සුමනා සහ සරත් දැඩිසේ ආදරය කරන පෙම්වතුන් වෙති. දෙදෙනාගේම ගෙවල් වලින් මෙම සම්බන්ධයට දැඩි ලෙස බාධා එල්ලවන්නට වූ අතර නමුත් කිසිවිටක දෙදෙනා සම්බන්ධය නවත්තන්නට සූදානම් නොවුණි. කෙසේ වෙතත් බාධකවල පීඩනය ඉවසාගත නොහැකි තැන දෙදෙනාගේ අවසන් තීරණයවූයේ ගෙවල්වලට හොරෙන් පැන ගොස් විවාහවී පාඩුවේ ජීවත් වීමයි. දෙදෙනාම කඩිනමින් සිය තීරණය ක්‍රියාත්මකකල අතර මිතුරන් කීපදෙනෙක්ගේද සහය ඇතිව හඳපානේ පැන ගොස් විවාහවී ඈත ගමක කුලී නිවසක ජීවත්වන්නට විය. විවාහයේ නැවුම් සුවඳින් සහ ආදරයේ ජීවයෙන් දෙදෙනා සතුටින් කෙටි කලක් ජීවත් විය. අගහිඟකම් සහ අනෙකුත් ප්‍රශ්න නිසා අඩදබර පැමිණියේ ඉන් අනතරුවය, අන්තිමට දෙදෙනාට දෙදෙනා එපා වන තරමටම ප්‍රශ්න තදබල විය.
පසුගිය ජනාධිපතිවණය සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූයේත් මේ හා සමාන සිදුවීමක් බව නිවිසැනසිල්ලේ අධ්‍යයනය කලහොත් වටහාගත හැකිවනු ඇත. මෙරට බහුතරයක් ජනතාවට රාජපක්ෂ පාලනය 2010න් පසු පීඩනකාරී, අත්තනෝමතික පාලනයක් බවට පත්වන්නේ එහි මර්ධන සහ දූෂණ නිසා බව සත්‍යයකි. ඒ පීඩනයෙන් ගැලවීමට ජනතාවට විකල්ප නොවීය. එනිසාවෙන් ලැබුණු එකම විකල්පය වූයේ ජනාධිපතිවරණයකදී ජනතා ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම පමණකි. ඒ මන්දයත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇතුලු රටේ සියළුම බලඅධිකාරීන් බලහත්කාරයෙන් සහ උපක්‍රමශීලීව අත්පත්කරගෙන සිටි රාජපක්ෂ පාලනයට බලහත්කාරයෙන් ගත නොහැකිව තිබූ එකම දෙය සිය විරුද්ධ මතවාදීන්ගේ ඡන්දය පමණි.
එහිලා විරුද්ධ මතවාදීන් මෙන්ම පීඩනයට නතුව සිටි ජනතාව ලද්දාවූ එකම අවස්ථාව ජනාධිපතිවරණයේදී මහින්දට විරුද්ධව ඉදිරිපත්වූ මහින්ද සෙවණේම හැදුණු වැඩුණු මෛත්‍රී පමණි. එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂකයෙක් නොවීය. රනිල් යනු එවකට ඔබා මෙන්ම ලිහා ද බැලූ මල්ලක් බැවින් තුරුම්පු අතේ නොමැතිව කුජීත වීමට එක්සත් ජාතික පක්ෂයේ ඔළුවක් ඇති නියෝජිතයන් කැමති නොවීය. එසේම ඔබා හෝ ලිහා නොබැලුවත් මල්ලේ විනිවිදභාවය නිසාවෙන් ඇතුලේ දැනට ඇත්තේ මොනවාදැයි පෙනෙන සජිත් සටනට දමා ඇණ ගන්නටද ඔවුන් සූදානම් නොවීය, විකල්පය වූයේ විසෙන් විස නැසීමය. එයට ගෙන ආවේ මෛත්‍රීය. එය බහුතරයක් ජනතාවට දෙවතාවක් හිතන්නට වන කාරණයකි. මහින්දට වඩා සංවේදීබවක් පෙනෙන්නට ඇති, මහින්ද වගේ පුරාජේරු නොගසන, මහින්දගේ වැරදි දන්නා මෛත්‍රී ජනතාවට විකල්පයක් විය.
මෙහිදී ජනතාව බැලුවේත් සුමනා සහ සරත්ගේ ආකල්පයෙන්මය. කඩිමුඩියේ පීඩනය මත මහින්ද එලවනවා මිස ඉන් අනතුරුව සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ජනතාවට නිනව්වක් නොවීය. මුල්ම මාධ්‍ය සාකච්ඡාවේදී මෛත්‍රී තමන් ජනපතිවූ පසු රනිල් අගමැති කරවන බව පැවසූවත් UNP පාක්ෂිකයන් සේම බොහෝ දෙනා අපේක්ෂාකලේ මහින්ද ගෙදර යැවිය හැකිනම් කව්රුන් අගමැති වූවත් ප්‍රශ්නයක් නැත යන්න බව සහතිකය. ඒ මන්දයත් මූලිකම අවශ්‍යතාව වූ රාජපක්ෂ පාලනයේ පීඩනය පරාජය කිරීම මිස ඉන් අනතරුව සිදුවිය යුතු දේ ගැන ජනතාව එසමයේ නොබැලූ බැවින්ය. එසේම බොහෝ දෙනෙක්ට මෛත්‍රී ජනපතිවී, රනිල් අගමැතිවූවත් රජයට සිදුවන්නේ කුමක්ද? පත්වන්නේ කව්ද කියා නිවැරදි අවබෝධයක් නොවීය.
මෛත්‍රී ජනපතිවීම, මහින්ද මැදමුලන වහලයට නැගීම, රනිල් අගමැතිවීම සහ අලුත් කැබිනට්ටුවක් පත්වීම යන මේ සියලු කාරණා සිදුවන්නේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ මුල්ම වතාවට බැවින් ජනවාරි 9න් පසු සියළුම දේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට මැජික් විය. දිනෙන් දින සිදුවන මැජික් වලින් ජනතාව හොල්මන් වූවා මිස යන්නේ කොතැනටද යන්න අවබෝධයක් නොවීය. දැන් දීගයට මාස හයකටත් ලඟ බැවින් අඩදබර, දුක්ගිනි ඇවිලෙන්නට පටන් ගෙන ඇත. දැන් දැන් ජනතාවට මේ දීගයේ අමාරුකම් දැනෙන්නට පටන් ගෙන ඇත. ඇතැම් අයට ගෙවල්වලම හිටියානම් හොඳයි කියාද දැනෙන්නට පටන්ගෙන ඇත. තවත් අය උත්සහ කරන්නේ කෙසේ හෝ දීගය පවත්වාගෙන යන්නටය. ඒ අතරම ඇතැමුන් මේ දීගය කඩා දමා අලුත් දීගයක් ගැනද හීනමවමින් සිටිති. දේශපාලනික සංක්‍රාන්ති සමය අවසානය බලා යමින් සිටී.
කෙසේ වෙතත් මෛත්‍රීට ඡන්දය දුන් මෙන්ම මහින්දටවත් නොදී පාඩුවේ සිටි ඇත්තන් පවා එ.ජා.ප ආණ්ඩුවක් අපේක්ෂා නොකල බව පැහැදිලිය. මෛත්‍රී පාලනයක මූලික හරය වූ යහපාලන සංකල්පය මෛත්‍රී නායකත්වයෙන් ක්‍රියාත්මක වේවි යන්න මිස, රනිල් ප්‍රමුඛ සුළුතර එ.ජා.ප ය කැබිනට්ටුවකින් රට පාලනය වේවි යන්න ජනතාව සිතා සිටියේ නැත. මේ කැබිනට්ටුවේ සිටින බොහොමයක් ඇත්තන් 2002 එ.ජා.ප කැබිනට්ටුවේ සිටියේ නැත. එසේ ඉන් පෙර අවසන් එ.ජා.ප පාලනයක් පැවත් 1993 දී වත්මන් එ.ජා.ප මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවේ සිටියේවත් නැත. ඒ නිසා වත්මන් එ.ජා.ප මන්ත්‍රීවරුන් ඇමතිවරුන් බවට පත්වී විපක්ෂය, ආණ්ඩු පක්ෂය බවට පත්වීම විජේතුංගට ජනාධිපතිකම ලැබුණා හා සමාන සිදුවීමක්ය. දෛවයේ සරදමනම් මේ අවස්ථා දෙකම එ.ජා.ප යට හිමිවීමයි. ජනතාව අපේක්ෂාකල සහ ලංකාව ගමන් කරමින් සිටි සංවර්ධනය ගෙනයාමට මේ රජයට නොහැකිය. එසේම නියම කලිසම මසන තුරු ඇඳගෙන සිටින තාවකාලික කලිසමේ අඩුපාඩු හදන්නට මෙම රජය උත්සහ නොකරන බව පෙනේ. එදාවේල උදෙසා දුවන තත්වයට ආණ්ඩුව පත්ව ඇත. මේ සමයේ සෑම පක්ෂයක්ම පාහේ උත්සහ කරන්නේ වැරදි අඩුවෙන්ම සිදුකර සිටීමට බව පැහැදිලිය.
ඉදිරි මහ මැතිවරණය පිළිබඳ පුරෝකථනය කිරීමට ඉක්මන් නොවිය යුතුය. එය තවමත් අපැහැදිලි තත්වයක් බැවින්ය. එසේම ජනවාරි 8 මහින්ද ගෙදර යවන්නට ඡන්දය දුන් පිරිසෙන් යම් පිරිසක් සිටින්නේ කලකිරීමෙන් හා පශ්චාත්තාපයෙන් බව සිතාගත හැක. මහින්ද වෙනුවට ගෙනආ විකල්පය සර්ව සම්පූර්ණ නොවීම මෙන්ම මහින්දගේම ඇතැම් ලක්ෂණ සහිතවීමත් ජනතාව වික්ෂිප්ත කරවන කාරණයක් බවට පත්ව ඇත. නමත් ජනතාව ඉල්ලුවේ එ.ජා.ප ආණ්ඩුවක් නොවන නිසාවෙන් ඉදිරි මැතිවරණයේදී එ.ජා.ප යේ හැසිරීම තීරණාත්මක වනු ඇත.
“න්‍යායේ ටොන් එකට වඩා භාවිතාවේ අවුන්සය වටී“ කියල කටයුතු කරන යහපත් මිනිසුන්ගෙන් සැදි සභාවත් මිසක්, ඉදිරියේදී යහපත් මින්සුන්ට ඉඩ හසර සලසන මිනිසුන් පිරිසක් ම්ස කිසිම පක්ෂයක් නොවේ තියන එකයි මගෙ අදහස
ReplyDeleteඔව් ඒක ඇත්ත..නමුත් ගැටළුව තියෙන්නේ මහජන නියෝජිතයන්ට ජනතාව පැත්තෙන් කරන බලපෑම ඉතාම මදි. මොකද මහජන ඡන්දයෙන් තෝරලා යවන පාලකයන් තමන්ගේ මතය නියෝජනය නොකරද්දි බැන බැන ගෙදරට වෙලා ඉන්නවා මිසක් ඊට එහා බලපෑමක් කරන්න පෙළඹෙන්න ඕන
Deleteමෙතනදි යූ ඇන් පී එක බලයට එන්නෙ දින සීයකට දින සීයක් කියන්නෙ සුලු කාලයක් කොටින්ම මාස තුනක කෙටිකාලයකට. ඒ වගේමාස තුනක් තුල කරගත යුතු අත්‍යාවශ්‍ය සංශෝදන කිහිපයක් තිබුනා. ඒටික කරගන පාර්ලිමේන්තුව විසුරුවන්නයි නියමිතව තිබුනෙ. නමුත් මෛත්‍රි උන්නැහේ එයාට නොලැබුන නිදහස් පක්ෂයක් පස්සෙ ගිහින් ඒක කරගහන්න ගත්තෙ මොන පදනමකින්ද? නිදහස් පක්ෂයේ අවසාන පතාක යෝදයා වුනේ මහින්ද..මහින්ද ට විරුද්ධව ගිහින් විපක්ෂයෙන් ඡන්දය ඉල්ලපු මෛත්‍රිට සදාචාරාත්මක අයිතියක්වත් ජනතා බලයක් වත් නැහැ නිදහස් පක්ෂයේ සභාපති වෙන්න.ජනතාවට කලින්ම කියල තිබුනා දින සීයක ආන්ඩුව ගැන..නමුත් මෛත්‍රි ලොක්කා නිදහස් පක්ෂ යක් බදාගෙන සියල්ල අවුල් කරගන්නා විදියක් ඡන්දෙට කලින් තිබුනෙ නැහැ..ඇත්තටම මෛත්‍රි පැත්තකට වෙලා තමුන්ගේ රාජකාරිය නිවැරදිව ඉටුකරලා පාර්ලිමේන්තු බහුතරයක් නැතුව මේක අදින්න බැරිනම් එදාම මේ ක විසුරුවලා දැම්ම නම් ඉවරයි.....
ReplyDeleteමෙතනදි මෛත්‍රී ලොක්කගේ ශ්‍රී.ල.නි.ප භූමිකාව හෝ මැතිවරණය කල්දැමීම පැත්තක දාලා බලන්නට උත්සහ කරන්නේ ඇත්තටම ජනතාව අපේක්ෂා කලේ යූ.එන්.පී ආණ්ඩුවක්ද කියන එක. පාර්ලිමේන්තුවේ 46 ක නියෝජනයක් තිබෙන පක්ෂයකට රජයක් පිහිටුවිය හැකියි කියන එකෙන් සැබෑ ජනමතය නියෝජනය වෙන්නේ නෑ. හැබැයි ඒ 46 යන සංඛ්‍යාව තීරණය කලේ 2011 දි.
Delete