Oct 5, 2010

නිදහස් ගහේ ජාතික මල් පිපෙන තුරු...

1948 දී ලැබුනේ ඇත්තම නිදහසක් කියල හිතුවට මේ රටට වපුරන්න ඕන පරගැති චින්තනේ හැමදෙයක්ම වපුරලා තමයි යන්න ඕන හැම ආක්‍රමනිකයේක්ම ගියේ. එත් මේ රටේ මිනිස්සුන්ට ඕන උනානම් අඩුමගානේ ඉන්දියාව වගේවත් ස්වජාතික සංකල්පයක් යටතේ නැගිටින්න එකට ඕනෑතරම් ඉඩකඩ තිබුනා. අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර , එස්. මහින්ද හාමුදුරුවෝ, වගේ ජාති මාමක වීරයෝ සිංහලයා නැගිට්ටවන්නට උගුර බැරැන්ඩි වෙනකම්ම කැගහුවත් ඒවා බීරි අලින්ට වීනා වයනවා වගේ උනේ ජාතියේ අවාසනාවට වෙන්න ඇති..

කොතරම් ජාතික වාදී නායකයන් හිටියත් සිංහලයට තමන්ගේ රට ගැන හැබැම කැක්කුමක් දැනෙනකන් කිසිම දෙයක් හරියන්නේ නෑ කියන කතාව හරියටම හරි කියල හොදටම තේරුම් ගන්න අපිට පුළුවන්. කොහොම උනත් විවධ උවදුරු ආවම රට ජාතිය ගැන මතක් උනාට අනිත් හැම වෙලාවටම " බඩ එකට රට දෙකට " කියන සංකල්පේ නූලටම ක්‍රියාත්මක වෙනවා.

No comments:

Post a Comment