හරිත විප්ලවය පොත රාක්කයේ තිබුණත් හමුදාවෙන් හෝ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන දසවද දුන් කාලයක් තිබුණි. එම යුගයේ “චේ“ යනු ත්‍රස්තවාදියෙකි. ජනතාවගේ කෝණයෙන් ඒ කාලයේ සිටියේ “චේ ගුවේරා කල්ලිය“. ජනතාවට පිරභාහරන් සහ චේ ගුවේරා අතර වෙනසක් නොදැනුනි. ඒ මන්ද චේ දර්ශනය ලංකාවට රැගෙන ආ නියෝජිතයන් ලංකා මායිමේදී චේ කෙලසා දමා වෙන යමෙකුට පණදී තිබුණ බැවින්ය. නමුත් ලංකා සමාජයේ එවකට සිටි සීමිත පිරිසක් ලංකා මුහුදු සීමාවේ වැටෙන් එපිට ලෝකය පිලිබඳ අවබෝධයක් සහ දැනුමක් සහිතව සිටි අතර ඔවුන්ට චේ පිළිබඳව ස්වචින්තනයට අනුගත වූ අවබෝධයක් විය. එම නිසාවෙන් ඔවුන් “චේ“ දුටුවේ වෙනස් ආකාරයකටය, එසේම මෙරට පන්ති දේශපාලනයේ නිරතවූ පිරිස් “චේ“ දුටුවේ තම ගුරුවරයා කියූ ආකාරයටය.
එකල එහෙන් මෙහෙන් රහසේ හුවමාරු වූ පොත් සහ පත්‍රිකාවල “චේ“ ගේ ඡායාරූප දුටු ඇතමෙක් දුටුවේ පිස්සෙක් වගේ රැවුලක් වවාගෙන මිලිටරි මාදිලියේ තොප්පියක් පැලඳගෙ, තඩි සුරුට්ටුවක්ද කටේ ගසාගෙන උජාරුවෙන් සිටින විදේශිකයෙක් ලෙසයි. මෙම සෑම ජන චින්තනයකටම පාහේ සාධාරණ හේතුවක් තිබුණි. නමුත් වර්තමාන සමාජයට “චේ“ හැදෑරීමට වුවමනාවටත් වඩා සම්පත් පවතී. නමුත් එසේ සම්පත් තිබියදීත් “චේ“ දර්ශනයේ අල්පමාත්‍රයක්වත් මීට දශක දෙකකට තුනකට පෙර කාලයේ තරමටවත් හැදෑරීමට සහ අනුගමනයට සමාජය හුරුවී නැත්තේ ඇයිද යන්න විශාල ගැටළුවකි.
අර්නස්ටෝ චේ ගුවේරා කියුබානු සටන මතින් ලෝක ඉතිහාසට ගරිල්ලා විප්ලවයක් තුලින් ජනසම්මත පාලනයක් බිහිකිරීමට අනූපමේය කාර්යයක් ඉෂ්ට කල පුද්ගලයෙක් බව දන්නෝ දනිති. නොදන්නෝ දැනගැනීමට උත්සහද නොකරති. ඒ තමන්ගේ නොදන්නා කමටත් වඩා තමන් සහ “චේ“ චරිත දෙස සංසන්දනාත්මකව බලා දැනෙන විලිලැජ්ජාවට හෘද සාක්ෂියට අවනතව මුහුණදිය නොහැකි බැවිනි. “චේ“ නැමති විප්ලවවාදී ගරිල්ලා නායකයා ගැන වචන සීයකින් දෙසීයකින් කියා නිම කල හැකිනම් මා කොතරම් දක්ෂයෙක්ද. නමුත් මම එතරම් වාසනාවන්ත නොවනවා සේම “චේ“ එතරම් අවාසනාවන්තද නැත.
“චේ“ ට කියුබානු නව රජයේ තනතුර බාරගෙන අමාත්‍ය සැපසම්පත් විඳිමින් ඉන්නට තිබුණි. එසේනම් ෆිදෙල්,රාවුල් මෙන්ම “චේ“ ද ජීවතුන් අතරය.නමුත් ෆිදෙල් හා රාවුල් බැලුවේ කියුබාව දෙස පමණි, එය තමන්ගේ ජන්ම භූමිය යන හැඟීම නිසා වෙන්නට පුළුවනි.නමුත් “චේ“ බැලුවේ ලෝකය දෙසය. අන්න ඒ හේතුවෙන් කියුබාවෙන් නොනැවතී ගිය සිය සටන් ගමන බොලිවියාවේදී කෙලවර වූයේ ලෝක අනාගතයට මහා පණිවඩ රැසක් සන්නිවේදනය කරමින්ය. එදා බොලිවියාවේ වහල් හමුදාවේ තුවක්කුව බිලිගත්තේ ලෝක මානව හිතවාදී චින්තනයේ නූතන භූමිකාවට යෙහෙන් පණදුන් මිනිසෙක්. මානව හිතවාදී චින්තනය මියගියේ මීට අවුරුදු 45 කට පමණ පෙර බව පිලිගත යුත්තේ එබැවින්ය. 1997 වර්ෂයේ බොලිවියානු ගුවන් තොටුපල පරිශ්‍රයෙන් වසර තිහක් තිස්සේ වැලලී තිබූ “චේ“ නෂ්ටාව ශේෂ ලෙස ගොඩගැනෙන්නේ “චේ“ගේ ඇටකටු ගොඩයි. නමුත් ලොවෙන් වැලලී ගිය මානව හිතවාදී චින්තය රැගත් විප්ලවකාමී හදවත් සදාකාලිකව වැලලී තිබුණේ නැවත ගොඩ නොඑන ලෙසය.
අද චේ යනු යහමින් අලෙවිකල හැකි සන්නම් නාමයකි(Brand Name). නූතන අලෙවිකරන සංකල්ප අනුව ඉලක්කගත වෙළඳපොලක් වෙත (Target market oriented) “චේ“ ලකුණ අගේට විකිණිය හැක. “චේ“ දර්ශනය හදවතින් කියවනවා වෙනුවට රෙද්දෙන් සහ බොක්කෙන් පෙන්නන්නට බොහොමයක් දෙනෙක් අදාල ඉල්ක්කගත වෙළඳපොලට අයත්ය. ලංකාවේ කිරුලපන “චේ“ නමින් කෑම කඩ පවා බිහිවන්නේ “චේ“ යනු බොයිලර් කුකුලෙක්ට සමාන තත්වයකට පත්කරය. එයනම් උඩ පැන පැන හිනාවෙන්නට අවැසි කාරණයකි. බඩතඩි ධනේෂ්වර අටපාස් මුදලාලිලා, නාමික මහජන නියෝජිතයන්, ෆන්කි සමාජය ශරීර කූඩුවට අනුගත කරගත් කයින් පමණක් ලංකාවේ වසන ගැටයන් සහ ගැටිස්සියන් පෝලිමේ ගොස් වාඩිවී කුකුල් ගාත් සහ ඉස්සෝ දීසි බුදින්නේ බිත්ති සරසාගත් “චේ“ සිතුවම් දකිමින්ය. ඔවුන් සිතනවා ඇත්තේ තමන් “සියරා ලියෝන්“ පෙදෙසේ සුවපහසු බිමක සිට බඩතර කරගන්නවා කියා වන්නට ඇත. එවැනි ආශාවන්ට සිනාසී බිම බලාගැනීම මිස කලහැකි අන්කිසිවක් නැත.
එක්තැනකට ඡායාරූපක “චේ“ ගොවියන් සමග හරි හරියට පිදුරු අදින ඡායාරූපයක් හා ඉන් අනතුරුව වෙහෙස වී ට්‍රැක්ටරයක් ටයරය මත වාඩිවී ගිමන් හරින රුවක් වේ. එම සිතුවම් දෙකේම මෙම “චේ“ අසාමාන්‍ය මානව හිතවාදියාගේ නෙත්දෙක තුලට එබිකම් කල බලන්නන්ට පමණක් පෙනෙන දර්ශනයක් වේ. නමුත් අවන්හලට ගොස් බඩතර කරගන්නා සමාජයට එම ඡායාරූප පේන්නෙත් වප් මගුලට පමණක් අමුඩය ගසාගෙ පාක්ෂිකයන් සහ මාධ්‍ය පිරිවරාගෙන මඩට බහින, මල්වට්ට් පිරිකර ඔලුවේ තබාගෙන පන්සල් යන යන ජනනායකයින් සහ සමාජගත නාමික ප්‍රභූන් ලෙස පමණක් විය හැක. එය එසේ නොවූයේනම් පුදුම විය යුතුය..සමාජය වැරදි නැත..වැරදී සමාජය තුල බිහිකරන්නාවූ අධම චින්තනයයි.
ඔබ හරි චේ විශාල ආදර්ශයක් ප්‍රමාණයක් ලබා දෙනවා.ඔහුගේ බොලෙවියානු විප්ලවය අසාර්ථක වූයේ කියබානු වප්ලවයම බොලෙවියා විප්ලවයට ආදේශ කර ගැනීම නිසා.
ReplyDeleteඔහු මිනිස් ඝාතනයන්ට රුකුල් දුන්නා.නමුත් ඒ කලේ මිනිස් වර්ගයාගේ පොදු සතුරාට විරුද්ධවයි.
පැහැදිලිව ධම්මික ඔහු සතුරා නියම ලෙස හඳුනාගෙන කටයුතු කල.අවිහිංසාවාදී චින්තනයෙන් එම විප්ලවය කල නොහැකි බව ඔහු තේරුම්ගෙන තිබුණා.
Deleteමමත් කලකට පෙර ඔහු ගැන ලිව්වා..මෙවන් මිනිසුන් ලෝකයට බිහිවන්නේ අහම්බෙන්ද කියල හිතෙන තරමටම අඩුයි!
ReplyDeleteඅඩුයි නොවෙයි සබිත් නොමැතිය..එසේ වන්නේ සමාජය එවැනි පුද්ගලයන් තමන්ගේ පරමාදර්ශී චරිත ලෙස පවත්වාගන්නේ ස්වකීය බඩවියත රැකගැනීමට පමණක්වන නිසාය
Deleteමේකයි ඇත්ත කතාව! තමන්ගේ අම්මවත් මාකට් කරන කාලේ චේ මාකට් නොවුනොත් තමයි පුදුමේ!!!
ReplyDeleteගැටළුම තියෙන්නේ මිත්‍රයා එයට එරෙහිව වචනයක් හෝ කියන්න කොන්දක් නැති එකයි
Deleteපවතින ක්‍රමේට විරුද්ධව යන්ඩ සෑහෙන ධෛර්යයක් තියෙන්ඩ ඕනේ.ලංකාවේ එහෙම කෙනෙක් බිහිවෙන්ඩ සුදුසු වටපිටාවක් නැහැ.මොකද හැම පොඩි එකාම හැදෙන්නේ ආත්මාර්ථකාමී වගේම බලයට වන්දනා කරන සමාජයක් මැද.අනික කවුරු හරි ක්‍රමේට විරුද්ධ වෙන බව පෙනුනොත් ඌව මරා වෙන එකෙක් කරන්ඩත් මේ සමාජෙ දන්නවා.වීරයා මැරිලා වේදිකා නාට්‍යයෙන් ඉගෙන ගත්තේ මේ ගැන තමයි.
ReplyDeleteපැහැදිලිවම..මේ රට කලක සිටන් දියසෙන් කුමාරයෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.ධර්මපාලතුමා කිව්වා වගේ ඉපදෙන දියසෙන්ලා එකාපිට එකා තිඹිරිගෙයිම මරාදමන බව මුන් දන්නේ නෑ
Deleteහැකිනම් චේ මෙන් වන්න....! සත්තකින්ම එය පහසු නැත.
ReplyDeleteසත්තකින්ම පහසු නෑ..ඒ මග යන්න පා තැබීමම යම්තාක් දුරට මේ සමාජ සංශෝධනයට ප්‍රධාන රුකුලක් වෙයි
Deleteමා කියවා ඇති පරිදි අවවාදයට වඩා ආදර්ශය ලොකුයි යන්න මනාවට ඔප්පු කල පුද්ගලයෙකි. ඔහු සීතල කාමර වල ඉඳන් විප්ලව නොකොට සැබෑවටම එහි කොටස් කරුවකු වෙමින් යුද පෙරමුණට ගොස නායකත්වය සපයා ඇත. ඔහු මුලින් ජනප්‍රිය වන්නේ මෙන්න මේ මානව ගුනාගයටය. එහෙත් පසුව ඔහුගේ රුපයේ ආකර්ශනීය බව වට එක රොක් වන්නන් නිසා ඔහුට් සිදු වන්නේ අවමානයකි. කුමන හෝ දෙයකට රැඩිකල් වීම් චේ අනුව යාමක් නොවේ. මිනිසාගේ විමුක්තිය වෙනුවෙන් සියල්ල පසෙක ලා සටන් කල ඔහු වැන්නෙක් වුවා නම් ඒ ස්ටීව් බිකෝ පමණි.
ReplyDeleteසුදීක සහෝදරයා වර්තමානයේ රැඩිකල් වීම විලාසිතාවක් පමණක් වෙලා. චේ යන ස්වරූපය කොපි කිරීම පමණක් වෙලා.නමුත් සාරගර්භය තුල තිබෙන මානව හිතවාදී චින්තනය සහ ඔබ කියූ පරිදිම භාවිතාමය විප්ලවකරණ සාධකය හේතුවෙන් චේ යනු අනුගමනයට අපහසු චරිතයක් වෙලා.ඒ වත්මන් සමාජයේ විශෝධනයත් සමගයි.
Deleteමම අසාම චරිතයක් කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නැ..
ReplyDeleteඅන්න ඒ ආසාව තමයි මිත්‍රයා එම චරිතය තමන්ගේ පරමාදර්ශී චරිතයක් බවට පත්කරන්නේ
Deleteවටිනා කියවීමක්. අර්නස්ටෝ චේ ගෙවේරා කියන මානව හිතවාදියාව මිනිසුන්ට අවබෝධ කරගන්න බැරි තරම්. මොකද තමන්ගේ වපසරිය ඇතුලේ ඊට සමාන චරිත දකින්නෙ නැති නිසා. නමුත් නාඩියා මල්ලි කිව්වා වගේ මේ පාරිභෝගික සමාජය ඇතුලෙ නොවිකිනෙන්නේ මොනවද?
ReplyDeleteචේ කියවීම සංකීර්ණ සමාජ සංසිද්ධියක් වෙන්නේ මේ ලෝකය වෙනස්වෙලා තියෙන වපසරිය එක්ක. ප්‍රදීප් සහෝදරයා ඒ චින්තනය තිබිය යුත්තේ අදයි
Deleteසුපිරි ලියමනක්. සියල්ලට එකඟයි.
ReplyDeleteස්තූතියි රාජ් සහෝදරයා...චේ වැන්නෙක් ගැන නොලියන දෑත් කුමටද කියලා හිතුනා..
Deleteමමනම් හිතන විදියට තවත් සියවස් ගනනාවකටවත් මෙවැනි පුද්ගලයෙක් බිහිවන පාටක්වත් පෙන්න නැ... ඇත්තටම චේ කියන්න සැබැම මානව හිතවාදියෙක්...
ReplyDeleteප්‍රත්‍යක්ෂයි අභිලාෂ්..මොවුන් කල්පයකට බිහිනොවන තැනට ලොව ගමන් කරමින් පවතී
Deleteඅධිතක්සේරුව ම ඔහුගේ මරණයට හේතු වුණා කියලයි මම හිතන්නේ!
ReplyDeleteලහිරු සහෝදරයා ඉහත ධම්මික සහෝදරයා අදහස් කලා වගේම ඔහු කියුබාවේදී ලද අත්දැකීම් හා එම පරිචය බොලිවියාවට ආදේශකලා.ඔහු අමතක කලා ලොව සැම විප්ලවවාදියෙක්ම එකවගේ ශක්තිමත් නොවන බව. නමුත් ඔහු තමන්ගේ හැකියාව මත තමයි බොලිවියානු සටන ඒ තත්වයටවත් ගෙන ආවේ
Delete