ඉලංදාරියා නොහොත් දිලුම් මා පුද්ගලිකව හදුනන්නා වූ චරිතයක් නොවේ එනමුත් මා බෙහෙවින් ඇලුම්කරන චරිතයක් ලෙස හැදින්වීම වඩාත් වටී. මා සිංහල බ්ලොග් අවකාශයට එක්වන්නේ 2009 වර්ෂයේ අගභාගයේදීය. සිංහල බ්ලොග් කලාවේ හය හතර ඉගනගත් දා පටන් මම ඉලංදාරියාගේ අදහස් කියෙව්වේමි රස වින්දෙමි. ඒ ආර වෙනස් ආරකි. ඒ දිලුම්ගේ ආරය. එය ඔහු ජන්මයෙන් ලද පරිත්‍යාගයක් ලෙස හැදින්වීම යෝග්‍යවේ.
දිලුම් වෙනුවෙන් කෙරුණු කර්තව්‍යයට අල්පමාත්‍රහෝ දායකත්වයක් දීමට ලැබීම මා බෙහෙවින් සතුටු වන කාරණයකි. ඔහු මෙරටට අවශ්‍ය තාරුණ්‍යයේ සැබෑ ලකුණකි. අදහස් හා මනුෂ්‍යත්වය නැමති ඵලින් බර වෘක්ෂය කඩා වැටීම අපට සැබවින්ම මහත් පාඩුවකි. එහෙත් සසර එලෙසය. දිලුම් සහෘදයා මතක පමණක් අපවෙත තබා ගොස් අවසන්ය. මෙ මොහොතේ සිහිවන්නේ එක් පද පෙලකි
ඉක්මණින්ම යලිත් එතොත් මළවුණ‍්ගේ අවුරුදුදා
මටත් නැවත එන්නට හැකි
මළගිය ඇත්තන් කැටුවම
ජීවත් වන්නාවූ මළ මිනී මැද නොමියෙන මිනිසෙක් ලෙස ජීවත් වීමම පමණක් ඇති දිලුම් පිළිබද අපට ආදර්ශ සපයන්නට. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අපි විදිති. එහෙත් අප දන්නා දහම අනුව මේ සසර කෙළවර කරගන්නට දිලුම්ට වරම් ලැබේවායි මගේ පැතුමයි!
ඔබට අජරාමර නිවන් සුව!
No comments:
Post a Comment