Apr 19, 2012

“චිරාන්“ අපි ආයෙත් නැගිටිමු දෙපයින්...උඹට ඉක්මණ් සුවය..


සිංහල බ්ලොග් අවකාශයේ ඔබගේ මෙන්ම මගෙත් සහෘදයෙක් වන හිතවත් චිරාන් මධුරංග සහෝදරයා හෙවත් Chiran's Blog අපේ හිතවතා මේවන විට සැත්කම් හේතුවෙන් රෝහල් ගතවෙලා සිටින මොහොතක්. පසුගිය අලුත් අවුරුදු දිනයේ පුණ්‍යකර්මයක් සිදුකිරීමට ගමේ පන්සලට පියනගමින් ඉන්නාවිට පාදයේ ඇතිවූ සුළු තුවාලයකට විෂබීජයක් ඇතුල්වීම නිසා ඔහුට ශෛල්‍යකර්මයක් සිදුකිරීමට සිදුවූ බවයි දැනගන්නට ලැබී ඇත්තේ. කෙසේ වෙතත් මේ වනවිට චිරාන්ගේ තත්වය යහපත්. ඔහු ඉක්මණ් සුවය ලබමින් සිටිනවා. නමුත් බොහෝවිට මේ හේතුවෙන් ඔහුට සයිබර් සිහින උළෙලට සහභාගීවීමට නොහැකිවනවා ඇති. 

  මේ වෙලාවේ රෝහලේ ඇඳක් මත සුවය ලබමින් ඉන්න ඔබේත් මගේත් හිතවතාට ඉක්මණ් සුවය පැතූ කෙටි පණිවුඩයක් හෝ දුර ඇමතුමක් ලැබෙනවානම් මේ මොහොතේ හැමදේටම වඩා ඔහුගේ හිත ශක්තිමත් වේවි. හිතවත් හැමගෙන් ඒ පුංචි ඉල්ලීම සිදුකරනවා.( චිරාන් මධුරංග - 071-5954135)

චිරාන් ඔබට ඉක්මණ් සුවය ලැබේවා !

14 comments:

  1. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චිරාන් අයියට..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නන්ගී....

      Delete
  2. ඔවු.. චිරාත් අයියාට ඉක්මන් සුවය ලැබෙන්න ඕන..

    ReplyDelete
  3. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චිරාන් මිතුරට..

    ReplyDelete
  4. ඉක්මන් සුවය ලබා නැවත පැමිණෙන්න ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  5. හෆ්ෆච්චියේ.. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..!!

    ReplyDelete
  6. අම්මට බොල... මූට මක් උනාද.... ඉක්මනට හොද වෙයන් මචං...

    ReplyDelete
  7. චිරාන් ! ඔබට ඉක්මණ් සුවය පතමින් , සුවය ලද විගසින් නැවතත් බ්ලොග් ලිපියක් තුලින් හමුවීමට සහෘද ඉල්ලීමක් කරමි ..

    ReplyDelete
  8. ඕයාල කාටත් ගොඩක් ස්තුතියි.... :)

    ReplyDelete
  9. ඉක්මන් සුවය. මම දැනුයි මේ බව දන්නේ :(

    ReplyDelete
  10. යකෝ දන්නෙත් නෑ .. එක ගමේ හිටියට ..

    ReplyDelete
  11. ඉක්මන් සුවය ලැබීයන් මචෝ!

    ReplyDelete