Jun 24, 2015

ෆීනික්ස් කුරුල්ලා නැවත නැගී සිටිනු ඇත!


“එක්සත් ජාතික පක්ෂය ඉවරයි, කවදාවත් ආයෙත් ආණ්ඩුවක් ගන්නවා බොරු“ යන්න එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය නිරතුරුවම සිය පාක්ෂිකයන් පිනවීමට භාවිතා කල තේමා පාඨයයි. එය බහුතරයක් ජනතාව අතර පැවති විශ්වාසයක් විය, එපමණක් නොව එය එ.ජා.ප පාක්ෂිකයන් පවා පිළිගෙන තිබූ යමක් විය. මැතිවරණ 20 කට වැඩි ප්‍රමාණයක් පරාජයට පත්වීමෙන් අනතරුව එ.ජා.ප යට ප්‍රධාන පෙළේ හැඩගැස්මක අවශ්‍යතාව දැඩිව දැනී තිබිණි.

   එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සීඝ්‍රයෙන් සිය ජනප්‍රියත්වය අහිමිකරගනිමින් සිටි පක්ෂයක් බව පොදුවේ පිළිගත යුතුය. එසේම එ.ජා.ප ප්‍රබල ඡන්ද පදනම වේගයෙන් අඩුවීම සිදුවෙමින් තිබිණි. එයට හේතු ලෙස එ.ජා.ප ඡන්ද දායකයින් සිය පක්ෂයෙන් දුරස්වීම හා තීරණාත්මක මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකීසිටීම දැක්විය හැකිය. අතැම් පාක්ෂිකයින් එ.ජා.ප ය හැරදා සන්ධානය සමග එක්වීමද එසමයෙහි සිදුවිය. ඒ අතර ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටීම විශේෂයක් විය. එසේ පක්ෂ මාරුකල ඇත්තන් සන්ධානකාරයන් මෙන්ම “එක්සත් ජාතික පක්ෂයට දිනන්නට බෑ“ යන තේමා පාඨයම දේශපාලන වේදිකාවල ගායන කිරීම පටන් ගන්නා ලදි. නමුත් වර්තමානයේ ඔවුන් අයිතිවන්නේ අවාසනාවන්තයින්ගේ ගොන්නටය. ඒ මන්දයත් ඔවුන් නොසිතූ පරිදි එක්සත් ජාතික පක්ෂය පාලක පක්ෂය බවටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවටත් පත්ව ඇති බැවින්ය.


   2005 ජනාධිපතිවරණයෙන් පසුව එ.ජා.ප ය පත්වූ පසුබෑම අනුව බොහෝ දෙනෙක් නැවත එය නගාසිටුවිය හැකිබව නොපිළිගත්හ. ඇතැම් අය කිව්වේ “පරදින අශ්වයන්ට ඔට්ටු අල්ලා වැඩක් නැති බවයි“. ඒ නිසාවෙන් ඔවුන් පැතිමාරුකල බව නොකියා කියන්නට විය. ඇතැම් අය කීවේ එ.ජා.ප යෙන් අලියා යන්නට ගොස් ඇති බවය. දීරඝ මැතිවරණ ගණනාවක පරාජය සමග පක්ෂයේ ස්ථාවරය මෙන්ම මානසික තත්වය ගොඩනැගීමද අසීරු විය. එක්සත් ජාතික පක්ෂයේ මෑත අතීතය දෙස විහ්ලේෂණාත්මකව බැලුවොත් පරාජය සඳහා බලපෑ සාධක ගණනාවක් දැකිය හැක. පක්ෂ නායකත්වය උදෙසා බරපතල අරගල එක් අන්තයක ක්‍රියාත්මක වෙද්දී අනෙක් පැත්තෙන් පක්ෂය මැතිවරණ පිට මැතිවරණ පරාජය විය. එවැනි ගැටුම් හා පරාජයන් මධ්‍යයයේ බොහොමයක් එ.ජා.ප පාක්ෂිකයන් දුර්මුඛ වීම සිදුවිය. එසේම විපක්ෂයක් ලෙස කාර්යභාරය ඉටු නොකිරීම තුලින් තවදුරටත් පාක්ෂිකයන්ට පක්ෂය එපාවීම සිදුවිය.

   පක්ෂ නායකත්වය වෙනස් කරන ලෙස ඉල්ලීම් දිනෙන් දීන තීව්‍ර වීම සිදුවුණත් රනිල් වික්‍රමසිංහට එය කෙනිත්තීමක් තරම්වත් දැනුනේද යන්න සැක සහිතය. ඔහු දෙසට එල්ලවූ බලපෑම්, මඩ හෝ අනෙකුත් සියළු සාධක නොතකා හෙතෙම විපක්ෂනායක තනතුරේම රැඳී සිටීම ඇතැම්විට පක්ෂයේ ප්‍රබලයින්ටද ප්‍රශ්නයක් විය. මහින්ද රාජපක්ෂ සමග “කළු කෝපි“ බීමේ සිදුවීමට පසුව අක්‍රීය නායකයෙක් ලෙස රනිල් දෙසට දැඩි චෝදනා සහ මඩ එල්ලවන්නට විය. පක්ෂය ජයග්‍රහණය කරවීමට වඩා සිය තනතුර රැකගැනීමට මහින්ද රාජපක්ෂට හිසනමා කටයුතු කරන බවට ඔහුට චෝදනා එල්ලවුනේ පක්ෂයෙන්මය.නමුත් ඒ කිසිවකට රනිල් වචනයකින් හෝ ප්‍රතිචාර දක්වන්නට නොගිය අතර සිය අවස්ථාව ලැබෙන තුරු පෙරලා සටන් කිරීමට ඔහු බලාසිටියහ. රාජපක්ෂ පාලනයේ ගැහැට වර්ධනය වීම සමග ජනතාවගේ බැල්ම යොමුවුනෙත් රනිල් ගන්නා ක්‍රියාමාර්ගය දෙසටය. 2015 ජනාධිපතිවරණය තමාට මෙන්ම තම පක්ෂයටද තීරණාත්මක තැනක් වන බව දැනසිටි රනිල් “වෙනසක්“ උදෙසා තම හඬ අවධි කලේ ඒ නිසාවෙනි.

   මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒම සහ තමන්ගේ අපේක්ෂකත්වය ඔහුට ප්‍රදානය කිරීම විවාදයට තුඩුදුන් සාධකයක් වුවත් ඒ තුලින් අගමැති හීනය ජයගන්නට රනිල් පිඹුරුපත් සකසමින් සිටියහ. අවසානයේ එය යථාර්ථයක් වීම මෛත්‍රීගේ මෙන්ම රනිල්ගේද පිනය. ප්‍රතිවාදීන් පැවසූ පරිදි රනිල් මෛත්‍රීව දැම්මේ තමන්ට ජයගත නොහැකි නිසා බව වුවත් කොක්කෙන් හෝ කෙක්කෙන් රනිල් තමන්ට අවශ්‍යදේ කරගත් බව පැහැදිලිය. එහෙත් එ.ජා.ප යේ ඡන්ද ලක්ෂ 45 කට වැඩි ප්‍රමාණය නොලැබෙන්නට මෛත්‍රීට ජයගත නොහැක.එසේවීනම් මෛත්‍රී මෙන්ම රනිල් ද පරාජයට පත්වන අතර දිනන්නේ මහිනද සහ ඔහුගේ රෙජීමයමය. 

   වර්තමානයේ අත්විඳින වෙනසේ ප්‍රධානතම හිමිකමක් එක්සත් ජාතික පක්ෂයට ඇත. මියයමින් සිටි පක්ෂයට රජයක බලය ලැබීම නැවත නැගීසිටීමට විශාල අවස්ථාවක් විය. මෙවර මැයි රැළියට වාර්තාගත පිරිසක් සහභාගීවීම තුලින් එ.ජා.ප ය නැවත නැගීසිටින බවට හොඳ ඉඟියක් ලබාදී ඇත. දැන් පාක්ෂිකයින් බය නැතිව ඉදිරියට පැමිණ සිය පක්ෂයට ඉදිරි මැතිවරණය සඳහා පසුබිම සකස් කරමින් සිටී. වර්තමානයේ ඔවුන් රනිල් වික්‍රමසිංහ නැවත සිය දර්ශනයක් සහිත ඉදිරි අගමැති ලෙස අකමැත්තකින් තොරව බාරගන්නා බව පෙනෙන්නට ඇත. එය හරියටම මිත්‍යා කථාවල අළු මතින් නැගීසිටින ෆීනික්ස් නම් කුරුල්ලාගේ නැගී සිටීම ලෙසින්ම සිදුවනු ඇත. එවිට එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ගොඩනැගෙන ප්‍රතාපවත් යුගයකට මග හෙළිකරනු ඇත.

ඩොමිනික් පෙරේරා විසින් 2015.06.24 Daily News වෙත රචිත ලිපියක සිංහල අනුවාදයයි.

8 comments:

  1. ෆීනික්ස් කුරුල්ල නෙමෙයි පොන්සි කුරුල්ල, චන්දෙට ගියහම වැඩේ බලා ගත්තහැකි. මිනිස්සුන්ට මාස 3න් ම එපාවෙලා

    ReplyDelete
    Replies
    1. සිරා කතාව ඒකනම්..ඇත්තටම ඡන්ද ප්‍රතිඵල තීරණාත්මකයි

      Delete
  2. ඇත්ත! එක විදියක එපා වීමක් තියෙනවා තමයි. ඒත් ඒ, මහා පරිමාන-කුප්‍රකට හොර-මර-දූසිත රැළට කිසිම දඃුවමක් තවමත් දෙන්න අසමත් වුණ නිසා. ඒ ‘අප්‍රසාදය‘ නිසා ආයෙත් ඒ අපරාධකාරයන්වම බලයට ගේන්න තරමට ම මේ රටේ ජනතාව එල්මොරොන්දම් වෙයිද ? අනික මොකා බලයට ආවත් ජනතාව අතයි බලය තියෙන්න ඕන. අඩුම ගානේ 19 සංශෝධනයවත් හරියට තහවුරු කළොත් ඒකත් ඇති.
    http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එක්සත් ජාතික පක්ෂය රජයක් දැරීමට තරම් මෝරලා මදි..මං කියන්නේ වර්තමාන එ.ජා.ප ය

      Delete
  3. ඒජාපය දෙන පොර ටෝක්ස් ඊලග ඡන්දෙදි ප්‍රථිපල ආවම බලන්න පුලුවම් වෙයි.
    රනිල්ට කට උත්තර නැතිවෙන්න​

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව පසුගිය මැතිවරණ වලට වඩා එ.ජා.ප යේ ඡන්ද පදනම වැඩිවේවි..අඩුම තරමින් තනිව තරඟකරලා මන්ත්‍රීධූර 80 කට වැඩි ප්‍රමාණයක් ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. නමුත් තනිව රජයක් පිහිටුවීමේ හැකියාව ඔවුන්ට නෑ

      Delete
  4. තනිව රජයක් පිහිටුවන්නට කිසම පක්ෂයක් සමත් නොවන පසුබිමක් තුල එජාපයට යම් ආකාරයක වාසිදායක පසුබිමක් තියෙනවා. මගේ ගණන් බැලිල්ලට අනුව නම් ජනාධිපතිවරනය අවසන් වූ වහාම මැතිවරනයක් පැවත්වුවානම් මීට වඩා බොහෝ සෙයින් වාසිදායක තත්වයක් දකින්නට තිබ්බා . නමුත් මේ තාවකාලික රජය නිසා එක හොඳක් වුනා., ඒ තමා එජාපයේ නොහැකියාව ජනතාවට දැනගන්නට ලැබීම

    ReplyDelete
    Replies
    1. මචං ඒකට ප්‍රධානතම ප්‍රශ්නය තිබෙන්නේ එ.ජා.ප රජයක සිටිය යුතු වැඩකාරයන් කිසිවෙක් පක්ෂය තුල හෝ දේශපාලනය තුල නැතිනම් පාර්ලිමේන්තුව තුල නොවීමයි. ඉන්නේ වම්බොටු,පතෝල වගේ පොරවල්.. රංජන් රාමනායකලට ඇමතිකම් දෙන්න තරමට එ.ජා.ප ය පත්වෙන්නේ ප්‍රමුඛපෙල නියෝජනයන් නොමැතිවීම නිසා..කොහොම වුනත් ඔබ කිව්වා වගේම වුනේ එ.ජා.ප යේ නොහැකියාව පෙන්වීම..මේකත් හරියටම පරිවාසි ආණ්ඩුවෙන් ඇමතිකම් ගත්ත ජේ.වී.පී එකට වුනා වගේ වැඩක්

      Delete