බුද්ධ දර්ශනය ලොව අනෙක් ආගමික දර්ශනයන්ගෙන් වෙනස් වෙන්නා වූ ප්‍රධානතම කාරණය වන්නේ එහි ඇති ආගමික නිදහස යන සංකල්පයයි. ඇදහීමේ නිදහස,චින්තන නිදහස මෙන්ම විමර්ශණ නිදහස නිසාවෙන් බුදුදහම විනාශවූවා යයි කෙනෙක් තර්ක කරනවානම් එහිම ප්‍රතිතර්කය දෙස බැලූ කල්හි යෝජක පාර්ශවයේ තර්කය බිඳී යන ආකාරයට තර්ක ඇත්තේ එහි දර්ශනය යන සංකල්පය ආරක්ෂාවී ඇත්තේත් අන්‍යාගමිකයන් පවා නිදහසේ නීතිමය බැඳීම් වලින් හෝ මූල්‍යමය බැඳීම්,පොරොන්දු ලේඛන වලින් තොරවම බෞද්ධ දර්ශනය හැදෑරීම සහ ඇදහීම සිදුකරන බැවිනි. “ඒහි පස්සිකෝ“ යන වදනින් “එන්න අධ්‍යයනය කරන්න“ යන්න විවෘත ආරාධනාවකි.
මේ “වෙසක් නීතිය“ සංකල්පය ගෙන එන්නේ සිරිලක් රජයේ ඕපපාතික තීරණවල ප්‍රතිඵලයක් ලෙසය. “වෙසක් නීතිය“ ට අනුව වෙසක් දිනයේ පහන් කූඩු,බැති ගී, දන්සැල් තහනම් වන අතර ඉන් පසු දින ඒවා සිදුකල යුතු බවය. බැලූ බැල්මට පෙන්වන්නට හදන්නේ වෙසක් දින ප්‍රතිපත්ති පූජාවට පමණක් තැන ලබාදිය යුතු බවය. එය සත්‍යය, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දිය යුතුය. නමුත් එය රජය මගින් නීති වලින් බලයෙන් ඇතිකල හැක්කක් නම් අන්තවාදී ආගමික නීති මූලයන් සහ ශ්‍රී ලංකාවේ නිර්මල ථේරවාද බුදු දහමේ නව “වෙසක් නීතිය“ අතර වෙනස කුමක්ද යන්න ගැටළුවකි. කිසියම් රටක හෝ සංස්කෘතියක දෙමව්පියන්ට වැඳ ගෙදරින් පිටවිය යුතුයි යන්න නීතියක් කලහොත් නීතියට බයේ දරුවන් අදාල දෙගුරුන් වන්දනය සිදු කරාවි යන්න සත්‍යය. නමුත් එයින් බලාපොරොත්තුවන දරුවන්ගේ ගුණ ධර්ම වගාව එයින් සිදුවේද යන්න සැක සහිතය. අදාල සිරිත් සිදුකල යුත්තේ පුද්ගලයා විසින් චින්තන නිදහසට අනුව හොඳ නරක තෝරා බේරා ගෙන සිදුකල යුතු දේවල් නීති මගින් කරන්නට ගියහොත් ලංකාව තුල බුද්ධාගමේ අන්තවාදී නීති ක්‍රමයක් බිහිවී එයත් පොදු ආගම් කුලකයටම වැටෙනු නොඅනුමානය.
වෙසක් දිනවලදී දන්සල්වල හෝ අනෙක් කටයුතු වල කෙරෙන සියලු දේ අපි සාධාරණය නොකරන්නෙමු. ඇතැම් කාරණා වලින් බුදුදහමට අවමන් වෙන ආකාරය ප්‍රායෝගිකව අත්විඳ ඇත්තෙමු නමුත් ඒවා නීති වලින් සීමා කිරීම තුලින් පලමු පියවර වශයෙන් “වෙසක් නීතිය“ ක්‍රියාත්මක වන්නා සේ ඉදිරියට මොන මොන ආකාරයේ ආගමික නීති පොදු බෞද්ධයා දෙසට එල්ල කරාවිදැයි කාහට පුරෝකථනය කලහැකිද. ඇතැම් විට පොහොයට පන්සල් යාම අනිවාර්ය කරනු ඇත, වෙසක් දිනවල වෙනත් රාජකාරි සිදුකිරීම තහනම් කරනු ඇත, එයින්ද නොනැවතී බෞද්ධයා නීතිමය රෙගුලාසි වලින් ලියාපදිංචි කිරීමේ තත්වයකට ගෙනගියත් පුදුමවීමට ඉඩක් නැත. මන්ද එයට අවශ්‍ය මූලික පියවර ගෙන අවසන්ය.
රජයක් ලෙස කලයුතු දේවල් බොහොමයක් ඇත. මෙරට බෞද්ධයාගේ උරුමය තහවුරු කිරීම සහ බෞද්ධයා මෙන්ම අන් ආගම්වල ජනතාවගේ නිදහස සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ යුතුකමයි. එය මුලින් නිසියාකාරව සිදුකිරීම පසෙකලා ආමිස සහ ප්‍රතිපත්ති පූජා නීතිගත කිරීම යනු හුදෙක් නිසියාකාර අවබෝධයකින් තොරව කරන අඳබාල වැඩ පමණි. ඒ හැරුණ විට අන්‍යාගමික හරඹ වලදී කඩු දුනු අමෝරාගෙන සටනට බසින බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන පවා නිහඬ සුව විඳිමින් “වෙසක් නීතිය“ ට නිහඬ සුභාශීංශන පැතීම තුල තව දුරටත් ගම්‍ය වන්නේ තවමත් මෙරට බෞද්ධයා අසරණ බව පමණි.
ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන බව දැනගත්තේ අදයි. සුරූපී නිවේදිකාව උපරිමයි. මම එය සින්ඩියෙත් පලකලා..
ReplyDeleteවීජමු රජයේ සේවකයන් පුන් පොහෝ දින අනිවාර්යයෙන් පන්සල් යා යුතුයි කියා නීතියක් ගෙනාවා නේද සබරගමුවට. ඒකට මොනවා උනාද දන්නේ නෑ. කොහොම නමුත්, සෑහෙන පිරිසකට ආටානාටිය කියන්න නම් වෙනවා...
නීතිය පනවලා පැය භාගයකින් පමණ එය වෙනස්කරමින් නිවේදනයක් නිකුත් කළා අද.. බෞද්ධ කටයුතු අමාත්‍යංශ ලේකම් වරයා ගේ අත්සනින් තමයි එය නිකුත් වුණේ.
ReplyDeleteකොහොම වුණත් මානලන්ගේ මේ කියමන නම් ඇත්ත//සෑහෙන පිරිසකට ආටානාටිය කියන්න නම් වෙනවා.//
නීති මගින් ජනයා තුල භක්තිය ඇති කල නොහැක.
ReplyDeleteපිස්සුනේ.. :/
ReplyDelete