Apr 30, 2013

“අපි ගෙවන්නේ නෑ“...හරියයිද?


විදුලිබිල වැඩිවූයේ එසේ මෙසේ ප්‍රතිශතයකින් නොවේ.එය ඉතිහාසයේ සුවිශාලතම ගාස්තු ප්‍රතිශතක වර්ධනය ලෙස වාර්තාවේ. එපමණක් නොව එයින් වැඩිපුරම බලපෑම සිදුවන්නේ මසකට විදුලි ඒකක 120ට අඩු පරිභෝජනයක් වාර්තාවන පාරිභෝගිකයන්ටය. එනම් මෙරට විදුලි පරිභෝජනයෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් විදුලි ඒකක 120ට අඩු ප්‍රමාණයක් පරිභෝජනය කරන මෙරට අඩු ආදායම් ලාභීන්ය. ඔවුන්ගේ විදුලි බිල සීයට සීයකින් වර්ධනය වීම කොතරම් ආශ්චර්යමත් කාරණයක්ද යන්න ඔබට වැටහෙනු ඇත. මේ රජයට ඡන්දය දුන් අය ලෙස අපිට මෙය විවේචනය කිරීමට අයිතියක් ඇත, එසේම ආණ්ඩුවට ඡන්දය නොදුන්නත් ඡන්දය කටුගෑවත් මෙරට ප්‍රවේණිගත අයිතියක් සහිත ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක සිවිල් වැසියෙක් ලෙස ඔබට සහ අපට මෙය විවේචනය කිරීමේ අයිතියක් ඇත.


   මෙතෙක් මෙම විදුලි ගාස්තුවේ දරාගත නොහැකි වර්ධනයට විරුද්ධව ඔබ කර ඇත්තේ කුමක්ද? සමහර විට ඔබ නිවෙස තුලට වී ආණ්ඩුවේ පතුරු අරිමින් සිටින්නට ඇත, නැත්නම් හන්දියේ කඩේ ලඟ හෝ රාජකාරී ස්ථානයේ එසේත් නැත්නම් පොදු ප්‍රවාහන මාධ්‍යයක සිට ඔබ විදුලිබිල වර්ධනය කර ඇති ඇත්තන්ගේ මාතෘ ස්මරණය සිදුකලා වන්නට පුළුවන්ය. නමුත් ඒ කිසිදේකින් වෙනසක් වෙයිද යන්න තීරණය කල නොහැකි අතර එය පැහැදිලිවම නිකම්ම හිත හදාගැනීමට හේතුවක් විය හැකිය. විපක්ෂයේ පාර්ශව කීපයක් පන්දම් රැගෙන මෙන්ම ඉටිපන්දම්ද රැගෙන විරෝධතා දැක්වූ අතර එයට සාමාන්‍ය ව්‍යාපාරික පන්තියෙන් යම් කිසි දායකත්වයක් ලැබුණ බව පෙනෙන්නට තිබුණි. ආණ්ඩුවේ ඇමතිවරු කීපදෙනෙක් ලකුණු දා ගැනීමේ දැඩි උත්සහයකින් විදුලිබිල වර්ධනයට බොරුවට කෑගසනු පෙනුනත් ඒවා ස්වකීය හැකිලුනු දේශපාලන චරිත පුම්බා ගන්නට විනා ගැසිය යුතු තැන්වලට ගසන පහරවල් නොවීය. එසේනම් සමස්ථයක් වශයෙන් ගත්කල්හීදි ඔබත් මමත් මෙන්ම කිසිවෙක් මේ අසාධාරණ විදුලි ගාස්තු වර්ධනයට එරෙහිව යමක් කරන්නට අපොහොසත්ව ඇත.මාධ්‍ය පවා කරන්නේ දෙපැත්තේ තොරතුරු වාර්තා කිරීම විනා අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මකවීම නොවේය.

   මේ අතර “අපි ගෙවන්නේ නෑ..“යන සංකල්පය මුලින්ම බිහිවූයේ කොහෙන්ද යන්න අපැහැදිලි වුනත් එහි අග්‍ර පරමාර්ථය වූයේ ලංකාවේ වැඩි පිරිසක් ලවා විදුලිබල මණ්ඩලයෙන් එවන වැඩිකල බිල් නොගෙවා වර්ජනයක නිරත කිරීම හා එසේ බිල් තුනක් නොගෙවූ කල රක්ත වර්ණ බිල සමග එන විදුලිය සිඳීමෙන් හෝ ඉන්පෙර එන අලාභය හේතුවෙන් මණ්ඩලයම ආණ්ඩුවෙන් විදුලිබිල අඩුකරන ලෙස ඉල්ලාවි හෝ ආණ්ඩුවටම එය දැනී අඩුකරාවී යන අපේක්ෂාවෙන් විය යුතුය. නමුත් මෙහි භාවිතය අනුව ප්‍රායෝගිකත්වය ගැන ප්‍රශ්නයක් තිබේ. ආණ්ඩුවට රෙදි නැතුවම හොඳ නරක හෝ නොබලා කඩේ යන ඇත්තන්ට විදුලිබිල කීයකින් වැඩි වූවත් කමක් නැති බවටත් ඔවුන් බිල නොගෙවා වර්ජනයේ යෙදේවී යන උපකල්පනය ලංකාවේ නූගත් ඡන්ද දායකයාගේ තීරණ සමග සසඳද්දී කිව යුත්තේ නිසැකවම ඔවුන් මෙම විදුලිබිල් වර්ජනයට එක් නොවන බවය. එසේම පාඩු හා නිෂ්පාදන ගැටළු පිලිබඳ බියෙන් ව්‍යාපාරික පන්තිය මෙයට එක්වෙයි යන්න සිතිය නොහැක. ඉතිරිවෙන පිරිසෙන් කීදෙනෙක් කොතරම් කලක් නොගෙවා ඉඳීවිද යන්න ගැටළුවකි.එසේනම් කල යුත්තේ මෙවැනි සුරංගනා විරෝධතා නොව ඊට වඩා න්‍යායාත්මක සහ ක්‍රමවේදයක් වශයෙන් නිසැකවම යමක් කල හැකි මාර්ගයක් තෝරා ගැනීමය.
   2016 දී ලොවම ගිලගන්නා විදුලිබල අර්බුදයට ලෝකය පුරා රටවල් ලහි ලහියේ විකල්ප බලශක්ති පර්යේෂණ සහ ව්‍යාපෘති සිදුකරමින් සූදානම් වෙද්දී අපිට සීයට සීයක් වැඩිවෙන විදුලි බිලක් සමග නන්නත්තාරව ඇවිදින්නට සිදුවී ඇත. යෝජිත සාම්පූර් බලාගාරයද නොරෙච්චෝලේ මෙන්ව වුව හොත් 2016 දී නැවත කුප්පි ලාම්පුවට,චිමිනියට,පොල්කටු ස්තිරික්කයට,දර ලිපට පණ දෙන්නට වන බව සහතිකය. අන‍් හැම දේකටම පෙරාතුව ආදායම 1% කින් හෝ වර්ධනය නොවී විදුලි බිල (සාමාන්‍යයෙන් පවුල් ඒකකයක ආදායමෙන් විදුලිබිල සඳහා ගෙවන ගාස්තුවේ බරතැබීම 10% ක් ලෙස ගතහොත් එය 20% දක්වා වර්ධනය වේ) වර්ධනය වීමෙන් අන්ත අසරණවන මෙරට සාමාන්‍ය මිනිහා ගැන සිතිය යුතුය. පොඩි මිනිහාට විදුලි බිල නොගෙවාම බැරිය.විදුලිය නැතිවුනොත් ඔහු සහ පවුල තවත් අමාරුවේය,දරුවාගේ අධ්‍යාපනය,පවුලේ වැඩකටයුතු ඇණහිටින්නේය. පොඩි මිනිහා කරන එකම දෙය වැඩිවන විදුලි බිල ගෙවන්නට ආදායම වර්ධනය නොවීම හේතුවෙන් අනික් විදයම් කපා හැර විදුලිබිලේ වර්ධිත කොටසට යොදන්නට වනවා ඇත.නිසැක වශයෙන්ම ඔහුට කපා හරින්නට වෙන්නේ ආහාර සඳහා වැයකරන මුදල් කොටසෙන්ය, පොඩි මිනිහාට විදුලිබිල නිසා ප්‍රාථමික ආකාරයටම බඩේ පාර වදින්නේ එලෙසය. එසේනම් අපිට හෙට දිනයේ බඩට නොකා ලයිට් දමාගෙන ඉන්නට සිදුවන බවනම් නොරහසකි.  

10 comments:

  1. ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයින් දැනටම විදුලි බිල් ප්‍රශ්නයට ජනතාවට දෙන්න උත්තර හදාගෙන ඉවරයි.මම දන්නා ගමේ එකෙක් තම ගo සබාපති.ඌගෙන් ඇහුවම කියනවා අපි රජයෙන් ලබාගන්න අනෙක් පහසුකම් එක්ක මේක රජයට කරන උදව්වක් විතරලු.ඔන්න දැන් මේ අයගේ කතාව.ඒ පහසුකම් මොනවද කොහොමද ලැබෙන්නේ කියන එක ගැන කතා කලේ නෑ යාළුකම නැති වෙන නිසා...:D

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මිත්‍රයා..ඒක උන් පැවැත්ම උදෙසා නිර්මාණය කරගත්ත සහ ඉහල තලයෙන් ශ්‍රාවය වන වාක්‍ය ටිකක් විතරයි.න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව කතා කරද්දි ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ හෘද සාක්ෂිය පවා දන්නවා ඇත්ත කාරණේ මොකක්ද කියලා.ඒක උන්ගේ පැවැත්මට අදාල තීරණාත්මක සාධකයක් නිසාවෙන් දිගහරින්නේ නෑ

      Delete
  2. අපේ ගෙදරත් මන් දන්න තරමින් ඒකක 100 පනිවා.. ඒ කියන්නේ ඊළග මාසේ ගෙදට්ට වැඩියෙන් සල්ලි යවන්න ඕන.. මෙහෙම බලද්දි තාත්තට අම්මව එක්කන් ආයෙම මෙහෙම එන්න කියන එක ලේසි බං..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දිනේෂ් ලංකාව සාපේක්ෂව බලද්දි පහුගිය දශක කීපයේ ලෝකයේ අනෙක් නගර එක්ක සසඳද්දි අඩු ජීවන වියදමක් සහිතව හිටියත් එය කෙමෙන් කෙමෙන් වෙනස්වෙලා අධික වියදම් සහිත තත්වයට යන බව පේනන තියනවා.ඒකෙන් දැඩිම බලපෑම් වෙන්නේ අඩු ආදායම් ලාභීන්ටයි. සමහරවිට මෙහෙම ගියොත් උඹට මුළු පඩියම මෙහේ එවන්න වෙයිද දන්නේ නෑ

      Delete
  3. මේ අවස්ථාවේ අපේ විපක්ෂ නායකතුමා ඊලග චන්දෙට කොටි ලේබල් එක අලවගන්න යාපනේ යනවා....
    විපක්ෂය සිය වාදබේද අමතක කරලා ලයිට් වෙනුවෙන් කියලා ලොකු ව්‍යාපාරයක් කරන්න ඕනි වෙලාවක අපේ විපක්සෙ යනවා දෙමල ජනයා හමුවෙන්න...

    ReplyDelete
    Replies
    1. අපේ විපක්ෂේ මොන පක්ෂේ හිටියත් හැමදාම ඒක රටට විපක්ෂ වීම මිසක් පවතින රජයක අසාධාරණකම්වලට නියමිත පරිද්දෙන් විපක්ෂ වුනේ නෑනේ. මමනම් හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද එතුමාටත් තමන්ගේ පට්ටම රැකගන්න රජය ෂේප් න්‍යායෙන් තබාගැනීමට සිදුවෙලානේ.

      Delete
  4. "පි.බි.ජයසුන්දර මහතා යනු මේ රටතුළ ගැටුම් නිර්මාණය කරන්නෙක් බවත් විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන ජනතාවගෙන් වැඩි විදුලි ගාස්තුවක් හා විදුලිය වැඩි වශයෙන් පරිභෝජනය කරන්නන්ගෙන් අඩු විදුලි ගාස්තුවක් අය කරන වත්මන් විදුලිබිල සංශෝධනය කිරීමේ සුත්‍රය නිර්මාණය කළේ ද ඔහු බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය" ලංකා සී නිව්ස්

    පේනවා නේද? පවු නේද අහිංසක ජනාධිපතිතුමා,එතුමා මේ මුකුත් දන්නේ නෑනේ ඉතිං,ඔන්න බලන්නකෝ ඒ උත්තමයා මේ අහිංසක අපිට සහනයක් දෙන්නේ නැත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවම ආර්ථික ඝාතකයා තමයි මේ සෙරම කරලා තියෙන්නේ. පහුගිය දවසක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා කිව්වෙත් මේ හැමෝම හැමෝටම බණිනවා ලොක්කා බබා කරලා කියලා.

      Delete
  5. මෙයාලටද ඔයා ඡන්දෙ දුන්නේ ..... ඊයා ඈක්කා : කාරලා තුහ් තුහ් තුහ් : #පටිතදකරගන්න

    ReplyDelete
    Replies
    1. දුන්න ඡන්දේ ඉල්ලා අස්කරගන්න බෑනේ මිත්‍රයා.කරන්න පුළුවන් එකම දේ පුළුවන් දෙයක් කරලා අසාධාරණකම් නවත්තන එකත් ආයෙත් ඒ වගේ වැරදි නොකරන එකත් පමණයි.ඒකම තමයි මෙතුල ඇති පරම අයිතයත් විවේචනයට

      Delete