Aug 27, 2013

සොඳුරු සුකුමල අලුත් ටීචර්


සහන කාලපරිච්ඡේද (Relief Periods) සඳහා බොහෝවිට යොදවන්නේ අලුත් ගුරුවරුන්. විශේෂයෙන්ම මීට අවුරුදු කීපයකට කලින්නම් අලුත් ගුරුතුමියන්. උපාධි පත්වීම් ලබපු හෝ විද්‍යාපීඨ සුදුසුකම් ලබපු අය ඉස්කෝලෙට ආපු ගමන් දෙන කට්ට තමයි සහන කාලපරිච්ඡේද. මේ අයට බොහෝවිට ලැබෙන්නේ ප්‍රාථමික පන්ති, නමුත් ඉහල පන්ති ලැබෙන අවස්ථාත් නැත්තෙම නෑ. මේ එහෙම අවස්ථාවක වුණ දෙයක්.

  මෙහෙම අලුතෙන් පිරිමි පාසලකට ආපු බොහොම හැඩරුව ඇති, ඉඟසුඟ ගත හැකි මිටින් වන් වූ සොඳුරු ගමනකට හිමිකම් කියන සුන්දර ටීචර් කෙනෙක් 11 ශ්‍රේණියට උගන්වන්න ආවා. මුල් දවස්වල බොහොම සාමකාමීවිදියට සහන කාලපරිච්ඡේදවල කොලු ගැටව් එක්ක කටයුතු කලා. ඒත් පන්තියේ ළමයි ටික ටික ටීචර්ගේ හැඩ බලලා වැඩ නොකරද්දි තරුණ ටීචර්ටත් ටිකක් මල පැන්නා. ටීචර් කරේ ළමයින්ට සහන පීරියඩ් වලත් වැඩ දෙන එක සහ සැර වැර දාලා පාලනය දරදඬු කරපු එක. 


  පන්තියේ පස්වෙනි පේලියේ පස්දෙනා කියන්නේ නාහෙට අහෙන්නේ නැති දඩබ්බර වගේම සොමියට බර පස් දෙනෙක්. හැබැයි ඉගනීම් වැඩ වලටත් බොහොම දක්ෂයි. මේ සොඳුරු ටීචර් ටික දවසකින් රුදුරු වෙද්දි වැඩිහරියක්ම සැර වැර දැම්මේ පස්වෙනි පේලියේ පස් දෙනාට. උන් පස්දෙනාට මේ සැර වැර ඉවසන්න බැරිම තැන උන්ටික සම්මුතියකට ආවා ටීචර්ට වැඩක් දෙන්න. මුන් තෝරගත්තේ අලුත්ම විදියක්. ඒ තමයි ටීචර් පාඩම කරන අතරේ මුන් දිහා බලද්දි පස්දෙනාම එක පාර ටීචර්ට වම්පැත්තේ ඇහැක් ගහන එක (Winking Method) . පස්වෙනි පේලියේ පස්දෙනාගෙන් එකෙක්ට පුළුවන් දකුණු ඇහැ විතරයි. අනිත් එවුන් හතර දෙනා සෑහෙන්න මහන්සියක් අරන් අරූට පුරුදු කරාලු වම් ඇහැ ගහන විදිය.

   දැන් තීරණාත්මක දවසේ සොඳුරු ටීචර් රුදුරු බර අවි අරන් ඇවිත් කුලක පාඩමක් කියලා දෙනවලු. 

" කුලක වලින් ඉදිරිපත් කල හැකි සිදුවීම් අතර..."

කියන ගමන් ටීචර් පස්වෙනි පේලිය දිහා බලනකොටම මුන් පස්දෙනාම එකම වෙලාවේ ටීචර්ට ඇස් ගහනවා. ටීචර් මුලින් හොල්මන් වුණා. ටීචර් කෙනෙක් වුණාට උපරිම අවුරුදු 25 ක් 26 විතර ඇති කෙල්ලෙක්නේ, මුලින් හිතුවේ තමන්ගේ ඇස් රැවටෙන්න ඇති කියලා. ආයෙත් ටිකක් පාඩම කරලා පස්වෙනි පේලිය දිහා බලද්දි පස්දෙනාම ආයෙත් ඇස් ගැහුවා. ටීචර් ගේ මීටරේ සම්පූර්ණ ු අවුල් වුණා. මෙහෙම බලන බලන සැරේට වලත්ත හිනාවක් දාලා ඇස් ගහද්දි ටීචර්ට සැර හුළඟ අස්සෙත් දාඩිය දාන්න ගත්තා. කුලක පාඩම අවුල්වුණා, ටීචර පොත් මිටියත් අරන් අඩියට දෙකට පන්තියෙන් යන්න ගියේ කොල්ලන්ගේ ජයගෝෂා මධ්‍යයේ.

  ඊළඟ පීරියඩ් එක වෙලාවේ ශිෂ්‍ය නායකයෙක් ඇවිත් පස්වෙනි පේලියේ පස් දෙනාට ප්‍රින්්සිපල් ගාවට එන්න කිව්වා. සෙට් වෙලා සැලසුම් කලාට මොකද පස්දෙනාම ඒකටනම් බය වුනා. පස් දෙනා කාර්යාලයට යද්දි නිතරම හුරුපුරුදු තැනක් නිසා කාර්යමණ්ඩලය ආදරයෙන් මෙයාලව පිළිගත්තා. ප්‍රින්සිපල් පස්දෙනාව දැක්ක ගමන්

"ආ මේ එන්නේ මනමාලයෝ ටික..එන්න එන්න පෝරුව සූදානම්"

කොල්ලෝ ටික ලැජ්ජාවෙන් වගේ ප්‍රින්සිපල් ගාවට ගියා.

"මොකද තමුන්ලා මේ අලුත් පුහුණු ගුරුතුමියට කරදර කරනවා කියන්නේ.."

වෙලාවට ටීචර් එතන හිටියේ නෑ.

"මේ අපි...?" පස්දෙනාම බබාලා වගේ ඇහුවා.

"ඔව් තමුන්ලා තමයි...ගුරුවරියකට ලිංගික අතවර කිරීම බරපතල වරදක්..තමුන්ලා වරද පිලිගන්නවද?"

පස්දෙනාම උඩගිහින් බිම වැටුණා. මේ ගෑණි කන්න එපාද..ඇස් ගහපු එක දෙක කරලා මේකි මොනවා කියලද දන්නේ නෑ පිනාට..ඒ පාර දාඩිය දාන්න ගත්තේ පස්දෙනාට.

"අනේ සර්..එහෙම අතවරයක් කලේ නෑ...විහිලුවට ඇස්ගැහුවා විතරයි."

"අහා..විහිලුවටත් ඇස් ගහනවද...ඒකත් ලිංගික අතවරයක් තමයි..තමුන්ලා මොකද ඒ ටීචර්ට එහෙම කලේ.."

ප්‍රින්සිපල් තීරණාත්මක විදියට ඇහුවා.

"අනේ සර්..දවසේ පීරියඩ් අටම බර වැඩ..රිලීප් එකේ විතරයි නිදහසේ ඉන්නේ...මෙයා ඒකෙත් අපිට හරක්ට වගේ බර වැඩ දෙනවා සර්...තව අපිට දරුණු දඬුවමුත් දෙනවා.."

පස්දෙනා ඇත්තම කිව්වා..ප්‍රින්සිපල්ට හිනාත් එක්ක..එහෙම කියලා බැරි නිසා කාර්ය මණ්ඩලයට පේන්න පස්දෙනාට පාරවල් පහක් ගැහුවා.

  පස්සේ සොඳුරු ටීචර් රිලීප් වලට ආවේ නෑ..ආවේ සොමි සර් කෙනෙක්. සොඳුරු සුකුමල ටීචර් අර පස්දෙනාව මගදි දැක්කත් බිම බලාගෙන වැදගත් විදියට දත්මිටි කමින් යන්න පුරුදු වුණාලු. පස්දෙනාගෙන් එක්කෙනෙක් මමලු, අනිත් එවුන් හතරදෙනත් වැදගත් තැන්වල ඉන්නවලු අද.

 

16 comments:

  1. අද තමයි ඉස්සෙල්ලම මෙතනට ගොඩ වැදුනේ....ජය වේවා..

    මිස් අර විදිහට ඇඳලා හිටියා නම් ඉතින් ඇස් වැහුනා කියලා හිතන්නත් අමාරුයි....

    ReplyDelete
    Replies
    1. අපි වැදගත් ඉස්කෝලෙක වැදගත් ළමයි හරිද..තව ඒ වගේ ඉස්කෝලවලට එන ටීචර්ස්ලත් එන්නේ වැදගත් විදයක..නෝටි කතා කියන්න එපා හරිද

      Delete
  2. මට ඇස් ගහන්න බැහැනේ හරියට. -_-

    ReplyDelete
    Replies
    1. එන්ඩ වස්තුවේ පුරුදු කරලා දෙන්න

      Delete
  3. Replies
    1. ඒක සාමූහික ප්‍රයත්නයක් මිත්‍රයා

      Delete
  4. මට ඒත් හිතුනා පස් වැනි පේළියේ හිටපු පස් දෙනාගෙන් කෙනෙක් තමයි කතාව ලියනවා ඇත්තේ කියලා!

    ReplyDelete
    Replies
    1. එහෙම නොහිටින්න ඇහෙන් දැක්කා වගේ ලියන්න පුළුවන්ද අනේ

      Delete
  5. ඕම උං ඉන්නෝ බන්.. අපේ ඉස්කෝලෙත් හිටියා. වැඩේ කියන්නෙ දඩබ්බර කමේ උපරිමේට ගිය උන් වගේම ඉගෙන ගන්න එකෙත් උපරිමේටම ගියෙත් උං

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..ඔය පස්දෙනාගෙන් දෙන්නෙක් කැම්පස් ගියා..දෙන්නෙක් සිවිල් ඉංජිනියරිං කරලා අද වැඩ..අනිත් එකා මොබිටෙල් එකේ හොඳ තනතුරක් දරනවා

      Delete
  6. මම බං ඔය වගේ සීන් කෝන් එකකට ගිහින් තව පොඩ්ඩෙන් පන්තියත් මාරු කරනවා! අපි කලේ අලුතින් ආපු ටීචර් (හරියට පබා වගේ ඈ) පන්තිය ලඟින් යද්දී "ස්..ස්.." ගාපු එක! වැදුනා ඒකටනම් පිනාගෙන් පලු යන්න! :D

    ReplyDelete
    Replies
    1. ඒ අතින් අපේ පිනා රත්තරං..මිනිහා අපිට වඩා හොඳ පොරක්

      Delete
  7. ඇස් ගැසීම ලිංගික අතවරයක්ද ? බුදු අම්මෝ මං නොදැණුවත්ව පාරෙ ගෑල්ලමයි කීයකට ලිංගික අතවර කරල ඇත්ද එහෙනම් :P

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතිං දඬුවම් වශයෙන් එයින් එකක් බන්දලා දෙන්න වෙනවා උඹට

      Delete
  8. අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් හිටියා..., ඒකාගේ වැඩේ කෙල්ලන්ට ඇස් ගහන එක...ඇහැක් ගහලා ගැහුවේ එයා නෙවෙයි වගේ යනවා

    මන් දැනගත්තා කියනකොටම මෙයත් චූටි ටීචර්ට ඇස් ගහපු කෙනෙක් තමා කියලා :D

    ReplyDelete
    Replies
    1. මම ඇස් ගැහුවේ නෑ අනේ..පේලියම ගහනකොට නිකම්ම වැදුනා

      Delete