Feb 14, 2012

තෙල් අර්බුදය යනු ලොකු බැරලයක තඩි හිලකි..


ඔබට මතකනම් මීල වසර කීපයකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය වූ අපූරු සිංහල හඬ කැවූ කාටූන් මාලාවක් විය.එය නමින් “කූඹිච්චී“  විය. එහි වූ අපූරු කොටසක් මගේ මතකයේ රැඳී ඇත. එහිදී කූඹිගම හා සතුරු ගමක් අතර ගැටුමක් ඇති වේ. මෙය කූඹින්ට අනුවනම් දරුණු යුද්ධයකි. මෙම යුද්ධයට කූඹිච්චි ප්‍රමුඛ කූඹි ගමේ බහුතරයක් යති.ඒ අතර සිටිනා  එක් බියගුළු කෘමියෙක්ද කෙසේ හෝ කටමැත දොඩවමින් යුද්ධයට යයි. යුද්ධය ආරම්භවන මොහොතේ මේ කටකාර එහෙත අලස කෘමියා විශාල වලකට වැටේ. කෙසේ හෝ කූඹිගමේ පිරිස යුද්ධය ජයගනී, මුලින්ම ගමට පැමිණෙන්නේ වලේ වැටුණු කෘමියාය.ඒ වනවිටත් යුද්ධය ජයගැනීමෙන් සතුටු වී සිටින ගමේ පිරිස කෘමියා වීරයෙක් ලෙස පිලිගනී.

කෙසේ හෝ ජයඝෝෂා අතර මාධ්‍යකරුවන් පැමිණ වීර කෘමියාගෙන් විවිධ ප්‍රශ්න අසයි.එක් මාධ්‍යකරුවෙක් අපූරු ප්‍රශ්නයක් නගයි.


“ඇත්තටම යුද්ධෙ කියන්නේ මොකක්ද?“

මෙහිදී කෘමියා දැඩි ලෙස කල්පනාකර බැරෑරුම් මුහුණක් පෙන්වා ඇත්තම කතාව කියයි.

“ඇත්තටම කියනවනම් යුද්ධය කියන්නේ..ලොකු වලක්“

කෘමියාට අනුව යුද්ධය ලොකු වලකි.දැන් මෙය තෙල් අර්බුදයට මා සම්බන්ධකරන්නේ මෙසේය. ලෝක තෙල් අර්බුදය හේතුවෙන් තෙල් මිල ඉහල යනවිට තෙල් අලෙවිකරන රටවලට ඇතිවන කැස්සට අපේ රටට නිව්මෝනියාව හැදෙති. කෙසේ වෙතත් මේ තෙල් අර්බුදය පිළිබඳ වගකිව යුතු ඇමතිවරයෙක් සිටියදී ඔහු හැරෙන්නට අනෙක් සියලු දෙනාම තෙල් අර්බුදය ගැන කතා කරති. ඔවුන් තෙල් අර්බුදය සම්බන්ධව කරන ප්‍රකාශ සවන වැකෙන කල්හි නිතැතින්ම මගේ සිහියට නැගුනේ උක්ත කූඹිච්චි කාටූනයේ කෘමියා යුද්ධය ලොකු වලක් ලෙස විග්‍රහ කලේ තමන් යුද්ධය ක්‍රියාත්මකවන මොහොතේ වලේ වැටී ගොඩ එන්නට නොහැකි වී සිටි හෙයිනි. එලෙසින්ම අද ලංකාවේ තෙල් අර්බුදය ගැන කතාකරන පාර්ශව කරන්නේද එවැනිම විග්‍රහයන්ය.

ඔවුන්ට අනුව ඇත්තටම තෙල් අර්බුදය යනු ලොකු  බැරලයක තඩි හිලකි. එයට වෙන කිව හැකි උපමාවක් මා සතුව නොමැතිය.

9 comments:

  1. පොලිටිකල් වනාහි කලටිපොල්ය! :(

    ReplyDelete
  2. ප්‍රශ්නෙ තියන්නෙ මචන් තාම ලෝක තෙල් අර්බුධයක් පටන් අරන් නැ , සීත කාලේ දරුණු වීමත් එක්ක තියන ගැටලුව විතරයි . ඉරාන සම්බාධක ක්‍රියාත්මක වෙන්නත් කාලයක් දීල තියනවා , කොටින්ම තාම හෙම්බිරිස්සාවටවත් ආවේ නැ , ඇත්තටම බරපතල අර්බුධයක් ආවාම(ඉරාන හෝ සිරියානු හෝ දෙකම සම්බන්ධව යුධමය තත්ව ) මොකක් වෙයිද?

    ReplyDelete
  3. ඔව් සහෝදරයා..තවමත් ඇවිත් ඉන්නේ බෙරකාරයා විතරයි..පෙරහැර ලඟ එනවා..ඒ එන පෙරහැරට මුහුණ දෙන්න ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින යන රටවල් බහුතරයක් තෙල් සංචිත රැස්කිරීම හා විකල්ප බලශක්ති නැවත පණගැන්වීම ආරම්භකරලා තියනවා..මොකද ඇෆ්ගනිස්ථානය,ඉරාකය හා ලිබියාවට එහා ගිය දෙයක් ඉරානය ප්‍රතිවිරෝධය ලෙස කරාවි.නැවතත් ලෝක යුද්ධයක් ඇතිවීමේ සාධක කෙමෙන් කෙමෙන් සමස්ත වශයෙන්ම මතුවෙනවා. එතකොට මේ අර්බුදයට අපි මොනවද වත්මනේ කරන්නේ..ඒකයි ගැටළුව

    ReplyDelete
  4. //නැවතත් ලෝක යුද්ධයක් ඇතිවීමේ සාධක කෙමෙන් කෙමෙන් සමස්ත වශයෙන්ම මතුවෙනවා.//

    විමල් වීරවංශගේ සී නිවුස් එක නම් එහෙන් මෙහෙන් අහුල ගත්ත මූලාශ්‍ර වලින් ලෝක යුද්ධයක් හදන්න හදන බවක් පේන්න තියනවා , නමුත් ලෝකයේ එහෙම ප්‍රවණතාවයක් නැ , ඇමරිකාව ඉරානයට ගහන කොට රුසියාව හෝ චීනය ගේමට බහී කියල හිතනව නම් ඒක බටහිර විරෝධි සිහිනයක් පමණයි . ඉරානය ඇමරිකාව හමුවේ දක්ෂතම පරාජිතයා වේය කියල නම් මටත් හිතෙනවා, ඉරානයෙන් ණයට තෙල් ටික නැතිවෙන කොට අපේ දේශප්‍රේමීන් අනාථයි . මහ ලොකුවට උඩ දාගෙන අගය කරපු ස්ථාවර ආර්ථිකයේ තරම විනිමය පාලනය නතර කරපු ගමන් රුපියලට වෙච්ච දෙයින් පේනවා

    ReplyDelete
  5. කූඹි හිසක තරම් වත් මොළයක් නැති රටකරවන්නන් සිටිනා රටක.., තෙල් වියදම් ගැන කතා කිරීම අවංකවම කාලය කාදැමීමකි. මේ වග මෙතැනින් නවතින්නේ නෑත. තව තවත් මිල ඉහළ යනවා ඇත..,

    ReplyDelete
  6. හොද හොද සෙල්ලම් තව ඉස්සරහට නේ !!!

    ReplyDelete
  7. ඉන්ධන ලීටරයක මිළෙන් 50% කට කිට්ටු ප්‍රමාණයක් රජයට බදු වශයෙන් යනව

    ReplyDelete
  8. ඕං දැන් බස් ගාස්තුත් ඉහල ගිහින් !

    ReplyDelete