Aug 25, 2013

ලෝකේ ලොකුම වැරදි දෙක


මිතුරන් දෙදෙනෙක් අවන්හලක පොඩි කතිකාවක නිරත වෙමින් හිටියා. දෙන්නගේ මාතෘකාව වුණේ වර්තමාන ලෝකය පිළිබඳවයි. දෙදෙනාම කතාකලේ ලෝකෙට වෙලා තියන වින්නැහිය ගැනයි. කොහොමහරි කතාව බොහොම දුරදිග ගියා. විවිධ මාතෘකා යටතේ විවිධ අන්තවලට කතාව ඇදිලා ගියා.

"උඹ දන්නවද මචං ලෝකේ තියන ලොකුම වැරදි දෙක මොකක්ද කියලා?"

අනිත් මිත්‍රයා ටිකක් කල්පනා කරලා ඔළුව වනලා දන්නේ නෑ කිව්වා.

"නෑ මචං.."

හීන් හිනාවක් දාපු පලවෙනි මිත්‍රයා ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

"පලවෙනි වැරැද්ද තමයි මචං ලෝකේ මෝඩ මිනිස්සුන්ට ආයුධ දීපු එක"


දෙවනි මිත්‍රයා ඒක අනුමත කලා.

"ඒක ඇත්ත මචං...ලෝකේ භාගයක් ප්‍රශ්න වලට හේතුව ඒක තමයි...එතකොට අනික් වැරැද්ද මොකක්ද බං?.."

පලවෙනි මිත්‍රයා කෙළිලොල් හිනාවක් දාලා උත්තර දුන්නා.

"අනික් වැරැද්ද තමයි බං මේ ලෝකේ ගෑණුන්ට ෆෝන් දීපු එක.."

ඒකට හිනාවෙන්න ගිහින් අනිත් මිත්‍රයා බොමින් හිටපු එකත් මොලොස්සේ ගියා.

"ඒක නම් සහතික ඇත්ත මචං...ලෝකේ අනිත් ප්‍රශ්න වලට හේතුව ඒක තමයි..මොකද දෙකෙන්ම වෙන්නේ එකම හානියනේ"

(ඔන්න ඉතින් ඔබතුමීලා සහ ඔබතුමීලා වෙනුවෙන් කතාකරන ඔබතුමන්ලා මට පරිභව කරලා වැඩක් නෑ හොඳද..හැබැයි පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවම කතාවේ වැරැද්දකුත් නෑ)

 

24 comments:

  1. ඇයි ගෑනු දෙන්නෙක් එක තැනක වැඩි වෙලාවක් කතා කරන්න තියන එක!

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ද මන්දා...නේද නාඩියෝ :D

      Delete
  2. ඇත්ත ඇත්ත

    ReplyDelete
  3. මොලොස්ස කියන්නේ ගෑනිගේ පුක අස්සද. අඩෝ බයියෝ මිනිස්සු දන්නා වචනයක් දාපන් තොපේ බයි ගමේ වචන දාන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න උතුමාණනි..ඕකට ඉතිං ඔය මම දන්න වචනේ තමයි දැම්මේ..ඔබ තුමා කැමති එකක් දාගන්නකෝ එ්කට..ඒ වචනේ වෙනස් කරගත්තා කියලා කථාවේ හරයට හානියක් වෙන එකක් නෑනේ..

      Delete
    2. ඇනෝට ඒ වචනෙ දැකල ඉස්මොල්ලෙ ගිහිල්ල.

      Delete
  4. කොල්ලෙක්ට පස්නයක් ආවොත් එන්නේ

    "ස්ත්‍රී පරානයකගෙන් හරි .. 4න් එකකින් හරි කියනවනේ.. "

    බලන් ගියාම.............. නේ :3

    මොකෝ මේ හදිස්සියේම ඔහොම හිතුනේ..

    ReplyDelete
    Replies
    1. //බලන් ගියාම.............. නේ :3 //
      පස්සේ මීටර් උනේ කුණු සරුපයක් නෙවෙයි. ඈ :3 හිස්තැන ශේප් එකේ පුරවගන්න්

      Delete
    2. සහතික ඇත්ත සුදා..උඹ ඉතිං කියන කුණුසරුප එක්ක මේවා මොනවද බං

      Delete
  5. ඇයි මොකෝ ගෑනුන්ට ෆෝන් දුන්නු එකේ අවුල?

    ලෝකේ මෝඩ මිනිස්සුන්ට ආයුධ දීපු එකයි ගෑනුන්ට ෆෝන් දීපු එකයි සමාන වෙන්නේ කොහොමද කියලා පැහැදිලි නෑ නේ . .

    ReplyDelete
    Replies
    1. තාම දුකා ලොක්කට බලපාල නෑ වගේ ගැටළුව..එහෙනම් ඉතින් අත්දැකීමෙන් තමයි ඕක හරියටම දැනගන්න වෙන්නේ..

      Delete
  6. හොද වෙලාවට මේක පෙන්නන්න ලගපාත සිංහල දන්නා ගෑනු කෙනෙක් නෑ

    ReplyDelete
    Replies
    1. කාන්තා පාර්ශවයන්ට මේවා කියන්න ගිහින් මට ගෙදර රෑ කෑමත් නැතිවෙන විදියක් තමයි දැනට තියෙන්නේ

      Delete
  7. හික්ස්... මගෙත් බිබී හිටපු තේක මොලොස්සේ ගියා. :)

    ReplyDelete
    Replies
    1. කාටහරි පිටට හයියෙන් ගහන්න කියපං බං..හැබැයි ගෑණු උදවියටනම් කියන්න එපා කොන්ද කැඩෙන්නම ගහයි

      Delete
  8. අපේ කාලේ හොද වෙලාවට තිබුනෙ නැත්තෙ.
    දැන්නම් ඕන මගුලක්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙනේ ඉන්න තිබුණේ i don't know why.. :P

      Delete
  9. මොකද බන්, ගෙදර උන්දැ නිසා ෆෝන් බිල ගෙවන්න පඩියත් මදි වෙනවද?

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි හොඳ උපකල්පනයක්..වෙලාවට තාම බෙල්ලට ලණුව දාගෙන නෑ බං

      Delete
  10. මොනවා කියන්න ද මන්දා :D ඇත්තකුත් නැත්තෙ ම නෑ. ඒත් හැමෝට ම අදාළත් නෑ.

    ReplyDelete
  11. අමූලික ඇත්ත :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..දාන්න පහක් මස්සිනා

      Delete