Apr 18, 2016

“අපේ ඉසව්වට“ අවුරුදු හයයි..!


හරියටම අද දවසට “අපේ ඉසව්ව“ බ්ලොග් අඩවියට අවුරුදු 6යි. අවුරුදු හයක් කියන්නේ ලෙහෙසි පහසු කාලයක් නෙවෙයි. 2010 අප්‍රේල් 18 ඉඳන් මේ දක්වාම නොනැවතී ක්‍රියාත්මක වෙන සිංහල බ්ලොග් අඩවියක් විදිහට අපේ ඉසව්ව ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. 2010 දි පටන් ගනිද්දි තිබුණු ප්‍රතිපත්තිමය කාරණා තවමත් ආරක්ෂා කරගනිමින් “නිදහස් අවකාශයක නිවහල් අදහස්“ යන තේමාවෙන් අපේ ඉසව්ව පාඨක ඔබ වෙත තිළිණ වෙනවා.

2010 අප්‍රේල් 18 ගාල්ල වටරැකදී ප්‍රථම වතාවට අන්තර්ජාලයට එක්කරපු අපේ ඉසව්වට ඒ නම ලබාදීමේ ගෞරවය හිමිවන්නේ මා සොයුරු ජනිත ප්‍රේමරත්නටයි. අන්තර්ජාතික භාෂාවෙන් බ්ලොග් කලාවේ අවුරුදු 2කට වැඩි කාලයක් නිරතවෙමින් ඉඳිද්දි ඔහුගේ ඉල්ලීමක් අනුව තමයි මුලින්ම අපේ ඉසව්ව ආරම්භකලේ. වසර හයක් ඇතුළත බොහෝ අත්දැකීම්, සහෘද පාඨක පිරිසක් අපේ ඉසව්ව බිහිකරලා අවසන්. බොහොමයක් ඇගයීම් වගේම ගැරහීම් එකතු කරපු මේ වසර හය ලේඛන කලාවේ වර්ධනයට සෘජු දායකත්වයක් දුන් බව ඉතාම සංවේදීව කිව යුතුමයි.


අදටත් නිදහස් අවකාශයේ පුද්ගලික මතවාදයට ඉඩක් ඇති එකම තැන විදිහට අපේ ඉසව්වට ලියන්නේ ඒ නිසාමයි. දැනටමත් ඊ පුස්තකයන් 5ක් පමණ අපේ ඉසව්ව හරහා පාඨක ප්‍රජාවට ඉදිරිපත් කරලා තිබෙනවා. වසර හයක අතීතය වගේ අනාගතයෙදීත් අපේ ඉසව්ව සමග රැඳෙන්න කියලා ඉතාම ලෙංගතුව ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මෙතෙක් කල් අපේ ඉසව්වේ යාවජීව සාමාජිකයන් ලෙසින් රැඳුණු ඔබ සැමටම ඉතාමත් සෙනෙහසින් ස්තූති කරන්නටත් කැමතියි.

7 comments:

  1. මගේ සුබ පැතුම්. තව තවත් ඉදිරියට යන්නට ලැබේව!

    ReplyDelete
  2. හයවෙනි වසරට සුභ පතනවා............. සුභ උපන්දිනයක් වේවා..... ඒ වගේ ම දිගුකල් රැදේවා කියලත් සුභ පතනවා......

    ජයවේවා

    ReplyDelete
  3. සුබ උපන්දිනයක් වේවා . සුබ පැතුම් ,තව බොහෝ කාලයක් ලියන්නට සහක්තිය ලැබේවා

    ReplyDelete
  4. අවුරුදු හයට සුභ පැතුම්.
    තව බොහෝ කාලයක් බ්ලොග් ලොව රැදෙන්නට හැකිවේවා

    ReplyDelete
  5. අපේ ඉසව්වට සුබ පැතුම්...

    ReplyDelete
  6. ජය වේවා.. දැන් නං ස්ලෝ ඩවුන් වේචිචි අවුරුදු නේද යන්නේ.. එහෙම වෙන්න එපා කියලයි මම නං පතන්නේ..

    ReplyDelete