Nov 2, 2012

හිත ගිය තැන මාලිගා දැක ඇත්ද? ප්‍රශ්නාර්ථයක් නැගී නැද්ද?


උදේ ඉඳන් රෑ වෙනකම්ම එහෙ මෙහෙ යන සමාජ වටපිටාව තුල දකින දේවල් ගැන පොඩ්ඩක් හිතන්න ඉඩක් තමයි මේ වෙන්කරන්නේ. ඔබ දැකලා ඇති මේ වගේ දේවල්. දැකලා තියද පට්ට ලස්සන කෙල්ලෝ පට්ට කැත කොල්ලෝ එක්ක ආදර සබඳතා පිහිටුවාගෙන බෙල්ලේ අතේ පයේ එල්ලිලා යනවා. ඒ වගේම පට්ට ලස්සන කොල්ලෝ අමු කැත කෙල්ලො අතේ පයේ එල්ලගෙන යනවා. මහ පාරේ මේ වගේ දේවල් දැක්කම අපිට දැනෙන කාරණා කීපයක් තිබෙනවා. ප්‍රායෝගික සත්‍ය විදියට ගත්තොත්
  • තදබල ඊර්ශ්‍යාවක් ඇතිවීම
  • අදාලා කැත කොල්ලා/කෙල්ල සමග දැඩි වෛරයක්.
  • එවැනි ලස්සන කෙල්ලන්ගේ/කොල්ලන්ගේ තේරීම් සහ රුචිකත්වය පිලිබඳ කුතුහලයක් සහ කලකිරීමක්.
  • එවැනි ලස්සන කෙල්ලෙක්/කොල්ලෙක් ඒ ආකාරයෙන්ම අතේ පයේ එල්ලාගෙන යාමේ ආශාවක්.
  • අදාල කැත කොල්ලා/කෙල්ල කොතරම් වාසනාවන්තද යන හැඟීම.


මෙහිදී අපි කතාකරන්නේ ස්වරූපයෙන් පමණක් විරූපී හෝ කැත යන අර්ථයෙන් පමණක් බව මතක තබාගත යුතුය. පැහැදිලිවම හිත ගිය තැන මාලිගාව කියන සංකල්පය භාවිතාමය අත්විඳීමකට පැහැදිලි නිදසුනක් ලෙස මෙය ගත හැක. මෙවැනි දේ දකින තනිකඩ පමණක් නොව විවාහ වූ මැදිවයසේ ඇත්තන් පවා හිතේ ඇතිවන ශෝකය මැඩලාගන්නේ “ඕකට තමයි ඉතිං හිතගිය තැන මාලිගාව කියන්නේ...හිත තැනකට ගියොත් ඒක එහෙම්මයි“. කතාවේ ගත යුතු සත්‍යයක් නැත. ආදරය වැනි සංකල්ප වලදී බොහෝ සෙයින් රූප ස්වභාවය සලකා බලයි. හිසේ සිට පාදාන්තය දක්වා පමණක් නොව, බලන බැල්ම,ගමන් ලතාව,හිනාව, කතා විලාශය වැනි අංග රාශියක් සොයා බලා පමණක් නොව මදක් ඇසුරුකර පරීක්ෂණයටද ලක්කරණ සමාජ ක්‍රමයක්තුල ඉහත ආකාරයේ විෂම සබඳතා ගොඩනැගීමට හේතුව කුමක්ද.

   බොහෝ විට වත්මන් පරපුර තුල මෙන්ම අතීත ජන කොට්ඨාශය තුලද හිත හොඳ තැනැත්තාට, ත්‍යාගශීලී පුද්ගලයාට, සමාජශීලී ඇත්තාට වඩා වැඩි තැනක් ආදරේදී මෙන්ම මිත්‍රත්වයේදීද ලැබුණ බව සහ ලැබෙන බව සත්‍යයකි. එබැවින් බොහොමයක් ආදර සම්බන්ධතාවලදී රූපය ඉක්මවා ඉහත ගුණාංග වලට තරුණ තරුණියන් ප්‍රිය කිරීම හේතුවෙන් හිත ගිය  තැන මාලිගාව එවන් තැනක පිහිටුවන්නට තීරණය වනු ඇත. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ පෙනුමට වඩා යහපත් ගුණාංග වලින් යුතු යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් බව නොරහසකි.

   එසේම ඇතැම් රුවින් අග තරුණ තරුණියන් විෂම රුව ඇත්තාවුන් ආදර සබඳතාවලට එක්කරගන්නේ සුවිශේෂී හේතු නිසාය. බොහෝවිට 
  • ඥාතී සබඳතා හේතුවෙන්
  • නෑනා සහ මස්සිනා වැනි සමාජගත පාරම්පරික සිරිත් විරිත් නිසා
  • කුඩාකල පටන් දන්නා හඳුනන අය වීම
  • විශේෂිත පොරොන්දුවක් වීම සහ එය ඉටුකිරීමට
  • දික්කසාද වීම සහ එයින් පසු විවාහ
  • බිරිඳ/සැමියා මියගිය පසු ඇතිවන නැවත විවාහවීම්
  • ප්‍රේමය සම්බන්ධ පලගැනීම් හෝ වෙනත් චේතනාවකින්.


ඉහත කාරණා සලකා බැලීමේදීද සමාජගත ස්ථරය තුල ඉහත බොහොමයක් කාරණා  සත්‍ය ලෙසම අත්විඳිය හැකි කරුණුය.

   මින් අනික් කාරණයනම් හිත ගිය තැන මාලිගය යන සංකල්පයට මදක් ආත්මාර්ථකාමී සහ ආර්ථිකමය න්‍යායක් එක්කරන්නක් වේ. එනම් රුවින් අග තැන්පත් තරුණ තරුණියන් රූපය ගැන නොසලකා ධනවතුන් හා සම්බන්ධතා ගොඩනගාගැනීමයි. මෙය බොහෝ විට රුව ආයෝජනයක් බවට පත්කරගැනීමක් මෙන්ම ආර්ථික ස්ථායීතාව හෝ යහපත් ජීවිතයක් ලැබීමේ(ආර්ථික කෝණයෙන්) පරමාර්ථයෙන් සිදුකරන්නක් බව සැලකිය යුතුය. උදාහරණයක් ලෙස බොහොමයක් නළු නිලියන් ක්ෂේත්‍රයෙන් පිට ඇතැම් අය සමග ආදර සබඳතා ගොඩනගාගෙන ඇති අවස්ථාවල ඔවුන් එතරම් රූප සම්පත්තියෙන් සමන්විත අය නොවන බව බොහෝවිට දැකගත හැක. එහිදී නළු නිලියන් සිය ආර්ථික ස්ථායීතාව වෙනුවෙන් ප්‍රේමය ධනවතුන්ට පුදා ඇති අයුරු දැකිය හැකි වුවත් ඔවුන් එය වසා දමා බොහොමයක් හේතු ඉදිරිපත් කරති.

   ඉහත කාරණා බොහොමයක් ආදරයේදී හිතගිය තැන මාලිගාව සංකල්පයට සාධාරණයක් ඉටුකරයි. නමුත් මිත්‍රත්වයේදී එනම් මිතුරන් තෝරාගැනීමේදී මෙම සාධක බලපාන්නේ ඉතා අල්ප ලෙස බව කිව යුතුය. එසේම අවසානයේදී කිව යුත්තේ අප දන්නා දහමට අනුව රූපය ඉක්මණින්ම වෙනස් වී දිරාපත්ව අවසන්වී යන බැවින් ඉතිරිවන්නේ කරන ලද ක්‍රියාවන් පමණක් බවය. එබැවින් හිත ගිය තැන මාලිගාව සංකල්පය හුදු පුද්ගල තාවකාලික තෘප්තිය උදෙසා කරන රඟපෑමක් හෝ තාවකාලික ජීවිත ආලේපයක් බව මතක තබාගත යුතුය.

10 comments:

  1. මගේ අත්දැකිමෙන් ආදරය ඇති වෙන්නෙ රුපය මත නෙමෙයි කිවුවා වගේ පෙනුමට වඩා යහපත් ගුණාංග වලින් යුතු යහපත් සහකරුවෙක් හෝ සහකාරියකට ඒ වගේ කෙනෙක් හිතට දැනෙනවා වැඩි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම එය අගය කල යුතුයි.මොකද රූපං ජීරති නාමං නජීරති යන්න අපි අවබෝධ කරගත යුතුයි

      Delete
  2. අනිවාර්රෙං ඈ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් කිව්වේ ප්‍රශ්නාර්ථයක් නැගී ඇත්ද යන්නට වෙන්න ඇති නේ

      Delete
  3. රුප සොබාව ධනපතියන් මිලදී ගන්නවා. මේ සඳහා ජීවමාන උදාහරණයක් තියෙනවා. එය මම ඉදිරියේදී දිග හරින්නම්.

    ReplyDelete
    Replies
    1. මම දෙන්නම් එකට දහයක්..මම මෙතනදි ඒවා ඉදිරිපත් නොකලේ ලිපියේ ජීව ගුණයට හානි වෙන නිසා අයියණ්ඩි..ඔබේ හෙලිදරව්ව පෙරමග බලා සිටිනාව

      Delete
  4. නියම ආදරයක් ඇති වෙන්නෙ රූපය මතම නෙවෙයි. ලස්සන කියන්නෙ පුද්ග බද්ධ සාපේක්ශ කාරණයක් නේද ? අපි කොහොමද කෙනෙක් ලස්සනයි කියන්නෙ ? කෙනෙක් කැතයි කියන්නෙ ? කාට සාපේක්ශවද ? නිලියන්ට ???? නළුවන්ට ????

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනි අයියා..ඔබ මුලින් සඳහන් කරලා තියෙන්නේ මම මේ ලියමනට හර කරගත්ත කාරණය ප්‍රත්‍යක්ෂණයක්...ලස්සන සාපේක්ෂ දෙයක්..පැහැදිලිවම ඒක එකිනෙකා දකින විදිය...නමුත් අපි ප්‍රායෝගිකව පොදුවේ ලාංකීය සමාජයෙ දෘශ්ටි කෝණයෙන් බැලුවොත් ආදේ දාර්ශනික සහා විතර්කිත දෘශ්ටි කෝණයෙන් ඈත්වෙලා..අපිට පේනවා ඝර්ම කලාපීය රටක් වුනු අපේ රටේ පොදු අති බහුතරයකට හිමි සමේ වර්ණය සහ ශරීර අංගපුලාවේ ආකාරය අනුව අපට නුහුරු විචිත්‍රනයක් ඇති ශරීර කූඩුවලට අපේ සමාජය වඩා ලස්සනයි කියනවා...මම මේ ලිපිය ලිව්වේ ඒ සමාජයේ දෘශ්ටි කෝණය පෙන්වා දීලා එය යථාර්ථය දෙසට යොමු කිරීමට..

      Delete
  5. ඔතන මෙහෙම දේකුත් තියෙනවා. ලස්සන කොල්ලෝ සහ කෙල්ලෝ බහුතරය ගෙවල් වල මල් වගේ හැදුනු අය. පෙනුමෙන් කැත අය සමාජය එක්ක ගැටිලා ජීවත්වෙන උදවිය. ඉතින් ලස්සන කෙල්ලෙක් ටෝක් කරන එක හොඳටම කරන්නේ කැත කොල්ලෝ. මොකද ලස්සන කොල්ලෝ කතාවට චාටුවට එච්චර දක්ෂ නෑ. කවුරු මොනවා කිව්වත් අන්තිමට අදාළ වෙන්නෙ ටෝක් කරන එක නේ...? අවුරුදු ගානක් ආශ්‍රය කලත් කෙනෙක්ව 100%ක් තේරුම් ගන්න බැරිනම් එයාලගේ සැබෑ ගතිගුණ ගැන කතාකරන්න අපට බැහැ. තමුන් හොඳයි වගේ හොඳටම පෙන්වන කෙනාට තමයි ආදරේ කරන්නේ.

    ReplyDelete
  6. Matath oka hithila thibba..eth uththarayak hoya ganta beri una..thanks macho..

    ReplyDelete