පාරේ දූවිලි අවුස්සමින් පරිවාර ආරක්ෂක රථ හා සන්නද්ධ සෙබළුන් සමග පැමිණි ඇමතිතුමාගේ සුඛෝපභෝගී රථය අමාත්‍යංශය ඉදිරිපිට නතර කලහ. ඇමතිතුමා සාඩම්බර ලීලාවෙන් වාහනයෙන් බැස නිකමට මෙන් උඩ බැලුවේය. ඔහුට මතක් වූයේ දින ගණනකට පෙරාතුව ලක්ෂ ගණනක් වියදම් කර අමාත්‍යංශය තමන් පිලිගැනීමට පැවැත්වූ උත්සවය දවසේ මෙතැන සවිකර තිබූ දැවැන්ත තොරන් රාජයාය. එය මතක්වී ඇමතිතුමාගේ මුවට සිහින් සිනා රැල්ලක්ද මතුවීය.
ඉක්මණ් ගමනින් පිරිවර සමග ඇමතිතුමා අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුලුවිය. සියලුම කාර්ය මණ්ඩල සේවකයන් නැගිට එතුමන්ට ආචාර කලහ.
“ගුඩ් මෝර්නින් ඇමතිතුමා...“
“ගුඩ් මෝර්නින්“
ඉක්මණ් ගමනින් පිරිවර සමග ඇමතිතුමා අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුලුවිය. සියලුම කාර්ය මණ්ඩල සේවකයන් නැගිට එතුමන්ට ආචාර කලහ.
“ගුඩ් මෝර්නින් ඇමතිතුමා...“
“ගුඩ් මෝර්නින්“
කාර්ය මණ්ඩලය දෙස බලන්නේවත් නැතිව ඇමතිතුමා කාර්යාලය මැදින් සිය පුද්ගලික කාමරය වෙත ගියේය. එය වායුසමනය කල සුඛෝපභෝගී විසල් කාමරයක්ය. එහි ඉන්නවාද කියාවත් නොතේරෙන තරමට සනීපය. ඇමතිතුමාගේ මේසය පිටුපසින් විශාල ප්‍රමාණයේ ලොක්කාගේ රූපයකුත් ඊට යටින් තමන්ගේ තේජාන්විත රූපයකුත් එල්ලා තිබුණා. ඇමතිතුමාට එය දකින දකින වාරයක් පාසා දැනුනේ තමන් ලොක්කාගේ දෙවැනියා ලෙසය. තමන්ගේ ඇමතිකම සිහිවන්නට වාගේ සුවිසල් මේසය මත උක් ගසක් පැලකල පෝච්චියක් තබා තිබුණි.
“ගුඩ් මෝර්නින් සර්“
සුමිහිර කොමල හඬක් නැගුනේ ඇමතිතුමාගේ සුරූපී ලද බොළඳ පුද්ගලික ලේකම්වරියගෙනි. ඇඟට හිර දණහිසටත් උඩට දිග ඇඳුමක් ඇද සිටි ඇය නිසා අමාත්‍යංශයම එලියවන බව ඇමතිතුමාට අනේකවාරයක් සිතී ඇත.
“ගුඩ් මෝර්නින් අමන්දා...මාව මීට් වෙන්න කව්රුවත් ආවද?“
“අ....තාමනම් නෑ සර්..“
“හා කමක් නෑ...කෝල්ස් එහෙම ආවද?“
“ඒත් නෑ සර්....“
ටිකක් කල්පනා කර අමන්දා දුන් පිලිතුරට ඇමතිතුමාගේ හිත පෑරිණි. වැඩ බාරගෙන දවස් ගාණක් ගියත් කරන්නට හරි වැඩක් නැතිවීම කාර්යශූර ඇමතිතුමාගේ බඩට බත් නැති ගාණය.
“හෙටනම් සර් ලොකු සර්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් තියනවා..“
“සමාලෝචනය කරන්න ප්‍රගතියක් ලබන්න වැඩක් කරන්න එපාද...හා කමක් නෑ මට හෙට කලින් මතක් කරන්නකෝ ඔයා...“
ඇමතිතුමා දහඅටේ කොල්ලෙක්ගේ හිනාවක් දමා අමන්දාට සමුදුන්නාය..ටික වේලාවක් මේසය මත තිබූ ලිපිගොනු පෙරලා එහෙ මෙහෙ බැලුවත් දැන් දවස් ගණනක් තිස්සේ කල එකම දෙය එය නිසා ඒවගේ අඩංගු දේ ඇමතිතුමාට කටපාඩම්ය..අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නට පරිගණකය හරහා දෙතුන් වරක් උත්සහ කලද එයද හරිගියේ නැත..ඇමතිතුමාට ඈනුමකුත් ආවේය. නිදිමතකුත් දැනෙන්නට විය. එවිටම පුද්ගලික ලේකම්වරියගේ කාමරයේ දුරකතනය නාද විය.
“සර්...සර්ට කෝල් එකක්....දාන්නද සර්ගේ ෆෝන් එකට?...“
ඇමතිතුමාගේ සිත පස්වනක් ප්‍රීතියෙන් උදම්විය. හරිබරි ගැසී පුටුවේ වාඩිවී දුරකතනය දෙස බලා.
“දාන්න දාන්න අමන්දා....“
ටිකකින් ඇමතිතුමාගේ දුරකතනය නාදවිය. එකවරම පිලිතුරු දෙන්නට හදා...නෑ මුන් හිතාවි මම වැඩ නැතුව ඉන්නවා කියලා..ටිකක බිසී කියලා පෙන්නලම කතා කරන්න ඕන...යලිත් කීපවරක් නාද විය..ඇමතිතුමාට දැන් එය විසන්ධිවේයයි කියා බයය. අන්තිමේදී ඇමතුම ගත්තේය..
“හෙලෝ...මේ සීනි ඇමතිතුමාද?“
එහා පැත්තෙන් ඇමතූ කෙනා ඇසූ දෙයට ඇමතිතුමාට මදක් තරහා ගියේය. ඇයි මුන්ට මගේ ඇමතිකමේ හරි නමින් අහන්න බැරි..සීනි ඇමතිතුමා..අනින්න හිතෙනවා හොබ්ට හැටක්..කමක් නෑ දැන්

“ඔව් ඇමතිතුමා කතා කරනවා“
අමුතු ගාම්බීර බවක් පෙන්වමින් ඇමතිතුමා කතා කරයි.
අමුතු ගාම්බීර බවක් පෙන්වමින් ඇමතිතුමා කතා කරයි.
“අනේ සර්...පොඩි ප්‍රශ්නයක් මට...“
“මොකක්ද...මගේ අමාත්‍යංශයෙන් කෙරෙන්න ඕන දෙයක්ද..කියන්න “
“අනේ සීනි ඇමතිතුමා..මේක අමාත්‍යංශයෙන් කෙරෙන්න ඕන දෙයක්ද මන් දන්නේ නෑ..ඒත් මට ඔබතුමාගෙන් පොඩි උපදේශයක් ඕන..“
“මොකක්ද දැන් මගෙන් ඕන උපදේශේ“
“අනේ සර්..මගේ කඩේට ඊයේ සීනි ගෝනි දෙකක් ගෙනාවා..අපේ මේ කඩේ වැඩකරනා කොලුවට ටිකක් තේරුමක් නෑ..ඌ දුඹුරු සීනියි සුදු සීනියි එකම බැරල් එකකට දාලා...අනේ සර් මේක වෙන්කරගන්න විදියක් කියන්නකෝ...“
ඇමතිතුමාට ලෙල්ලට තදවිය. ඒත් නිකන් තරහාගෙන වැඩක් නැති බැවින් සන්සුන් කම හිතට අරගෙන කතා කලේය.
“මේකයි...මම ඕක ගැන හොයන්න විද්වත් කමිටුවක් පත්කරලා ඔබ තුමාට ඉක්මණින්..දන්වන්නම්“
“විද්වත් කමිටුවක්?..අනේ කොහොමහරි වැඩේ ඉක්මණට කරලා දෙන්න සර්...එහෙනම් සර්ට ජයවේවා...මම තියනවා..“

දුරකතනය තැබූ පසු ඇමතිතුමාට දාඩියත් දාන්නට විය. මූ ඇත්තටම මට මේ කතා කරලා ඇහුවද නැත්නම් මාව කිණ්ඩියට අරගෙනවත්ද..නෑ නෑ ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න ඇති. ඇමතිතුමා මේ ගැන හිත හිත හිටිද්දි තවත් දුරකතන ඇමතුමක් ආ බව අමන්දා පැවසීය.
“අද කෝල් ගොඩක් එනවා...මොකද මන්දා“
ඇමතිතුමාට සතුටු මුසු කුකුසක් ඇතිවිය. ඒ අතර දුරකතනයටද ආමන්ත්‍රණය කලහ
“අනේ සීනි ඇමතිතුමා...මම මේ හබරණ බේකරියේ පෙරේරා කියලා කෙනෙක්...මට තමයි මේ බේකරිය අයිති“
සීනි ඇමති කතාවට නැවතත් ඇමතිතුමාට මලපැන ආවත් ස්වෝත්සහයෙන් එය වලක්වාගෙන කතා කලහ
“ඔව් පෙරේරා...මට හරියටම මතකනම් නෑ මේ කව්ද කියලා...කමක් නෑ කියන්නකෝ මොකක්ද මගේ අමාත්‍යංශයෙන් කෙරෙන්න ඕන“
“අනේ ඇමතිතුමා අපේ බේකරියට ගේන සීනි කොට්ට ඉක්මණට දියවෙනවනේ...කොහොම තියාගන්න හැදුවත් හරියන්න..අනේ ඇමතිතුමා මේකට විකල්පයක් දෙන්නකෝ...“
ඇමතිතුමාට තමන් ඉන්නේ කොහේද යන්න පවා අමතක විය.
“මේ ඕයි පෙරේරද මොකාද...මම මේ අමාත්‍යංශයේ ඇමති මිසක් තමුසෙගේ ගබඩාව බලාගන්න එකා නෙවෙයිනේ..මම දන්නේ කොහොමද සීනි දියවෙන්නේ නැතුව තියාගන්න විදියක්..මම මේ රටේ සීනි කර්මාන්තය පිළිබඳවයි සලකලා බලන්නේ...තමුසෙට තේරුනාද?“
“අනේ ඇමතිතුමා...ස...සමාවෙන්න්...ඕකට ඉතිං තරහාගන්න දෙයක් නෑ...දන්නේ නෑ කිව්වනං ඉවරනේ...“
එවිටම දුරකතන ඇමතුම විසන්ධිවිය. ඇමතිතුමාට තරහා මදිවට දාඩියද ගලන්න විය. වායුසමනය කල කාමරයේ මෙසේ දාඩිය ගලන්නේ ඇයිද යන්න ඇමතිතුමාටද නොවැටහුනේය.
“සිරිපාල...ගේනවා මට වතුර එකක්“
සිරිපාල ගෙනා වතුර එක බී ඇමතිතුමා මදක් සන්සුන්වී පුටුවට ඇලවී නින්දක් දාන්නට විය. ගෙදර යන්නට සිත්වුනත් ගෙදර ගොස් කරන්නට දෙයක්ද නැති බැවින් වාඩිවී සිටියහ.
“සර් සර්ට තව කෝල් එකක්“
ගන්නවාද නැද්ද යන්න දෙගඩියාවකින් පසු ඇමතිතුමා දුරකතනයට පිලිතුරු දුන්හ.
“මේ ඇමතිතුමාද..“
එවර ඇසුනේ සූකිරි වෑහෙන කටහඬකි. ඒත් ඒ යුවතිය කතාකලේ රහසින් මෙනි.තමන්ට සීනි ඇමතිතුමායයි නොකී නිසා ඇමතිතුමාගේ හිතද අප්සට් නොවුනි.
“ඔව් ඇමතිතුමා තමයි..මේ ලමයට මොනවද මගෙන් වෙන්න ඕන“
ඇමතිතුමාත් පැණි හට්ටියක්ම සොලවමින් පිලිතුරු දුන්හ.
“අනේ ඇමතිතුමා..මට ලොකු ප්‍රශ්නයක්..මගේ බෝයි ෆ්‍රෙන්ඩ් අපේ ගෙදර ඇවිත්...අද අම්මාගෙන් තේ එපාලු..මගෙන් තේ ඕනලු..අනේ ඇමතිතුමා මම තේ හදන්න දන්නේ නෑ..අමිමි තමා වෙනදා හදන්නේ...අනේ එයා සාලේ තේ හදලා ගේනකං බලන් ඉන්නවා..අනේ ප්ලීස් ඇමතිතුමා මට කියනවද සීනි හැඳි කීයක් විතර දාන්න ඕනද කියලා..අම්මිගෙන් වත් අහන්න විදියක් නෑ අම්මිත් සාලේ..අනේ ඇමතිතුමා කියන්නකෝ“
තරහ අතරින් ඇමතිතුමාට කඳුලුත් එන්නට විය. තරහා පුපුරා යන්න විය.
“යකෝ බැල්ලියේ...තෝයි තොගේ එකායි තේ හදාගෙන නාපිය...මට පාඩුවේ ඉන්න දීලා...“
තරහා වැඩි කමට රිසිවරය මේසය මත දමාගසා ඇමතිතුමා තදින් හුස්ම ගත්හ. ගිය සතියේ දොස්තර කීවේ වැඩිය තරහාගන්න එපා කියාය. එය මතක් කර සන්සුන් වෙන්නට උත්සහ කලේය.
මුන් මාව ජෝක් එකකට අරගෙනද..ඔක්කොටම හේතුව මේ ඇමති පට්ටම තමයි..හත් දෙයියනේ ලොක්කට බැරිවුනානේ මට වෙන ඇමතිකමක් දෙන්න..මීට වඩා හොඳයි මාව මැරුවනම්..ඇමතිතුමා දඩි බිඩියේ ලොක්කාට දුරකතන ඇමතුමක් ගත්තේය.
“අහා..අසියේ මොකද මේ හදිස්සියේ...අමාත්‍යංශේ පැත්තේ ගියේ නැතෙයි...“
ඇමතිතුමාට දැන් ඇඬෙන්නට වගේය.
“අනේ සර්..මම අමාත්‍යංශේ තමයි ඉන්නේ..ඇයි සර් මාව මේ විදියට අසරණ වෙන තනතුරක් මට දුන්නේ..සර්ට මොකක්ද මාත් එක්ක තියන තරහා..මම පක්ෂෙත් දාලා ආවේ සර්ගේ අත්දෙක හයිය කොරන්න කියලා..ඉතිං එහෙම එකේ මට මේ කෙහෙල්මල් සිනි ඇමතිකමක් දීලා මාව මරා ගන්නද සර් හදන්නේ...“
“අයිසේ මොකක්ද දැන් ඔහොම ලතෝනි දෙන්න තමුසෙට වුනේ...“
“අනේ සර්..මේ අමාත්‍යංශේ කරන්න දෙයක් නෑ...එක එකා කෝල් කර කර සීනි දියවෙන්නේ නැතිවෙන්න තියාගන්නන් විදි අහනවා..සුදු සීන් දුඹුරු සීනි කවලම් වුණ ඒවා වෙන්කරන විදිය අහනවා..තව හොටු කෙල්ලෝ කතා කරලා තේකට දානා සීනි ගාණ අහනවා..අනේ සර් මටනම් තවත් බෑ සර්...“
ලොක්කාට යමරෙට හිනාය..
“මේ අයිසේ...උක් වවන්න වතු තිබුණට හරියට උක්ගහක්වත් වවන්නේ නැති..සීනි කර්මාන්තශාලා දිර දිර යන..පිට රටින් ටොන් ගණන් සීනි ගෙනැත් ගිනි ගානට විකුණන රටක සීනි ඇමතිවෙලා තමුසේ වෙන මොනවා කරන්නද ඕයි...ඔන්න ඔය තියන වැඩක් බලන් පාඩුවේ ඉන්නවා...“
patta pata pata ..... elama thama...
ReplyDeletethwa liyanna...
ස්තූතියි මිත්‍රයා..අනිවාර්යයෙන්ම ලියනවා දිගටම
Delete“මේ අයිසේ...උක් වවන්න වතු තිබුණට හරියට උක්ගහක්වත් වවන්නේ නැති..සීනි කර්මාන්තශාලා දිර දිර යන..පිට රටින් ටොන් ගණන් සීනි ගෙනැත් ගිනි ගානට විකුණන රටක සීනි ඇමතිවෙලා තමුසේ වෙන මොනවා කරන්නද ඕයි...ඔන්න ඔය තියන වැඩක් බලන් පාඩුවේ ඉන්නවා...“
ReplyDeleteමේ ටික කිව්වට අපේ සුපිරි ලොක්කට මෙන්න මගෙන් ලොකු උම්මා එකක් . ..
උම්මා රජෝ . . .
මේ ටික නොකිය පුළුවන්ද දුකා සහෝදරයා..මේ ටික තමයි මේ කතාවේ හරය..ස්තූතියි හොඳද
Deleteඑල කතාව.. හැබැයි දැන් සෙවනගල, පැලවත්ත වගේ සීනි කර්මාන්තශාලා දියුණුවෙලා කියලා තමයි ආරංචි. ඒක ඉතින් සීනි ඇමතිතුමා පත්වෙච්ච දවසේ ඉදලනම් නෙමෙයි ඒවාට නිසි සැලකිල්ලක් රජයෙන් ලැබුන දවස ඉඳල තමා. කොහොමවුනත් දැන් ඉන්න ඇමතිලා ගොඩ හැටියට සීනි ඇමති කෙනෙක් හිටියටත් අව්ලක් නෑ වගේ. ;)
ReplyDeleteඑහෙම දියුණු වෙනවනම් අපි හදවතින්ම සතුටු වෙනවා මිත්‍රයා..එහෙම දියුණු කරන්න අදාල නායකයින් යොමු කරන්න තමයි අපි උපහාසාත්මකව,විවේචනාත්මකව, තර්ජනාත්මකව මේ වගේ නිර්මාණ කරන්නේ..අපේ රට දියුණු වෙනවනම් කොහොමහරි කිසිම භේදයක් නැතිව අපි එකට සතුටු වෙනවා..මොකද අපිට තියෙන්නේ ඊරිසියාවක් නොව සංවර්ධනය වෙනුවෙන් ඇති අසීමිත අපේක්ෂාවක් පමණක් නිසාවෙන්..ස්තූතියි මිත්‍රයා
Deleteපවු...
ReplyDeleteඇමතිතුමාද පව්..නැත්නම් රටේ මිනිස්සුද?
Deleteඅපේ ඉසවුවට ගොඩ වැදුනේ අද දිගටම ගොඩ වදිඉන අවසර
ReplyDeleteඅවසර ගන්න දෙයක් නෑ මිත්‍රයා..මේක “අපේ ඉසව්ව“ මිසක් “මගේ ඉසව්ව“ නෙවෙයිනේ..මිත්‍රශීලීව පිළිගන්නවා
Deleteතව ලියන්න කොල්ලෝ....නියමෙට ලියලා තියෙනවා.
ReplyDeleteස්තූතියි අරුණ සහෝදරයා..
DeleteMaxaaaa.......
ReplyDeleteස්තූතියි මිත්‍රයා
Deleteඉඳපන්! මමත් කෝල් එකක් දෙන්න ඕනේ! කැන්ටිමේ ඇන්ටිගේ සිනි දියවෙන්නේ නැත්තේ මොකද කියල හියලා බලන්න කියලා!
ReplyDeleteඋඹත් ඔය එහෙනම් කුණුහර්ප සෙට් එකක්ම අහගන්න තමයි හදන්නේ
Deleteහප්පුච්චියේ,, පීකර්ස් දාලා අපිත් ළග ඉන්න වෙලාවක කෝල් කරපිය,, :P
Deleteඒ අදහසත් නරකම නෑ ශම්මි
Deleteඔන්න ඔහේ තියෙන වැඩක් බලන් පාඩුවේ ඉන්න නිසා තමා මේ ඔක්කොම
ReplyDeleteඒකනේ...නැත්නම් කොහොම ඉන්න ඕනද
Delete"නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.."
ReplyDeleteඉස්සරහට ඔය ඇමතිලගෙන් අපිට අහන්න වෙයි..
දැනටත් ඕක අහනවනේ බං අනන්තවත්ව...
Deleteනියම කතාව කොල්ලෝ එළකිරි ඇත්තටම හිනාගියා.
ReplyDeleteව්‍යාකරණ ටික හදාගන්න බලපං එතකොට කතා තවත් ලස්සන වෙයි