ඔබ දන්නවා ඇති අද ලංකාවේ බොහොමයක් ගුවන් විදුලි නාලිකා තිබෙනවා, ඒ වගේම අන්තර්ජාලය මාධ්‍ය කරගත් ගුවන් විදුලි නාලිකාත් බහුලව තිබෙනවා. ඒ වගේම ඒවාහි විවිධ මාදිලියේ වැඩසටහන් විකාශය වනවා. ඔබ ඒවා විවිධ කෝණවල සිටි විඳිනවා ඇති. ඒ අතර අසන්නෙක් ලෙසින් රැඳුනු මමද අහිංසක උත්සහයක නිරත වෙන්නට තීරණය කලේ ගුවන් විදුලි මාධ්‍යය පිළිබඳ ඇති ආසාව සහ වසර 6 කට ආසන්න අත්දැකීම්වල එකතුවක් ලෙසින්.
“ගී මිහිර“ නමින් අද ඔබට ඉදිරිපත් කරන්නේ ඒ උත්සහයේ පලමු පියවරයි. ගී මිහිර යනු හුදෙක් සංගීත වැඩ සටහනකි. මෙම වැඩසටහන් හරහා මා බලාපොරොත්තු වන්නේ ඔබ දන්නා මෙන්ම රසවත් ගීත පිළිබඳව රසමුසු සිදුවීම්, ඒවායේ නිර්මාණය සහ අර්ථය සම්බන්ධ සිදුවීම් හා ගීත සමග බැඳුනු මාගේ පුද්ගලික අත්දැකීම් මෙම වැඩසටහන මගින් ශ්‍රාවක ඔබට තිලිණ කරයි. එසේම අදාල ගීතද ඒ සමග ඉදිරිපත් කෙරේ. මෙහි විශේෂය වන්නේ සිංහල ගීත වලට පමණක් මෙම වැඩසටහන් සීමා නොවීමයි. බුද්ධිමය රසාස්වාදනයක් උදෙසා යම්තාක් දුරට හෝ මේ වැඩසටහනෙන් දායකත්වයක් ලබාදීම මගේ අරමුණයි.

.jpg)