Sep 3, 2015

රනිල් වික්‍රමසිංහ සමග පොෂ් වෙමු


බැරක් ඔබාමාට හෙණ කැත පුරුදු ඇත.ලෝකෙට ලොක්කා ලෙස පොර සේ ජීවත් වූවද ඔබාමාටද කැත පුරුදු ඇත. නිල නිවසේ තමන්ගේ කාමරයේ කව්රුත් නැති අවස්ථාවල දිග කලිසම ගලවා යට කලිසම පිටින් සිගරට් පත්තු කරගෙන දුම් දමමින් කාමරයේ එහා මෙහා යාම ඔබාමාගේ තවත් කැත පුරුද්දකි. අපට එය කැතවුණත් ඔබාමාට එය දරුණු ආතල් එකක් ලැබෙන වැඩකි. ISIS පෙන්නා ලෝකෙම බයකර ගන්නා ආතල් එකටත් වඩා එය ආතල් බව දන්නේ ඔබාමා පමණක්ම බව සීයට එකසිය පනහක් විශ්වාසය. තමන්ගේ මායියා මිචෙල් හෝ පින්පාට කළු කෙල්ලන් දෙදෙනා නැති හැම විටම ඔබාමා කාමරයට වී ෂෝට පිටින් දුම්ඉරීම අත්හැර නොගතහැකි පුරුද්දක් බවට පත්ව තිබිණි.

    දිනක් උදේ පාන්දරම විශේෂ ප්‍රකාශක් කරන්නට නියමිතව තිබුණ හෙයින් අත්දික ෂර්ට් එක ඇඳ යට කලිසමද ඇඳ, ටයි පොල්ලත් දාගෙනම දිග කලිසම නොඇඳ ඉක්මණටම සිගරට් එකක් අදින්නට ඔබාමාට අවැසි විය. සාක්කුවේ තිබූ රැජිනගේ ලාංජනය සහිත රත්තරන් පාට සිගරට් අසුරනයෙන් ගත් සිගරට්ටුව කටේ ගසාගෙන සාක්කු සේරම පුරා ලයිටරය සොයන්නට විය. අවසානයේ කාමරයේ කණ්ණාඩි මේසය උඩ තිබී ලයිටරය වෙනුවට සූර්යයා ගිනි පෙට්ටියක් සොයාගැනීමට ඔබාමාට හැකිවිය.


  දෙපාරක් තුන් පාරක් උත්සහ කර ගිනිකූර දැල්වූ ඔබාමා සිගරට්ටුව පත්තුකරගෙන සීරුවට උගුරක් දෙකක් උඩට ඇද්දේ පිපාසාවෙන් සිටි පරිද්දෙන්ය. අතේ තිබූ පත්තුවෙන ගිනිකූරද නිවා කුණු බාල්දියට දමන්නට තරම්වත් ඉස්පාසුවක් ඔබාමාට නොතිබුණි. හදිස්සියේම මේ ජරමර අස්සේ ගිනිකූර පත්තුවෙමින් තිබියදීම අතෙන් වැටුනේ ෂර්ට් එක උඩටය, එහි නොරැඳී කෙළින්ම ගිනිකූර අඩිභායක් විතර පහලට වැටී ඔබාමාගේ යටි කලිසමේ තද කරන නූලේ එල්ලුන එක පවා ඔබාමාට නොදැනුණි. මොකක්දෝ පිච්චෙන ගඳක් එනවිට සිගරට් දුම අභිබවා නහයෙන් ඉවකර බැලූ ඔබාමාට ඇමරිකන් තරු විසිවුණේ තමන්ගේ යට කලිසම ගැජට් එකට ඉදිරිපිටින් ලාවට පත්තුවෙමින් තිබෙන අයුරු දුටුවිටය. හදිස්සියට සිගරට් එකද අතේ තියාගෙන කලබලෙන් ගින්න නිවන්න ගියද එයින් තව තව යට කලිසම පිච්චීම වර්ධනය වූවා මිස අඩුවුණේ නැත. අවසානයේ වේදනාව මධ්‍යයේම යටකලිසම ගලවා විසිකර දැමූ ඔබාමා සිදුවී තිබූ හානි ඩොලර් වලින් ගණනය කරන්නට විය. මිචෙල් නෝනාගේ වාසනාවට බරපතල හානි සිදුවී නොතිබුණි. ඒත් යන්තමට ගැජට් එක පිච්චී තිබුණ නිසා ඔබාමාට හීන් කෙඳිරි ගෑවිනි. ඒ කෙඳිරිල්ල අස්සේද කියුබාවට සහ වෙනිසියුලාවට දෙස් දෙවොල් තැබීමට හෙතෙම අමතක නොකලහ.

   වෙච්ච හානිය කාටවත් කියන්නටත් බැරිය, විශේෂ ප්‍රකාශය කරන්නට ඇත්තේ තව මිනිත්තු විස්සක් පමණි. ඒ නිසා කඩිමිඩියේ වෙන යට කලිසමක් ඇඳගන්නට ඔබාමා තීරණය කලේය. කිරිආච්චිට බල්ලෝ බුරන තත්වයක් යටතේ යටකලිස්ම ඇන්ද විට වේදනාව ඉවසිය නොහැකි තත්වයට ඔබාමා පත්විය. කෝමාරිකා කෑල්ලක්වත් තිබ්බානම් කොතරම් අගේද කියා ඔබාමාට සිතුණි. ඉස්කෝලේ යන කාලේ සිෆර් එක ගැජට් එක අසුවූවිට සිග්නල් ටියුබ් එක මිරිකා ගාගත් අයුරු ඔබාමාට සිහිවිය. නැවත යට කලිසම ගලවා දැමූ ඔබාමා අවසානයේ දැඩිසේ හිතාමාතා යට කලිසම නැතිව දිග කලිසම පමණක් අඳින්නට දැඩි තීරණයක් ගන්නා ලදි. කෙසේ හෝ දිග කලිසම ඇන්දත් හීට් එක වැඩිවන විට පිච්චුණ පළාතම දැවිල්ල නිසාවෙන් ඔබාමාට කලින් දා රාත්‍රිෙය් නිදිමරාගෙන පාඩම්කල කතාවද අමතකවිය. වැඩේ හරියන පාටක් නැති නිසා හිට් එක පිට වෙන්නත්, හුලං ඇතුලට එන්නත් සිෆර් එක ඇරගෙන යාමට ඔබාමාට කෙසේ හෝ හිත හදාගන්නට හැකිවිය.

   එදා ධවල මන්දිරයෙන් පිටත එළිමනේ තිබූ මාධ්‍ය හමුවට කලිසමේ සිෆ් එකද විවෘත කරගෙන පැමිණි ඔබාමා මාධ්‍යවලට ප්‍රමුඛ පුවත් සැපයීය. පුවත් කෙසේ වුවත් දැවිල්ල තමාගේ නේද කියා ඔබාමා හිත හදාගත්හ.

                                           * * * * **   

ඊට පහුවෙනි දින අරලිය ගහ මන්දිරයෙන් එලියට බැස මෙලෝ සිහියක් නැති බාගෙට නැමූ අත වැනූ රනිල් වික්‍රමසිංහ උන්නැහේ සිය බිරිය සමග එලිමහන් මාධ්‍ය සාකච්ඡාවට පැමිණීම සජීවීව විකාශය කරන්නට ජාතික නාලිකා කටයුතු කර තිබිණි. රනිල් මාධ්‍ය වෙත පැමිණ අමතනවිට ඔහුගේ කලිසමේ සිෆ් එක විවෘතවී ඇති අයුරු දුටු මාධ්‍ය පුදුමයට පත්විය. ටික වේලාවකින් මාධ්‍යවේදීන් කුටු කුටු ගෑමත්, මාධ්‍යවේදිනියන් අතින් කටවසාගෙන සිනහාවීමත් හේතුවෙන් රනිල් උන්නැහේගේ මායියා කුඩයත් අතින් අරගෙන හැරී රනිල් උන්නැහේ දිහා බැලූකල ඇයගේ ඉහ මොළ රත්ව ගියේ සිෆ් එකත් ඇරගෙන මාධ්‍ය ඉදිරියේ බයිලා ගහන රනිල් දුටු විටය.

  කරන්නට දෙයක් නැති හෙයින් ඇය කුඩයෙන් මුහුණ වසාගත්හ. මාධ්‍යවේදීන් අතර සිටි සිරිකෝතේ කොත මුදුනේ සිටින මාධ්‍යවේදියෙක් හෙමිහිට රනිල් ලඟට ගොස් කණට කර යමක් කියන්නට විය.

“සර්...සර්ගේ සිෆ් එක ඇරිලා..“

කිසිසේත්ම කලබල නොවූ රනිල් උන්නැහේ මාධ්‍ය හිතවතාගේ කණට ලංවී කිව්වේ.

“අන්න ඒක තමයි අපි කරපු වෙනස That's all "

 

9 comments:

  1. ඔබාමා වගේද රනිල්, මිචෙල් වගේද මෛත්‍රී

    ReplyDelete
  2. Replies
    1. ඔය ඉතින්..සන්ධාන කාරයෝ එක්ක බෑනේ :P

      Delete
  3. වෙනස කියලා හිතාගෙනද කරලා තියෙන්නේ ? නියම නිර්මාණයක් මලේ.

    ReplyDelete
    Replies
    1. වෙනස කියන එක ප්‍රොමෝට් කරන්නේ කොපියක් විදියට අන්න එතනයි ලොක්කා ප්‍රශ්නේ..

      Delete
  4. Patta jock ekak ban. Try karalawath hina wenta beri una. Passe welawaka try karala hina wennam.

    ReplyDelete
    Replies
    1. මට තේරෙණවා බං වේදනාව.ගණන් ගන්න එපා.. ඔහොම තමයි ඉතින් සමහරුන්ට වදිනකොට තවත් සමහරුන්ටත් රිදෙනවනේ බං..

      Delete
  5. නිර්මාණයක් වුණත් ඇත්ත කතාව..ඇමරිකාවේ රෝස් ගාඩ්න් ස්ට්‍රැටජිය ගෙඩිය පිටින් කොපි කරලා සමකයට ආසන්න ලංකාවේ කට්ට අව්වේ මාධ්‍ය ඇමතීමක් කෙරුව "පොෂ්" රනිල්ට මොකුත් කියන්න එපා බ්ලොග්වල හුඟක් අය චංචලාලා වෙනවා නිකන්ම..:D

    ReplyDelete