Dec 2, 2010

සිරිලක් පොළවේ කාදිනල් උතුමන්


එදා ලංකාවටම සතුට පිබිදුන දවසකි. ලංකාවාසී හැමදෙනාම කතාබහ කලේ කලකට පසුව මේ පුංචි දිවයිනෙන් බිහිවන කතෝලික දේව සභාවට ආලෝකයක් වන සිරිලක් පහන් තරැව ගැනයි. අතිඋත්තම මැල්කම් රංජිත් අගරදගුරු හිමාපාණෝ වතිකානුවේදී පාප් වහන්සේ අතින් කාදිනල් හිස් පළදනාව ලබන අයුරැ ආගමික භේදයකින් තොරව ලක්වැසියන් හද පිරි න්තෝසයෙන් බලා සිටියහ.

කාදිනල් තනතුරේ වැදගත්කම ලෝකවාසි ජනතාව ඉතා හොදින්ම දන්නා අතර එය නිසිකලට අපේ අගරදගුරු තුමන්ට හිමිවීම ඉතා සතුට දනවන සිදුවීමක් බව හදවතින්ම ප්‍රකාශකල යුතුය.

උන්වහන්සේ ලක්පොලොවට පය තබන මොහොතේ ආගමික සහජීවනය පෙන්නුම කරමින් සෙත් පිරිත් සජ්ජායනය කිරීමත්, සැදැහැවත් ලෙසින් ඒ පිරිත් අසා සිටීමෙනුත් උන් වහන්සේ එය තවත භාවිතාවෙන්ම ඔප්පු කල සේක.

අපි උන්වහන්සේට උන්වහන්සේගේ ආගමික දර්ශනය අනුව දෙවි පිහිටාශිර්වාදය පතන අතර අපේ දර්ශනය අනුව සිරිලක් පොළවේ කාදිනල් උතුමන්ට තෙරැවණ් සරණ පතමු.



14 comments:

  1. මෙම අවස්ථාව ලංකාවේ රෝමානු කතෝලික බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂි සිද්දියක් බවට සැක නැත.අපේ සුබ පැතුම්!

    ReplyDelete
  2. මෙයා ලොකුම හොරෙක් කියල අපේ ඔෆිස් ‍එකේ කතෝලික ක්‍රිස්තියනි කට්ටිය කිව්ව ඇත්තද?

    මොකක්ද රත්නපුරේ හොරවැඩ ගැනත් කිව්ව?

    ReplyDelete
  3. උන්වහන්සේ එවැනි වැරිදි කරඇත්නම් කාලයා විසින් ඒවාට දඩුවම් හෝ උත්තර ලබා දේවි

    ReplyDelete
  4. මේ වගේ දේවල් බලං ඉන්න පුලුවන් ඇස් ගෙඩි දෙකට හෙන ගහපු සිංහල බෞද්ධයන්ට විතරයි. කාදිනල් නෙමේ, බිශොප් කෙනෙක් වුනත් ඔය ක්‍රිස්තියානි ආගම ඇත්තක් කියල ඔප්පු කරන්න කිසිම කෙනෙක්ට බෑ. ලොව පවතින එකම පරම සත්‍යය තියෙන ආගම බුදු දහම.

    ReplyDelete
  5. මගේ අදහස නම් ඒක තේරැම්ගතයුත්​තේ අදහන අපියි. බුදු දහමට අනුව අපි ඒහි පස්සිකෝ කියලා එන්න බලන්න කියලා අපේ දර්ශ​නයේ විනිවිදභාවය පෙන්නනවා වගේම අනිත් ආගම්වල එහෙම නොවෙනවනම් ජනතාව ඒක තේරැම් ගනිවි.

    ReplyDelete
  6. මෙතුමා රත්තරන් මනුස්සයෙක් හරිද!! මෙතුමාට අපහාස කරන්න එපා මුකුත් දන්නේ නැතුව.. අපේ බූරු මිනිස්සු ඔහොම්මමයි

    ReplyDelete
  7. ගාමින්ද කියන්නේ තමන්ගේ ආගමෙන් අන්දවු කෙනෙක් කියලා පේනවා
    ක්‍රිකට් ක්‍රිඩා වට කිසිම ඇල්මක් නැති කෙනෙක් උනත් ලංකාව ජය ගත් වෙලාවක ඒ ගැන සතුටු වෙනවා ඒත් ගැමින්දට එහෙම ජාතික කැක්කුමක් නැ හිතන්නේ තමන්ගේ ආගම තමයි පරම සත්ය්‍ය කියලා

    සිදුහත් කුමාරයා බුදු උනාය කියලා කොහේවත් ඔප්පු කරලා තියෙනවාද

    අපි කොහොමද දන්නේ බුද්ධත්වය කියලා එකක් තියනවාද කියලා

    බයිබලය ගැන සාකච්චා කරන්න එන්න http://www.bibalaya.blogspot.com වෙත.

    ReplyDelete
  8. කරැණාකරල මේක ආගමික ගැටුමක් කරගන්න එපා..අගමික සත්‍යය ගැන බලන්න බයිබලය අස්සේ රිංගන්නවත් සිදුහත් උපතේ සත්‍ය අසත්‍යභාවය පෙන්නල දීලාවත් වැඩක් නෑ...

    ReplyDelete
  9. අද ලෝකේ මැවුම්වාදය රිජෙක්ට් වෙලා ඉවරයි..හේතුඵල දහම ලෝකෙම පිළිගන්න සත්‍යක් වෙද්දි මැවුම්වාදේ හා ගැලවුම්කාර සංකල්පය මූලික කරගත්ත මොනයම් ආගමක් හෝ වේවා වර්තමානයේ මැවුම්වාදයට සිදුවූ ආනිසංසයටම ලක්විම වලක්වන්න පුලුවන්දෙයක් නෙවෙයි...ඒ වගේම හේතුඵල දහම සහ ඒ ඈසුරැකරගත් ආර්ය මාර්ගේ නියම සත්‍යය බවට ලෝකෙම පිලිගනිද්දි ඒ දහම හර සංකල්පය කරගත්ත දර්ශනයන් ලෝකයේ සත්‍යය බවට පත්වීමත් වලක්වන්න පුලුවන් දෙයක් නෙවෙය...මැජික් දර්ශන ආගම් අවලංගු වෙද්දි න්‍යෂ්ටික සංඝටකමය බැදීම්වලින් ලෝකය හා මිනිසා නිර්මාණය වු බව කියන ආගමික දර්ශන ඉබේම වර්ධනය වෙනවා

    ReplyDelete
  10. බුදු දහමට අනුව විශ්වය ආරම්භ වූයේ කෙසේද ??? මේ සියල්ල ආරම්භ වීමට හේතුව කුමක්ද ????? කරුණාකර නිවැරදිව බුදුදහම දන්නා කෙනෙකු කියා දෙන්න.....

    ReplyDelete
  11. එතුමා කුමන දර්ශනයක් අනුගමනය කළත් එතුමා ලත් තනතුර පිළිබඳව ලාංකිකයෙක් විදිහට මට සතුටුයි. ඒ ගැන මාත් මගේ බ්ලොග් එකේ ලිපියක් පල කළේ ඒකයි.

    http://aagiyakatha.blogspot.com/2010/10/blog-post_21.html

    ඒ වගේම මීට පෙර ප්‍රතිචාරවලින් දක්වලා තියෙන අදහස් ගැන මට හිතෙන දේ මේකයි

    බුද්ධ කාලය ගත්තාම තවත් ප්‍රධාන අගමික මතවාද 62 ක් තිබුණා ඒවගේම මහජන ප්‍රසාදයට පත්වුණු ෂට් ශාස්තෲවරුන් නමින් 6 දෙනෙක් සිටි බව බ්‍රහ්මජාල සූත්‍රය දක්වනවා.

    බුදුන් වහන්සේ ඔවුන්ගේ දේශනාවල ඇති නිෂ්ඵල දෑ පහදා දුන්න විනා පුද්ගලිකව ඔවුන් සමඟ ගැටුම් ඇති කරගන්න ගියේ නැහැ.

    ඒ වගේම එකල තිබූ ප්‍රධාන රාජ්‍ය රැසක පාලකයින් බෞද්ධයින් වුණා. නමුත් ඔවුන් ලවා අනෙක් ආගම් තහනම් කරවන්න ආදී ක්‍රියාමාර්ගවලට බුදුන්වහන්සේ පෙලඹුනේ නැහැ. උන්වහන්සේගේ තිබූ ආගමික සහනශීලී ගුනය තමා එයින් ඉස්මතු වන්නේ.

    උන්වහන්සේගේ මග අනුගමනය කරන ශ්‍රාවකයින් විදිහට අන් ආගම් සමඟ ගැටුම් ඇති නොකරගෙන කටයුතු කරන්නට හැකිවිය යුතුයි. එය බුදු සිරිතෙනම මැනවින් දක්වා ඇති නිසා එය ගැටළුවක් නොවේ.

    Anonymous අසා ඇති

    "බුදු දහමට අනුව විශ්වය ආරම්භ වූයේ කෙසේද ??? මේ සියල්ල ආරම්භ වීමට හේතුව කුමක්ද ????? කරුණාකර නිවැරදිව බුදුදහම දන්නා කෙනෙකු කියා දෙන්න....."

    මැනයට මා දන්නා පරිද්දෙන් පිළිතුරක් දුන්නොත් එකල ඉන්දියාවේ සෑම ආගමකම පාහේ මේ ප්‍රශ්න සාකච්ඡා කර තිබෙනවා.

    නමුත් බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට එක එල්ලෙම පිළිතුරු නොදුන් බවත් ඒවා පසෙකින් තබන ලද ( ඨපනීය ) ප්‍රශ්න ලෙසත් හඳුන්වා තිබෙනවා. එහිදී මේවා පිලිබඳ සෙවීම අර්ථ රහිත ක්‍රියාවක් ලෙසත්, විමුක්තිය ලබාගැනීමට මෙය උපකාරයක් නොවන බවත් බුදුන් වහන්සේ දක්වා තියෙනවා.

    එහිදී උදාහරණයක් ලෙස යමෙකුට ඊතල පහරක් එල්ල වූ විට ඊට ප්‍රතිකාර නොකර එම ඊතල පහර එල්ල කළ පුද්ගලයාගේ විස්තර ආදිය සෙවීමක් ලෙස එය දක්වා තිබෙනවා.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. "Rajith said...

    සිදුහත් කුමාරයා බුදු උනාය කියලා කොහේවත් ඔප්පු කරලා තියෙනවාද ? අපි කොහොමද දන්නේ බුද්ධත්වය කියලා එකක් තියනවාද කියලා "

    ඒක ගැන තර්ක කරනවාට වඩා ඒ උතුම් මිනිසා දේශනා කළ ධර්මයේ වටිනා යමක් තමන්ගේ ජීවිතේ යහපතට යොදා ගන්න පුලුවන් නම් එයයි කළ යුත්තේ

    ReplyDelete