කෙල්ලෙක්ගේ හිතට ආදරේ දැනුනම ඒකට ප්‍රතිචාර දක්වනවටත් වඩා හිතට තරහා දුක දැනුනම ප්‍රතිචාර දක්වන විදිය බොහොම ප්‍රබලයි. වෙන මොනදේකට හිත හදාගන්න බැරිවුනත් කෙල්ලෙක්ට තරහ පිටකරන්නනම් ක්‍රම ගණනාවක් හරි අපූරුවට හදාගන්නවා. සංකලනිත් කලේ ඒකම තමයි. වැරදිලාවත් ඔලුව උස්සලා බණ මඩුවේ තමන්ට පේන මානේ හිටපු මිතුල දිහා බැලුවේ නෑ. මිතුලගේ හිතට වදදීපු කාරණත් ඒකම තමයි. මිතුල වැරදිලාවත් බණමඩුවේ පිරිත් දිහා නොබලා සංකලනී දිහාම බලාගෙන හිටියා, බණ මඩුවේ ඒ වෙනකොට හිටපු මහා සෙනග අතරේ හිටපු කීපදෙනෙක්ටම මිතුලගේ මේ බැලිල්ල සලකුණු වෙලා තිබුණා.
“මේ.උඹ ඔය කන්න වෙගේ බලන් හිටියට ඕකි බලන්නේ නෑ බං..පේනවනේ මූණේ තියන තරහා...“
ඕෂධ සංකලනිව හොඳට අධ්‍යයනය කරලා වගේ කිව්වා. ඒ කතාව ඇත්ත කියලා මිතුලට තේරුණා.
“ඒ වගේ තමයි බං...“
කාලේ ගෙවිලා ගියේ බොහොම හිමින්. ඒත් මිතුලගේ හිතේ බලාපොරොත්තු ටිකින් ටික කඩාගෙන වැටුණා.මිතුලගේ හිතේ සංකලනී ගැන ආදරයක් වගේ හැඟීමක් ඇතිවෙද්දි සංකලනී ගොඩක් දුරට ගිහින්.
මහ පිරිත ඉවර වෙනකොට ඉන්න පිරිසෙන් පන්සලේ රෑ ගත කරන්න බැරි පිරිස ගෙදර යන එක කොහෙත් සාමාන්‍ය දෙයක්. සංකලනී අම්මයි තාත්තයි එක්ක යන්න බණ මඩුවෙන් එලියට බැස්සා. තවදුරටත් තමන්ටත් පන්සල් බිමේ ඉන්න බෑ වගේ මිතුලට දැනුනා.
“මමත් යනවා බං...“
“මොකක්...පිස්සු කෙලින්න එපා යකෝ..අපි කවද්ද කඨිනේ පන්සලේ තියෙද්දි ගෙදර ගිහින් නිදාගත්තේ...ඇරත් අපි එහෙම කරලා හරියනවද යකෝ...“
යාළුවෝ ටික එකපොකුරට පැනලා මිතුලට බැණගෙන බැණගෙන ගියා. ඒත් මිතුල හිටපු මානසික තත්වේ එක්ක තීරණේ වෙනස් වුනේ නෑ.
“බෑ බං...මගේ මූඩ් එක හරි නෑ...උඹලා ඉඳපං මම ගෙදර යනවා...“
යාළුවන්ටත් මොකුත් කරගන්න බැරිනිසා පාඩුවේ හිටියා.
“මේ මචං අපි එන්නද උඹ ඇරලවන්න...කරපු ගුස්පි වැඩවලට තරහා කාරයෝ ගොඩයිනේ...“
ඉෂාර එන්න හැදුවට මිතුල තනියම පන්සල පාරට බැස්සා. ගෙවල් බලා යන පිරිස මැදින් මිතුලත් සාක්කු දෙකට අත්දෙක දාගෙන කල්පනාවෙන් බරවෙලා ගෙදර යන්න ගියා.
* * * * * * * *
“අඩෝ...එලියට බැහැපන් ඩෝ...කවුද යකෝ අපේ කෙල්ලන්ට වතුර බාල්දි පෙරලන්නේ...බැහැපන් යකෝ එලියට“
පාන්දර නින්ද අඩනින්ද අතරේ හිටපු මිතුලට ඒ සද්දේ බොහොම හොඳට ඇහුණා. මිතුල ඇස්දෙක ඇරලා බැලුවට බොඳවෙලා පෙනුන නිසා කිසිම දෙයක් පෙනුනේ නෑ..මිතුල දර්ශන පැහැදිලි වුණාම බැලුවේ වෙලාව කීයද කියලා..උදේ 5 විතර ඇති.
“අඩෝ...බැහැපන් එලියට හොඳ හිතින්..“

ආයෙමත් ඇහුණා..මිතුලට හිතාගන්න බෑ මේ ඇහෙන්නේ හීනෙන්ද කියලත්. මිතුල නැගිටලා ඇඳෙන් වාඩි වෙලා කාමරේ ලයිට් එක දැම්මා..එතකොටම අම්මයි අක්කයි දුවගෙන මිතුලගේ කාමරේට ආවා. අම්මයි අක්කයි ගෙදර ආවේ කීයටද කියලවත් මිතුලට මතක තිබුණේ නෑ.
“චූටි පුතා...කව්ද කට්ටියක් එලියේ කෑ ගහනවා...මම හිතන්නේ අපේ ගේට්ටුව ඉස්සරහා...“
අම්මා ටිකක් නෙවෙයි හුඟක්ම බයවෙලා කියලා මිතුලට තේරුණා. ඒක නිසාම මේක හීනයක් නෙවෙයි කියලත් මිතුල තේරුම් ගත්තා. අක්කත් මොකුත් නොකිව්වට හිටියේ බයවෙලා. ගෙදර එකම පිරිමියා විදියට මිතුල මේ වෙලාවේ බැරෑරුම් විදියට කල්පනා කරලා ඇඳෙන් බැහැලා සාලෙට ආවා. එකපාරටම මිතුලට හිතුනේ කෑගහන අය කියපු කතාව..අර කෙල්ලන්ට බාල්දි පෙරලන කතාව...එකත් එකටම මේ සංකලනිගේ කව්රුවත් කට්ටියක්ද දන්නේ නෑ..ඔන්න ඒපාර නම් මිතුලටත් ටිකක් හීන්දාඩිය දැම්මා.
“අඩෝ හිකනලා වගේ හැංගිලා ඉන්නේ බැහැපන්කෝ එලියට...හි..හි..“
ඒ පාරනම් කෑගහපු කෙනාට අන්තිමට හිනාත් ගියා..ටික වෙලාවකින් මිතුලට මීටර්වුනා මේ තමන්ට හුරු කටහඬවල් ටිකක් නේද කියලා.
ඒ පාරනම් කෑගහපු කෙනාට අන්තිමට හිනාත් ගියා..ටික වෙලාවකින් මිතුලට මීටර්වුනා මේ තමන්ට හුරු කටහඬවල් ටිකක් නේද කියලා.
“මල්ලි එලියටනම් යන්න එපා...නිකන් ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑනේ...“
අක්කා කිව්වේ මල්ලිගේ හැටි හොඳාකාරවම දන්න නිසා. ඒ වෙනකොටත් එලියේ කෑගහන සද්දේ නැවතුනේ නෑ.
“අම්මේ...මොකුත් කරන්න ඕන නෑ....ඔය එලියේ ලයිට් එක දාන්නකෝ..එතකොට ඔය සද්දේ නැතිවෙයි..“
අම්මා පුදුම වෙලා මිතුලගේ දිහා බැලුවා.
“ඒ මොකද ඒ...“
“මම කියනදේ කරන්නකෝ...“
අම්මා පුදුමෙන් වගේ ගිහින් එලියේ ගේට්ටුව ලඟ ලයිට් එක දැම්මා..කිව්වත් වගේ එකපාරටම කෑගහන සද්දේ නතරවෙලා ඇහුවේ කීපදෙනෙක් හයියෙන් දුවගෙන යද්දි පාවහන් තාර පාරේ වදින සද්දේ..මිතුලට හීන් හිනාවක් ගියා.අම්මටයි අක්කටයි කිසිම දෙයක් තේරුනේ නෑ.
“කව්ද චූටි පුතා ඒ...?“
“වෙන කව්රුවත් නෙවෙයි අම්මේ...ඔය අපේ නරුම යාළුවෝ කියන එවුන් තමයි...කඨිනේ ඉවරවෙලා ගෙදර යන ගමන් මාව බයිට් කරන්න ඇවිත්.“
එහෙම කියලා මිතුල ගිහින් ආයෙත් ඇඳේ ගුලිවෙලා රෙද්ද පොරවගත්තා. නින්ද යාගෙනම එද්දි සංකලනී හීනෙන් ඇවිත් මිතුලට හිනාවුනා. ඒ හිනාව හැබෑ හිනාවටත් වඩා ලස්සනට මිතුලට පෙනුනා.
* * * * * * * * *
මිතුල වැඩකලේ මාතර නගරේ සුප්‍රසිද්ධ පරිගණක පාසලක ගුරුවරයෙක් විදියට. ඒ වගේ රැකියාවක් කරන කොල්ලෙක් ගමේදි අර තරම් නරුම වැඩකරනවා කියලා ඔට්ටුයි කාටවත් අනුමාන කරන්න බෑ. ඒ තරමටම තමන්ගේ රැකියා ස්ථානෙදි මිතුල බොහොම සන්සුන්. වෙනදා වගේම සිකුරාදා දවසක් වුණ රාජකාරී දවසේ මිතුලට සෑහෙන්න වැඩ තිබුණා. තමන්ගේ සිසුන් කීපදෙනෙක්ට ප්‍රායෝගික අභ්‍යාසයකට උදව් කරන ගමන් තමන්ගේ දවසේ වැඩ ඉවර කරගත්තා.
වැඩ ඉවරවෙලා ඉක්මණ් ගමනෙන් බස් ස්ටෑන්ඩ් එකට ආවත් තිබුණ බස් එක සී.ටී.බී එකක්. කට කපලා සෙනග, වැඩහරියක්ම ක්ලාස් ලමයි. වෙහෙරහේන පාරේ බස්වල මේ වෙලාවේ කොහොමත් මෙහෙම තමයි කියලා බොහොම දෙනෙක් දන්නවා. මිතුල සී.ටී.බී එකේ නගින්නේ නැතුව වෙහෙරහේන බස් පෝලිම ගාව හිටගෙන හිටියා.
අකුරැස්ස පාරේ බස් නවත්තන පැත්තේ ඉඳලා පන්ති ඉවරවෙලා ගෑණු පිරිමි ලමයි බොහෝ දෙනෙක් ඒ වෙලාවේ දීයගහ, යටියන, වේහැල්ල බස් නැවතුම් පැත්තට එමින් හිටියා. ඒ අතරින් මිතුල දැක්කේ පුරුදු මූණක්..දෙයියනේ සංකලනී...මිතුලට හිතාගන්න බැරිවුණා.
සංකලනී මිතුලව දැක්කේ නෑ. බොහොම හිමින්, පරිස්සටම අඩිය තියලා කිසි කලබලයක් නැතිව ආවේ ගෙදර යන්න නෙවෙයි වගේ. ආයෙත් මිතුලගේ හිත ඇතුලේ මල් වෙඩි පත්තු වෙන්න පටන් ගත්තා. ඒ එක්කම සී.ටී.බී එකත් පිටවෙලා ගියා. ඊලඟට හෝල්ට් එකේ නැවැත්තුවේ ගාමිණී අයියගේ බස් එක. මහදුරක් යන්න තියනවා වගේ කිලෝමීටර 8 දුර කැකණදුරට යන්න පොරකාගෙන මහ සෙනගක් බස් එකේ දොරවල් දෙකේ එල්ලුනා. මිතුලට කිසි හදිස්සියක් තිබුණේ නෑ, වෙනදා වගේ වාඩි වෙන්න වුවමනාවක් තිබුණෙත් නෑ, මහන්සියත් කොහේදෝ ගිහිල්ලා තිබුණා. සංකලනිත් සෙනග අඩුවුණාම බස් එකට නැගලා යාළුවා එක්ක වාඩි වුනා. දෙන්නා හිටියේ ලොකු කතාවක.
මිතුල කරන්න ඕන මොකක්ද කියලා කල්පනා කලා. මිතුලත් බස් එකට නැගලා හෙමින් හෙමින් මැදට ගියා. මිතුලගේ හිත..ඩිග් ඩිග්..ඩිග් ඩිග් ගාලා ගැහෙන්න පටන් ගත්තා..කකුල් දෙකත් වාරු නෑ වගේ..කාටවත් කියන්න පුළුවන් දේවල්ද මේවා..මිතුලට ලැජ්ජත් හිතුනා. කොහොම හරි මිතුල සංකලනී ලඟ නතරවුනා. දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ අතේ තිබුණ බෑග් එක සංකලනිගේ උකුලේ තිබුණ බෑග් එක උඩින් තිබුණා. එක පාරටම තමන්ගේ උකුලට පාත්වුන බෑග් එක කාගෙද බලන්න සංකලනී ඔලුව ඉස්සවා. එතකොට දැක්කේ මිතුලගේ ආදරේ පිරුණ ඇස් දෙක.
--- මීලඟ කොටස මෙතනින් ---
(අපේ ඉසව්ව Facebook පිටුවෙන් කතාවේ නවමතම තොරතුරු)

මගෙත් පපුව ඩිග් ඩිග් ගානවද මන්දා දැන් නම් :D
ReplyDeleteසමාන විදියේ අත්දැකීම් එහෙමත් ඇති නේද නංගී..මටනම් අමරෙට තියනවා අත්දැකීම්...ඒකනේ නිකං පණ පිහිටුවලා ලියන්න පුළුවන්..
Deleteදෙන දෙයියෝ එළව එළව දෙනව කියන්නේ මෙව්වට
ReplyDeleteවෙලාව තමයි මස්සිනා...ගන්දර හෝල්ට් එකත් පහුකරගෙන තමයි වෙහෙරහේන හෝල්ට් එක පැත්තට එන්න තියෙන්නේ...අන්න ඒක තමයි සිරාම වැඩේ...අදමයි නේද ආවේ මේ පැත්තේ...සාදරයෙන් පිලිගන්නවා
Deleteකොල්ලා වැඩේ අත හරින්නෑ වගේ.
ReplyDeleteහැබැයි අද නම් සංකලනි ගෙන් කණේ පාරක් කයිද කියලත් හිතෙනවා. බයේ බෑ.
කණපැලෙන්න වුනත් දෙන්න බැරි කෙල්ලෙක් නෙවෙයි...ඒත් අවනත වෙන්නේ නැද්ද එහෙම කෙල්ලෝ පවා ආදරණීය එක බැල්මකට
Deleteබලමු බලමු ඊළඟ කොටසත්....
ReplyDeleteපුළුවන් තරම් ඉක්මනට දෙනවා
Deleteමේ කොටස පරක්කු නිසා ඊලඟ කොටස අද හෙට දාන්න වෙනව. දන්නවනේ නැත්තං...... අපිත් දකුණෙ කොල්ලො හරිය!
ReplyDeleteඋඹේ කතන්දර මටත් හුරුයි වගේ. මාතර නිසාද කොහෙද!
හරි හරි මස්සිනා බොහොම ඉක්මණින් ඊළඟ කොටස දානවා..නිකරුණේ උරණ වෙන්න එපා...මාතර කථා හුරුයි වගේ වෙන්න ඕනනේ අනේ එහෙනම්..ඒකනේ
Deleteඅඩේ අහන්නේ බලන්නේ නැතුව බෑග් ඔඩොක්කුවට දාලා ගුටි කන්න වෙයිද මන්දා. අවුලක් නෑ බලමුකො..
ReplyDeleteබ්ලොගේ අවුල හරි ගිහින් වගේ..
එහෙම අහලා අවසර අරන් දෙන්න හිටියොත් තමයි බං ගුටි කන්න වෙන්නේ..ඒක නිසා තමයි කොල්ලා නිසි ලෙස කල්පනා කරලා බලෙන්ම දුන්නේ..එතකොට කෙල්ලෝ ලැජ්ජාවට මොකුත් කියන්නේ නෑ..
Deleteදැනට හරි බං බ්ලොග් අවුල...එපා වෙනවා මේ ගූගල් කාරයන්ගේ වැඩ වෙලාවකට
හපොයි...ඊළඟ මොහොතෙ මොනව වේවිද දන්නෙ නෑ...
ReplyDeleteමොනවා වෙන්නද මස්සිනා..දෙකෙන් එකක් වෙන්න තමයි යන්නේ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපෝ ඔයා එහෙමද අහිංසක කොල්ලන්ට ඉස්සර කලේ...අපෝ පව් අප්පා..අපේ පැත්තේ කෙල්ලෝ එච්චර සැර නෑ
Deleteඅෆ්ෆා, මේක ඇත්ත කතාවක් වගේ... ජනරංගත් එහෙනම් මාතර කොල්ලෙක් ආ....
ReplyDelete:O ඒ බන් ... අන්තිම හරිය තවත් රසවත් ද...
ReplyDelete