වෙනසකට ඇත්තේ බොහෝ දෙනෙක් ඇය නග්නව රඟනවා දැකීමට වඩා අර්ධ වශයෙන් නග්නව හෝ ආකර්ශණීය විලාශයකින් සරාගී මාදිලියෙන් දැකීමට ලොල්වීමයි.ඒ කොලුවාගේ දෙවනි පැනයට මාගේ පිළිතුරයි.

   තුන්වෙනි ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයකි. එය ගණුදෙනු කරන්නේ ප්‍රේක්ෂක ප්‍රජාව සමග නොව, සනී ලියෝන්ගේ ස්වාමියාගේ අවබෝධාත්මක තත්වය පිළිබඳ ගැටළුවකි. තම බිරිඳ හෝ පෙම්වතිය වෙනත් අයෙක් හා ලිංගිකව එක්වෙද්දී හෝ අවම වශයෙන් වෙනත් පුරුෂයෙක් හා අතින් අල්ලා සිටීම පමණක් හේතු කරගෙන කැති පහරවල් ගසා මරා දැමූ පුවත් අප කොතෙක්නම් මේ සම්බුද්ධ පාදස්පර්ශිත භූමියෙන් අසා ඇත්ද. එසේ තිබියදී තම බිරිඳ ප්‍රසිද්ධියේම වෙනත් අයෙක් හා ලිංගිකව හැසිරෙන ආකාරය බලා සිටීමට ස්වාමිපුරුෂයෙක්ට හැකිද සහ එය ඒ දෙදෙනා අතර සබඳතාවට බලපෑමක් නොවන්නේ කෙසේද යන්න කොලුවාට ගැටළුවක් වීම සාධාරණය. ඒ මන්ද කොලුවාද ශ්‍රී ලාංකිකයෙක් වීමයි. අප සිටිනා සංස්කෘතික සන්දර්භය තුල එවැන්නක් අප කිසිසේත්ම අත්විඳ නොමැති බැවින් එවැනි දේ මැජික් වීම පුදුමයක් නොව. ඒ දෙදෙනා අතර ප්‍රශ්න ඇතිද යන්න අප නොදන්නා කරුණකි, සර්ව සාමකාමී පවුලක් වීම බොහෝවිට සාවද්‍ය කරුණකි. කෙසේ වෙතත් සනීගේ සැමියා අවබෝධයකින් කටයුතු කිරීම තුලින් ඇය සමග සබඳතාවට ඇගේ රැකියාව බාධාවක් කරගෙන නැතුවා වන්නට ඇත. එසේම සැමියා වන ඩැනියෙල් වෙබර්ටද මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් ඇති නිසා ඔවුන්ගේ සබඳතාවට එය බාධාවක් නොවෙනවා ඇත. කෙසේ හෝ එයින් පෙන්වා දෙන කරුණ වන්නේ ආදරය හෝ මානව සබඳතාවලට විවෘතභාවය හා අවබෝධාත්මක ස්වරූපය විසින් කොතරම් ශක්තිමත් පදනමක් නිර්මාණය කරනවාද යන්නය. පසුගිය දිනවල දේශපාලනික මතිමතාන්තර නිසා දෙකඩ වූ ප්‍රේම සබඳතා කණින් ඇසූ මා හට සනීගේ උදාහරණය කදිම ලෙස ගැලපෙන්නකි.

   අවසන් පැනයට පිළිතුර වන්නේ ශ්‍රී ලංකාව යනු ඉන්දියානු ජන සමාජයේම තවත් එක්තරා විදියක කොපියක් නිසාවෙන් සනී ලියෝන් වැන්නෙක් ලංකා සිනමා කර්මාන්තයට පිවිසියද ඉන්දියානු පුරවැසියන් ලෙස මුලින්ම දැඩි විරෝධතා දක්වා, හැකිනම් මාරාන්තික උපවාසද කර පසුව සනී ලියෝන් ගේ චිත්‍රපට නරඹන තැනටම කරුණු සිදුවනු ඇත කියාය. ඉන්දියානු ප්‍රේක්ෂකයන් සහ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් වෙන්කර හඳුනාගත හැකි පරිදි වෙනස්ව දැකිය හැක්කේ ක්‍රිකට් රසවිඳින ආකාරය අනුව පමණි. මේ සියලු දේ කොලුවාගේ බරපතල සනී ලියෝන් ගැටළු වෙනුවෙන් මා මගේ දැනුම සහ ආකල්ප මාත්‍රයෙන් ලබාදුන් පිලිතුරුය. ඒවා ඔබේ මතිමතාන්තර වලට වඩා වෙනස්විය හැක. කෙසේ වෙතත් මේ පිළිතුරු වලින් කොලුවා සෑහීමකට පත්වූ බව පෙනිනි. මේ සියලු කරුණු සනී ලියෝන් නැමති මොඩලය සහ සංස්කෘතිය අතර ඇති සාධකමය කාරණාබව හඳුනාගත හැක. කෙසේ වූවත් කොලුවාගේ මේ බරපතල ප්‍රශ්න හිතේ තබාගෙන හෙතෙම වැඩමහලු වූවේනම් එය ඔහුගේ ආකල්ප වලට දැඩි බලපෑමක් ඇති කරනු ඇත. කෙසේ වෙතත් ඔහු නව යොවුන් කොලු ගැටයෙක් විම නිසා හොඳින් මේ කරුණු තේරුම්කර දිය හැකිවිය.

12 comments:

  1. හැකියාව තමයි...............

    ReplyDelete
    Replies
    1. හැකියාවට රැකියාවක් ලැබිලා..ඒ වගේම පින තමයි..පින ප්‍රබලනම් කුණුමුල්ලෙන් රජ පරවියෙක් තැනට වුනත් යන්න පුළුවන්

      Delete
  2. හැකියාවට රැකියාවක්
    බෙදුමිවාදයට පරාජයක්

    ReplyDelete
    Replies
    1. යකෝ මූ නිල් චිත්‍රපට අස්සෙත් දේශපාලනේ ගාවනවනේ..මම ඡන්දෙ ඉවරවුනාට පස්සේ දේශපාලන කතිකාවත් නැවැත්තුවා බං

      Delete
  3. ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ පටු විදියට හිතන්ඩ!!
    එතකොට මේවා මැජික්!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මිත්‍රයා මේ කොටුවීම තුලින් කවදාවත් ඇත්ත ඇති සැටියෙන් හෝ සොඳුරු අනාගතයක් දකින්න බෑ. නමුත් අපි පොඩි කාලේ ඉඳලා හුරුවුණු විදියයි මෙතන ගැටළුව

      Delete
  4. සනීට වඩා ලස්සන කෑලි ඉන්නව...
    මට හිතිල තියෙන්නෙ ඔය එකක් වත් නෙවී මෙච්චර ලස්සන වෙලත් ඇයි මුං ඒවැයි රගපාන්නෙ කියල...
    ද සර්බියන් ෆිල්ම් කියල මූවි එකක් ආව... ඒත් පොර්න්ස්ටාර් ල ගැන කතාවක්...
    හම්බුනොත් බලන්න...

    ReplyDelete
    Replies
    1. සනීට වඩා ලස්සන කෑලි ඉන්නවා ලතින් ඒවල..ලස්සන කියන දේ මෙතනදි ජනප්‍රිය මාදිලියට යන්න තියන පාලමක් විතරයි මම හිතන විදියට..

      Delete
  5. රඟපෑමෙයි ගණිකා වෘතියෙයි වැඩි වෙනසක් නෑ, වෙන්නෙ එකම දේ නම්..

    ReplyDelete
    Replies
    1. ඒකේ ගතයුතු සත්‍යයක් තියනවා මනෝෂ්..දෙකෙන්ම වෙන්නේ අසංවර් ඉන්ද්‍රීයන් තෘප්තිමත් කිරීමයි

      Delete
  6. සනී නම් රඟපාන්නෙම හබියා එක්ක හන්දා ඒක උන් දෙන්නට ප්‍රශ්ණයක් නෙමෙයි වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. හබියා නැති ඒවත් තියනවා බන්. මුල් කාලේ ගොඩක් ඒවල ඉන්නේ හබියා නෙවෙයිනේ

      Delete