උදේ පාන්දරම කාමරේ අස්කරන්න කියලා පටන් ගත්තා. ඊට පස්සේ ජනේලේ එහෙම ඇරලා වැඩ පටන් ගන්නකොටම ගෙදර ඉස්සරහ වැට ගාවින් වාහනයක් ජරාස්... ගාලා බ්රේක් පාරක් ගහලා නැවැත්තුවා..සුදු අත්කොට ෂර්ට් එකක් ඇඳගත්තු කොල්ලෙක් වාහනේ පිටිපස්සේ දොරෙන් බහිනවා දැක්කා..ඒත් එක්කම ඉස්සරහ දොර ඇරගෙන බැස්සේ හොඳට දැකලා පුරුදු කෙනෙක්..හත්තිලව්වේ මේ අතිගරු ජනාධිපතිතුමා..නෑ නෑ අතිගරු අයින්කරගත්තා නේ.මේ ජනාධිපති මෛත්‍රීපාල උන්නැහේ නේද..සෑහෙන්න කලබලෙන් උන්නැහේ වාහනෙන් බැහැලා ගේ පැත්තට ඇවිදගෙන එනවා..ගාර්ඩ් එකේ දෙන්නෙක් පස්සෙන් දුවගෙන එනවා..හදිස්සියටද කොහෙද මෛත්‍රීතුමා දුඹුරුපාට සපත්තු දෙකත් අතේම අරගෙන එනවා..
ඉස්තෝප්පුවට ඇවිත් දොරෙන් ගේ ඇතුලට කොක් බැල්මක් දාලා විපරම් කරපු මෛත්‍රීතුමා හොයන්නේ මාව කියලා ඉවෙන් වගේ දැනුනා. ඒ පාර මොන බාල්දියක් පෙරලෙන්න එනවද කියලා මට හිතාගන්න බැරිවුණා.
“දරුවා... ඔය දරුවා ගෙදර ඉන්නවද?“
මල කෙලියයි. මෛත්‍රීතුමා කෙලින්ම මටම කතා කරනවා.. එලියට නොයා ඉන්නත් බෑ. හදිස්සියේ මටත් FCID යන්න වුනොත්. මට මතක් වුනේ මහින්ද මාමගේ සුදු වෑන්..ඒ දවස්වල ඕන රෙද්දකට බයකලේ සුදු වෑන් ගැන කියලා, දැන් බයකරන්නේ FCID ගැන කියලා..ඒ අතින් අපි දැන් දියුණු වෙලා කියලා මට හිතුනා. ඒ අතරේ අම්මා කඩාගෙන කාමරේට ආවා..
“අන්න..ජනාධිපතිතුමා උඹව හොයන් ඇවිත්..“
“මට ඇහුණා අම්මේ..මේ යනවා ඉස්සරහට..“
“උඹ මේ පාරත් ඒ උත්තමය ගැන මොකක්හරි අසමජ්ජාති කතාවක් ලිව්වද ඉන්ටොනෙට් එකට.?“
“පිස්සුද අම්මේ..දැන් මම පොර ගැන ලියනවා තියා ලිව්වා කියලා කියන්නෙත් නෑ..එහෙම කිව්වොත් දැන් බරගාණක් මට නෙලන්න බලාගෙන ඉන්නවා“
මම එහෙම කිව්වම අම්මා කම්මුලේ අත තියාගත්තා.
“අනේ මන් දන්නේ නෑ උඹ කරගන්න ඒවා..“
අම්මාගේ දෝෂාරෝපණ,විස්සෝප වීම් මැද මම ඉස්තෝප්පුවට ආවා..එතකොටත් මෛත්‍රීතුමා ඉස්තෝප්පුවේ තියන කොට පුටුවේ හරි අමාරුවෙන් වාඩිවෙලා ඉන්නවා..තනි වාහනේ, ලොකු ගාර්ඩ් නෑ..සරල ඇඳුම..සපත්තු දෙකත් අතේම අරගෙන..අනේ කොච්චර අල්පේච්ඡද..මටනම් ඇඬෙන්න වගේ..මේක තමයිනේද යහපාලනේ. මම යනකොටම මෛත්‍රීතුමා පුටුවෙන් නැගිට්ටා.. යකෝ මෙන්න පැනලා මාව බදාගත්තා.
“බුදු පුතෝ මාව බේරගනින් යකෝ...මට ඇතිවෙලා යකෝ මේවා“
මම නිකං කරකවලා අතෑරියා වගේ වුනා. විධායක පට්ටමෙන් කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එක විතරයි කියලා යැංකි ඩීකී සීයා කිව්වට දැන් වෛද්‍ය විද්‍යාවෙන් ඒකත් කරන්න පුළුවන් නිසා විධායක පට්ටමත් තියාගෙන මෛත්‍රීතුමා හොටු පෙරාගෙන අඬන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරිවුණා. ඉකි ගහගහ අඬනවා..
“මේ මොකෝ ජනාධිපතිතුමා..හා හා නාඬා ඉන්නකෝ දැන්..දෝයි දෝයිය බබා..“
එපාරනම් ඇඬිල්ල ටිකක් නතරවුනා..ආයෙත් කොට පුටුවෙන් වාඩිවෙන්න හදද්දි මම බලෙන්ම හාන්සි පුටුවේ වාඩි කෙරෙව්වා. දැන් මෛත්‍රීතුමා කඳුළු එහෙමත් පිහදාගන්නවා. ගාර්ඩ් එකත් පුල් හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා.
“මට මේ ජනාධිපතිකම එපා යකෝ..මට දැන් ඇතිවෙලා තියෙන්නේ මේවා.. උඹ තමයි සම්පූර්ණයෙන්ම මේවට වගකියන්න ඕන“
මෛත්‍රීතුමා එහෙම කිව්වම මගේ ඩොලර් පැන්නා. ඇයි යකෝ මමද පක්ෂ මාරු කරලා පොදු අපේක්ෂකයා වෙන්න කිව්වේ..මමද අලුතෙන් කැබිනට් හදාගෙන දින සීයවල් ගහගන්න කිව්වේ..මේක මාර පාලනයක්නේ.
“මම මොකක්ද කලේ?“ මම නිකන් අඬන්න වගෙ ඇහුවා.
“උඹ තමයි එක එක ඒවා ලියලා මම හීන දැක්කා කියලා ලියලා මාව අවුල් කලේ..මාව මේ මගුලක් කරගහන තත්වෙට පත්කලේ උඹ තමයි හිටං..“
මට නේද හොඳටම තදවුණා ඒකට. මම ලිව්වේ ඇත්ත නේන්නං ඒ වෙලාවේ. එහෙම ඇත්ත ලියපු නිසානේ පැනපු මෛත්‍රීතුමා කෝල් කරලම තෑන්ක්ස් කලේ. එහෙව් මට මෙහෙම කරලා මදි.
“මම ලිව්වේ ඒ වෙලාවේ ඇත්තටම වෙන දේ තමයි..ඒක නිසා ඔබතුමාට කොච්චර ජනප්‍රසාදයක් ලැබුණද..එහෙව් එකේ දැන් මේ මොන මගුලකට මගේ ඇඟට කඩාගෙන පනිනවද හිටං.“
ඒ පාර ජනාධිපතිතුමා ටිකක් සන්සුන්වුනා. හොටු එහෙම ෂර්ට් එකෙන්ම පිහිදගෙන කතා කරන්න පටන්ගත්තා.
“එහෙන් මහින්ද මට කෙලින්න පන්සල් ගානේ යනවා.. හාමුදුරුවෝ ටික මිහිහගේ පස්සේ යනවා..අනිත් පැත්තෙන් රනිල් මට කෙලින්න යූ.එන්.පී කාරයෝ පෙළ ගස්සනවා..ශ්‍රී ලංකා එකේ ඇතුලේ ඉන්න මගේ පැත්තට බර එවුන් ඒ අස්සේ සිරිපාල අගමැති කරන්න කියලා වද දෙනවා.. මට ඇතිවෙලා තියෙන්නේ යකෝ මේවා.. තනි මම මේවා කොහොම දරාගන්නද.. ගමට වෙලා කුඹුරක් කොටාගෙන හිටියනං කියලා හිතෙන්නේ දැන් තමයි හිටං.“
මට මෛත්‍රීතුමා ගැන සෑහෙන්න කණගාටුවක් දැනුනා. කවදා කාපු ටකරංද. මේ පිනක් දහමක් කරගෙන,සන්සුන් සිතින්, දැහැමෙන් සෙමෙන් ඉන්න ඕන කාලේ එක එක තානාන්තර ගත්තම ඔහොම වෙනවා..
“මම මේ දැනුත් සපත්තු කඩේට ගිහින් එන ගමන්..එතනත් එක එකා පොටෝ ගහන්න එනවා..මගේ ලඟට ඇවිත් කියනවා මම හරි සරලයි ලු..නාස්තිකාර වැඩ කරන්නේ නැතිලු..මට මේ කුණුහබ්බ අහලා ඇතිවෙලා බං.. මම මේ මගුල දමලා ගහලා යන්න හිතාගෙන හිටියට, ඡන්දේ දුන්න එවුන් මගේ ඉතුරු කෙස්ගස් ටිකත් ගලවලා දාවි කියලා බයයි බං..බුදු පුතෝ මොනවාහරි කරපං මේකට..“
මට උතුර දකුණ මාරුවෙන තත්වයකට පත්වුනා. රටේ විධායක ජනාධිපති කෙනේක්ගේ දුක්ගැනවිලි විසඳන්න වීම තරම් අභාග්‍යසම්පන්න තත්වයක් තවත් තියනවද. මම වාඩිවෙලා කල්පනා කරන්න ගත්තා.
“මම කියන්නද..ඔබතුමා මහින්ද ලොක්කට නාම යෝජනා දෙන්න...පස්සේ පොර දිනලා මොනවාහරි කරගෙන පාඩුවේ ඉඳීවි..එතකොට ඔබතුමාට තියන බරත් අඩුවෙනවනේ..“
මෛත්‍රීතුමා දඩස් ගාලා පුටුවෙන් නැගිටලා අත්දෙකෙන්ම බෑ කිව්වා.
“අපෝ බෑ...ඔය යකා දින්නොත් ආයෙත් මට මිනිහට සර් කියන්න වෙනවා..බෑ බෑ..වෙන දෙයක් හිතපං“
ඒකත් ඇත්ත. මහින්ද ආයෙත් දිනුවොත් වටේ ඉන්න පිංගුත්තරයොත් එක්ක මේ මනුස්සයට යහතින් ඉන්න දෙන්නේ නෑ කියලා සීයට සීයක් ෂුවර්.
“මට මේ 19 විතරක් නෙවෙයි 20 සේරම විකාරයි යකෝ..ඔළුවත් අවුල් වෙනවා.. 20 සම්මත කරාම ආයෙත් පාඨලී කෑගහවි 21 ත් ඕන කියලා..මේවා සංකීර්ණ වැඩ හිටං.. මට ඕන පාඩුවේ ජීවත් වෙන්න“
මම සම්පූර්ණ බරදාලා කල්පනා කලා. විසඳුමක් එන්නෙම නෑ.
“අපි එහෙනම් රනිල්ට වැඩි බලතල දීලා විධායක අගමැති විදියට ප්‍රමෝට් කරමු..එතකොට මිනිහගේ හිතේ අමාරුවත් අඩුවේවි..ඔබතුමාගේ බරත් අඩුවේවි..“
ඒකටත් කැමති පාටක් මූණෙන් පේන්න තිබුණේ නෑ. නළලත් රැළි කරගෙන කල්පනා කරනවා.
“ඒකත් හරියන්නෑ පුතේ...රනිල් කාරයා මට ෂුවර් නෑ“
සංකීර්ණ ජාතික ප්‍රශ්න වලට මෙහෙම විසඳුම් හොයන්න බෑ කියලා මට තේරුණා. දැන් ඉතින් පෙරළුන පිට හොඳයි කියලා දෙන දෙයක් කාලා, තියන වැඩක් කරගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මෛත්‍රීතුමාට නෑ කියලා මට දැනුනා.
“මෙහෙමයි මෛත්‍රීතුමා..දැන් 19 සම්මතයි, 20 ත් ලඟදිම ගොඩයාවි..පාර්ලිමේන්තු ඡන්දෙත් තිබ්බට පස්සේ ජාතික ආණ්ඩුවක් එහෙමත් ඒවි..පළාත් පාලන තිබ්බම ඔබතුමාට විරුද්ධ සෙට් එකත් හිතවත් වේවි.. එහෙම සුබවාදීව හිතනවා ඇරෙන්න වෙන දෙයක් නෑ..එතකන් ඉතින් ඔබතුමා සපත්තු ගන්න, ව්‍යායාම කරන්න, දන්සල් වඳින්න, වෙඩින් පොටෝ ගන්න එහෙම කාලය වැය කරන්න..එතකොට ඔය හිතේ බර අඩුවෙයි“
ඔන්න ඒපාරනම් ටිකක් හිත සැහැල්ලු වුනා වගේ. මූණේ පාට ටිකක් පේන්න ගත්තා.
“එහෙම වෙයිද බං..මට මේ කටු ඔටුන්න නිසා කොන්ඩේ පීරගන්නවත් බෑ පුතෝ..කොහොමහරි කමක් නෑ මම උඹ කිව්ව ටිකත් කරලා බලන්නම්කෝ..උඹ හැමදාම මගේ පැත්තේ ඉඳන් ලියපු එකානේ..උඹ එහෙම මහින්දගේ පැත්ත අරගෙන ලිව්වොත් අම්මපා මම අතාරිනවා මේ සේරම හිටං“
එහෙම කියලා ආයුබෝවන් කියලා එහෙම මෛත්‍රීතුමා මිදුලට බැහැලා සපත්තු දෙකත් අතේම අරගෙන වාහනේට නගින්න ගියා. යන ගමන් නෙල්ලි ගහෙන් නෙල්ලි ගෙඩි දෙකක් කඩාගෙන කටේ දාලා බර බර ගාලා හපන්න ගත්තා. මට තේරුණා එතුමට නෙල්ලියි, වෙරළුයි මාරුවෙලා තමයි කියලා.

මරු කතාව බං
ReplyDeleteස්තූතියි බං
Deleteමම නම් හිතන්නේ නෑ මෛත්‍රී ඔච්චර අසහනයකින් ඉන්නවා කියලා. මිනිහත් මහින්ගේ පාට් එකම රඟනවා
ReplyDeleteදේශපාලකයන් එකෙක් වත් විශ්වාස කරන්න එපා.
ReplyDeleteසහතික ඇත්ත ක.කා.. දේශපාලනයේ සදාකාලික මිතුරුකම් හෝ සතුරුකම් නෑ
Deleteහොදයි..........
ReplyDelete