Mar 6, 2012

රුසියාවට කොන්දක් දුන් පුටින්..


වැලැදිමීර් පුටින් නැවතත් රුසියාවේ ජනාධිපති ධූරයට පත්ව ඇත. එම ජයග්‍රශණය ලෝක මාධ්‍ය හා විවිධ පාර්ශව විවිධ කෝණවල සිට නරඹති. නමුත් පුටින්ගේ ජයග්‍රහණය වැදගත් ජයග්‍රහණයක් වන්නේ එය ලෝක දේශපාලනය නැමති තරාදියේ සමතුලිත බව ආරක්ෂාවන බර වැඩි පඩියක් බවට පුටින් පත්ව සිටීම නිසාවෙනි. එබැවින් පුටින් වැන්නෙක් නැවතත් රුසියාවේ ජනාධිපති ධූරයට පත්වීම සැබවින්ම ලෝක දේශපාලනයේ වැදගත් සංධිස්ථානයක් බවට පත්වනවා නිසැකය. 

පසුගිය මැතිවරණයට පුටින්ට ඉදිරිපත් වීමට නොහැකි වුනේ එරට මැතිවරණ ව්‍යවස්ථාව පුටින්ට බාධාකල හෙයිනි. පුටින් කරබා නොගොස් අවස්ථාව ලබාදුන්නේ සිය දේශපාලන හිතෛශියා ලෙසින් සලකන එමෙන්ම තම දේශපාලන මල්ලී ලෙස සලකන දිමිත්‍රි මෙද්වදෙව් ඉදිරිපත්කර ඔහු ජනාධිපතිවරයා කරවා තමන් අගමැති බවට පත්විය. පුටින් යන්නටම යයි සිතූ සැමට එය ප්‍රජාතන්ත්‍රවිරෝධී පිලිවෙතක් විය. නමුත් පුටින් අවශ්‍යයයි සිතූ පාර්ශව වලට එය ශක්තියක් විය. කෙසේ හෝ මෙවර නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව කොමිනියුස්ට්වාදීන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ 60% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන රුසියාවේ පාලනය සියතට ගැනීම බටහිර රටවල් මෙන්ම බොහෝ සංවිධානද මවිත කල ජයක් විය.


සැබවින්ම රුසියාවට කොන්දක් දුන්නේ පුටින්ය. අතීතයෝ සමූහාණ්ඩුවක් ලෙසින් මෙන්ම ලෝකයේ සශ්‍රීකම රාජ්‍යයන් අතර පමණක් ලොව හැම අතින්ම බලවත් රටවල් අතර ඉහලින්ම වැජඹුන රුසියාව ලෝක යුධ තත්වයන් හා දේශපාලනික අරාජික වීම් මධ්‍යයේ අන්ත අසරණ තත්වයකට පත්වූවා පමණක් නොවේ භූගෝලීය වශයෙන් කුඩා වන්නටද විය. පියවරෙන් පියවර දේශපාලන ප්‍රවාහයෙන් පමණක් නොවේ හැම අතින්ම ඇද වැටෙද්දී රුසියානු ජනතාව ඉච්ඡාභංගත්වයට පත්වී සිටියේ කල හැකි අන් යමක් නොමැති වූ තැනය.

නමුත් පුටින් රුසියාවේ පාලනයට පත්වන්නේ තම ප්‍රතිපත්ති පිළිබඳව දීර්ඝ විස්තර කිරීමකින් හා විවිධ ආකාරයේ පාර්ශවයන් තම ශක්තියට ඈඳා ගනිමින්ය. එසේ නැවතත් රුසියාව සැබෑ රුසියාවක් බවට පත්කිරීමට පුටින්ට හැකිවිය. නැවතත් සිය සුපුරුදු රටාවට පැමිණ ලෝක දේශපාලනයේ අතීත නටුඹන් රාජ්‍යයන් අතරට එක් නොවී නැවතත් ශක්තිමත් රාජ්‍යයක් බවට පත්කිරීමට පුටින් ඉතා වටිනා කාර්යභාරයක් ඉටුකලහ.

ඊයේ ජයග්‍රහණයෙන් අනතුරුව කඳුළු පිරි නෙතින් යුතුව රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනයා අමතා පුටින් කීවේ. මට නැවතත් ඔබ ලැබුණා.ඔබට මාව ලැබුණා යන්නයි. එහිදී තම දේශපාලන අයියණ්ඩිය වෙනුවෙන් පිරිස ඇමතූ හිටපු ජනපති දිමිත්‍රි පැවසුවේ මේ පිරිසිදු ජය රුසියාව වෙනුවෙන්මය යන්නයි.

13 comments:

  1. කොමිනිස්ට් වාදින්ගේ පාලනයකට වඩා පුටින්ගේ පාලනය යහපත් වේවි (එකම පාර්ශවයක් බලයේ ඉඳීම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් වුනත් ) , ඒ වගේම ලෝකයටත් පුටින් අවශ්‍ය කරන චරිතයක්

    ReplyDelete
  2. පැහැදිලිවම සහෝදරයා

    ReplyDelete
  3. රුසියන් යූනියන් එක බිදවැටීමත් එක්කම ඇරඹුන රුසියානු ආර්තික කඩාවැටීම යෙල්ට්සින් පාලන සමයේඅවසන් භාගය (1997 - 1999) වෙද්දි උපරිම වෙලා රුසියාව අන්ත දුගී තත්වයක (GDP ඩොලර් බිලියන 900 වැනි පහල අගයක්) පවතිද්දි 1999 අවුරුද්දෙ රුසියාවෙ පාලනයට පත්වෙන පූටින් ඔහුගෙ මුල් පාලන සමය අවසන්වෙන 2007 වෙද්දි GDP ඩොලර් බිලියන 2100ක් දක්වා ඉහල නංවනව. ඒ විතරක් නෙමේ පූටින්ගෙ දේශපාලන දකුණු අත වෙන මෙද්වෙදෙවු ගෙ පාලන සමයෙදි එම අගය ඩොලර් බිලියන 2250ක (2008 දි) උපරිමයකට ගෙන එන්න අගමැති වරයා විදියට කටයුතු කරනව.

    බුවා කියනව වගේ එකම පාර්ශවය දිගින් දිගටම බලයේ සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවෙන මොන තරම් ලොකු පහරක් උනත් මේ අවස්තාව රුසියාවට සිය ඉතිහාසය තුල පූටින්ගේ අවශ්‍යතාව ඉතා ඉහලින් ඇති වෙලාවක්. මොකද පවත්නා පාලනය කොමියුනිස්ට් වේවා,ප්‍රජාතන්ත්‍රවාදී වේවා... ජනතාවට දැන් අවශ්‍ය තමන්ගේ ආර්ථිකය නගාසිටුවියහැකි සහ බඩගිනි නිවියහැකි කුමනහෝ තන්ත්‍රයක් නිසා සහ ඒ දෙකම තමන්ට කල හැකි බවට පූටින් ඉතිහාසය තුල සාක්ෂි සහිතව ඔප්පුකර ඇති නිසා.

    ReplyDelete
    Replies
    1. එකඟයි ඕනයා සහෝදරයා. සංවර්ධනය විතරක් නෙවෙයි රුසියානුවන්ගේ ආකල්ප වර්ධනයට විශාල කාර්යභාරයක් කලා. ඒවායේ ප්‍රතිඵලයක් විදියට තමයි අද රුසියාව ඔය තත්වයේ තියෙන්නේ

      Delete
    2. ආකල්ප වර්දනය . . සැක් ඒක ලියන්න අමතක උනානෙව . . කොහෙද මෙහෙම එවුව ලියල පුරුද්දක් නෑනෙ මචෝ මට

      Delete
  4. ලෝකයේ බල තුලනයට ඉතාම වැදගත්. ඒ වගේම මේවගේ බලය ලැබුන පාලකයන් බහුතරයක් ඒකා‍ධිපති ස්වභාවයට පත්වෙලා තියනව. පුටින් එසේ නොවේ යයි දැනට සිතමු.

    ReplyDelete
    Replies
    1. රුසියාව වගේ රටක ඒකාධිපතිත්වයකට වත්මනේ ලැබෙන ඉඩකඩ අඩුයි මගේ මතය අනුව.ඒත් පුටින් නරක් වූවොත් එලවන්නටත් රුසියානුවන් පසුබට වෙන එකක් නෑ

      Delete
  5. මේක ආයෙ කියවන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. මීට වඩා දීර්ඝ ලිපියක් ලියන්න වුවමනාව තිබුණා.ඒත් සෞඛ්‍ය තත්වය හොඳ මදි

      Delete
  6. අයියෝ දේශපාලනය

    ReplyDelete
    Replies
    1. මාත් අකමැතිම මාතෘකාවක් ඕක . . .

      Delete
  7. ව්‍ල්ඩිමීර් පුටින් පෙන්නන මූණට වඩා වෙනස් චරිතයක් කියල තමා කියන්නෙ. හැබැයි ඉතින් ඒ කථා කියන්නෙ ඇමෙරිකන් පුවත් පත් සඟරා.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව යෙල්ට්සින්, පූටින් හා මෙද්වෙදෙවු කියන තුන්දෙනාව සැසදුවොත් වැඩි ලකුනු ලබාදෙන්නෙ යෙල්ට්සින්ට.

      Delete