
අද මගේ සිංහල බ්ලොග් දිවියේ සුන්දර මෙන්ම හැඟුම්බර දිනයක්ය. එයට හේතු දෙකක් තිබේ. එකක්නම් අපේ ඉසව්ව වෙනුවෙන් මා රචනාකල "නුඹ නාව නෙතුගාව කඳුලැල්" කෙටි කතාව ට ඉතා හොඳ ප්‍රතිචාර ලැබීමයි. සිංහල බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් අතලොස්සකගේ ප්‍රතිචාර හා විදෙස්ගත මෙන්ම ලංකාවේ වෙසෙන බ්ලොග් රසවිඳින් ප්‍රේක්ෂකයන් සැලකිය යුතු මට්ටමේ පිරිසකගෙන් ලද විද්‍යුත් පණිවුඩ.කමෙන්ට්ස් හා මූණු පොතේ පණිවුඩ ගැන එක් අතකින් සතුටුය. සතුටු වීමට අනික් කාරණය නම් අද සිතුවිලි පලස නැමති මගේ කවි සංකල්පනා අඩවිය මගේ 50 වැනි කවිය සයිබර් අවකාශයට මුදා හැරීමේ සිදුවීමයි.
අපේ ඉසව්ව හා සිතුවිලි පලස එකකුස උපන් නිවුන් සොයුරන් දෙදෙනෙකු ලෙස සැලකීම වඩා වටී. මෙම සිංහල බ්ලොග් අඩවි දෙක නිර්මාණය වූ කාල අතර පරතරය විනාඩි ගණනක්වීම එයට හේතුවයි. මෙහිදී මම නැවතත් මගේ සොයුරු ජනිත චතුරංග ප්‍රේමරත්නට මගේ හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටින්නේ ඔහුගේ සංකල්පනාවක් මත මෙම අඩවි දෙකම නිර්මාණය කල බැවිනි. ඇත්තටම සිතුවිලි පලසේ අතීත කතාව කියන්නට සිටියේ සිතුවිලි පලසට වසරක් පිරුණු පෙබරවාරි 18 වැනිදාය. නමුත් අන්තර්ජාල සබඳතා ගැටළුවක් හේතුවෙන් පසුගිය වසරක කාල පරිච්ඡේදයේ මෙන්ම අදාල දිනයේද එම කටයුත්ත කිරීමට නොහැකිවිය.