Feb 20, 2012

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - 8 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7

මෙතරම් ව්‍යසනයක් කලේ කුඩා පරිමාණයේ යන්ත්‍රයක් එහෙමත් නැත්නම් කුඩා හෙලිකොප්ටරයක් බව දැනගත් පසු රෙඩාර් යන්ත්‍රය වටා සිටි සියලුම දෙනාගේ මෙන්ම ගානර් වටේ සිටි ඉහල සහ පහල සියලුම නිලධාරීන් ඇස් උඩ තබාගෙන විශ්මය පලකරන්නට විය. නමුත් ගානර් නැමති අති සූර රහස් පරික්ෂකයාගේ මුවේ වූයේ මද සිනහවක් පමණි. එයින් ඔහු මෙම යන්ත්‍රය පිළිබඳ දැන සිටි බව පෙනෙන්ට විය. නැවත වතාවක් මේ දක්ෂ රහස් පරික්ෂකයා ලොවෙන් වසන් වෙන්නට තිබූ මහා අපරාධයක් හෙලිකරගැනීමේ අන්තිම කෙලවරට පැමිණ ඇති බව සියලුම දෙනාට දැනෙන්නට විය.

මදක්වත් තම කටයුත්ත ප්‍රමාද නොකල ගානර් නැවතත් රෙඩාර් යන්ත්‍රය පරිපාලක වෙතට ඇමතුමක් ලබාගත්හ.

“හෙලිකොප්ටරය කොහේටද ගමන් ගන්නේ..අපි එය වහාම අල්ලාගත යුතුයි“

එකෙනෙහිම රෙඩාර් යන්ත්‍රය භාර කණ්ඩායම හෙලිකොප්ටරයේ පිහිටීම වාර්තා කලහ.

“සර් එය යන්නේ එතින්සින් විල දෙසට..දැන් එය ලීඩ්ස් වලට කිලෝමීටර පහක් මෙපිටින්“


එවිටම වාගේ ස්ටීවන්ස් එතනට පැමිණියේ දැඩි කැලඹීමකට පත්වය.

“විල දෙසට යනවනම් අපි එය අල්ලාගන්නේ කොහොමද සර්“

ගානර්ගේ සූර මනස විදහා දක්වන තවත් එක් අවස්තාවක් බවට එය පත්ව තිබිණි.

“මම මැක්ව රඳවලා තියෙන්නේ මේ දෙය බලාපොරොත්තුවෙන්..මම වහාම මැක්ට කතාකරන්නම්“

වොකි ටෝකී යන්ත්‍රයෙන් මැක් අමතන විටම මැක් සිය කණ්ඩායම සමග රථ තුනකින් සූදානම් ශරීරයෙන් සිට ඇත. මැක් ඇමතුමට ප්‍රතිචාර දැක්විය.

“සර් කුමක්ද අපි කල යුත්තේ“

“මැක් ඔබ දන්නවා ඇති තත්වය පිළිබඳව..දැන් ඒ කුඩා හෙලිකොප්ටරය ලීඩ්ස් දෙසින් එතින්සින් මහා විල දෙසට යනවා..මට දැනෙන විදියටනම් හෙලිකොප්ටරය දුර සිට මෙහෙයවන අපරාධකාරයාගේ බලාපොරොත්තුව හෙලිකොප්ටරය අපිට අසුනොවන විදියට විලේ ගිල්වන්නයි. මොකද එහි දත්ත වල ආරක්ෂාව මත තමයි අපරාධකාරයාගේ ගැලවීම තියෙන්නේ..“

“ඔව් සර්..“

“මැක් පිරිස සමග යන්න විල දෙසට..ඒ වගේම විලේ ඉන්න ජීවිතාරක්ෂක බෝට්ටු කණ්ඩායමේ නිලධාරියාට ඇමතුමක් අරන් කියන්න වහාම බෝට්ටු සූදානම් කරලා තියාගන්න කියලා“

“හොඳයි සර්“

“ඒ වගේම හෙලිකොප්ටරය අල්ලගන්න බැරිවුනත් කණගාටු වෙන්න එපා මොකද රෙඩාර් යන්ත්‍රය දැනටමත් හෙලිකොප්ටරයට සංඥා නිකුත් කරන තැන හොයාගෙන ඇති“

තම ඉහල නිලධාරියාගේ දක්ෂතාව හා ප්‍රඥාව පිළිබඳ ස්ටීවන්ස් ඇතුලු සියලුම සගයන්ට මහත් ආඩම්බරයක් දැනෙන්නට විය. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය බැබලෙන්නේ මෙවැනි නිලධාරීන්ගෙන් බව අමුතු නිදසුන් අවශ්‍ය නොවීය.

“වහාම රෙඩාරය මගින් හෙලිකොප්ටරය පාලනය කරන සංඥා ග්‍රහණය කරගන්..එය මට වාර්තා කරන්න“

“සර් දැනටමත් අපි එය සිදුකර අවසන්..සංඥා ග්‍රාහකය අනුව සංඥා නිකුත් වෙන්නේ ලින්සින්ටින් හංදියේ සිට කිලෝමීටර දෙකක් උතුරට වෙන්න“

ගානර් කල්පනා කරන්නට විය.වොකී ටෝකී යන්ත්‍රය තවමත් ඔහුගේ අත මත පණ ගැන්වී තිබිණි

“ස්ටීවන්ස් කව්ද ලින්සින්ටින් හංදිය ආසන්නයේ ඉන්න අපේ වැදගත් ච රිතයක් ඇති සැකකරුවා...“

“මහාචාර්ය කොන්ටෝ“ 

ස්ටීවන්ස් පිලිතුරු දුනි.

“මොකක් කොන්ටෝ...එතකොට මිනිහද මේ නැටුම් සෙරම නැටුවේ හැංගිලා..අනේ මේ නාකි මිනිස්සු අපි හිතනවට වඩා තරුණයිනේ“

ගානර්ගේ ප්‍රකාශයේ ගැබ්ව තිබූ විශ්මය හා උපහාසය හදුනාගත හැකිවිය.

“කොල්ලනේ..එහෙනම් අපි යමු ලින්සින්ටින් දෙසට..මහා නව නිර්මාණයක් කල මහාචාර්ය කොන්ටෝ මැතිතුමාට අපේ උපහාරය දක්වන්න“

****************************************

ඒ අතර මැක් ඇතුලු පිරිස කුඩා හෙලිකොප්ටරය පසුපස වේගයෙන් ලුහුබඳමින් සිටියෝය. එය ඉතා වේගයෙන් විල දෙසට ගමන් කල අතර මැක් විලෙහි ජීවිතාරක්ෂක බෝට්ටු කණ්ඩායම ඇමතීය. බෝට්ටු කණ්ඩායම සිය බෝට්ටු සූදානමින් තබාගෙන සිටියහ. මැක් ඇතුලු පිරිස විලෙහි බැම්ම අසලදී රථ නවතාගෙන බලාසිටියේ කුමක් වෙයිද යන්නයි. යම් හෙයකින් හෙලිකොප්ටරය විල ඉක්මවා ගියහොත් එය පසුපස නැවත ලුහුබැඳිමේ බලපොරොත්තුවෙන් සිටියහ.

නමුත් ගානර් උපකල්පනය කලසේම කුඩා හෙලිකොප්ටරය විල මධ්‍ය භාගයේදී එහි විදුලි එලි නිවා දැමීය.අනතුරුව කුඩා එන්ජිම නතර වීමත් සමග එය ඉහල සිට පහලට කඩා වැටිනි. නමුත් මැක්ගේ විධානයත් සමග ක්‍රියාත්මක වුණු බෝට්ටු කණ්ඩායම උඩපන්දුවක් පහසුවෙන් රැකගන්නා පරිද්දෙන් හෙලිකොප්ටරය හානියකින් තොරව රැකගන්නා ලදි.

එය අඩි දෙකක් පමණ දිගින් යුතු දුරස්ථපාලකයක් මගින් ක්‍රියාකරන ලෙස ඉතා සූක්ෂමව නිපදවන ලද්දක් විය. බර අඩු ලෙසින් නිමවා තිබුණු එහි තාක්ෂණික මෙවලම් අතින් ඉහල විය. සියල්ලටම යටින් සවිකර තිබුණේ ස්වයංක්‍රීය ස්නයපර් තුවක්කුවකි.එයද දුරස්ථ පාලකය මගින් ක්‍රියාකල හැකි ආකාරයට නිමවා තිබිණි. බ්‍රිතාන්‍යයටම සම්පතක් වූ මහාචාර්ය ඩෙවන්ස් ඝාතනය කල, තවත් සමාජයේ ඉහල තලයේ මහත්මයෙකු ඝාතනයට උත්සහකලේ මෙවන් සූක්ෂම යන්ත්‍රයක්ද යන්න හෙලිකොප්ටරය ඔසවාගෙන ආ මැක්ට සිතා ගැනීමටවත් නොහැකි විය.නමුත් එය එසේ වී තිබිණි.


*******************************


මේ වන විට ගානර් ඇතුලු ස්කොට්ලන්ඩ්යාඩ් විශේෂ බලකායක් මහාචාර්ය කොන්ටෝ සතු සුඛෝපබෝගී එහෙත් ග්‍රාමීයව පිහිටි නිවස වටලා තිබිණි. ඔවුන් සූදානමින් සිටියේ ගානර් ගෙන් අණක් ලැබෙන තුරුයි. නමුත් ගානර් හා ස්ටීවන්ස් සන්සුන්ව නිවසේ ප්‍රධාන ද්වාරය අසලට ගියහ. 


එක්වරක් දොරට තට්ටු කලත් ඉන් කිසි ප්‍රතිචාරයක් නොවීය. ඇතුලත විදුලි පහන් දල්වා තිබුණු බැවින් නිවස තුල වැසියන් සිටින බව සනාථ විය. රෙඩාර් කණ්ඩායමේ අක්ෂාංශ දේශාංශක මැනීම් වලට අනුව සංඥා පැමිණි ස්ථානය මෙම නිවස බවට සැකයක් නොවීය. ගානර්ට අවශ්‍ය වූයේ නිරුපද්‍රිතවම මහාචාර්ය කොන්ටෝ අත්අඩංගුවට ගැනීමටය. බොහෝවිට හෙලිකොප්ටරය පොලීසිය අතට ප ත්වූ බව ඔහු ද න්නවා ඇත. එසේනම් ඔහු මේ වනවිට කඩිනමින් කොහේ හෝ පැනගන්නට සූදානම් වනවා නියතය.


දෙවනි තෙවනි වරත් දොරට තට්ටු කලද ප්‍රතිචාරයක් නොලැබිනි. සිව්වෙනිවර තට්ටු කිරීමට සූදානම්වත්ම දොර විවර විය. වැඩි වයසක් නොමැති කොලුගැටයෙක් වැනි සේවකයෙක් දොර අසල විය. 


“මහාචාර්ය කොන්ටෝ ඉන්නවද?“


ගානර් තම පොලිස් අනන්‍යතාව සහිත පදක්කම පෙන්වමින් විමසීය. සේවකයා පැකිලීමකින් තොරව පිළිතුරු දුන්හ.


“ඔව් එතුමා ඉන්නවා..ඒත් හදිසි වැඩක්..බොහෝ වේලාවකින් විද්‍යාගාරයෙන් එලියට ආවේ නෑ“


ගානර් හා ස්ටීවන්ස් නිවස තුලට ගොඩවිය. ගානර් නිවස සිසාරා පරික්ෂාකාරී බැල්මක් හෙලීය. අනතුරුව හඩ අවදි කලහ


“එතුමාට කියන්න ස්කොට්ලන්ඩ්යාඩ් එකෙන් වැදගත් රාජකාරියකට එතුමා මුණ ගැහෙන්න ඇවිත් කියලා“


“මේ වෙලාවේ එතුමට කරදර කරන්න   ගියොත් මටයි රස්සාව අතැරලා යන්න වෙන්නේ..කරුණාකරලා මට  ඒ දේ නම් කරන්න බෑ මහත්මයා“


“හොදයි ඔබට බැරිනම් මමම ඒ දේ කරන්නම්කෝ“


සේවකයාගේ දැඩි බාධාකිරීම් මධ්‍යයේ ගානර් හා ස්ටීවන්ස් විද්‍යාගාරය සොයාගත්හ.එය මේ සුඛෝපබෝගී නිවසේ කොරිඩෝවට සම්බන්ධකර ඉදිකර  තිබිණි. ගානර් එහි දොරට තට්ටු කෙරීය.


“උඹ යක්ෂයාටම පලයන් මැල්කම්..උඹට මම කියලා තියනවා නේද මොකක් නිසාවත් මම මේකේ හිටිද්දි කරදර කරන්න එපා කියලා...“


පිලිතුරු ලෙස පරුෂ වචනයෙන් කල බැනුම් මාලාවක් ලැබිනි


“මහාචාර්යතුමා කරුණාකරලා එලියට එන්න..අපි ඔබේ හිතවතුන්...අහිංසක මැල්කම් නෙවෙයි“


මෙවර දැඩි නිහඬතාවක් ඇතිවිය.අනතුරුව හඬ අවදිවිය.


“කව්රු වුනත් මට මොකද..කරදර නොකර මෙතනින් පිටවෙයල්ලා“


“ඔබට අවසන් අවවාදය කරන්නේ කරුණාකරලා එලියට එන්න“


“මොකුන්ද මේ“


දොර නොඅරින බව හැඟුන බැවින් මදක් පටුපසට අඩියක් තබා දොරට කඩා පැන්නේ ස්ටීවන්ස්ය.එවිටම ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සමග ගානර් විද්‍යාගාරයට ඇතුල් විය. එය සැබවින්ම නවීන විද්‍යාගාරයක් විය.අංග සම්පූර්ණව සිල්ල නිසි පරිදි විය.


එක් පසෙකින් පරිගණක කීපයක් ක්‍රියාත්මකවෙමින් තිබුණු අතර ඒ ඉදිරිපිට කොටස් වලට ගලවමින් පැවති දුරස්ථපාලක උපකරණයක් වැනි යමක් හා බෑගයක්ද විය.


“තමුසෙලා කව්ද..මොකක්ද මේ තමුසෙලා කරන අපරාදේ..මම වහාම පොලීසියට  දන්වනවා..මැල්කම් කතා කරපන් පොලීසියට“


“කලබල වෙන්න එපා මහාචාර්ය තුමා..අපි පොලීසියෙන් ගෙනාවා ඔබ තුමා කියන්නත් කලින්ම..අපිට සිද්ධවෙනවා මහාචාර්ය ඩෙවන්ස් ඝාතනය කිරීම හා එතුමන්ගේ මිත්‍රයා ඝාතයට උත්සහ දැරීම හේතුවෙන් ඔබව අත්අඩංගුවට ගැනීමට..“






            අවසන් කොටස මෙතනින්

8 comments:

  1. මහාචාර්ය වුනාට වැඩක් නෑ... වැඩේ චාටර්නෙ :)

    එල එල... අන්තිම එකත් දාපන් ඉක්මනට..

    ReplyDelete
  2. සුපිරියි.. අන්තිම එකත් දාමු.. අපි ඉන්නවා මග බලාගෙන..

    ReplyDelete
  3. ඇති යන්තම්.... ඉක්මනට අන්තිම කොටසත් දෙන්න..

    ReplyDelete
  4. මේකත් මෙගා ටෙලියක් වගේ වෙයිද දන් නෑ
    එල එල

    ReplyDelete
  5. නියමයි... ඉතුරු ටිකත් දානකම් බලන් ඉන්නෙ.. :)

    ReplyDelete
  6. මේ කථාවෙ මුල කොටස් මට මිස් වෙලා, ඒත් ඇමෙරිකන් හෝ බ්‍රිටිෂ් රහස් පරීක්ෂක නව කතාවක හොඳ ට්‍රාන්ස්ලේෂන් එකක් කියල හිතුන.

    ReplyDelete
  7. එළ එළ... දැන් ඉතින් වාර්තාව !!! ඉක්මනට දාන්නෝ ...

    ReplyDelete