Apr 25, 2013

ෆැන්ටසි පුරය - 4 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3
 


“මේ මමද?“

මේකි සැරදාපු සද්දෙට මගේ කටේ කෙලත් නැතිවුණා ගිලින්නවත්.

“ඔව් නැත්නම් කව්ද කන්න වගේ මම යනවා බලාගෙන හිටියේ මෙතන..වෙන කව්රුවත් නෑනේ..“

ලැජ්ජාව කියන දේ දෙගොඩතලා යනවා. වෙලාවට ඇහෙනමානේ කව්රුවත් නෑ. රිද්මයගේ කාමරේ උඩ තට්ටුවේ වුනාට මේ වෙලාවේ ඌ ගෙදර නොහිටියේ පෙර පිනකට. මට කියන්න දෙයක් තිබුණෙත් නෑ මේ යෝදිට.

“මම..මම බැලුවෙ නෑ..ඔයා යන දිහා..මගේ මේ රුපියල් දහයක් වැටුණා..මම ඒක බැලුවා“

අපේ සද්දෙට රත්ගමයත් කාමරේ දොර  බාගෙට ඇරලා ඔලුව දාලා බැලුවා.උගේ ඔලුවේ කැක්කුම මෙච්චර ඉක්මණට හොඳවෙලාද උගුඩුවා.

“ඇයි මචං අකියා...මොකුත් අවුලක්ද?“

“නෑ බං මේ රුපියල් දහයක් වැටුනා..ඒක හොයනවා..“


අරකිත් යන්නේ නැතුව තරහෙන්  පුපුර පුපුර එතනම ඉන්නවා. එයා ගියානම් පුරස්නේ එතනම ඉවරනේ.

“නංගි ඔයා මේ කොල්ලගේ රුපියල් දහය ගත්තද..පව්නේ..මූ මාස් පඩි කාරයා..ගත්තනම් දෙන්නකෝ“

පුපුර පුපුර හිටපු බෝම්බෙට වෙඩ් බෙහෙත් දානවා වගේ රත්ගමයා කියපු එකට අරකිට තවත් යකා නැග්ග.

“කෙහෙල් මල් රුපියල් දහයක් නෙවෙයි..කෙල්ලෙක්ට අද ගෙයක් ඇතුලෙවත් පාඩුවේ යන්න බෑ..සෙවලයෝ වගේ ඇඹලයෝ..“

කණට  දෙකක් ගැහුවනම් මීට හොඳයි වගේ.රත්ගමයා ඉබ්බා කට්ට ඇතුලට රිංගනවා වගේ කාමරේට රිංගුවා.මමත් අඩියට දෙකට පහලට දිව්වා දාඩිය බේරි බේරිම.

                                            * * * * * *

    එදා රෑ මමයි රත්ගමයයි ශයංගයයි කාලා ඉවරවෙලා පොඩි කතාවක් දාගෙන හිටියා. මට දවල් සිද්ධිය නිසා ඇතිවුණු මානසික කම්පනය නිසාවෙන් වැඩිය කන්නත් බැරිවුනා. ඒ තරහට ඇඹුල් කෙහෙල් ඇවරියක් ඉවර කර කර හිටියේ. කවදාවත් නැතුව රත්ගමයා ඔෆීස් එකෙන් අරන් ආපු ලේඛනයක් හද හද හිටියා. මූ ජීවිතේට ඔහෙම වැඩක් බෝඩිමට ගෙනැත් කරන්නේ නෑ.

“මොකක්ද බං ඔය බරපතල වැඩේ..“

“මේ අර අපේ සෙක්ෂන් එකේ එහා කෙනේ ටේබල් එකේ සුදු කෙට්ටු කෙල්ලගේ වැඩක්...“

නොදෝමකින්..මූට ගමේ ගෑණු පීටරයා කියන්නේ නිකන්ද..ගෑණු වැඩක් දුන්නොත් රෙදිත් අපුල්ලාවි මූ. මම ඒ අතරේ ශයංගයා එක්ක කතාවට සෙට්වුනා.

“ඇයි බං අර කෙල්ලෝ දෙන්නා මෙච්චර සැර?“

ශයංගයාටත් ඒක බරපතල ප්‍රශ්නයක් වුනා. ඌටත් දෙන්න හරිහමන් උත්තරයක්  තිබුණේ නෑ.

“උන් ආපු දවස්වල ඉඳන් ඔහොම තමයි..ඔතන අර ලස්සනම කෙල්ල ලක්නා..අනිත් කෙල්ල හර්ෂි..මගෙත්  එක්කත් කථා කරන්නේ නැති නිසා මගෙත් ආශ්‍රයක් නෑ බං“

මම කල්පනා කලා හවස වෙච්ච සිද්ධිය ගැන.යන ගමන බලන් හිටියේ ලස්සන නිසානේ.ඕකට ඔච්චර කෑගහන්න ඕනද.කෙල්ලෙක් නපුරුවෙන ආඩම්බර වෙන සීමාවක් තියෙන්න ඕන..

ඔහොම කතා කර කර හිටිද්දි ශයංගයගේ ජංගමේ වදින්න ගත්තා.

“මොකා..ප්‍රාර්ථනා..මේ මොකද මේ“

ශයංගය පුදුම වෙලා ජංගමේ දිහා බලන් හිටියා. මමත් ලංවෙලා බැලුවා. ඔව් ප්‍රාර්ථනා කියලා කෙනෙක්.

“කව්ද බං මේ ප්‍රාර්ථනා?“

“මේ අල්ලපු ගෙදර කෙල්ලා බං..අර සුදු ටිකක් මහත..අර නල දත් ව ගේ දත් සෙට් එකක්ම තියෙන ලස්සන කෙල්ල බං..“


මට මතක් වුනා. එකපාරමද කොහෙද දැකලා තියෙන්නේ. අපේ කතාව ඇහිලා රත්ගමයත් ආවා ඇඳ උඩට

“ඉතිං එයා මොකද උඹට මේ මහ රෑ කතා කරන්නේ“

“දන්නෑ බං..මාත් එක්ක පිට්..ඒත් මෙහෙම රෑ කෝල් කරලා නෑ“

ශයංගය ජංගමේට පිලිතුරු දුන්නා.මම එක පැත්තකින් කණ  තියන් හිටියා රත්ගමයත් අනිත් පැත්තෙන් කණ තියාගත්තා. ඌ දැන් මහා වැඩක් කර කර හිටියා කියලත් අමතකයි. බලන් යනකොට ඌ වගේම මමත් මේ චාටර් වැඩ පුරුදු වෙලා.

“හෙලෝ“

“හෙලෝ..මේ ශයංග අයියා නේද“

“ඔව් නංගි කියන්න..“

“අනේ අයියේ මට පොඩි කරදරයක්..මට ඔයාගෙන් උදව්වක් ඕන“

මමයි රත්ගමයයි මූණට මූණ බලාගත්තා, ශයංගයා බිම බලාගත්තා.

“කියන්න නංගි..මොකක්ද අවුල“

“අනේ අයියේ අම්මයි තාත්තයි මල්ලියි පාටි එකකට ගියා..මට වැඩ වගයක් තිබිලා ගෙදර නැවතුනා..තාම එයාලා ආවේ නෑ..අනේ කව්ද දැන් ගේ වටේ ඇවිදිනවා..මට බයයි අයියේ“

අපි තුන්දෙනාගෙම මූණේ ඩොලර් පේන්න ගත්තා.

“නෑ...දොරවල් වහලා නේද තියෙන්නේ..“

“ඔව් අයියේ..ඒත් ඒ ඉන්න කෙනා දොරවල් අරින්න හදනවා..කිසි සද්දයක් නෑ...අනේ මට පොලීසියේ නම්බර් එකත් මතක නෑ..අනේ පොඩ්ඩක් ඇවිත් බලන්න බැරිද අයියේ..“

“හරි හරි නංගි..මම එන්නම්“

“අනේ තෑන්කු යූ සෝ මච් අයියා..ඉක්මණට එන්න අයියේ“

ශයංගයා කට් කරලා හොඳ හුස්මක් ගත්තා.

“ඒ මොකක්ද බං ඒ වෙන්න යන්නේ..“

අපි ජනේලෙන් ඔලුව දාලා බැලුවා අල්ලපු ගේ පැත්තේ..ඒත් මොකුත් පේන්නේ නෑ කළුවර විතරයි..උඩ විතරක් ලයිට් එකක් පේනවා

“අපි ගිහින් හෙල්ප් එකක් දෙමු බං..“ ශයංගයා කෙදිරි ගාණවා.

“ඔව් බං යමං..පහල දොර වහලා නේද ඇත්තේ...ජනේලෙන්වත් පැනලා යමං..කෝකටත් ඇන්ටිට චාටර් වුනොත් ඒකත් හරි නෑනේ..“

අපි දෙන්නා යන්න නැගිටිනකොට රත්ගමයා උදැල්ලක් දැමීය.

“මේ මචංලා..මේකේ මොකක්හරි කුමන්ත්‍රණයක් තියනවා..ඔය ප්‍රාර්ථනා මේ තනිපංගලමේ කොල්ලෙක්ට ගෙදරට කතා කරන එක හරි මාන්දමිකයි යකෝ..ඇරත් මේ ශයංගයට..මොකක්හරි හුට්ටප්පරයක් තියනවා මචං..මටනං බෑ බං ඔය කෙල්ලෙක්ගේ අතින් මගේ හිරි ඔතප් බිඳ ගන්න“

අපි දෙන්නම රත්ගමයා වෙවුලන ගාණට එරෙව්වා.

“හරි හරි යමං එහෙනං..උඹලා දෙන්නා තනියම ගිහින් අර ඇවිත් ඉන්න එවුන්ගෙන් ගුටි කෑවොත්..මං වගේ ජිට් කොන් ඩෝ මාස්ටර් කෙනෙක් හිටිද්දි ඒක හරි නෑනේ“

මමයි රත්ගමයයි හෙන ගේමක් දීලා ජනේලෙන් පැනලා වතුර ටැංකිය ලඟන්  බඩගාගෙන වගේ බිමට පැන්නා. ඒත් ශයංගයා නෑ. බලන් හිටියට මූ නෑ.

“කෝ බං මේ කොට්ටෝරුවා..වැඩේ බාරදීපු එකා මාරු වුනාවත්ද..මෙලහකටත් අරකිට මොනවා වෙලාද දන්නේ නෑ“

මම මලපැනලා රත්ගමයට කිව්වා.. රත්ගමයත් උඩබලාගෙනම හිටියා

“ඒකනේ බං“

එතකොටම අපේ කාමරේ ජනේලේ ගාවින් කළු පාට ඡායාවක් පේන්න ගත්තා..ඒ කළු ඡායාව  චලනය වෙලා වතුර ටැංකිය ගාවට ආවා..එතනින් බහින්න ගිහිං පය වැරදිලා අපේ ඉස්සරහට කළු ඡායාව ඇදගෙන වැටුනා

“යකෝ මේ ශයංගයා නේද?“

රත්ගමයා අතගාලා බලලා ශයංගයා නැගිට්ටෙව්වා. කළු පාට අත්දිග ටී ෂර්ට් එකයි කළු ජින්ස් එකයි ගහලා කළු පාට වෙස්මූණක් දාගෙන හරියට හතර වටෙන් ගුටි කාපු නින්ජෙක් වගේ.

“මේ මොකද යකෝ මේ..තොට පිස්සුද..උඹ නිකං මංකොල්ලකාරයෙක් වගේනේ“

මම කිව්වම ශයංගයා හොරෙන් වගේ මෙහෙම කිව්වා.

“යකෝ මේ වගේ වැඩවලට යන්න ඕන හොඳ සූදානමෙන්..මම කිණිස්සකුත් ගෙනාවා“



- ඊළඟ කොටස ඉක්මණින්ම -

15 comments:

  1. රත්ගමයා කළොත් කරන්නේ ඔහොම වැඩක්ම තමා අනේ...හික් හික්... කතාවනං මාර රහයි... ඉතුරු කොටසත් දාපාං ඉක්මනටම...

    ReplyDelete
  2. මේ දවස් ටිකේම හිනා වෙලා බෝඩිමේ අනිත් එවුන්ට චාටර් නිසා මම කට වහන් හිනා වෙලා බඩ වයිබ්රේට් වෙනවා :D
    අරුට සිරාවටම ගෑනු පීටර් කියනවද බන් :D

    ReplyDelete
    Replies
    1. ඔව් බං..බොරුනං අහලා බලපං ඇයි ගෑණු පීටර් කියන්නේ කියලා

      Delete
  3. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.......මරු මරු!!

    ReplyDelete
  4. සිරා මචං මේක.. බලමුකෝ අරු කිණිස්සත් අරං ඇවිත් මොනා කරයිද කියලා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං..මටනං ඔය ශයංගයා ෂුවර් නෑ

      Delete
  5. අරලියාApril 27, 2013 at 6:31 PM

    අය්යෝ.......හොදම තැනින් නවත්තලානේ අප්පා........

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික ඉක්මණින් දෙනවා නංගි

      Delete
  6. අයියෝ මට කියලා තියෙන දේවල් :P හිනාවෙලා පණ නෑ අෆ්ෆා,,, මරු කතාව. මේ ශයන්ගගෙයි මගෙයි සහෝදර ප්‍රේමයට අකුල් හෙලන්න එපා හරිද? :D

    ReplyDelete
    Replies
    1. අඩෝ සිරාවට ..එකට එහෙම අකුල් හෙලුවොත් කකුල් කඩනවා .. තිත් දෙකයි පි

      Delete
  7. එල එල ...නියමට කතාව යනවා.... මේ කොටස බලන්න ටිකක් පරක්කු උන..එලාග කොටස ඉක්මනටම ඕනේ

    ReplyDelete
  8. ??? ko meke ithuru kotasa?

    ReplyDelete
    Replies
    1. මේ කතාවට සම්බන්ධ පාර්ශව කීපයකගේ දැඩි තර්ජන සහ විරෝධය මධ්‍යයේ කතාව නවත්තන්න වුණා.

      Delete