Professional Type Settings Sinhala/English/Tamil via Internet Just For Rs.60/= Call now - 076-999 57 51

Feb 2, 2012

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා....


මාතර ගඟ යනු නිල්වලා ගඟයි.එහි කිඹුලන් අඩුවැඩි වශයෙන් වෙසෙනා බව ශ්‍රී ලාංකිකයන් පමණක් නොවෙයි ලෝකවාසී සත්ව විද්‍යාව පිළිබඳ ඇල්මක් දක්වන්නාවූ අත්‍ය බහුතරයක් දෙනා දන්නා කරුණකි. පසුගිය දිනකද මාතර කද්දූව ප්‍රදේශයේ කාන්තාවක් දියනාමින් සිටියදී කිඹුලෙක් විසින් ඇදගෙන යාම හේතුවෙන් නැවත වතාවක් මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ කතාව කරළියට පැමිණියහ. කිඹුලිය ගැන කතාකිරීමට කලින් මාතර නිල්වලා ගඟ ගැන මදක් කතා කිරීම වඩාත් වටී.
  
  මාතර නිල්වලා ගඟ ආරම්භවන්නේ මාතර දෙනියාය හා රත්නපුරය වෙන්වෙන සීමාවේදීය. නැත්නම් සිංහරාජ ලෝකඋරුම රක්ෂිතයේ කඳුකර තෙත්බිම් ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයේ ජල මූලාශ්‍ර එක්වීමෙන් ඒවා දක්ඛිණ දිශාවට ගලාඒමෙන් නිල්වලා ගඟ නිර්මාණය වේ. ආරම්භක ජල පෝෂක සීමාවේදී කුඩා ඇලක් ආකාරයෙන් ඇරඹුණත් කිලෝමීටර සියයකට ආසන්න දුරක් සයුර බලා බඳ ලෙලවමින් පැමිණෙන නිල්වලා ගංකොමළිය මාතර නගරය ආසන්න තොටමුණ වෙරළ සීමාවෙන් භාරත් සයුරු කුමරු තුරුලට වදින්නීය. මාතර නිල්වලා ගඟ පුළුල්වීම ආරම්භවෙන්නේ අකුරැස්ස ගොඩපිටය ප්‍රදේශය ආසන්න වෙත්මය.එය කද්දූව,නාවිමන පෙදෙස් පසුවෙද්දී තවත් පලල වේ.


   අතීතයේ අසිරිමත් ගඟසිරි උළෙලක් මේ ගංඟාව මත පැවති බවට අතීත සාධක තවමත් සාක්ෂි ගෙනහැර පායි. මාතර සරම්මුදලි කවීන්ද්‍රයන් විසින් රචිත “ගංඟා රෝහණ වර්ණනාව“ කාව්‍ය කෘතියේ මේ “ ගංඟා රෝහණ පූජාව“ ගැන අසිරිමත් විවරණය පදබැඳ තිබීමම කදිම නිදසුනකි. “ගඟ රුහුණු වරුණ“ ගැන පසුවට ලිපියක් ඉදිරිපත්කරනට අදහස හිත්හි තබාගෙන දැනට දල අදහසක් පමණක් ඉදිරිපත් කරනවානම් ගංඟා රෝහණ පූජාව යනු මීට ශතවර්ෂ හතරකට පමණ පෙරාතුව මාතර ප්‍රදේශයේ බෞද්ධ යතීන්ද්‍රයන් සහ ප්‍රභූවරුන් මූලික කරගෙන මහජනතාව අකුරැස්ස ගඟ ඉහත්තාවෙන් අරඹා මාතර නගරය දක්වා නිල්වලා ගඟ දිගේ ඔරු පාරු සරසා ගෙන පිරිත් කියමින් පංචතූර්ය වයමින් කරන ලද අසිරිමත් ශාන්තිකර්මයක් බඳු පූජාවකි. මෙය අප නෙත් මතට සැබෑවක් කරමින් 2000 වර්ෂයේ නව සහස්‍රය ඇරඹුමෙන් පසු එවකට මාතර දිස්ත්‍රික් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මැදිහත්වීමෙන් සිදුකෙරිනි.

  මාතර නිල්වලා ගංකොමලිය ගැන කතාකරද්දී “ආසයි බයයි“ බෝට්ටුව ගැන කතානොකර බැරිය. මීට දශක කීපයකට පෙරාතුව 1974 හෝ 1975 වර්ෂයේ මාතර නිල්වලා ගඟ කේන්ද්‍ර කරගෙන මගී ප්‍රවාහන හා සංචාරක මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් පැවතිනි.රථ වාහන අඩු සමයක් වූ බැවින් මාතර තොටමුණ, පල්ලිමුල්ල, කොටුවේගොඩ,නාවිමන තොටුපලවල් හරහා ජනතාව ප්‍රවාහනය සිදුවිය. මගේ දැනුමට අනුව එක්තරා වෙසක් පොහොය දිනයක මාතර ජනතාවගෙන් පිරී ඉතිරී තිබුණු දිනක මේ බෝට්ටු සේවාවටද හඳ පායා තිබිණි. මේ අතර තිබූ “ආසයි බයයි“ නැමති තොටමුණු ප්‍රදේශයට අයත් බෝට්ටුව තරමක් විශාල සියයකට වැඩි පිරිසක් නංවා ගත හැක්කකි. නමුත් එය මාතර පැරණි පොල අසලින් සවස් භාගයේ  ගමන් අරඹද්දී පිරිසි දෙසීයකට ආසන්නව සිට ඇත. එහෙත් වේගයෙන් චාරිකාව ආරම්භකල යාත්‍රාවට කිලෝමීටරයකට වඩා දුරක් යන්නට නොහැකිවිය. මාතර පීක්වැල්ල ගඟ හැරවුම් වංගුවේදී ඉවුරට ආසන්නව ගමන් ගනිද්දී අසල් ගහක අත්තක් යාත්‍රාවේ වැදීමත් සමග සමබරතාවය ගිලිහී යාත්‍රාව ගඟ මැදදි පෙරලී එන්ජිම අක්‍රිය වී ඇත. එම අනතුරින් පනහකට අධික පිරිසක් ගිලී මිය ගිය අතර බොහෝ දෙනෙක් අපහසුවෙන් ගොඩට පැමිණ ඇත. මාතර නගරයේ ප්‍රබල සමාජ සේවකයන්ගේ ඉල්ලීම පරිදි එදිනට පසු වෙසක් පොහොයේ දෙවනි දිනය ශෝක දිනයක් ලෙස නම්කර තොරණ් ආලෝක නොදල්වා සංදර්ශන නවත්වා පිංකම් පමණක් පවත්වා එම ඛේදවාචකය සැමරීය. පසුව කවිකොළ වලින් කවි යට නැගුනු මාතර “ආසයි බයයි “ බෝට්ටුවේ කතාව අදටත් ඇන්ටන් ජෝන්ස් ගේ හඬින් “සයුර බලා බඳ ලෙලවා...“ ගීතයෙන් “ආසයි බයයි“ බෝට්ටුවේ ඛේදවාචකය අප අතර ගෙන එයි..

  මාතර ගඟේ කිඹුලිගේ කතාව කියන්නට ඇරඹි ලිපියේ වැඩිමනක් කියවුනේ නිල්වලා ගඟ ගැනය.එයට හේතුව නිල්වලා ගංකොමලියගේ අතීත පුවත් එතරම්ම රසවත් වීමය.එසේනම් තවත් මීලඟ ලිපියෙන් තවත් සොඳුරු මෙන්ම සෝදනවන තොරතුරු රැසක් මාතර ගඟ හා කිඹුලිය ගැන ගෙන එන්නට අපේක්ෂාවෙන් අදට මෙතනින් අකුරු කෙරුම නිමාකරමි....

11 comments:

  1. ආසයි බයයි බෝට්ටුවේ නමයි
    යලි නොම එන්නට ගිය ගමනයි!
    නිල්වලා ගඟේ කරපු පින්කමක් නේද අර ගංගා රෝහණ වර්ණනාවට මුලික වෙලා තියෙන්නේ?

    ReplyDelete
  2. මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා... ඔරිජිනල් එක මතක නෑ බන් මෙතනින් එහාට ;)

    ReplyDelete
  3. මාත් ඉතින් දුකුණේ උනාට මේ විස්තර සමහරක් දන්නේ නෑ.. ඒ පොඩි කාලෙම කොළඹට සංක්‍රමණය උන නිසා වෙන්න ඇති.. මේකෙන් තමයි සමහර තොරතුරු දැන ගත්තේ..

    ReplyDelete
  4. මම පත්තරේක කියවලා තියෙන හැටියට නම් මාතර ගං තොටුපළේ හිටපු ගෝමර තිබුණු මැර ටයිප් ගෑණියෙක් තමයි කිඹුලි කියන්නෙ..ගෑණිගෙ පුතත් මැරයෙක්ලු..මිනිහා ඔතනින් යන ඔරු පාරු නවත්තලා කප්පම් අරන් තියෙනවා..ඒ ගැනලු ඔය කවියෙන් කියවෙන්නෙ..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  5. @නුවන් - ඔව් ඒක තමයි ගංගා රෝහණ පූජාව කියන්නේ..

    @සාතන් - මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා-තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා-යන එන ඔරුපාර නවතාගෙන සිටියා-මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

    ReplyDelete
  6. @දිනේෂ් - ඒකත් ඇත්ත..එහෙනම් සමාවක් දෙන්න පුළුවන්

    @ඇනොනිමස් - ඔව් මමත් ඔය කතාව අහලා තියනවා.බොහොම දෙනෙක් ඔය ගැන කියනවා.ඒත් මම ලිඛිත සාධක හොයන්න උත්සහ කලා ඇත්තටම එහෙම සිදුවීමක් වෙලා තියද කියලා අතීතයේ.ඒත් එහෙම දෙයක් හොයාගන්නනම් බැරිවුනා

    ReplyDelete
  7. මමත් මගක් කියවද්දිම ඔය අැනො දාල තියන සීන් එක තමා කියන්න ගියෙ! :D

    ReplyDelete
  8. @තනි අලියා - ඔව් ඒත් මම මේ කතාවට පාදක කරගන්නේ කිඹුලිගේ කතාව වුනාට එයට සම්බන්ධ බොහොමයක් කතා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  9. මම දන්න විදියට නිල්වලා ගඟ පටං ගන්නේ ගොංගල කන්දේ තියෙන දිය පාරකින්..ඇත්තද දන්නෑ....

    ReplyDelete
  10. @ඔබ නොදුටු ලොවක් - එහෙම කතාවක් තියෙනවා නමුත් ආරම්භක පෝෂක ප්‍රදේශ ලෙසින් සැලකෙන්නේ දෙනියායෙන් ඔබ්බට ප්‍රදේශයයි

    ReplyDelete
  11. මං දන්නා විදියටත් ගොන්ගල ගන්දෙන් තමයි ආරම්බ වෙන්නේ.එතනින් ගින් ගඟත් ආරම්භ වෙන්නේ ගොන්ගල ගන්දෙන්.

    ලිපියේ මං නොදන්නා කරුණු ගොඩාක් තිබුනා.

    ජයෙන් ජය..

    ReplyDelete