Apr 29, 2013

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නැවතත් මරාදැමූ වග

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ආයෙත් මාර දැම්මා. ඒ අන්කව්රුවත් නොව මේ රට විසින්මය. භාරත සීයට සීයක් හොඳ මිනිහෙක් නොවිය  හැක. එහෙත් ඔහු නරක මිනිහෙක් නොවේ. විජය කුමාරණතුංග නම්වූ මානව හිතවාදී මිනිසාගේ සෙවණැල්ලක් පරිද්දෙන් දේශපාලනයට අත්පොත් තැබූ ඔහු කොලොන්නාවට ලකී අයියා වූ අතර රටට භාරත විය. මීට වසරකට වැඩි කාලයකට පෙර මහ පාරේ වෙඩි කා නිකරුණේ පලමු වතාවට මිය යන්නට පෙර ඔහු ජනාධිපතිතුමන්ගේ වෘත්තීය සමිති උපදේශකවරයා විය. ඔහු වෙඩි කෑවේ පලාත් පාලන මැතිවරණයේ කොලොන්නාවේ තම සගයන් වෙනුවෙන් පෙනී සිටීමෙන්ය. අන්තිමට එදා ඔහු පෙනී සිටි කාණ්ඩයත් ඔහුගේ නාමය හැරයන තත්වයට පත්ව තිබීමෙන් භාරත පෙනී සිටිය එවුන්ගේ වත්මන ගැන උපදින්නේ චිත්ත සංවේගයකි.


   දුමින්ද සිල්වා ඇතුලු පිරිස වෙඩි තබද්දී එය බලාසිටි අය සිටින්නට ඇත. විරුද්ධව සාක්කි දුන් භාරතගේම  සගයෙක්ගේ සාක්ෂි පසුව වෙනස් වන්නට වීමෙන් තම ලඟම සගයා විසින් මුලින්ම භාරතට දෙවැනිවර වෙඩි පහර තැබීය. යුක්තිය පිළිබඳ මෙරට ස්වාධීන මිනිහා විශ්වාසය තැබූ යුගයක් වූ බැවින් එය නැවත යුක්තියෙන් විසඳෙන යමක් වෙයිදෝ සිතුවත් අවසානයේ එයත් පුස්සක් වන බව පෙනෙන්නට ඇත. තාත්තාගේ නමින් මතුව අවමගුල් සභාවේ බෙරිහන් දී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ ගී ගැයූ හිරුණිකා නම්වූ භාරතගේම දියණිය තාත්තාට තුන්වෙනි වෙඩිල්ලද තැබීය.

   ඉන්පසු මැරුණු භාරතට වෙඩි පිට වෙඩි නිකරුණේ වදින්නට විය. නඩුව එක එක පැත්තට යන්න විය. අන්තිම විත්තිකරුවෙක් වූ දුමින්ද ලංකාවටත් පැමිණියේය, ආසාධ්‍යයි කියා රෝහල්ගත වූ දුමින්දට ඇපත් ලැබුණි, ඉන්පසු සිනාමුසු මුහුණින් පිරිවර සමග රජ පැටියෙක් පරිද්දෙන් රෝහලෙන් පිටව ගියේ භාරතගේ භෂ්මාවශේෂ මතින් බව අමතක නොකල යුතුය. භාරත නැවත මරාදැමීය, මෙරට විසින් භාරත නැවතත් අමු අමුවේ මරා දැමීය. නුදුරු දිනකදී  නැවතත් දෙවනිවරටත් මරා දැමූ භාරතගේ ආදාහනය කරනු ඇත. ඉන්පසු නැවත නැවත භාරත මරා දමාවිද නැත්නම් ඔහුගේ ආත්මයට සැනසීමක් ලබාදේවිද යන්න අනාගතය පමණක් දන්නා බව අපි දනිමු. එහෙත් මේ රට ගැන, මේ රට යන විදිය ගැන කියා නිමකල නොහැකි කලකිරීමක් පමණක් සිත්හි ඉතිරිවිය.

   අපි මේ රටට ලෝකෙන් උතුම් රට කීවේ, ධර්ම ද්වීපය කීවේ නැතිනම් යුක්ති ධර්මයේ දේශය යැයි කීවේ වැරදීමකින්දෝ කියා සිතෙන තරමටම තත්වය වෙනස් වී ඇත. නමුත් දැන් කරන්නට දෙයක් නැත. හෙට අනිද්දා දවසක මැරුනොත් නැවතත් මේ රටේ නොඉපදේවා යන්න පමණක් පැතිය යුතුය, වැරදිලාවත් හෝ මේ රටේ ඉපදුනොත් ධන බලය,මැර බලය සහ දේශපාලන බලය සහිත තැනක ඉපදිය යුතුය. නැතහොත් සිදුවන්නේ සතර අපායක විඳිනා දුක නැවත නැවත අත්විඳීම පමණකි.

17 comments:

  1. කර්මය රැවටීමට කිසිවකුට නුපුළුවන. පෙර කල පින් ඇති අය එහි මහිමයන් විඳින කල අප පුදුම විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. කර්මය රැවටීමට කිසිවෙකුට නුපුළුවන්ය යන කියමනේ සත්‍යයක් තියනවා..එසේම දිට්ඨ ධම්මවේදනීය කර්ම වල සත්‍යතාවත් ඉදිරියේදි බලන්න පුළුවන් වෙයි සුදීක සහෝදරයා

      Delete
  2. 1989 දී T 56 අවියක්ද රැගෙන ඒ තුමා ඝාතනය කිරීමට නිවසට අැතුල් වූ J V P නාදුනන තුවක්කු කරුවකු සමග පොරබදා, ඒ මැරයා පලවා හැර ජීවිතය බේරා ගත් භාරත 2011 දී තමා නියෝජනය කරන පක්ෂයේම මැරයෙකු අතින් ඝාතනය විය. ඒ ඝාතනයට වගකිවයුතු කවුද, ඝාතනයට හේතුව කුමක්ද යන්න ඒතුමා මියයාමට දින දෙකකට පෙර අවසන් ඡන්ද රැස්වීමේ දී කල කතාවට නැවත වරක් සවන් දීමෙන් කදිමට අවබෝධ කරගත හැක.(ඒ කතාව අන්තර් ජාලයේ තවමත් අැත.) ඒ වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ සිට මිනීමරුවා රැක ගැනීම සදහා ගෙෙනගිය වැඩපිලිවෙල විමසා බැලීමේදී ඒ අදහස තවතවත් තහවුරු වේ.

    අද ඒ මිනීමරුවා දෙවියෙක්ලු. හාස් කමකින් සුවපත් වෙලාලු. ජනතාවගේ වාසනාවට ඒහු නැවත පැමිනියාලු. අහෝ රටකට ගිය කල.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ lankatv.net ඒකට ගිය විට All Tv News Music Videos වල භාරත ලක්ස්මන් මහතාගේ අවසන් කතාව අැසිය හැක.

      Delete
    2. ඒක තමයි කීර්ති සහෝදරයා මේ රටේ අශ්චර්යය කියන්නේ..ඒක බොහොම ඉක්මණින්ම උදාවෙලා

      Delete
  3. Replies
    1. කලකම් පල දේ මෙන්ම කලකම් පලදේවි නලින් සහෝදරයා

      Delete
  4. රට යන අත ගැන කලකිරීම දැඩි කල සිදු වීම් ජාලයකි. ජනාධිපතිතුමන්ගේ වෘත්තීය සමිති උපදේශකවරයාගේ ඉරණම මෙය නම් සාමාන්‍ය ජනතාවගේ තත්වය දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමට සිදුවන තරම් ඛේදාන්තයකට තල්ලු වෙමින් ඇත. සියල්ල කර්මයට භාර දී අතපිස ගැනීමට පුරුදු වූ මිනිසුනි දුමින්දගේ මීලඟ වෙඩි උන්ඩයේ ඉලක්කය ඔබ විය හැක.

    ReplyDelete
    Replies
    1. අර කවියකුත් තියෙන්නේ “සිඳු සිඳෙනා කල ඇල ගැන කියනුව කිමෙක“ කියලා..
      ඒ කියන්නේ මහ මුහුද හිඳෙද්දි ඇල ගැන කවර කතාද කියලනේ..ඒක අපිටත් අදාලයි..මෙහෙම ලොක්කන්ට මෙහෙම වෙද්දි අපි වගේ සාමාන්‍ය මිනහට වෙන දේ පොතෙත් නෑ..හැබැයි උණ්ඩෙට බයේනම් මේවා නවත්තන්නේ නෑ මිත්‍රයා..යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑනේ

      Delete
  5. ha..ha..kata..kata..kata warada gana epa. (Duminda daiyo udahas wavi).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මොන දෙයියත් නියම බෞද්ධයට යටයිනේ මිත්‍රයා

      Delete
  6. භාරත හොඳයි කියල කියන්න බැරිවුනත් මේ වෙන දේවල් ඊට වඩා නරකයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රාජ් සහෝදරයා..

      Delete
  7. ලාංකීය දේශපානලයනේ ජනා.. අනික හැම්දේම සති දෙකයිනේ..

    ReplyDelete
  8. "මැරිච්ච එකාට වැඩිය ඉන්න එකා වටිනවා නේ" ... ඔන්න ඔහොමයි රජතුමා හිතන්න ඇත්තේ ... තව ටික දවසකින් මහ පාරෙම මිනී මරයි ... එවට හෙන ඉල්ලන මිනිස්සුම අයෙත් ඡන්දෙ දෙයි ... ඔන්න ඕක තමයි ආශ්චර්යයේ චක්‍රය ... දුප්පත් අපිට බුදු සරණයි ...!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය චක්‍රය ඉවරවෙන තැන ගැන තමයි තියන ගැටළුව

      Delete