Mar 14, 2015

සම-රිසි බව නොහොත් Homosexuality


මම රැකියාව කරන ආයතනයේ මගේ කණිෂ්ඨ සේවක මණ්ඩලයේ ඉන්න කාන්තා නිලධාරිනියක් ඉන්නවා ඇය බොහොම සුහද කෙනෙක්. ඇයගේ විශේෂත්වය තමයි ඇගේ මිත්‍ර කාන්තා නිලධාරිනියන්ට ආමන්ත්‍රණය කරන්නේ “මගේ වස්තුව...මගේ පණ..පැටියෝ..සුදූ “ යනාදී විශේෂ ආකාරයටයි. ඒක ඇයගේ පුරුද්දක් මිස මෙම ලිපියේ මාතෘකාවට අදාල වන්නක් නොවිය හැක. ඒත් අප ආයතනයේ බොහොමයක් නිලධාරීන් ඇය එවැනි ආමන්ත්‍රණයක් කාන්තා නිලධාරිනියකටම සිදු කරන විට..“ආ ආ තාම ලංකාවේ ඕවා තහනම්...ටිකක් ඉවසන්න වෙයි සම්මත කරනකං“ ආදී විහිළු තහළු කිරීමයි. 

   සම-රිසි බව නොහොත් “සමලිංගිකත්වය“ එහෙමත් නැතිනම් Homosexuality යන නමින් හඳුන්වන මෙම තත්වය පිළිබඳ කතා කිරීම ලංකාවේ බහුලව සිදුවන්නේ නෑ. නමුත් බොහොමයක් රටවල මේ පිළිබඳව කතා කරනවා පමණක් නොව නීති මගින් සමලිංගික ඇසුර මෙන්ම සමලිංගික විවාහද නීත්‍යානුකූල කර තිබීම අප ශ්‍රී ලාංකිකයන් ලෙස මදක් කුතුහලයෙන් යුතුව විමසන කරුනක්. ඇත්තටම සම-රිසි බව යනු කුමක්ද සහ ඒ පිළිබඳව මදක් විවරණාත්මකව කතා කිරීම මෙම ලිපියෙන් සිදු වෙනවා.


සම-රිසි බව කියන්නේ මොකක්ද?

ඇත්තටම නිර්වචනයක් විදියට හරියටම සඳහන් නොවුනත් සමාන ලිංගිකයන් අතර සිදුවන රොමාන්තික ආකර්ෂණය, ලිංගිකත්වය පදනම් කරගත් ආකර්ශණය හෝ ලිංගිකත්වය පදනම් කරගත් හැසිරීම සම-රිසි බව නැතිනම් සමලිංගිකත්වය ලෙස හඳුන්වන්න පුළුවන්. පොදු සමාජ සබඳතාව වන විරුද්ධ ලිංගික සබඳතාවට එරෙහිව ස්ත්‍රී- ස්ත්‍රී හෝ පුරුෂ- පුරුෂ ලෙස මෙවැනි සබඳතා බිහිවෙන්නට පුළුවන්.

මෙහි ආරම්භය සිදුවන්නේ කුමන කාලයකදීද?

ඇත්තටම මෙය කරලියට එන්නේ 20 වැනි ශතවර්ෂයේදී වුනත් පෞරාණික සමයන්හීදී පවා මෙවැනි තත්වයන් පැවති බවත් එක්ලිහි ඒවා ආසාමාන්‍ය චර්යාවන් ලෙස හඳුන්වා සමාජයෙන් බැහැර කර ඇති බව විශ්වාස කරන්න පුළුවන්. විශේෂයෙන්ම ක්‍රි.පූ 5 වැනි සියවසේ ග්‍රීක සිතුවම් වලින් පවා එවැනි සමලිංගික සබඳතා හුවාදක්වා තිබෙනවා. ඒ නිසා මෙය නිශ්චිතව කවර සමයක ආරම්භවුනාද කියලා සඳහන් කරන්නට අවස්ථාවක් නෑ.

මෙවැනි සම-රිසි සබඳතා වලට හේතු මොනවාද?

මේ සඳහා ජීව-විද්‍යාත්මක සාධකවල බලපෑමක් නෑ කියලා බොහොමයක් පර්යේෂණ වලින් ඔප්පු කරලා තියනවා. මොකද මෙවැනි සම-රිසි සබඳතා පවත්වන්නන් සාමාන්‍ය සබඳතා පවත්වන්නන්ගෙන් ජීව විද්‍යාත්මකව වෙනස් වෙන්නේ නෑ කියලා පැහැදිලියි. බොහො විට සම-රිසි සබඳතා ඇරඹෙන්නේ අති බහුතරයක් තරුණ පිරිස් අතරයි. මේ නිසා වයස් හා බැඳුනු ආකල්පමය වෙනසක් මෙයට බලපාන බව නිගමනය කරන්න පුළුවන්. එහෙත් බොහොමයක් පර්යේෂණ තුලින් සම-රිසි බවට බලපාන ආසන්නතම හේතු මේ විදියට ඉදිරිපත් කරලා තියනවා.
  • කුඩා වසයේදී ලැබූ සමලිංගික අත්දැකීමක තදබල මතකය සහ කුතුහලය.
  • පවුලේ වැඩිමල් සාමාජිකයෙක් සම-රිසි බවට පත්ව තිබීම හා ඒ හා බැඳුනු අත්දැකීම් හුවමාරුවීම.
  • අක්‍රමවත් හෝ අසාමාන්‍ය ලිංගික චර්යාවන් සහිතවීම. (අධික ලෙස ස්වයං වින්දනයට ඇබ්බැහි වීම, ළමා වියේදීම අසභ්‍ය දර්ශන වෙත ඇබ්බැහිවීම වැනි කාරණා)
  • සංස්කෘතිකමය බලපෑම් (ආගම් පදනම් කරගත් ඉගැන්වීම්(
  • විවිධ වූ මානසික ආබාධ වලින් හෝ අධික පීඩනයන්ගෙන් සහිතවීම.

එසේනම් සම-රිසි බවට ඇබ්බැහිවීමක්ද?

මෙය එක්තරා ආකාරයක මානසික තත්වයක්. හරියටම අධි මානසික තත්වයන් ලැබූ බව කියමින් සමාජය මුලා කරන පුද්ගලයන්ට ඇති මානසික ඇබ්බැහිවීම හා සමාන දෙයක් ලෙස සම-රිසි බව හඳුන්වන්න පුළුවන්. අද වනවිට ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මෙහි ගොදුරක් බවට පත්වෙලා තියනවා. ඇතැම් පුද්ගලයන් තමන්ගේ දරු පවුල්, දේපල පවා අමතක කරලා සම-රිසි විවාහ සහ සබඳතා වලට යොමු වෙලා තිබෙනවා.

අද මෙය ඇත්තේ කුමන තත්වයකද?

විශේෂයෙන්ම ඉන්දියාව, තායිලන්තය, චීනය, අමරිකාව, කැනඩාව වැනි රටවල මෙය ඉතා බහුලයි. එවැනි රටවල සම-රිසි විවාහ තුලින් ජීවිත ගත කරන පිරිස් සිටිනවා. එසේම සමාජ ජාල තුලද සම-රිසි පුද්ගලයන් බහුලයි. ඔවුන් බොහෝ විට ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් ඒ සඳහා ආරාධනා කරනවා. මේ නිසා සමාජය තුල විවිධ ගැටළුද නිර්මාණය වෙමින් තිබෙනවා.

මෙය උපත් පාලනය සඳහා ක්‍රියාත්මක වන උපක්‍රමයක්ද?

එක් පැත්තකින් එවැනි තර්කයක් වුවත් ඉදිරිපත් කල හැකි වුනත් ඇත්තටම මෙය එවැනි තත්වයක් නොවේ. අද ලෝකයේ “තෙවැනි ලිංගිකත්වය“ ලෙසින් පවා මෙය සම්මත වන්නේ මෙවැනි සම-රිසි සබඳතා පවත්වන්නන් සාමාන්‍යකරණය සඳහා ගත් උත්සහයක් ලෙස. නමුත් මෙහි ඇති අසාමාන්‍යභාවය නිසාම සමාජ තහංචි බහුලයි.

සම-රිසි බව වෙනස් කල හැකිද?

ඔව්..බොහොමයක් රටවල එය අත්හදාබලා තිබෙනවා. එවැනි සම-රිසි පුද්ගලයන් තුල ඇති ආකල්ප වෙනස් කිරීම් තුලින් ඒ බවින් මුදවා ගන්න පුළුවන්. මෙය රෝගී තත්වයක් නොවුනත් මෙය එක්තරා ආකාරයක ඇබ්බැහිවීමක් නිසා මෙයින් අත්මිදෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය වෙතින් සමරිසි බවට යම් උත්තේජනයක් සැපයීමද සිදුවෙනවා, එයද අවම කලහොත් මෙය වෙනස් කල හැකියි. 

තොරතුරු - පවුල් සමීක්ෂණ ආයතනය, අමරිකා එක්සත් ජනපදය/ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා


8 comments:

  1. සුජීව සේනසිංහගේ පොත්වල ඉන්න ගෑණු ඔක්කෝම ලෙස්බියන් එහෙනම්. රත්තරං වස්තුව කියලාමනේ කථා කරගන්නේ...

    ReplyDelete
    Replies
    1. උඹ අදහස් කලේ සුජීව ප්‍රසන්න ආරච්චි විය යුතුයි. මිනිහා ඉතින් ලියන්නේ අමුතුම ලියවිල්ලක්නේ බං..

      Delete
  2. මල්ලි උඹේ පෝස්ට් එක සම්පූර්ණයෙන්ම මිස්ලීඩින්ග්. ඒ කියන්නේ අසම්පූර්ණ තොරතුරු වලින් පාඨකයාව නොමඟ යවනවා සැබෑ තත්වය හන්ගලා. උඹෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා, ජනරඟ කියන්නේ මම දන්න එකා නම්. මීට පස්සේ තව පොඩ්ඩක් හොයලා බලලා ලියපන් ලියන මගුලක්. පොඩි ඔත්තුවක් දෙන්නම්. 2015 වසර සඳහා නිකුත් කරපු ඔය උඹ පරිශීලනය කරපු වාර්තාවේම සංස්කරණය, නැත්නම් ඩීඑම්එස්5 වාර්තාව කියවපන්. සුබ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා.බොහොම වටිනවා යොමුව. මොකද මේ අදහස තුලින් මේ මාතෘකාවට දිගුවක් ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පාඨකයාට මෙය පලමු පියවර විදියට වෙනස් අත්දැකීමක් වේවි

      Delete
  3. මෙහෙමයි ඒංගලන්තයේ සමලිංගික විවාහ අනුමත කරලා නීතිය ගෙනාවාට පසු ඔවුන් විසින් ම තිදෙනෙකුගේ ජාන ඒකතු කර දරුවන් හැදීමට හැකි නීතියකුත් ගෙනාවා... ඒ අරකේ අනුපූරකය විදිහට.. නැත්තං ඉතින් සමලිංගික විවාහ වලින් දරුවන් නැතිව යන නිසා

    ReplyDelete
    Replies
    1. අන්න ඒක වැදගත් අනූපූරකයක්..මොකද නැත්නම් ආයෙත් ආදේශකය තෝරගන්න නිසා. කොහොම වුනත් මේ පිළිබඳව දැනුවත්වීම විටිනවා

      Delete
  4. ඔබේ ලිපිය වැදගත් මාතෘකාවක් ගැන කතා කලත්, ඇතැම් කරුණු නොමග යවන සුලුයි. ඔබ කියනවා සමලිංගිකත්වය සඳහා ජීව විද්‍යාත්මක බලපෑමක් නෑ මෙය තනිකරම ඇබ්බැහියක් පමණයි කියල. මෙය වැරදියි. මේ විෂය තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන්නක්. බොහෝ දෙනා පිළිගන්නා මතය තමයි මේ සඳහා ජානමය, ජ්‍යෛව රසායනික හා සමාජීය බලපෑමක් තිබෙන බව. ආකල්ප වෙනස් කිරීම තුලින් සමරිසි බව වෙනස් කල හැක්කේ සාමාජීය / පරිසරාත්මක බලපෑමෙන් සමරිසි බවට පත්වූවන්ගේ පමණයි .

    තව දෙයක් තිබෙනවා, අප පුරුදු වී සිටින්නේ සමලිංගික හා විරුද්ධ ලිංගික කියා බෙදීමටයි. නමුත් මේ අතර මැද විවිධාකාර අවස්ථාවන් තිබෙනවා. ඒවා ගැනත් ලිපියක් ලිවිය හැකිනම් එය ඉතා අගනේය.

    http://en.wikipedia.org/wiki/Biology_and_sexual_orientation

    ReplyDelete
  5. Highly descriptive post, I loved that a lot. Will there be a part 2?

    ReplyDelete