May 30, 2011

සිහිනයක් අරන් එන්න...අන්තිම වතාවටත්...






මම පුරුදු විදියටම බලං ඉන්නවා ඉස්පිරිතාල හංදියේ නුග ගහ ලඟ
මම හැමදාමත් හිටපු තැන. එතන හරි පුරුදු තැනක් වගේ තාමත් දැනෙ‍නවා. මම දන්නෙ නෑ එතනට යන වාරයක් වාරයක් පාසා මගේ හිත කියාගන්න බැරිතරම් දේවල් කියනවා...
මේ තැන කොච්චර අපිට ලංවුණාද...
ජීවිතේ විඳගන්න අපි පටන් ගත්තු තැන...ආදරෙන් කතාකරන්න මුල පොත් තියපු තැන...ආදරෙන් අත් අල්ලගත්තු තැන...
අන්තිමට ඔයා අන්තිමම වතාවට මුණ ගැහුණු තැන...
ඒ නුග ගහ යට...ඒ තැන මම කොහොම අමතක කරන්නද...

අදටත් එතන රැඳෙන අය පුරුදු විදියට මාත් එක්ක හිනා වෙනවා
ඒ අය හිනාවෙන්නේ මගේ තනිකමටද කියලා මට වෙලාවකට හිතෙනවා...
කමක් නෑ...මම මෙතනට ආදරෙයි තාමත්...
ඔයාට තරම්ම නැතිවුණත්...මේ නුග හෙවණට මම හරි ආත්මීය 
බැඳීමකින් බැඳිලා ඉන්නවා...
ඔයයි මමයි ජීවිතේ ලොකු ගමනක් යන්න මෙතන ඉඳන් කතා කරකර
ගියාද...ඒ අතර අපි කොච්චරනම් හීන මැව්වද...
ඔයා හීන් එකින් එක ගැටගහද්දි 
එහෙමකරන්න එපා කිව්වේ මමයි...
ඒත් අද ඒ හීන සිහිකරලා දුක්වෙන්නේ මම
හීන මවපු ඔයා නැහැ....

මම ඉන්නවා...පුරුදු විදියටම...
ජීවිතේ අපිට කියලා දුන්නු හැමදේම එකට ගැටගහගෙන
ඒ අතීතේ සුවඳ අරගෙන කවදහරි
හීනයක් වෙලා හරි ඔයා එයි කියලා...
මම දන්නවා එහෙම එන්නේ නෑ කියලා
ඒත් මේ නුග හෙවණ එක්ක මං ඉන්නවා
කවදාහරි එහෙම එයි කියලා හිතාගෙනම...

4 comments:

  1. බලා ඉන්න එක දුකක් උනත් .........
    ඒකෙන් අඩු ගානෙ හිතට මොකක් හරි සහනයක් ලැබෙනවා .....

    ReplyDelete
  2. ස්තූතියි කල්හාර සහෝදරයා..අපේ ඉසව්වට ආදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  3. බලා ඉන්න එපා කියල මම කියන්නෙ නෑ..අපි සේරම බලන් ඉන්න හින්දා මොකක් හරි වෙනුවෙන්.. අමතක වෙනකන් හරි හිත හැදෙනකන් හරි බලන් ඉන්නම වෙනව..

    ReplyDelete
    Replies
    1. ඇත්ත..බලාපොරොත්තුව මිනිස්සුන්ව ජීවත් කරවනවා කටුක යථාර්ථයට වඩා..

      Delete